12/13/2015

රූකඩ රාජ්ජේ

කතෘ:යුතුකම     12/13/2015   1 comment

යහපාලන යූන්පී ආණ්ඩුවක් බලයට පැමිණෙන විට බොහෝ දෙනා සිතා සිටියේ රට ආර්ථික වශයෙන් සුඛිත මුදිත වනු ඇතැයි කියාය. සාමාන්‍යයෙන් යූන්පී ආණ්ඩුවක් බලයට පත් වූ විට ව්‍යාපාර සංවර්ධනය වනු ඇතැයි සාමාන්‍ය සමාජයේ විශ්වාසයක් පැවතුනි. එහෙම විශ්වාස කරන්නට සාධාරණ හේතු තිබුණි.මන්ද ආර්ථික විශේෂඥයින් උපදේශකයින් යැයි කියාගන්නා අය බොහොමයක් කරළියේ සිටි හෙයිනි.යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් බහුතර ව්‍යාපාරික මුස්ලිම් ජනයාද ව්‍යාපාර දියුණුව පිළිබදවද සිතා සිටියහ. නමුත් යහපාලනය බලයට පත්ව අවුරුද්දක් ගිය තැන සිදුව ඇත්තේ කුමක්ද යන්න අමුතුවෙන් වටහා දිය යුතු නැත.

ඇත්තෙන්ම සිදුවුනේ රට ආර්ථික වශයෙන් පහළට යෑමයි. සියලු සංවර්ධන කටයුතු මග නැවතුනි.ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා 150,000ක් පමණ එක්වරම අහිමිවුනි.ඒවාට සැපයුම් කල කර්මාන්ත ආයතන සිය ගණනකගේ ව්‍යාපාර පහළ වැටුනි. රටේ පවතින රාජ්‍ය අස්ථාවරත්වය ප්‍රතිපත්තියක් රහිත දේශපාලන න්‍යාය පත්‍ර සහ අනවශ්‍ය විදෙස් අතපෙවීම් හමුවේ රටේ පැවති විදෙස් අයෝජනයන්ද නැවතුනි. මහා පරිමාණ චීන ආයෝජනවලට යොදා තිබුණු මුදල් නැවත රැගෙන ගියහ.ලෝකයේ නැගීඑන මහා ආර්ථික බලවතා සමහ තිබූ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවා අභියෝගයට ලක්විය.

මුහුදු සේද මාවතේ වැදගත්ම වරායක් ලෙස ඉතිහාසය විසින් සපථ කල මාගම්පුර වරාය ඉදිරි වසර කීපය ඇතුලත ආසියාවේ දිදුලන වරායක් බවට පත්ව ඒ සමග ඉදිකෙරුණු මත්තල ගුවන් තොටුපල කොළඹ වරාය නගරය නෙළුම් කුළුන වැනි දැවැන්ත සංවර්ධනයන්ගේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ලැබෙන විට ලෝක ආර්ථික බලවතාගේ ප්‍රධාන සැපයුම් කරුවන් අයෝජන හිමිකරුවන් වන්නට අපේ රටට හැකියාව තිබුණි.අන් කවර දේශයකටත් වඩා අධ්‍යාපනික අතින් දියුනු වෘත්තිකයන් සිටින රටේ ඉහත අයෝජන හරහා ලැබිය හැකිව තිබුණු BPO අයෝජනයන්ද අති මහත්ය.කොළඹ සිට ගාල්ලට ආරම්භ කරන ලද අධිවේගී මාර්ග ජාලය අවසන් කිරීමට සැලසුම් කලේ 2025දී ඉන්දියාව හරහා සාර්ක් රටවල් ජාලගත කරන අධිවේගී මාර්ග ජාලයකිනි.මේ අනාගත ප්‍රතිලාභ අපට කලින් ඉන්දියාව ඇමරිකාව සිංගප්පූරුව වැනි රටවල් වලින් දකින ලදී.ලංකාවේ බැරි නිසා අපි මහින්දව එලවන්න සාකච්ඡා කලේ සිංගප්පූරුවේ යැයිද වැඩි දුර නෙවි අපි අරලියගහ මන්දිරේ පේන දුර ඉදන් ලංකාවේ සාකච්ඡා කලේ යැයිද කියන්නේ එබැවිනි.ඉන්දියන් සහ ඇමරිකන් එම්බසි පිහිටා ඇත්තේද අරලිය ගහ මන්දිරය පේන දුරිනි.තානාපති කාර්යාල මහින්ද එලවීමේ කුමන්ත්‍රණයට ඍජුව සම්බන්ධව සිටි බවට විකීලීක්ස් වලින්ද හෙළිවුනි.එල්ලෙන්නට වැල් නැතුව සිටි බෙදුම්වාදී කුමණ්ත්‍රණකරුවන්ද එක පයින් සම්බන්ධ විය.

අද අපගේ ඇස් පනාපිට එක් අතකින් සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල දේශීය ව්‍යාපාරවල කඩාවැටීම් යුද්ධයක් අතර උවද ක්‍රමාණුකූලව ඉහලට නැග 7% තිබුණු ආර්ථික වර්ධන වේගයේ පහල යෑමද ශක්තිමත්ව පැවති ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය බාල්දු වීමද අනෙක් අතින් රණවිරුවන් සේනාධිනායකයන් සිරකරන්නට මිනීමරුවන් කරන්නට දරන වෑයම අහිංසක නොවන බරපතල ගණයේ කොටි ත්‍රස්තවාදීන් බුරුතු පිටිනි නිදහස් කිරීමද ව්‍යවස්ථා සංශෝධන මගින් රටේ ඒකීය භාවය ආරක්ෂා කරන පාදම් වැනි විධායක බලතල නැති කිරීම අස්ථාවර පාර්ලිමේන්තුවක TNA ප්‍රධාන විපක්ෂය කිරීම වැනි කාර්ය්‍යන් හරහා යහපාලනයේ වෙස්මූණු සහ නාටකයේ සැබෑ අධ්‍යක්ෂලා නිෂ්පාදකවරුන් කවුද යන්න අද පැහැදිලි වී හමාරය.මාධ්‍ය විසින් පුම්බන ලද ටයි පොලු ආර්ථික ඔස්තාර්ලාගේ, සිංහල ජාතිකත්වයේ විද්වතුන් ලෙස පෙනී සිටි උරුමය පාවාදුන් අයගේ රෙදි ගැලවී ඇත. බෙදුම්වාදීන්ගේ බටහිර කුමන්ත්‍රණකරුවන්ගේ රූකඩ රාජ්ජේ බිහිවිය. රටම අච්චාරුවක් වී ඇත.
ඉන්දියන් සාගරය හරහා යාත්‍රා කරන නැව් සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන අයුධ සන්නද්ධව ආරක්ෂාව ලබාදුන් ලෝකයේ නැව් සමාගම්වලින් සහතික කරන ලද ඇවන්ගාඩ් වැනි දැවැන්ත ව්‍යාපාර එක රැයකින් රජයට පවරා ගනිමින් ව්‍යාපාර ලෝකය අභියෝගයට ලක් කර රැකියා 6500ක් පමණ අනතුරට පත් කල ආණ්ඩුවකි.උණුසුම අඩුවනවිට ඒ ව්‍යාපාරය තම සුරතලුන් හට ලබාදීමට සැලසුම් කරමින් පවතී.මේ අනුව අද වනවිට ව්‍යාපාර අයෝජන රැකියා පවුල් දහස් ගණනකට යන එන මං නැති වී ඇත.අඩුම තරමේ කඩවත සිට නිට්ටඹුව දක්වා මාර්ගය පුළුල් කිරීම පවා අඩියක් ඉදිරියට ගෙන ගොස් නැත.ජනවාරි 8 රටම නැවතුනි.

මහින්ද 2005 බලයට ආවේ යුද්ධය අවසන් කරන පොරොන්දුව සමගිනි.සිය පළමු ධූර කාලය අවසන් වීමට ප්‍රථම එම පොරොන්දුව ඉටු කරන ලදී.දෙවනියට බලයට පැමිණියේ රට සංවර්ධනය කරන පොරොන්දුව සමගිනි.එය 60%ක් පමණම ඉටු කලේය.දශක තුනක් ඇද වැටුනු රටක් විදෙස් අතපෙවීම් බෙදුම්වාදී කුමන්ත්‍රණවල පාරාදීසයක්ව තිබුණු රටක් ලෝකයටම ණය වී පාන් කෑ රටක් ලෝක අහාර අර්බුද, ආර්ථික අර්බුද හා බටහිර කුමණ්ත්‍රණ අභිබවා කොන්ද කෙලින් කර නැගිටුවා ණයට කෑ යුගය නිම කර අනාගත මහා අයෝජන කරා රැගෙන යන්නට ආරම්භ කලා පමණි.අපි දන්නා කාලයේ සිටම සිහිනයට සීමා වූ කාටූන් මාතෘකා බවට පත්ව තිබූ ජනප්‍රිය මැතිවරණ පොරොන්දු වූ යුද්ධය නිමා කිරීම පාරවල් තාර දැමීම කෑම අඩුකිරීම වැනි ඒවා මහින්ද යුගයේදීම පමණටත් වඩා දෑස් ඉදිරියේදීම යථාර්තයක් බවට පත්විය.රටේ ප්‍රමුඛත්වය දිය යුතු ලෝකයට ගැලපෙන උපාය මාර්ගික සංවර්ධන මාතෘකා කරළියට ගෙන මහා ඉදිරි ගමනක් යෑම අරම්භව තිබුණි. සියුම්ව පෙළගැසුනු කුමන්ත්‍රණකරුවන් මාධ්‍ය සමාජ වෙබ් අන්තර්ජාලය හරහා තම න්‍යාය පත්‍රවලට අනුව ඡන්ද සමීකරණ ගලපා (සුළු ජාතික ඡන්ද,ඊනියා දේශප්‍රේමීන් හරහා සිංහල ඡන්ද,මාධ්‍ය සංදර්ශණ හරහා පාවෙන ඡන්ද ) දේශපාලන CHANGE එක කරන ලදී.කවදාවත් ඡන්දයකින් නොදිනිය හැකි නායකත්වය පවා අභියෝගයට ලක්ව සිටි නායකයන්ටද තම පැවැත්ම රැක ගත හැකිව තිබුණු අවසන් අවස්ථාවද ජනවාරි 8 උදාවුනි. අද වනවිට මේ සියල්ලකම ඇත්ත රටටම පෙනී ගොස් ඇත. එය මෙතරම් ඉක්මනින් දකින්නට ලැබීමද වාසනාවකි.ඉ තා ඉක්මනින් සියල්ල වෙනස් වෙන බව දේශපාලන සුළග අදුනන අයට පෙනී යන දෙයකි.ඌරගේ මාළු ඌරගේ ඇගේ තියලම කැපෙන වග අද වනවිට මාධ්‍යයේ සමාජ ජාලාවල අන්තර්ජාලයේ හැසිරීමෙන් පෙනේ . ජවිපෙන් පෙරටුගාමීන්ට චම්පිකලාගෙන් ගෙවිදුලාට මංගලලාගෙන් දයාන්ලාට දේශපාලන යෂ්ඨි මාරු වී මැරතන් එක දුවනු ඇත. අවසානයේ නුදුරු අනාගතයේදීම දෑස් ඉදිරිපිටම සත්‍ය ජයගනු ඇත. සියල්ල තීරණය කරන්නේ ජනතාවයි.

තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත් උන් රට අතැර ගොසින්...

-සම්පත් බණ්ඩාර ඒකනායක
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama 


[චායාරූපය උපුටාගැනීම :සංඛ]

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. Yes, the whole country has realised that they were taken for a ride using the hopper thief. Though I expected the usual UNP thuggery and the lies to resurface, I didn't expect it to happen so fast.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions