12/04/2015

යහපාලන වෙස් ගත් වෛරය හා පලිගැනීම

කතෘ:යුතුකම     12/04/2015   No comments

මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විවිධ අවලාද නගූ පිරිස් (යහපාලනයේ පුරෝගාමීන්) බේද බින්න වීමට පටන්ගෙන තිබේ. ජනවාරි 8 වෙනිදාට ප්‍රථම වෛරය මුල් කරගෙන ඔවුන් බොහෝ දෙන රාජපක්ෂ මහතාට එරෙහිව එක් වී සිටියහ. එම පිරිස තමන් තුල වූ වෛරය බහුතර ජනතාවක් වෙත පතුරුවා ලුහ. ඒ සඳහා බාවිතා කළ උපක්‍රමය වූයේ විවි බොරු චෝදනා ඉදිරිපත් කර ඒවා ජනතාව තුල ක්‍රමයෙන් තහවුරු කිරීමයි. සිංහල බෞද්ධයන් ප්‍රාණඝාතයටත් වඩා හොරකම් කිරීම පිළිකුල් සහගත දෙයක් ලෙස සලකන බවක් පෙනෙයි. ඒ නිසා දෝ ධර්මපාල තුමාට හා සිරිමාවෝ මැතිනියට “හොරා “ යනුවෙන් චෝදනා කිරීමෙන් සතුරෝ සාර්ථක ප්‍රතිපල ලබාගත්හ. රාජපක්ෂ මහතාට ද හොරා යැයි චෝදනා කෙරිණි. අධිවේගී මාර්ග වලින් ගසාකෑ බවත්, විශාල ව්‍යපෘති වලින් දුෂිත ලෙස මුදල් ගසා කා රජපවුලක් ලෙස වැජබුන බවත්, මුළු රටම මහා ණය උගුලක සිරකර ඇති බවත්, සහගහන බදු ජනතාව මත පටවා ඇති බවත්, හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොට වැනි වැඩකට නැති ව්‍යපෘති සඳහා මහජන මුදල් නාස්ති කළබවත් චෝදනා කෙරිණි. මෙ කතා ඇත්ත යැයි සීතා සිරිසේන මයාට චන්දය දුන් ඇතැමුන් අලුත් ආණ්ඩුව මෙම කරුණු ගැන සොයා බලා ඇත්ත තත්වය එලිකරනු ඇතැයි සිතුහ. එවිට තම අනුමානය නිවැරදි යැයි හා රට වෙනුවෙන් නිවැරදි දේ කළේ යැයි ඔවුන්ට සතුටු වීමට හැකියාවක් තිබිණි.

නමුත් චන්ද දායකයින්ගේ අවාසනාවට යහපාලනයේ පුරෝගාමීන් තම වයිරය ඇතිකරගෙන තිබුණේ ඉහත කී දුෂණ හා වෙනත් කාරනා නිසා නොවේ. ඔවුන්ගේ ප්‍රශ්නය රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ කම හා රටේ ස්වයිරී බව වෙනුවෙන් පෙනී සිටීමයි.

වයිරයෙන් පසුවන්නෝ පළිගැනීමේ චේතනාවෙන් පසුවන්නොය. යහපාලනයේ පුරෝගාමීන් ද තම වයිරය සංසිඳුවා ගැනීම සඳහා මහින්ද මහතාගේ ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කලේ ය. රාජපක්ෂ මහතාට හිමිවිය යුතු නිලනිවාසය ලබාදීම පමා කළේය. ඔහුව විටින් විට ජනාධිපති කොමිසම හමුවට කැඳේව්වේ ය. ඔහුගේ බිරිඳ හා දරුවන් ද කොමිසම් හමුවට පමුණුවයි. ඔහුගේ සහෝදරයින් අත්අඩංගුවට ගැනීමට මාන බලයි.

මෙලෙස පලිගැනීම් කිරීම තුලින් යහපාලන පුරෝගාමීන්ට පමණක් නොව රාජපක්ෂ මහතා කෙරෙහි වෛරයෙන් පසුවුන ජනතාවට ද සතුටක් ඇතිවෙයි. කෙසේ වෙතත් ඇතැම් යහපාලන පුරෝගාමීන්ට රාජපක්ෂ රෙජිමයෙන් පළිගත්තා ඇතිය. නමුත් තවත් පිරිසකට තව දුරටත් පලිගැනීමට අවශ්‍ය වී ඇත.මෙ අතර
වෛයිරයෙන් පසුවූ ජනතාවගෙන් කොටසක් තමන් නිරර්ථක වෛරයක් ඇතිකරගෙන සිටි බව පසක්කරගනිමින් සිටියි. මන්ද ඔවුන්ගේ සිත්තුල යහපාලන පුරෝගාමීන් විසින් රෝපණය ක වයිරය සඳහා පදනමක් තිබූ බවක් ආණ්ඩුවට මේ දක්වාම පෙන්වා දීමට නොහැකි විය.සොයාගත් ලම්බෝගිනියක් නැත. කුඩු නැවතී නැත. අධිවේගී මාර්ග වල එකක මිලගණන් අසාධාරණ බව තහවුරු කර නැත. මහබැංකු බැඳුම්කර සිද්දිය හැර ජනතාවට එලි කල හෝ එලි වූ මෙගා දූෂණය කුමක් ද?

යහපාලනයේ පුරෝගාමීන් ගෙන් කොටසක් මහින්ද මහතාගේ පිටුපස සිටින බලවේගයෙන් (ජාතිකත්වයට ලැදි ජනතාව) ද පලිගැනීමට සැරසෙන බවට මෙම අයවැය උදාහරණයක් යැයි සිතමි. එහි කප්පාදු කර ඇති සහන වලින් (පොහොර,විශ්‍රාම වැටුප්,පාසල් අදුම් , වී මිල,අධ්‍යාපන ,සේවක අර්ථසාදක අරමුදල ..)වැඩිම බලපෑම සිද්ධවන්නේ ජාතිකත්වයට බර ජනතාවටයි. මෙලෙස වෛරය හා පලිගැනීම් ඔස්සේ අර්බුදයට ඇදෙන ආණ්ඩුව වැට්ටවීම සඳහා කලකිරුණු ජනතාව දිනා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකිවේවා.

-උදයංග සුගතපාල
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions