උගතුන් හා සිවිල් පොරවල් නිහඩයි.රට අයාලේ යයි.
ශ්‍රී ලංකාව තුළ සාස්තර කීමට නිල වශයෙන් අවසර ඇත්තේ එක් අයෙකුට පමණි. එහෙත් කාර්යයයේ නියුතු ආකාරයට එය කිහිප දෙනෙක් අත බෙදී යන බවක් ප්‍රකාශිතය. මේ වනවිට එහි මූලාධිකාරිය හෙවත් භාරකාරීත්වය හිමිවන්නේ කාට දැයි නොදනී. ඒ නොදන්නාකමට හේතුව ඇමති මණ්ඩලය පැටවුගැසීමය.
දින, සති, මාස හෝ වසරක් හෝ දෙකක් හෝ වුව කල් පිරී සාම්ප්‍රදායික ආකාරයකට විළිරුදාපහව ඒ වැදීම සිදුවන්නේ ද නැත. සිසේරියන් වන්නේ ද නැත. අඩු මාසයෙන් බිහිවන ඇමති දරුවෝ එමටය. උන්ගෙන් වැඩිහරියක් මන්දඅධ්‍යාපනිකභාවය කෙසේ වෙතත් මන්දමානසිකය. මන්දබුද්ධිකයැයි කීමටවත් නොහැකිය. එසේ සඳහන් කළහොත් බුද්ධිය යන වචනයට පවා නිගාවකි. මේ බිහි වූ ඇමති දරුවෝ බහුතරයක් අවජාතකයෝ වීමද අපූරු සිදුවීමකි.
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු පළමුවරට මෙසේ මොංගල් ඇමති මණ්ඩලයක් බිහිකිරීමට තිඹිරි ගෙය සැදුවේ 2014 නොවැම්බරයේ සිටය. ඊට විළිරුදා හැදෙන්නේ 2015 ජනවාරි 08 වන දාය. එහි අඩුබර ප්‍රසූතිය සිදුකරන්නේ 2015 ජනවාරි 09 වන දාය. එදා පටන් මුළු ලොවටම පූර්වාදර්ශ දෙමින් අග-සිට වලිගය තෙක් අඩුබර, මන්දපෝෂිත, මන්දමානසික හා පණ්ඩක මැත්තන් රැසකින් යුත් කැබිනෙට්ටුවක් නිර්මාණය වීය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඇතුළු සියල්ලම වසා මේ පූර්වාදර්ශය හෙළි පෙහෙළි වීය. වත්මන් විධායක ජනාධිපති, අගමැති සිට ඇමතිමණ්ඩලය හා අගවිනිසුරු දක්වා එය පොදු ය.
පූර්වාදර්ශයක් කීවාට මෙය නරක පූර්වාදර්ශයක් බව අනාගත පරපුර ගෙවන කර්ම විපාකයන් සාක්ෂි සපයනු ඇත. අපට එසේ අනාවැකි කීමට අයිතියක් ඇත. මා එසේ පැවැසීමෙන් රටේ කිසියම් නීතියක් හෝ සම්ප්‍රදායක් උල්ලංඝණය වීමෙන් අවැඩක් නොවනු ඇතැයි සිතමි.
රටක පාලකයින්ට අපට මෙන් අනාවැකීමට නොහැක. නොහැක යනු නෛතික අයිතියක් නැත. ඒ අයිතිය යම් පමණකට ඇත්තේ එකම එක රාජ්‍ය ආයතනයකට පමණි. ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවය. එයත් මෙහි උපන් නිසාදෝ උපන්දා සිටම මඤ්ඤංය. ඒද එහි විද්‍යාඥයින්ගේ වරදින් නොව රටේ පාලකයින්ගේ වරදිනි. ඊට සුදුසු තාක්ෂණ ක්‍රමවේද නිසි කලට ලබා නොදීම පාලකයින් කරන වරදකි. ඒ දෙපාර්තමේන්තුව කුමන අමාත්‍යංශය යටතේද යන්න සත්තකින්ම මම නොදනිමි. අනුමාන කළ හැක්කේ විද්‍යා හා තාක්ෂණ යැයි පෙර තිබූ අමාත්‍යංශයක් යටතේ කියාය. දැන් ඒවගක් නිශ්චිතව නිගමනය කළ නොහැකි මානසිකත්වයක මම සිටිමි.
මම එම නිගමනයේ නොසිටින්නේ, අලුතින් අච්චු ගස්සවන සල්ලි කොළේ දෙස බලාගෙනය. අය-වැය කියැ වූ මුදල් ඇමති සිහිකරගෙනය. මේ දෙකම කුමන අමාත්‍යංශයක් යටතේ, මොකා භාරයේ තිබෙනවාදැයි නිගමනයට මම තවම අන්දුන් කුන්දුන්ය. සත්තකින්ම.
එසේ හෙයින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මොකා යටතේදැයි සොයා යෑමම තරහ එළවන සුළු ක්‍රියාවකි. එය සොයා ගැනීමට පොත්පත් ගණනාවක් පෙරළීමට සිදුවන හෙයිනි. කෙසේ වෙතත්, මේ මොහොතේ රටේ ඉතිරි වී ඇති වාසනාවකට වුව එම දෙපාර්තමේන්තුව සෞඛ්‍යයය අමාත්‍යංශය යටතේ විය නොහැක. මන්ද යත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සෞඛ්‍යය අමාත්‍යංශය යටතට පත් කිරීමට සහේතුක කරුණු දැන ගන්නට නොතිබුණු බැවිනි.
එහෙත් සැකයක්ද වෙයි. එනම් අනාවැකි ප්‍රකාශයටපත්කිරීමේ රාජ්‍ය බලය හෙවත් නෛතික බලය හිමි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව භාර ඇමතිවරයා හැර වෙනත් අයෙකුට අනාවැකි කීමේ බලය ලැබී ඇතිද යන සැකයයි.
අනාවැකි කියන්නන්ට අපේ ගමේ ගොඩේ කියන්නේ සාස්තරකාරයා කියාය. එවන් සාස්තරකාරයෙක් දැන් ඇමති මණ්ඩලයේ ය. සාස්තර කියන්නේ කැබිනට් තීරණ ප්‍රකාශ කරන මාධ්‍ය සාකච්ඡාවේ දී ය. එය සැකහැර දකින්නට 2015 දෙසැම්බර් මස 10 වැනිදා මුළු රටටම වාසනාව උදා කර දුන්නේ රටේ සියලු මාධ්‍යයන් ය. විදෙස් ඇත්තෝ මෙය විකාශය කළා දැයි නොදනිමි. එසේ වූවානම් හොඳය.
ඇවා‘ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහත්මයාගේ මනස කියැවීමට හෙවත් ඔහු ඉදිරියේ දී ගන්නා ක්‍රියා මාර්ග සැක හැර පැවැසීමට සමත් සාස්තරකාරයෙක් වත්මන් කැබිනට් මණ්ඩලයේ ය. ඔහු කිරි ගහට ඇන්නා සේ සාස්තරය සනාත කිරීමට, හිටපු අධීක්ෂණ මන්තිරී සහ දැන් ඇමති ආරක්ෂාව සහිත නිකමෙක් වන සජින් වාස් උදාහරණයට ගනී.
මේ සාස්තරකාරයා වෙනින් කවුරුත් නොව, නිශ්ශංක සේනාධිපති මහත්මාට අනුව පරාජිත සේනාත්න නම් කප්පම්කරුය. රටට, රාජ්යට අනුව, සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්නය.
දැන් සැබෑ පුරවැසියන් වන අපට පැනයකි. සැබැවින්ම පැන එකක් නොව කිහිපයකි.
රටේ අධිකරණ ක්‍රියාවලියකට ද යටත් වූ සංසිද්ධියක් පිළිබඳව, කැබිනට් තීරණ ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවේ දී වගකිවයුතු ඇමතිවරයෙක් (කැබිනට් මාධ්‍ය ප්‍රකාශක) විසින් සාස්තර කියන්නේ කෙසේ ද ? ඔහුට ද චෝදනා එල්ල වී ඇති පසුබිමක එය කෙතරම් සදාචාර සම්පන්න ද ?
රාජිත සේනාරත්න ඇමතිවරයා කප්පම් ගත්තා යැයි පවසන සිද්ධියක දී, රාජ්‍ය බලය හිමි පාර්ශවය නියෝජනය කරමින් අදාළ ඇමතිවරයාම කළ මේ ප්‍රකාශය සුළුවෙන් තැකිය හැකි ද ? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන අපට නම් වැටහෙන්නේ, ඇවා‘ගාඩ් සිද්ධිය යට රාජිත සේනාරත්නලා සහ තවත් බලගතු ඇත්තෝ රැසක් සිටින බවය. නිශ්ශංක සේනාධිපති මහත්මයා නොබියව පවසන වදන් තුළ ඇත්තේ නිකැළැල් සත්‍යය බවය.
රටේ පාලන බල අධිකාරියේ ඉහළ සිට පහළටත්, අවශේෂ තනතුරු වරදාන ලැබූවෝ පසෙක සිටත් මෙතරම් බැට දෙද්දීත්, ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටින්නට නිශ්ශංක සේනාධිපති මහත්මාට හැකි වී ඇත්තේ “සත්‍යය“ ඔහු නියෝජනය කරන නිසා යැයි නිගමනය කිරීමට සැබෑ පුරවැසියන් වන අපට අවස්ථා උදා වී තිබේ.
එසේ වුවත්, නීතිය වල්වදින දේශයක අන්ධකාරයට ඇස් මැවෙන විට සිදුවන දේ සිතා ගැනීමටවත් නොහැකිය. එසේ හෙයින්, නිශ්ශංක සේනාධිපති මහත්මා හෙට දවසේ කුමන තීරණ ගනු ඇද්දැයි සාස්සතර කීමට අපට හැකියාවක් නැත. සාස්තර කතාවේ අවසානයේ රට හමුවේ තබන්නට ඉතිරිව ඇත්තේ තවත් සදය පැන කිහිපයකි.
2015 ජනවාරි අටට පෙර අවදිවී සිටි බව කීයේ බෙලහීන පුරවැසියන් ද - පරවැසියන් ද?
වෙනසක් වෙනුවෙන් තරුණ ගැටවු හා ගැටිස්සියන් කුල්මත්කළ අලුත්පරපුර ඉක්මනින්ම කෞතුක වීද?
සිවිල් ඇත්තෝ හිවල් වීද ?
උගතුන්ගේ දැනුම හමස් පෙට්ටියේ ද ?
-ජනිත් විපුලගුණ- 2015 දෙසැම්බර් 11
'පසුව ලියමි'
--------------
මේ රාජිත සේනාරත්න ඇමතිවරයා මෙලෙසම මාධ්‍ය හමුවේ පැවැසූවේ තාජුඩීන් ඝාතනයේ වීඩියෝපටක් හමු වූ බවත්, එහි ප්‍රභූ පවුලක පද්ගල තොරතුරු සටහන්ව ඇති බවත් ය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .