12/06/2015

විදෙස් කුමන්ත්‍රණ හා ජාතික ආරක්ෂාව ගැන හිතනවානම් මෙන්න ඔත්තුවක්...

කතෘ:යුතුකම     12/06/2015   No comments

මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව අන්තර් ජාතික වශයෙන් විශාල හඬක් නැගුණු බවට සත්‍ය හා ඌණපූර්ණ සහිත කතා බහ තවමත් හතරවටින්ම ඇසෙයි. මහින්දට එරෙහිව නිසා ඒ හඬ අතැමෙකුට සතුට ගෙන දෙන ගෝරනාඩුවක් වන්නට පුළුවන. එහෙත් මේ ගෝරනාඩුවල යටි අරමුණු සහ අනාගත අවදානම කිසිවෙකුත් ඉතා ගැඹුරින් අධ්‍යයනය කර ඇතිද ?

අපි මේ කරන්නට යන හෙළිදරව්ව මූල්‍ය අපරාධ කොට්ටාසය මෙන්ම ශ්‍රී ලංකාවේ රහස් පොලීසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ සැලකිල්ලට ගත යුතු යැයි අපි විශ්වාස කරමු.

පසු ගිය කාලය පුරාවටම විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයන් අතරින් සැලකියයුතු කණ්ඩායමක් රැකියා සොයා ගොස් යළි රටට පැමිණුන අතර රටින් පැන ගොස් රැකියා සොයා ගෙන එහි නතර වූවෝද වෙති.

මෙසේ එරට නතරවීම සඳහා එකම සුදුසුකම මෙරට දේශපාලන තර්ජන ඇති බව පැවැසීමයි. ඒ වෙනුවෙන් සංවිධානාත්මකව අසත්‍යය වැපිරීමට බුරුතු පිටින් ආයතන ද බිහි විය. ඊට අමතරව මෙම කාර්යය වෙනුවෙන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 20 දක්වා මුදල් අය කරමිකන් වීසා සහ ලියකියවිලි සාදා දුන් ආයතන හා පුද්ගලයින්ද මෙරට සිටියෝ ය. දැනටද ඔවුන් යහතින් සිටී. තවමත් ඒ කාර්යය කරගෙන යති.

මෙම පිරිස් අතර කලාකරුවන් යැයි කියා ගන්නා අය ද සිටි බව තතු දත්තෝ දනිති. මෙවන් කලාකරුවන් යැයි කියාගන්නා පිරිස් විවිධ දේශපාලකයින්ගේ සහ උසස් පොලිස් නිලධාරීන්ගේ නම් පාව්ච්චි කර ඇති බව අපි පවසන්නේ වගකීමෙනි.

යුරෝපයේ රටවල් කිහිපයක සංචාරය කර ඇති ඇතැම් කලාකරුවන් සමඟ ගිය සහායකයින් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ද රවටා මෙම ව්‍යාපාරය තවමත් සිදුකරන බව දැනගන්නට ලැබෙයි. මෙවන් කලාකරුවන් ඒ ඒ රටවලට රැගෙන ගොස් දේශපාලන රැකවරණ ලබා ගැනීමට සැලැස්වූ පිරිස් ද වෙති. එවන් අය හෙළිදරව් කිරීමට අපි සූදානමින් සිටිමු.

විවිධ හේතූන්මත විදෙස් සංචාරයන්ට යොමු වීමට නියමිතව සිටි අයගෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇති ප්‍රධාන පෙළේ පුද්ගලයෙක් වත්තල ප්‍ර දේශයේ ද කලාකරුවන් ලෙස මෙම ක්‍රියාදාමයට හවුල් වූ පුද්ගලයින් පිරිසක් නුගේගොඩ මහරගම ආදී ප්‍ර දේශවලද වෙසෙන බව දැනගන්න ඇත.

මේ ආකාරයට විිවිධ ක්‍රියාවන්ට හවුල් අපරාධකරුවන් සේම රටට ද්‍රෝහී වූ පුද්ගලයින්ද රට පැටවීමට මොවුන් කටයුතු කරන්නට ඇත. මුදල් ලබා ගැනීමේ දී ඍජුවම ඔවුන්ගේ ගිණුම්වලට අන්තර්ජාලය හරහා සහ නවීන තාක්ෂණය හරහා මුදල් හුවමාරු කරගෙන ඇති අවස්ථාද ඇත.

රට වෙනුවෙන් අසත්‍යය වැපිරීම වෙනුවෙන් මිනිස් ජාවාරමේ යෙදීම වරදක් නොවන්නේ ද ?
දේශපාලන රැකවරණ පතා පුද්ගලයින් රට පැටවීම අපරාධයක් නොවන්නේ ද ?

මෙලෙස විදෙස්ගත වූ කිහිප දෙනෙකු මේවනවිට ශ්‍රී ලංකාවට එරෙහිව ඒ රටවල සිට කටයුතු කරන බව ඔබ දන්නෙහිද ? යහපාලනයට එරෙහිවත් එලෙස සංවිධානය වීමට පිරිසක් රටින් වන් බව ඔබ දන්නහෙි ද ?

මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවේ යෙදවීමට ඔබ සූදානම් ද ?

මෙවන් අකටයුතුකම් සම්බන්ධයෙන් දැන් සිටම පියවර නොගන්නේ නම් එය යහපාලනයටත් කරදරකාරී අනර්ථයන් ගෙන දෙන්නක් වන බව නොසිතන්නේ ද ?

මේ සදහා ඍජුව සම්බන්ධවූවන්ගේ ලිපිනයන් සහ දුරකථන අංක අවශ්‍යනම් සහ ඒවෙනුවෙන් ඉදිරිපත්වීමට සූදානම් පිරිසක් සිටින බව අපි වෙත දන්වා ඇත. වගකිව යුතු අංශ මේ පිළිබද විමසන්නේ නම් එම තොරතුරු හෙළි කිරීමට අපි සූදාමින් සිටිමු.
මෙම ලිපිය අපි විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ගණනාවකට යොමු කරන අතර, වෙබ් අඩවි සියල්ලට ද යොමු කරමු.
සුදුසු පියවරක් ගන්නා ලෙස දේශ හිතෛෂී වේවා... රටට ආදරය කරන වේවා.. රට වෙනුවෙන් කැපවුණු වේවා... සියලු මාධ්‍ය ආයතන සහ සංවිධාන වෙතින් අපි මෙම ආයාචනය කරමු.
මහත්තුරුණි රට වෙනුවෙන් මේ ගැනත් හිතන්න.
 
-විශේෂ ලියුම්කරුවකු විසිනි..

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions