12/09/2015

චන්ද්‍රිකාගේ තීන්දු සහ සංහිඳියාව

කතෘ:යුතුකම     12/09/2015   1 comment

ජාතික සංහිඳියාව පිළිබඳව පවතින කතාබහ අතරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අලුත් තීන්දුවක් එක්කොට තිබේ. ඇය විසින් එම තීන්දුවට අදාළ ප්‍රකාශයක් සිදුකරන ලද්දේ පසුගිය දෙසැම්බර් 01 වනදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඒ නිකම්ම නොව ජාතික සමගිව සහ සංහිඳයාව සඳහා වන කාර්යාලයේ ප්‍රධානියා ලෙසටය.

ඇය විසින් එහිදී සඳහන් කළ ප්‍රධාන කරුණක් වන්නේ අවසන් යුද්ධයේදී සිදුවූවා යයි කියන යුධ අපරාධ පිළිබඳව පරීක්ෂා කිරීමට විශේෂ උසාවි 2016 වසරේ ජනවාරි මාසය නිමවීමට ප්‍රථම පිහිටුවනු ලබන බවයි. ඇය කියන්නේ එම උසාවි මගින් යුධ අපරාධ පිළිබඳව සොයන බවත් සාමාන්‍ය සොල්දුදාවන් ගැන නොව අණ දීමේ ප්‍රධාන දාමය වෙත සියලු අවධානය යොමු කළ යුතු බවත්ය. මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නට ඇයට කිසිදු අයිතියක් නැති බව අප මුලින්ම සඳහන් කළ යුතුය. මක් නිසාද යත් ඇය දේශපාලන අධිකාරිය විසින් පත්කරන ලද නිලධාරිනියකි. ඇය වැනි නිලධාරිනියකට ඉකුත් යුද්ධය වැනි ඓතිහාසික සිද්ධියක් සම්බන්ධයෙන් නීත්‍යානුකුල ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ උසාවි නිර්මාණය ගැන කතා කිරීමට වරමක් ඇත්තේ නැත. ජිනීවා යෝජනා මේ රටේ ක්‍රියාත්මක කරනවාද නැද්ද එසේ නම් ඒ කුමන ප්‍රමාණයකටද එසේත් නැත්නම් ඊට විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නවාද නැද්ද පිළිබඳවද සාකච්ඡා කරන්නට රටේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ. එම සර්ව පාක්ෂික සමුළුවේ ප්‍රධානත්වය දරන්නේද ජනාධිපතිවරයායි. තවමත් එම සර්ව පාක්ෂික සමුළුවෙන් කිසිදු තීරණයකට පැමිණ නැත. එවැනි තීන්දුවකට පැමිණ නැත්තේ එම සමුළුවේ ඇති ගැටලුවක් නිසා නොව එහි තවමත් පවත්වා ඇත්තේ සාකච්ඡා වට දෙකක් පමණක් බැවිනි.

ඒ අනුව සර්ව පාක්ෂික සමුළුවේ ප්‍රධානත්වය දරන්නේද ජනාධිපතිවරයායි. තවමත් එම සර්ව පාක්ෂික සමුළුවෙන් කිසිදු තීරණයකට පැමිණ නැත. එවැනි තීන්දුවකට පැමිණ නැත්තේ එම සමුළුවේ ඇති ගැටලුවක් නිසා නොව එහි තවමත් පවත්වා ඇත්තේ සාකච්ඡා වට දෙකක් පමණක් බැවිනි.

ඒ අනුව සර්ව පාක්ෂික සමුළුව සාකච්ඡා කරමින් සිටියදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නමැති නව නිලධාරිනිය එම කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්නේ කෙසේද යන්න මුලින්ම ප්‍රශ්න කළ යුතුව ඇත. එහිදී අපට මතුවන ගැඹුරු ප්‍රශ්නය වන්නේ ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකුල වගකීම ඇති ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියා සහ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ තීන්දුවකට ප්‍රථම තමාගේ තීන්දුවක් ප්‍රකාශ කිරීමට ඇයට බලයක් හෝ වරමක් ලැබුණේ කෙසේද යන්නයි. එවැනි බලයක් හෝ වරමක් පෙනෙන්නට නැති කල ඇයගේ මෙම ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුව කෙලෙස කටයුතු කරනවාද යන්න නිරීක්ෂණය කළ යුතුය. කෙසේ නමුත් මිට දිය හැකි තවත් අලුත් අරථකථනයක් වෙයි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූවේ ආණ්ඩුවේ සැබෑ සහ සැඟවුණු තීන්දුව බවය. එය එසේ නම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෙරෙන සර්ව පාක්ෂික සමුළුව කෙසේ වෙතත් ආණ්ඩුවේ සැබවින්ම තීන්දු ගැනීමේ ගුරුත්ව කේන්ද්‍රය ඇත්තේ රනිල්, චන්ද්‍රිකා, මංගල ත්‍රිත්වය අතේද එසේත් නැත්නම්
ඔවුන්ගෙන් පරිබාහිරව ජාතනතර බලවතුන්ගේ අතේදැයි යන ප්‍රශ්නය මතුවේ. කෙසේ නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසූ කාරණා වඩාත් කිට්ටුවෙන් විමසා බැලීමේදි අපට පෙනෙන්නේ ඒවා සත්‍යයට කිට්ටු නොවන බවයි. ඊනියා යුධ අපරාධ පිළිබඳ වගවීමකින් තොරව මේ රටේ ජාතීන් ජාතිකත්වය හෝ ජනවාර්ගික ප්‍රජාවන් අතර සංහිඳියාවක් ඇති වන්නේ නැතැයි යන අදහස සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. සංහිඳයාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් කදිමතම නිදර්ශනයක් වී ඇත්තේ උතුරු අයර්ලන්තයේ මහ සිකුරාදා සාම ප්‍රඥප්තියයි. එම සාම ප්‍රඥප්තිය තුළ යුධ අපරාධ පිළිබඳ වගවීම සම්බන්ධයෙන් කිසිවක් සඳහන් වූයේ නැත. එවැන්නක් තිබිය යුතු යැයි අයි.අර්.ඒ. සංවිධානය ඉල්ලුවේද නැත. එවැන්නක් කරන්නට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රතිඥා දුන්නේද නැත. එවැන්නක් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටියේද නැත. කෙසේ නමුත් අයර්ලන්තයේ සංහිඳියා ක්‍රියාවලිය ඉතා සාර්ථකව ඉදිරියට ගොස් තිබේ. ඉන් පෙනෙන්නේ සංහිඳියාව සහ වගවීම එසේත් නැතිනම් අපරාධවලට වගකීම පැවරීම අතර සම්බන්ධයක් නොමැති බවයි. මේ ඊට එක් නිදසුනක් පමණකි. යුරෝපා සංගමයේ වැදගත් සාමාජිකයෙකු වෙන නේටෝ යුධ සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන ස්පාඤ්ඥය ඊට තවත් නිදසුනකි. ස්පාඤ්ඥයේ 1930 ගණන් වලදී සුවිශාල සිවිල් යුද්ධයක් ඇති විය. එම යුද්ධයේදී එක් පාර්ශවයකට ජර්මනියේ පැසිස්ට්වාදී බලවතා සහයෝගය දුන්නේය. අනෙක් පාර්ශවයට සෝවියට් රුසියාව සහාය දුන්නේය. මේ මහා සිවිල් යුද්ධ‍යෙන් මියගිය ගණන තවමත් අපි නොදනිමු. කෙසේ නමුත් අවුරුදු පනහක පැසිස්ට්වාදී ආඥාදායක පාලනයකින් පසුව කදිම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්වූ ස්පාඤ්ඤය අවුරුදු අසුවකට පෙර සිදුවූ සිවිල් යුද්ධය දෙස ආපසු හැරී බලන්නේ නැත. එහි සිදුවූ අපරධ පිළිබඳ වගවීමක්ද නැත. තවද සිවිල් යුද්ධය දෙස ආපසු හැරී බැලීම නීතියෙන් තහනම් වූවකි. එය කලාකරුවන්ට සහ ඉතිහාසඥයන්ට කළ හැකි වුවද මිය ගිය සංඛ්‍යාව බලන්නේ නැත. එහි සිදුවූ අපරාධ පිළිබඳ වගවිමක්ද නැත. තවද සිවිල් යුද්ධය දෙස ආපසු හැරි බැලීම නීතියෙන් තහනම් වූවකිත එය කලා කරුවන්ට හා ඉතිහාසඥයන්ට කළ හැකි වුවද මිය ගිය සංඛ්‍යාව නිල වශයෙන් සෙවීම නීති විරෝධිය. එවැන්නක් සිදුකළ ප්‍රසිද්ධ විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පැවරු නඩුවක් ද තිබේ. ඉන් පෙනෙන්නේද චන්ද්‍රිකාගේ තර්කය සහමුලින්ම බිඳ වැටෙන බවයි.

ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක ගැටුම් සම්බන්ධයෙන් වගවීමක් සිදු කළා නම් එය සිදුවූයේ දිනන්නට බැරි යුද්ධයක් ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව සාම ගිවිසුමක් හරහා තල්ලු වන අවස්ථාවකදීය. එවැනි අවස්ථාවන් වලදී වගවීම පිළිබඳව විශේෂ පියවර ගනු ලැබිණි. එහෙත් ලංකාවේ සිදුවුයේ එවැන්නක් නොවේ ඒ නිසාවෙන්ද වගවීම පිළිබඳ ප්‍රශ්නයක් මෙහිදී පැන නොනැගිය යුතුය.

එමෙන්ම ලෝකයේ තවත් රටවල් ගණනාවක බහුතරයන්ගේ ආඥාදායකත්වයන් තනි පක්ෂ එසේත් නැත්නම් සුදු වර්ණ භේදවාදින්ගේ හෝ මිලිටරි ආඥාදයකත්වයන් ලෙස දේශපාලන සිතියම තුළ ප්‍රතිබිම්බනය විය. ඒ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය පෙරළා දැමීමෙන් පසුව පෙරළා පවා වගවීම මතු කරනු ලැබුවේ නැත. වගවිම ගැන මතු වුයේ නම් ඒ දශක ගණනාවකට පසුය. ඒ ප්‍රමාදය හේතුවූයේද සංහිඳියාව සඳහා සමාජයේ තුවාල නොපෑරී දශක ගණනාවකට පසුයත ඒ ප්‍රමාදයට හේතුවුයේද සංහිඳියාව සඳහා සමාජයේ තුවාල නොපැරීම වැදගත් බැවිනි. ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මතුකර ඇත්තේ පුහු තර්කයකි. ඒ අනුව ඇයට පවරා ඇති වගකීම අනුව ඇය කළ යුත්තේ සංහිඳයාව සම්බන්ධ නිලධාරිනියක් ලෙස කටයුතු කිරීම මිසක පසුගිය යුද්ධය ගැන හාරා බලමින් වරදකරුවන් සෙවීම නොවේ.

එසේ නම් මෙහිදී සිදුවන්නේ කුමක් ද? චන්ද්‍රිකා බණ්ඩාරනායක චරිතයේ අමුතු දේශපාලන චර්යාවන් අපට පෙනේ. ඇයගේ සැමියා වන විජය කුමාරතුංගයන් ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත් කරන ලද්දේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතායි. ඇයගේ එක් ඇසක් අන්ධ කරනු ලැබුවේ කොටි සංවිධානය විසිනි. එම කොටි සංවිධානය පරාජය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. කෙසේ නමුත් චන්ද්‍රිකා ගේ ප්‍රධාන වෛරක්කරුවන් වූයේ ප්‍රේමදාස හා රාජපක්ෂ යන ජනාධිපතිවරුන් දෙදෙනායි. ඒ අනුව පැහැදිලිවම ඇය තුළ ඇත්තේ තමන්ට වඩා ජනාධිපති තනතුරේ කිසියම් සාර්ථකත්වයක් ලැබූ ඒ නිසාම ඉතිහාසගතවන චරිතවලට එරෙහි වීමයි.

විධායක ජනාධිපති ධූරය වාර දෙකක් දැරු ඇය සිය පියා සහ මවගේ කීර්ති නාමය නිසා ලද ජාත්‍යන්තර සබඳතා ජාලය යොදවමින් කොටි සංවිධානය පරාජය කරන්නට අවශ්‍ය සහයෝගය ලබා ගත්තේද නැත. ඇය ඒ වෙනුවට කළේ නෝවේ රටට අත වනමින් ඊනියා සාම ක්‍රියාවලියකට රට තල්ලු කිරීමයි. එහිදීද තෝරා ගත් රට ඊට ඉතාම නුසුදුසුය. ඒ නෝවේ රටේ ප්‍රබල දමිළ ඩයස්පෝරාවක් සිටිනා බැවිනි. සාම ක්‍රියාවලියකට මැදිහත් වීමට රටකට ආරාධනා කරන්නේ නම් සිය රටේ යුද්ධ කරන පාර්ශව දෙකේම ඩයස්පෝරා සිටිය යුතුය. නොඑසේ නම් ඒ එක් ඩයස්පෝරාවකටවත් ප්‍රබල බලයක් ඒ අදාළ රටේ නොතිබිය යුතුය. ඒ අනුව ජපානය වැනි රටක් ඊට තෝරා ගැනීමේ වරදක් නැත.

කෙසේ නමුත් තමන්ට ජයග්‍රහණය කරන්නට තිබූ යුද්ධයක් ජයග්‍රහණය නොකර එය ජයග්‍රහණය කළ දේශපාලන නායකත්වය සහ නිලධාරීන් හමුදා ප්‍රධානීන් වෙතින් යුධ අපරාධ සිදුවූවා යයි උපකල්පනය කර ඒවා සොයැ බැලීමට විශේෂ උසාවි කැඳවීම හෝ ඊට අත්පුඩි ගැසීම හිටපු නායිකාවකට තරම් නොහොබිනා දෙයකි.

යුද්ධයේදි වැරදි සිදුවූවා නම් ඒ වැරදි පිළිබඳ සොයා බලන්නට අවශ්‍ය කාල ප්‍රමාණය ගතවී ඇද්දැයි ප්‍රථමයෙන් සලකා බැලිය යුතුය. ඊට හේතුව නම් වෙනත් රටවල මෙවැනි දේවල් සොයා බලනු ලැබුවේ වසර ගණනාවක් අවසන් වීමෙන් පසුව වීමයි. බොහෝ රටවල ඒ පිළිබඳ සොයා බැලුවේම නැත. කෙසේ නමුත් මෙරට පැවති යුද්ධයෙන් හය වසරකට පසු එම තුවාල පෑරවීම වගකීම් විරහිත දෙයකි. දෙවනුව සිදුවූ වැරදි පිළිබඳ සොයා බැලීමට විශේෂ උසාවි අවශ්‍ය මන්දැයි තවත් ප්‍රහේලිකාවකි.

පවතින නීති පද්ධතිය සහ පවතින ආයතන පද්ධතිය හරා එනම් පවතින උසාවි යටතේ මිනි මැරුම් ස්ත්‍රී දූෂණ වැනි ඕනැම බරපතළ අපරාධයක් පිලිබඳ සොයා බැලිය හැකිය. එසේ තිබියදි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වී ඇත්තේ ඒ වෙනුවට විශේෂ උසාවි වැඩපිළිවෙලක් වෙනුවෙනි.

මෙහි ඊළඟ කරුණ නම් යුද්ධයට අණ දුන්නවුන්ගේ විශේෂ වගකීමක් පිළිබඳ කතා කරනු ලැබ තිබීමයි. ඇය පැහැදිලිවම බලන්නේ සාර්ථක යුද්ධයකට අණ දුන්න වූවන්ට දඬුවම් කිරීමටය. සත්‍ය ලෙසම අණ දුන් පිරිසගේ අතින් වරදක් වූයේ නම් සහ ඊට දඬුවම් දෙන්නේ නම් ඔවුන් අතින් සිදුවූ මහා සත්ක්‍රියාවට දෙනු ලබන ත්‍යාගය කුමක්ද? වරදක් කළා නම් දඬුවම් දිය යුතු වේ නම් එම වරද සිදුවුයේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමේ විශාල සද්ක්‍රියාවේ කොටසක් ලෙසින් නම් ඒ වෙනුවෙන් අණ දුන් පිරිසට චන්ද්‍රිකාගෙන් ලැබෙන ස්තුතිය කවරේද?

මේ පිළිබඳ අපේ ඈත ඉතිහාසයේ කදිම නිදර්ශණයක් ඇත. එනම් රට එක්සේසත් කළ පසු පශ්චාත්තාපි වු දුටු ගැමුණු රජතුමාට අරහත්වරුන් විසින් දෙන ලද උපදේශයයි. එවැනි දැක්මක් මේ අවස්ථාවේ ද අප යෙදවිය යුතුය. එය අපේ ඓතිහාසික සම්ප්‍රදායන් මෙන්ම ඉතිහාසයෙන් අපට උරුම වූ දෙයක් බැවිනි. එහිදී ක්‍රමවේදය ඉතා නිවැරදිය. දුටු ගැමුණු රජු කළ යුද්ධය ඉතා සාධාරණ වුවකි. ඒ එම යුද්ධය රට එක්සේසත් කිරීමට කළ යුද්ධයක් වූ බැවිනි. එම යුද්ධය තුළ සිදුවූ වැරදිවලට අරහත් වරු විසින් සමාව ලබාගෙන ලදී. ඉන් දුටුගැමුණු රජුගේ හෘද සාක්ෂිය යම් අස්වැසිල්ලක් ලැබු බව මහාවංශය සඳහන් වේ.

එවැනි තත්ත්වයන් ඉතිහාසය තුළ තිබියදි චන්ද්‍රිකා අද පවසන්නේ කොටි සංවිධානය නමැති රකුසු සංවිධානය තමන්ට පරාජය කරන්නට නොහැකි වු නමුදු මහින්ද රාජපක්ෂ විසින් පරාජය කළ බැවින්ම එය මහා වරදක් බවත් ඊට රාජපක්ෂලා සහ හමුදාව දඬුවම් විඳිය යුතු බවත් නොවේද?මෙරට පිහිටුවන විශේෂ උසාවිය ගැන කියන චන්ද්‍රිකා විසින් මතු කළ තවත් කාරණාවක් තිබේ. ඇය දෙසැම්බර් 01 දා ජනමාධ්‍ය හමුවේචි පවසා ඇත්තේ තාක්ෂණික කටයුතු සහ පරීක්ෂණ කටයුතු සඳහා විදේශීය විශේෂඥයන් උසාවිය විසින් පාවිච්චි කරනු ලබන බවයි. බැලු බැල්මට මෙහි වැදගත්කමක් නොපෙනුණද මෙය ඉතාමත්ම භයානක කාරණාවකි. ඊට හේතුව නම් මෙමඟින් කියා සිටින්නේ නැති මිනී වළවල් හෑරීම සහ ඇට කටු සොයා බැලීම සහ එම ඇට කටු බටහිර රටවල රසායනාගාර හා විශ්ව විද්‍යාල වෙත යැවීම සඳහා විදේශීය විශේෂඥයන් ලංකාවට වද්දාගනු ලබන බවයි. මෙයට ‍බෙහෙවින්ම අඩු ලංකාවේ ක්‍රියාවක් මීට සති දෙක තුනකට ප්‍රථම සිදුවිණි. ඒ 1999න් පසු ප්‍රථම වතාවට අතුරුදන් වූවන් පිළිබඳ සොයන එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවට මෙරටට පැමිණෙන්නට ඉඩ දීමයි. එම කමිටුව ත්‍රිකුණාමලයේ නාවුක කඳවුරට ගොස් දමිළ ත්‍රස්තවාදි රැඳවියන් තබා ගෙන සිටි වධකාගාරයක් යැයි කියන එක් කාමරයක් නම් කර තිබුණි. විශේෂ උසාවියක් යටතේ මෙවැනි දේ පිළිබඳ සොයනවා පමණක් නොව ඒ ගැන පරීක්ෂා කිරීම නියත ලෙසම සිදුවනු ඇත. සමකාලීන ලෝක ඉතිහාසය දන්නා ඕනැම කෙනෙකු දන්නා කරුණක් වන්නේ මෙම විදේශිය විශේෂඥයන්ගේ නැටුම කාගේ පදේකට සිදුවන්නක්ද යන්නයි. ඔවුන් කළ බොරුවල එක ප්‍රතිඵලයක් වූයේ ඉරාකය විසින් මහා පරිමාණ ලෙස මිනිසුන් සමූහ ඝාතනය කළ හැකි රසායනික අවි තබාගෙන සිටින්නේය යන බොරුව පතුරුවා යුද්ධයට අවශ්‍ය පරිසරට සකස් කිරීමයි. එම රසායන අවි කතාව බොරුවක් බව දැන් ඔප්පු වී ඇත. මෙවැනි තත්ත්ව සළකා බැලීමේදි මෙරට විදේශ විශේෂඥයන් තාක්ෂණික කටයුතු වලට යොදවනවා යැයි කියන්නේ අපේ රට ත්‍රස්තවාදයෙන් බේරු හමුදා නායකයින්, නිලධාරීන් සහ දේශපාලන නායකත්වයට එරෙහිව බාහිර බලවේග දැනුවත්ව මැදිහත් කර ගැනීමකි.

මේ සියල්ලෙන් සිදුවන්නේ කුමක්ද? ත්‍රිවිධ හමුදාව දුර්මුඛ වීමයි. දැනටමත් ත්‍රිවිධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ඉදිරිපත්ව ඇත. ඒ සඳහා ඔහු රන් පවුම් මිලියන 6.6ක් තුන් වසරක් සඳහා ලබා දීමට සූදානම් බව පවසා ඇත. බ්‍රිතාන්‍ය හමුදාව යුද්ධයක් දිනන ලද්දේ දශක ගණනාවකට කලින් අයර්ලන්තයේ අයි.ආර්.ඒ සංවිධානය පවා මෙල්ල කිරිමට ඔවුන්ට හැකියාව තිබුණේ නැත. ඇෆ්ගනිස්තානයෙන් ඔවුන් පලා ගියේය. ඒ අනුව ලංකාවේ විජයග්‍රාහි හමුදාවක් ප්‍රතිසංස්කරණය කරන්නට බ්‍රිතාන්‍යයට ඇති අයිතිය කුමක්ද? බ්‍රිතාන්‍යෙය් දමිළ ඩයස්පෝරාව වැඩි වශයෙන් සිටින රටකි. එමෙන්ම සමන්තා පවර් මහත්මිය පසුගියදා උතුර නිර්හමුදාකරණ්‍ය කළ යුතු යැයි කීවාය. මේ පියවර තුන එනම් උතුර නිර්හමුදාකරණය, ආරක්ෂක හමුදාව ඊනියා ප්‍රතිසංස්කරණයට ලක් කිරිම සහ විශේෂ උසාවි හරහා පසුගිය යුද්ධයේ අණදුන් පිරිසට දඬුවම් දීම හේතු කොටගෙන ත්‍රිවිධ හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ දැමීම අනිවාර්ය වේ. තවද යුද්ධයට නිවැරදි දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ සහ නිවැරදි පරිපාලනමය හා සංවිධානාත්මක නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ වැන්නවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කෙරෙන්නේ නම් එහිදී සිදුවන්නේ ලබන අවුරුද්දේ ෆෙඩරල් පන්නයේ ව්‍යවස්ථාවක් ගෙනෙන විට ඊට විරුද්ධ වීමට සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසංවාදී මන්ත්‍රී පිරිසට දේශපාලන නායකත්වය දීමට දේශපාලන චරිත ප්‍රායෝගිකව ඉතිරි නොකිරීමය. මෙහිදී එක් අතකින් විජයග්‍රාහී හමුදාවක හිස ගසා දමන අතර අනෙක් පසෙන් ජාතික බලවේගයන්ගේ දේශපාලන හිසද ගසා දමනු ලබන බව දෙසැම්බර් 01 දා චන්ද්‍රිකාගේ ජනමාධ්‍ය සාකච්ඡාවෙන් හෙළිදරව් වන සැලසුමයි.

-ආචාර්‍ය දයාන් ජයතිලක
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මහත්තයලා මොනවා කිව්වත් මේ ආණ්ඩුව වැටෙන්නේ නෑ

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com