12/22/2015

සිංහ ලේ හා බුකි ලේ

කතෘ:යුතුකම     12/22/2015   2 comments

මුලින්ම මේ ටික කියන්නේ සිංහ ලේ ව්‍යාපෘතිය කරන පිරිසට

සිංහ ලේ කියල අහිංසක ව්‍යාපෘතියක් ගෙනිච්චට කමක් නැහැ. ස්ටිකර් හෝ මොනවා හෝ. එහෙත් ඕක අහිංසක වෙන්නේ සිංහ ලේ කියන ලේබලය මත නෙමෙයි එක උස්සගෙන යන කට්ටිය අනුවයි. සිංහ ලේ කියන නමින් ඕනේ නම් රට ම එකතුකරන ව්‍යාපෘතියක් පටන් ගත හැකි. එහෙත් එක කොන්දේසියක් තියෙනවා. සිංහ ලේ කියන්නේ මේ රටේ මේ පොළොවේ ජිවත් වෙන ඕන ම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. සිංහ ලේ කියන්නේ මේ රටේ ඓතිහාසික සිංහලේ ලේ. එහෙත් ඒ ලේ අද අපි හැමෝගෙම ලේ. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට සිංහ පෝතකයෝ කියන්නේ. අන්න ඒ වගේ. මුරලි කැමති නම් එයාට තියෙන්නෙත් සිංහ ලේ කියල ආඩම්බරෙන් අපේ රටේ ඉතිහාසය එක්ක බද්ධ වෙලා කියන්න පුළුවන් වෙන්න ඕන . එකට පසුබිම සිංහ ලේ ව්‍යාපෘතියෙන් හදල දෙනවා නම් රට ගැන මේ රටේ ඉතිහාසය ගැන හැඟීමක් අනාගතය ගැන කැක්කුමක් වර්තමානය ගැන අවධානයක් මේ රටේ හැමෝ තුල ම කිසිම භේදයකින් තොර ව ඇති කරනවා නම් බොහොම හොඳ ව්‍යාපෘතියක්. මේ රටේ අන්තවාද තියෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ මම ඒවාට උත්තරය දන්නවා කියල. අන්තවාදයන් අසාධාරණයන් හරියට හොයල බලල හෙළි කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙත් මරක්කලේ කලවම් ලේ හම්බ ලේ කලවම් ලේ වගේ දේවල් කියල කියන ඔබ බහුතරය අතර ඉන්න සුළුතර කිහිප දෙනා විසදුම් දීම කෙසේ වෙතත් ප්‍රශ්න තව තවත් උග්‍ර කරන බව පැහැදිලියි. මේ සුළුතරය හරි මග යවන්න ඔබට පුළුවන් නම් සිංහ ලේ ඔබට ලොකු දුරක් යන්න පුළුවන් වේවි. නැත්නම් බොදුබලේ නැවතුනු තැනින්ම නවතින්න වේවි.

ඊළඟ ටික කියන්නේ සිංහ ලේ ව්‍යාපෘතිය විවේචනය කරන ජාතිකත්වවාදී පිරිසට.

1. සිංහ ලේ ස්ටිකර් ගැසීම වත් සිංහ ලේ කියන වචනය වත් ප්‍රශ්නයක් නෙමෙයි. ස්ටිකර් නොගහ වැදගත් දේවල් කතා කරපන් කියන එක වැරදියි නේ ? ඔය ස්ටිකර් ව්‍යාපෘතිය වගේ ඒවා වලින් තමයි ඉස්සරහ දවසක මිනිස්සු අවදි වෙන්න අවශ්‍ය හැඟීම තියාගෙන යන්නේ. ස්ටිකර් ගැසීම බාල බොළඳ වැඩක් නෙමෙයි ඇත්තටම සාර්ථක උපක්‍රමයක්. අපි ඒ වගේ දේවල් නොකරන එකයි ප්‍රශ්නේ. ඇත්තට ම යුතුකම වගේ සන්විධානෙකට වඩා බොහොම ඉක්මනට මේ වගේ සංවිධාන ජනතාව අතරට යන්න හේතුව මේකයි. අපි උන්ට 'ස්ටිකර් නොගහ වැදගත් දේවලට අවධානය යොමු කරපන්' කියන එක වැරදියි. උන් එතකොට අහන්නේ උනුත් අපි වගේ අන්තර්ජාලේ හෑලි කොටන එක ද කරන්න ඕන කියල. ඒ ප්‍රශ්නේ හරි නේද ? මෙතන ඇත්තටම අපටයි උන්ගෙන් පාඩමක් ඉගෙනගන්න තියෙන්නේ. ලිපි සම්මන්ත්‍රණ තාර්කික සංග්‍රහ වලින් විතරක් ජනතාව අවදි කරන්න බැහැ

2. සිංහ ලේ බොදු බලේ ව්‍යාපෘතියක් වීම මිසක් සිංහ ලේ නම ගැන ප්‍රශ්නයක් නැති බව කිව යුතුයි. සිංහ ලේ නම වාර්ගික අනන්‍යතා සංකේතයක් වෙන එකෙන් මුදාගෙන රට ජාතියේ අනන්‍යතා සංකේතයක් හැටියට පාවිච්චි කරන්න කියල අපට හැකි අයුරින් කීමයි වැදගත් වෙන්නේ. මොකද අන්තිමට වැදගත් වෙන්නේ අපි කියන දේ නෙමෙයි කෙරෙන දෙය යි. අපි සිංහ ලේ නම ට නිකම් මොක්කුද වගේ විරුද්ධ වීමෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නමට සමාජයට හිතකර අර්ථකතන ලබා දීමයි වැදගත්.

3. සිංහ ලේ ට විරුද්ධ ව ෆෙස්බුකියේ දාන හැම පොස්ටුවක ම පෝස්ටරයක ම උන් එක්ක හැප්පෙන ගොබ්බ රැඩිකල් පිරිසගේ ගොන් පාට් වලටත් එකපාර බැනීම වැදගත්. එහෙම නොවුනොත් සිංහ ලේ උන්ට වෙනමයි ගොන් පාට් දාන කට්ටියට වෙනමයි බැන්නොත් මොකද වෙන්නේ අපිත් සිංහ ලේ උන් එක්ක හැප්පෙනවා විදග්ධ විදිහට අරුන් හැප්පෙනවා ගොන් ජෝක් දාගෙන. මෙතන අපේ අරමුණ වෙන්න ඕන ෆේස්‌ බුකියේ 'ආතල්' රැල්ලක් යන එක වැළැක්වීම. එකෙන් ෆේස්බුකියේ ආණ්ඩු විරෝධය යටපත් වෙන එක වැළැක්වීම. එතකොට අපි බලන්න ඕන මේ ඔක්කොම ව්‍යාපෘති යටවෙන විදිහට වැඩකරන එක මිසක් මේ ගොබ්බ මාතෘකා පෝෂණය කරන එක නෙමෙයි. අපේ විරුද්ධතාව ප්‍රකාශ කරන විදිහෙන් මේවා පෝෂණය වෙන්න හොඳ නැහැ.

4. මේ ඔක්කොට ම අවසාන විසදුම මේවා එක්ක හැප්පෙන එක නෙමෙයි අපි නොකරන දේ - ජනතාවට දැනෙන හැඟෙන දේවල් බුකියෙන් පිට කිරීමට තැත් කිරීම. ඇත්තට ම සිංහ ලේ ස්ටිකරය එතැනදී අපට වඩා සාර්ථකයි. අපේ සම්මන්ත්‍රණ ලිපි පොත් වලට වඩා. මම කියන්නේ ඒවා වැදගත් නැහැ කියල නෙමෙයි. බොහෝ ම වැදගත්. අත්‍යවශ්‍යයි. මොකද ඒවයින් තමයි ජනතාව දේශපාලන අවබෝධය ලබන්නේ. එහෙත් ඒක මදි ජනතාව ඉසරහට ගන්න.

ඊළඟට සිංහ ලේ ව්‍යාපෘතිය දැකල බුකි ලේ කුලප්පු වෙච්ච පිරිසකුත් ඉන්නවා. ෆේස් බුකිය හරහා සමාජ සේවය කිරීමේ පවිත්‍ර චේතනාවෙන් තමන් වැඩ කරනවය කියල හිතාගෙන තමන්ගේ ම ලේ සන්තර්පණය කරගන්න පිරිසක්. ආදිවාසියා වගේ ෆේස්බුක් පේජ මෙහෙයවන්නේ මේ පිරිස. බොදුබලේ හෝ සිංහලේ වැනි ව්‍යාපෘතියකින් තොර ව මේ පිරිසට පැවැත්මක් නැහැ. කොටින්ම බොදුබලේ නැති වුණාට පස්සේ මේ ගොල්ලන්න්ට කරන්න දේවල් නැතිව අමු යු එන පි ප්‍රචාරක ව්‍යාපෘති වල නියැලුනා. පහුගිය කාලේ සිංහල මුස්ලිම් ගැටුම මේ කට්ටියට බොහොම ආස්වාදජනක වුනා. හම්බ විරෝධී පොස්ටරුයි බෞද්ධ විරෝධී පොස්ටරුයි බෙදාහරින මධ්‍යස්ථාන බවට මේවා පත්වුණා. ගහගන්න හැමෝටම අවශ්‍ය ප්‍රතිවිරෝධී උත්තේජන සැපයුවා. අන්තිමට මේ ගැටුම පෝෂණය කරන්න වැඩි ම දායකත්වයක් දක්වපු පිරිසක් බවට මේගොල්ලෝ පත්වුණා. සමහර මිනිස්සු පාරේ ඉන්න හිඟන්නෝ අවුස්සලා සතුටු වෙනවා වගේ මේගොල්ලෝ වැඩ කරන්නේ. සිංහ ලේ ව්‍යාපෘතියටත් මේගොල්ලෝ ප්‍රතිවිරෝධී උත්තේජන හරහා හොඳ පෝෂණයක් ලබා දුන්න. එක අතකින් මාත් මෙතන පෝෂණයක් දෙනවා තමයි. එහෙත් මම පෝෂණය දෙන්නේ මොන දිශාවට ද කියල පැහැදිලි වෙන්න ඕනේ. එහෙත් මෝඩ තුට්ටු දෙකේ විහිළු හරහා සිංහ ලේ ව්‍යාපෘතිය පෝෂණය වුනේ මොන දිශාවට ද කියල ෆෙස්බුකියේ පෙනෙනවා. අන්තිමට ඒගොල්ලන්ගේ බුකි ලේ කුලප්පු කරගෙන කරපු සමාජ සේවය තමයි ඕක.

-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. කලවම් ලේවලට එරෙහිව රාවණාගේ ලේ තියෙන පිරිසිදු සිංහල ලේ ඇති පිරිස් එකතු කරන ගෝත්‍රවාදී අන්තවාදී සංකල්පයකට වඩා රට ගොඩනගන වේදිකාව පුළුල් එකක් වෙන්න ඕනේ .අන්තවාදී රාමුවකට කොටුවෙලා සටනක් දිනන්න බැහැ .සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා අන්තවාදී ප්‍රවණතාවයන් උපන් ගෙයිම මරා දැමිය යුතුයි .ජාතිකත්වය ගැන පුළුල් සංවාදයක් ඇති කොට ජාතිකවාදය සහ ජාතිවාදය අතර ඇති වෙනස සියලු දෙනාටම අවබෝධ කරදෙන්න ඕනේ .ජාතිවාදීන්ව ඔවුන්ගේ ජාතිවාදී අන්තවාදී අදහස්වලින් මුදවාගෙන ජාතිකත්වය නමැති පුළුල් වේදිකාවට එකතු කරගැනීම වැදගත් .
    රටට ආදරේ කරන හැමෝටම එකතුවෙන්න පුළුවන් පුළුල් පෙරමුණකින් පමණයි රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ .ඒ වේදිකාව තුල විමල්ලා ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක මුස්ම්මිල්ලා වගේම කරුණා දේවානන්දා වගේ අයටත් වාසු තිස්ස ඩිව් දයාන් වගේ අයටත් මැදහත් විචාරකයන් වන කුමාර චාපා බණ්ඩාර ,ආරියශීල වික්‍රමනායක වැනි අයටත් ඉඩක් තියෙන්න ඕනේ .එම පෙරමුණේ ෆේස්බුක් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පුළුල් අදහස් ඇති සැබෑ ජාතිකවාදීන්ව සක්‍රීයව දායක කරගත යුතුයි .බාහිර තර්ජන ආක්‍රමණවලට එකමුතුව මුහුණ දෙන ගමන් සංස්කෘතික ගැටුම් ආගමික ආක්‍රමණ වැනි අභ්‍යන්තර ප්‍රශ්න දෙවනුව විසඳාගත යුතුයි .
    -රන්ජන් බාලසුරිය

    ReplyDelete
  2. me welawe jatiya ediriye tiyena anthura nisa me wage deyak wata hari sinhala aya ekrok weema wadagat bawai mata hagenne

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions