විශ්‍රාම වැටුප් නැත,රජයේ සේවයට බැඳෙන්න එපා ලෙස මුදල් ඇමතිවරයා කී යැයි පුවතක් පසුගිය සතියක ඉරිදා ලංකා පුවත්පතේ මුල් පිටුවේ දක්නට ලැබිණි. එකී පුවතේ සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත් එජාප ආණ්ඩුවල ඉතිහාසය දන්නා එජාප ප්‍රතිපත්ති හඳුනාගත් කෙනෙකුට මෙවර අයවැයෙන් රාජ්‍ය සේවය හා සම්බන්ධ යෝජනා ගැන පුදුම වීමට දෙයක් නැත. රාජ්‍ය සේවය ගැන ඇසූ පමණින් රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි යැයි කීමට ඉක්මණ් වන පුද්ගලයන් මේ රටේ ඕනෑතරම් සිටී.නමුත් රාජ්‍ය සේවය අකාර්යක්ෂම වන්නේ ඇයි?එය කාර්යක්ෂම කළ යුත්තේ කෙසේ දැයි කල්පනා කළ කෙනෙක් අතේ ඇඟිලි ගානටවත් නැත.මේ රටේ පොදු ජනතාව තවමත් තමන්ගේ දිවි සරි කරගන්නේ රාජ්‍ය සේවයට පින් සිද්දවෙන්නටය. තමන්ගේ ගමේ හැම දුක්ගැනවිල්ලක්ම අහගෙන ඉන්න ග්‍රාම සේවක නිළධාරියාද,තමන්ගේ ගමේ පාසලේ දරුවන්ට උගන්වන ගුරුතුමියද, නිසි කළට කුඹුරට වතුර ටික මුදාහරින්න කටයුතු කරන වාරිමාර්ග නිළධාරීයාද, ගොවිතැන් කටයුතු වලදී අවශ්‍ය වන උපදෙස් හා සහය ලබාදෙන කෘෂිකාර්මික නිළධාරීයාද,ගමේ ඉස්පිරිතාලේ වෛද්‍ය නිළධාරීයාද ආදී නොයෙක් රාජ්‍ය සේවකයන්ගේ සේවය නිසා යම් පමණකින් හෝ සිය දිවිය පවත්වාගෙන යෑමට මෙරට පොදු ජනතාවට තවමත් හැකි වී තිබේ.
මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූවන් අතරින්ද රාජ්‍ය සේවයට එක් වූ පිරිසක් සිටී.දැණට පවතින විශ්ව විද්‍යාල පාඨමාලා අතරෙන් බහුතරයකට තවමත් රාජ්‍ය සේවයේ රැකියා අවස්තා ඇත.මෙකී නිළධාරීන්ගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය නම් රාජ්‍ය සේවයට එක් නොවී පුද්ගලික අංශයේ හෝ විදේශ ගත රැකියාවකට යාමට ඉඩකඩ තිබියදී පවා කෙතරම් දුෂ්කරතා මැද්දේ වුවද සිය රට වෙනුවෙන් සේවය සඳහා කැප වන සැටි දැකගත හැකිය.ඔවුන්ගෙන් කෙනෙක් සමහරවිට තමන්ගේ පවුලෙන් ඈත්ව තමන් උපන් ප්‍රදේශය අතහැර වෙනත්ම ප්‍රදේශයක සේවයට යන්නේ පාවඩ මැදින් නොවේ.සමස්තයක් ලෙස රාජ්‍ය සේවයේ ඇති අඩු වැටුප් පරිමාණයන් හා අවම පහසුකම් යටතේය. අප කෙතරම් පුද්ගලික අංශයේ රැකියාවන් වල ඉහළ කාර්යක්ෂමතාව ඉහළ වැටුප් හා අනෙකුත් පහසුකම් ගැන කතා කළද මෙරට පොදු ජනතාවගේ මූලික හා දෛනික අවශ්‍යාතාවන් සැපිරීමට මෙම පුද්ගලික අංශයේ ආයතන හෝ නිළධාරීන් එන්නේ නැත.එන්.ජී.ඕ කාරයන් සමහර විට ඈත දුෂ්කර ගම්මානවල යම් යම් සහනශීලී කටයුතු වල නිරත වූවත් ඒවායෙන් බහුතරයක් සංස්කෘතික විරෝධී න්‍යාය පත්‍රයක් සහිත ඒවාය.
ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මෙවර අයවැය යෝජනා වලින් රාජ්‍ය සේවයට බැඳීමට අපේක්ෂා කරන නිළධාරීන්ට මෙතෙක් හිමිව තිබූ වරප්‍රසාද සාහසික ලෙස අවලංගු කර ඇති බව සඳහන්ය.මෙය පැහැදිලිවම රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ එජාප ප්‍රතිපත්තිය බව නොරහසකි.විශේෂයෙන් විධායක ශ්‍රේණියේ නිළධාරීන් රජයේ සේවයේ රඳවා ගැනීම උදෙසා දෙන ලද විවිද වරප්‍රසාද කප්පාදු කර ඇත.ඔවුන්ට පමණක් විශේෂ වරප්‍රසාද ඇයිද කියා කෙනෙකු ප්‍රශ්න කරන්නට ඉඩ ඇත.අපට අසන්නට ඇත්තේ එකී වරප්‍රසාදවත් නොමැතිව විධායක ශ්‍රේණියේ නිළධාරීන් දුෂ්කර පෙදෙසක කරන සේවය කිරීමට ලැබුනොත් ඔවුන් එය භාරගන්නවාද යන්නය.රජයේ සේවයේ නිළධාරිවාදයක්ද නැතුවා නොවේ.නමුත් එය වෙනමම කතා කළ යුතු දෙයකි.
අනෙක් අතට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ගැන කතා කළොත් අප තවමත් භාවිතා කරන්නේ සුද්දන් විසින් අපට තනා දුන් පරිපාලන ව්‍යුහයමය.එකල තිබූ අවශ්‍යතාවලට හා සුද්දන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන්ට යටත්ව තනා ගත් මෙකී පරිපාලන ව්‍යුහය කාලීන ලෙස අපට ඕනෑ ආකාරයට අප තවමත් වෙනස් කරගෙන නැත. උදාහරණයක් ලෙස ඈත පිටිසර ප්‍රදේශයක ගැමියෙකුට ප්‍රාදේශීය රාජ්‍ය ආයතනයකින් කිසියම් වැඩක් කරගැනීමට සිදුවන විට එම බොහෝ දේවල් දැනට පවතින් රාජ්‍ය ප්‍රතිපත්ති මත සිදු වීමට නම් අනිවාර්යයෙන්ම එකී ආයතනයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා වී අනුමත කරගෙන නැවත එම ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිය යුතුය.මෙයට සෑහෙන කළක් ගත වන අතර ඒ වන විට එම පුද්ගලයාට එම වැඩය නොකෙරුණත් කම් නැති අවස්තාද ඇත.මෙය රාජ්‍ය පරිපාලන සේවයේ විමධ්‍යගත නොවීමේ අඩු පාඩුවකි.මෙවැනිම දෙයක් සමහර විට දෙමළ ජනතාව බහුල වශයෙන් වෙසෙන ප්‍රදේශයක සිදු වුවහොත් එය දෙමළාට දෙමළ වීම නිසා සිදු වූ අසාධාරණයකැයි හංවඩු ගැසීමටද ඇතැමුන් සූදනමින් සිටී.නමුත් ප්‍රශ්නය ඇත්තේ දෙමළා හෝ සිංහලයා අතර නොව පරිපාලන ව්‍යුහයේය.මෙවැනි ප්‍රශ්න නිසා රාජ්‍ය සේවය යම් අර්බුදකාරී මට්ට්මක තිබුණත් එයට විසඳුම වන්නේ රාජ්‍ය සේවය අධෛර්යමත් කිරීම නොවන බව තේරුම් ගත යුතුය.මෙකී අයවැය යෝජනා අතර අපට දක්නට ඇති රජයේ සේවකයන්ගේ විශාම වැටුප් කප්පාදුව ඉතාම සහාසික එකක් වන්නේ කවර හේතු නිසාද?එක් වරක් හෝ පාර්ලිමේන්තු ඡන්දයකින් පාර්ලිමේන්තු වරම් ලැබූ මන්ත්‍රීවරයකුට කිසිදු වෙනත් සුදුසුකමක් නැතිව වුවද විශ්‍රාම වැටුපක් ලැබෙන යුගයක පාසලේ අවුරුදු 13ක් ද සමහර විට විශ්ව විද්‍යාලයේ අවුරුදු 4ක් හෝ 5 ක් ඉගෙන ගෙන රාජ්‍ය සේවයට බැඳී අවුරුදු 30ක පමණ සේවා කාළයක් සපුරන හෝ එසේ බලාපොරොත්තුවන රාජ්‍ය නිළධාරියෙකුට දැනට ලැබෙන විශ්‍රාම වැටුප ලැබීමටවත් වරප්‍රසාදයක් නැත.මෙය නම් අරුම පුදුම රටකි.
අනෙක් අතට මේ කාළයේ නිදහස් අධ්‍යාපනය ගැන, එය සුරැකීම ගැනද කතිකාවතක් ඇති වී ඇත.බොහෝ දෙනෙකුට නිදහස් අධ්‍යාපනය යනු සිය ස්වාරාර්ථය සපුරා ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවගේ බදු මුදල් වැය කිරීමක් ලෙස හැඳින්වූවාට කම් නැත.එසේ කියන්නේ නිදහස් අධ්‍යාපනය කෙරෙහි ඇති විරෝධයකින් නොව ඒ කෙරෙහි ඇති සැබෑ ඇල්මකිනි.නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ඉගෙනගත් සැළකිය යුතු පිරිසක් මෙරට අතහැර විදේශ ගත වීම හෝ පුද්ගලික අංශයට බැඳීම හෝ මඟින් මෙරට රජය විසින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනයෙහි සඵලතාවක් වෙද? නිදහස් අධ්‍යාපනයෙහි අග්‍ර ඵලය විය යුත්තේ රාජ්‍ය සේවය නොවේද?මෙවන් පසුබිමක නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් 6% ක් ඉල්ලපු දැන් නිහඬ උදවියද රාජ්‍ය සේවයේ කප්පාදු වලට එරෙහි නොවන්නේ ඇයිද යන්න අප තේරුම් ගන්නේ කෙසේද?එවැනි උදවියගෙන් සමහරක් නිදහස් අධ්‍යාපනය සුරකිනු යනුවෙන් බෙරිහන් දෙන අතර රාජ්‍ය සේවය දුර්වල කිරීම ගැන උදම් අනනු ලබයි.මේවා කවර විලම්භීතද?
අප උත්සහ කළ යුත්තේ මනා ලෙස පරිපාලන බලය විමධ්‍යගත කළ මනා සේවයක් මෙරට පොදු ජනතාවට ලබා දීමට හැකි රාජ්‍ය සේවයකි.ඒ සඳහා අවශ්‍ය කරන මානව සම්පත තනා ගත යුත්තේ නිදහස් අධ්‍යාපනය තුළින්ය.නිදහස් අධ්‍යාපනය මෙන්ම රාජ්‍ය සේවයද රැකගත යුතුය.අරගලය සිදුවිය යුත්තේ ඒ වෙනුවෙනි.
-විදුර ක්‍රිෂාන්ත-
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
අපි අපේ රට මේ බත් කන හරක් ගෙන් බේරා ගමු සහෝදරයා
ReplyDeleteමෙහි කතෘ 6% වෙනුවෙන් කතා කල කෙනෙක්ද නැත්නම් මහින්දගේ ගැතියෙක් ලෙස නිවට කමින් සිටි අයකුද යැයි සැක සහිතයි. නිදහස් අධ්‍යයාපනය ආරම්භකයෝ ලෙස එජාපය ගැන කිසිම ගරුත්වයක් නැතිව කතා කිරීම විහිලුවකි. මහින්ද රජය සමයේ පෞද්ගලීක විශ්ව විද්‍යයාල නව පණක් ලැබීම ගැන නොදන්න අංශ භාගය හැදුනු අයෙක් මෙහි කතෘ දැයි සැකයක් පවති.
ReplyDelete