12/09/2015

රනිල්ගේ හොර පොලිසිය

කතෘ:යුතුකම     12/09/2015   1 comment

2015 ජූලි මස රනිල්ගේ බෑණනුවන් වන වත්මන් ආරක්ෂක නියෝජ්‍ය ඇමති තැන්පත් රුවන් විජයවර්ධන මැතිදුන්ට අයත් විජය පුවත්පත් සමාගමෙන් පළවන ඩේලි මිරර් ඉංගිරිසි පුවත්පතේ පහත ප්‍රවෘත්තිය පළවිය.
FCID to be legalised -Ranil

ඒ වන විට මහ මැතිවරණයට පෙර ශ්‍රිලනිපයේ මහින්ද පෙරමුණෙන් නැගුනු ප්‍රධානම චෝදනාවක් නම් යහපාලන ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදී දඩයම් කිරීමට යොදා ගත් FCID නම් පොලිස් ඒකකය නීත්‍යානුකූල නොවන බවය. ඊට ප්‍රතිචාර ලෙස රනිල් එජාපයේ විශේෂ සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේ මහ මැතිවරණයෙන් පසු FCID එක නිත්‍යානුකූල කරන බවය. එනම් ඒ වන විටත්
FCID එක නිත්‍යානුකූල නොවූ බව ඔහු පිළිගත්තේය. තත්වය එසේ නම් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග වැනි අයගෙන් ප්‍රශ්න කිරීමට සහ බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට මේ නිත්‍යානුකූල නොවන හොර පොලිසියට එකල තිබූ වලංගුභාවය ගැන ප්‍රශ්නයක් උපදී.

කෙසේ වෙතත් මහ ඡන්දය අවසන් වී ඇතත් තවමත් රනිල් තමන් යටතේ පාලනය වෙන නම් ගෙස්ටාපෝ වර්ගයේ FCID පොලිසිය නිත්‍යානුකූල කරන පාටක් නැත. එනම් එය තවමත් නීත්‍යානුකූල නොවන හොර පොලිසියකි. එහි නවතම බිල්ල යහපාලන ආණ්ඩුවේ බැදුම්කර වංචාවට විරුද්ධව ප්‍රබල හඩක් නැගූ ආචාර්ය නාලක ගොඩහේවාය. ඔහු පසුගිය දිනවල මේ ආණ්ඩුවේ අයවැයටද ප්‍රබල විවේචනයක් එල්ල කරේය. ප්‍රතිපලය ඔහු FCID එක මගින් හිරබාරයට පත්වීමය.

යහපාලන බබාලා තවමත් හිතාගෙන සිටින්නේ රනිල් හාමුගේ FCID එකෙන් රාජපක්ෂවරුන්ගෙ හොරකං අල්ලන බවය. ප්‍රශ්නය ඒ හොරකං අල්ලන පොලිසිය රනිල්ගේ හොර පොලිසියක් වීමය. හොර පොලිසියකින් හොරු ඇල්ලීමද විනෝද ජනක වැඩකි.

-දර්ශන කස්තුරිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ලාංකික දේශපාලනයේ වර්තමාන "රනිල් හැසිරීම" සහ හින්දි චිත්‍රපට සටන් ජවනිකා

    හින්දි චිත්‍රපටවල සටන් ජවනිකාවල චිත්‍රපටයේ ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය දිනාගත් චරිතය මුලින්ම සතුරාගෙන් හොඳ හැටි ගුටිකනු ලබයි. ප්‍රේක්ෂකයාට ආසනයෙන් නැගිට ගොස් සතුරාට ප්‍රතිප්‍රහාර දීමට තරම් සිතෙනතුරු මෙය සිදුවනු ලබයි. එක්වනම පන ලබන වීරයා සතුරාට එක දිගට පහර දීමට පටන් ගන්නා විට ප්‍රේක්ෂකයාගෙන් ඔල්වරසන් සහ "චියර්" එක ලැබෙන්නේ එවිටයි.
    රනිල් සිදු කරමින් ඉන්නේ තමන් නියෝජනය කරන බටහිර නවලිබරල් ආර්ථික ආධිපත්‍යයේ නියෝජිතයින්ගේ වීරයා වෙමින් එම අධිරාජ්‍යවාදී ප්‍රේක්ෂක සමූහයාගේ පොදු සතුරාවූ ජාතිකවාදී වූද සමාජප්‍රජාතාන්ත්‍රිකවූද මහින්ද සහ එම කන්ඩායමට අතිනාටකීය ලෙස ප්‍රතිප්‍රහාර දීම මගින් පහුගිය වකවානුවේ සිදුවූ ජාතිකවාදී සහ සමාජයීය යහපත පිනිස වෙළඳපල පාලනය කිරීම මෙන්ම ත්‍රස්ත විරෝධී ක්‍රියාදාමයන් හමුවේ පීඩාවට පත්ව සිටි බටහිර අධිරාජ්‍යගැති මානසිකත්වයෙන් හෙබි කොළඹ ලුම්පන් පැලැන්තිය සහ එන්ජීඕ ප්‍රේක්ෂකයින්ගේ "චියර් එක" දිනාගැනීමේ බෛාළඳ ක්‍රියාවෙහිය. එහිදී ඔහුට සිතෙන්නේ ප්‍රතිප්‍රහාරය අතිනාටකීය වන්නට වන්නට විසුළු සහගත වන්නට වන්නට චියර් එකද බලවත් වන බවයි. හින්දි සිනමාවේ නම් මෙවන් අතිනාටකීය සහ විසුලු රංගනයකට ප්‍රසිද්ධම පුද්ගලයා සල්මාන් ඛාන් ය. ඒ අන්දමින් බලනවිට රනිල් මේ රඟපාමින් සිටින්නේ දේශපාලන සල්මාන් චරිතය ඇර වෙන එකක් නොවේ.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions