12/18/2015

අමුඩ විප්ලවය

කතෘ:යුතුකම     12/18/2015   No comments

-ධර්මන් වික‍්‍රමරත්න
හවුල් ආණ්ඩුව පොරොන්දු වූයේ පොහොසතුන් ගෙන් ගෙන දුප්පතුන්ට දෙන සරදියෙල් පන්නයේ අයවැයකි. එහෙත් ඉදිරිපත්කර ඇත්තේ එක්සත් ජනපදයේ මූල්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකට ජෝර්ජ් සෝරෝස් පන්නයේ අයවැයකි. ජනතා නැගිටීම් හේතුකොටගෙන මතුපිටින් අයවැය සශෝධන කිහිපයක් වෙනස් කලද අයවැයේ සෘජුව නොපෙනෙන විස දළවල ප්‍රතිවිපාකයන්ට රටට මුහුණ දීමට සිදුවන්නේ අද නොව හෙටය. මෙය මඤ්ඤං අයවැයකි.

රට පුරාම විරෝධතාය. 'අමුඩ' විප්ලවය සඳහා ගොවියෝ කොළඹ රජගෙදරට යති. මුහුදේ පාවුන මළසිරුරක් බම්බලපිටියෙන් ගොඩගසති. මාලඹේ උපාධි කඩයට එරෙහිව නිදහස් අධ්‍යාපනය සුරකීම වෙනුවෙන් සරසවි රැසක සිසුවෝ විදී බසිති. වකුගඩු රෝග නිවාරණ ජනපති බලකාය ඒ පිළිබද තරු පහේ හෝටලයක වැඩමුළුවක් පවත්වන්නේ බහුජාතික කෘෂි රසායන සමාගම්වල අතයට ගණුදෙනුවක අනුග්‍රහයෙන් බව කියමින් පරිසරවේදීහු ගාලුමුවදොර විරෝධතාවයකි. කොළඹ නගරයේ රා තැබෑරුම් අලුතින් විවෘත කිරීමට ගැසට් පතකින් රජය දුන් අනුමැතියට එරෙහිව මහ සඟරුවනින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමකි. ඉතිහාසයේ ප්‍රථමවරට පරණ යකඩ එකතු කිරීමෙන් ජීවත්වූ ලක්ෂ 3ක ජනයා ඉන්දියාවෙන් බිලෙට් යකඩ ගෙන ඒම නිසා සිය රැකියා අහිමිවන බව කියමින් අගනුවර පාරවල් අවහිර කරමින් විරෝධතාවයන්ය. දේශීය දියර කිරි වෙළඳාම කබලෙන් ලිපට දැමීමට එරෙහිව නුවරඑළිය නගරයට රැස්වූ කිරි ගොවිහු පාරදිගේ කිරි බවුසර් හලමින් එළකිරි ගවයින් සමඟ පෙළපාලිය. මේ ඊයේ සහ පෙරේදා රට වැසියන් ඇසු දුටු දෑය.

ඇතැමෙකුට සමාජවාදය අගනේය. එහෙත් විමුක්ති අරගලය අරහංය. ගොවීන් සිව්වන වරටද අමුඩ ගසා රජගෙදරට පයින් යැවීමෙන් අරගලයේ වැසි වැටෙන්නේ නැත. හුදු ප්‍රදර්ශන විරෝධයක් පාමින් හරි බරි ගැසී, ඈනුම් යවමින් ආණ්ඩු සරණං ගච්ඡාමි කියන ජවිපෙ, 'අමුඩ' විප්ලවේ අතීසාරයට අමුඩ ගැසීමක් හා සමානය. ශ්‍රී ලංකාවේ ගොවීහු කිසිම දිනක කුඹුරේ හෝ හේනෙන් පිට අමුඩ ගසාගෙන පාරේ ඇවිද්දේ නැත. අමුඩ රෙදි තඩි ආයා කටුවලින් ගසා ගත්තේද නැත. 'අමුඩ' විප්ලවය යටතේ කොළඹ වීදි දිගේ රජගෙදරට යන ගොවියෝ රටට නිහඬව හඬගා කියන්නේ වෙනසක් වෙනුවෙන් කතිරය ගසා පොහොර සහනාධාරයට තට්ටු කල කඳුළු කථාවය.

ගොවි ජනතාවට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තරම් සහන සැලසූ රජයක් තවත් නැත. රාජපක්ෂ ආණ්ඩුව පොහොර සහනාධාරය වසර 09ක් පුරා වගා කන්න 18 කට අඛණ්ඩව ලබාදී තිබුණි. මේ සඳහා වාර්ෂිකව වැයකල මුදල රුපියල් දසලක්ෂ 40,000කි. යූරියා මිටිය රුපියල් 3,415කි. රාජපක්ෂ ආණ්ඩුව එය ගොවියාට දෙනු ලැබුවේ රුපියල් 350 සහන මිලකටය. එනම් යූරියා මිටියකට රජය රුපියල් 3005 ක් වැය කර සියයට 90 ක සහනයක් ලබාදෙන ලදී. අනෙකුත් භෝග සඳහාද පොහොර සහනාධාරය සියයට 70ක් ලබා දුන්නේය. වර්තමාන ආණ්ඩුව පොහොර සහනාධාරය වෙනුවට රුපියල් 25,000ක් ලබා දුන්නද ගොවියාට අක්කරයක් සඳහා පොහොර වියදම වෙනුවට රුපියල් 7,000ක් පමණ අතින් දැරීමට සිදුවේ. එම රුපියල් 25,000ද දෙනු ලබන්නේ කුඹුරු අක්කර දෙකාහමාරකට බැවින් ඒ අනුව අක්කරයක් සඳහා කන්නයකට පොහොර සදහා වෙන්කර හැක්කේ රුපියල් 5,000කි. වෙළෙඳ පොළේ මිල ගණන් අනුව අක්කරයක් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 11,763ක මුදලක් වැයවේ. අයවැයෙන් ගොවියාට විශාල අසාධාරණයක් සිදුවී තිබේ. රුපියල් 50ට තිබූ සම්බා වී කිලෝවක සහතික මිල රුපියල් 41කි. රුපියල් 45කට තිබූ නාඩු වී කිලෝවක සහතික මිල රුපියල් 38 දක්වාද අඩුවී ඇත. මෙවර අයවැය යෝජනාවෙන් ගොවියා හබක්ය. වෙනසක් පැතූ ගොවියන්ගේ නොපෙනෙන (‍‍‍‍ෙ)සළුව සදහා ජවිපෙ 'අමුඩ' විප්ලවය අපූරුවට ගැලපේ.

මෙවැනිම අයවැය විරෝධයක් එජාප ආණ්ඩුවට 1953 අගෝස්තු 12 වැනිදාද එල්ල විය. බලයට පත්වී වසරක් ඉක්මවෙන්නට පෙර 1953 එජාපයේ ඩඩ්ලිගේ ආණ්ඩුවේ මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන අයවැයෙන් සහල් සේරුවක මිල සත 25 සිට සත 75ක් දක්වා මිල ඉහළ දැම්මේය. පැසැල් සිසුන්ගේ දිවා ආහාර වේල කපා හරින ලදී. දුම්රිය සහ තැපැල් ගාස්තු වැඩිකරන ලදී. මේ අයවැයේ යෝජනා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 23කින් දෙවැනිවර කියවා සම්මතද කර ගැනිණි. මෙයට එරෙහිව එල්ලවූ ජනතා විරෝධය '53 ජනතා සටන නොහොත් හර්තාලය විය. වරාය සහ දුම්රිය කම්කරුවෝද රජයේ සේවකයෝද පෞද්ගලික බස් කොම්පැනි සේවකයෝද සකලවිධි ජනයා සමඟ එක්ව ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ප්‍රධාන නගර ගණනාවක ප්‍රබලතම උද්ඝෝෂණ ව්‍යපාර 1953 අගෝස්තු 12 වැනිදා පවත්වන ලදී. පොලිස් වෙඩි තැබීම් වලින් හර්තාල් කරුවෝ 9 දෙනෙකු දිවි පිදූහ. එජාප ආණ්ඩුව එදා පල්ලම් බැස්සවූ එම සිදුවීම පාලක පන්තිය මට්ටු කරන්නට හැකි බව පළමු වරට සලකුණු කල වෙඩි මුරයද විය.

අයවැයට එරෙහිව මෙවරද රටපුරා දසතින්ම මහ විරෝධයක් විය. පැවැත්වීමට යෝජිතව තිබූ වර්ජනය දියකිරීමට පාලකයින් නූල් සූත්තර ගේමක් ඇද්දේය. ජනවාරි 8 දේදුණු විප්ලවයේ වර්ණ සංයෝජනයෙන් දෑස් නිලංකාර කරගෙන සිටින එන්.ජී.ඕ වෙස් රංගනයක යෙදෙන විදේශ ආධාරද ලබන වෘත්තීය සමිති කෙමනක් එහි අදිසි නායකත්වය ගත්තේය. එම බෙලහීන වෘත්තීය සමිති නායකයින්ගේ වෙස් මුහුණු බහුතර ජනතාව සිතූ පරිදිම ගැලවී ගියෝය. ලේලියට ලැබුණු දරුවා ගැහැණු දරුවෙකු බව අසා මුහුණ නරක් කරගත් නැන්දනිය සිය වැස්සියට ලැබුණු පැටවා ගැහැණු සතෙකු බව දැන සතුටු සිනා පෑවාක් මෙන් මෙදා අයවැය විරෝධයෙන් මුහුණ පුළුටු කරගත් ආණ්ඩුව වැඩකරන පන්තිය සිල්ලර මිල ගණන් වලට අවසානයේ තොරොම්බල් කල සිය ජුන්ටා වෘත්තීය සමිති නායකයින් දැක ඔවුන් පිළිබදව පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්නට ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, විනිවිදභාවය, දූෂණ විරෝධය, ආර්ථික සමෘද්ධිය ඇතුළු අලංකාර වචන මාලාවන් ගැන කරන ප්‍රකාශයන් සිහින මාලිගා බවට පත්වෙද්දී එයට එරෙහිව අරගල කිරීමට සූදානම් පිරිස් විවිධ මායාවන් තුළ ගිල්වා විය ගසේ ගැට ගැසීම මොවුන්ගේ කොන්ත්‍රාත්තුව වේ. සැබෑ වෙනසක් සඳහා සූදානම් ජනයා අවශ්‍ය ආකාරයට හීලෑකර විය ගසේ ගැට ගැසීමෙන් පසුව ඔවුන් ලවා සෙක්කුව කරකවාගෙන සාරය පාලකයින් සමඟ හවුලේ බෙදා හදාගෙන රොඩ්ඩ ජනයාට ලබාදී හෙට දවසේත් සෙක්කුව කරකවා ගැනීමට ජුන්ටා වෘත්තීය සමිති නායකයෝ වැර දරනු ඇත. වෙනස මාරය. ඉරිසියාව දෙක හමාරය.

ලංකා බැංකු සේවක සංගමයේ එක්දින සංකේත වර්ජනය රටපුරා අතිශයින් සාර්ථක විය. හිතුමතේ බැංකු ඒකාබද්ධ කිරීමටද ආනයන අපනයන කටයුතු බැංකුවලින් ඉවත් කිරීම, ලීසිං සහ උකස් ණය බැංකුවලින් ඉවත් කිරීම, රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කප්පාදු කිරීම, ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් අරමුදල් අනතුරේ හෙලීමට එරෙහිව දිවයිනේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු එයට ඒකරාශි විය. ලංකා බැංකු සේවක සංගමයේ නොසැලෙන නායකත්වය වැඩකරන ජනතාවට ගෙන ආවේ නව ජවයකි. පන්නරයකි.

රට හැදීමට නොහැකිනම්(එජාප දර්ශනය අනුව) බලය අතහැරීමට තමන් සූදානම් බවද තමන්ට විපක්ෂයේ දේශපාලනය කිරීම හුරු පුරුදු බවද අගමැති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේ අයවැයට එරෙහිව සියළු පාර්ශවවලින් පීඩනය එල්ලවෙන මේ සන්දර්භය තුළදීය. රටේ ආර්ථිකය ගැන සහ සිය වැඩපිළිවෙල ගැන නිවැරදි තක්සේරුවක් නොමැතිව බලය ලබාගැනීම සඳහා පමණක් මැතිවරණ පොරොන්දු ලබාදෙන ඕනෑම පක්ෂයකට බලය ලබාගැනීමෙන් පසුව යථාර්ථයට මුහුණ දීමට සිදුවේ. අයවැයේ තවත් කොටස් සංශෝධනය වෙමින් පවතී. තවත් කොටස් සංකෝචනය වීමටද ඉඩ ඇත. සැකිල්ල වෙනස් වුවද අරටුව වෙනස් නොවනු ඇත. මෑත ඉතිහාසයේ කවරවූ අයවැයක් මෙතරම් විරෝධයට හෝ හාස්‍යයට බඳුන් වූයේ නැත. පාර්ලිමේන්තුවේ කථානායක විසින් පත්කල විපක්ෂය වන ද්‍රවිඩ සන්ධානය සහ ජවිපෙ ඇතුළත් 'ලිඳ ළඟ සංගමය' කොපමණ පද අමුණා ඉමිහිරි ගී ගැයුවද කලු කපුටා කොවුලෙකු වන්නේ නැත.

රජයේ විධායක ශ්‍රේණියේ නිළධාරින්ට වසර 5කට වරක් දුන් තීරුබදු රහිත වාහන බලපත්‍රය වසර 10කට වඩා ජීවිත කාලය පුරාම දැන් දෙවරකි. වාහන බලපත්‍රය රජයේ විධායක නිලධාරියාට තිබූ අයිතිවාසිකමකි. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාගේ ත්‍යාගයක් නොවේ. රජයේ සේවකයින්ට තීරු බදු රහිතව රුපියල් 50,000කට ලැබුණු යතුරු පැදි සිහිනය බොදවී ඇත. රජයේ සේවකයින් යනු පාවිච්චිකර ඉවත දමන ගණිකාවන් වගේ කොටසක් යැයි රජයේම ප්‍රබල ඇමතිවරුන් පවසන විට ඉන් ගම්‍ය වන්නේ ආණ්ඩුවට රාජ්‍ය සේවයට ඇති ආලයේ තරමය. සුදු රෙදි හොරා විසින් පාසැල් නිල ඇදුමටද කණකොකා හඬවනු ලැබීය. වෙනස ලැබී ඇත. දෙන්ඩ ටෝක්ස් නැත.

සාම්ප්‍රදායික අපනයනයන්වූ තේ, රබර් වගාවට ලැබූ සහනය අවසන්ය. අයවැයෙන් සහනය ලැබුණේ ධනපතියන්ටය. කැසිනෝ විනෝදශාලාවලට ඇතුල්වන සෑම පුද්ගලයෙකුගෙන්ම අය කරනු ලබන ඇමරිකන් ඩොලර් 100ක ගාස්තුව ඉවත් කර ඇත. රැජිනෝ ඔට්ටු සූදු ව්‍යාපාරය පවත්වාගෙනයාම වෙනුවෙන් වාර්ෂිකව අය කරනු ලබන රුපියල් දශලක්ෂ 200 වාර්ෂික ගාස්තුව රුපියල් දශලක්ෂ 5 දක්වා අඩුකර ඇත. විදේශිකයින්ට ඉඩම් සින්නක්කර දීමේ කොන්දේසි ලිහිල් කිරීමෙන් පමණක් රටට අහිමිවන මුද්දර ගාස්තුව වාර්ෂිකව රුපියල් බිලියන 1.8ක් පමණ වේ. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලය ඩොලර් 35ට දැන් පහත වැටී ඇත. මෙම මිල ගණන් යටතේ ගන්නා බොරතෙල් පිරිපහදුවේදී තෙල් සංස්ථාවේ ලාභයද සහිතව පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 60ක් පමණද ඞීසල් ලීටරයක් රුපියල් 55කට පමණ දැන් ලබාදිය හැක. ආණ්ඩුවේ සද්දේ ඇත. ජවිපෙ මීක් නැත.

ශ්‍රිලනිපයෙන් පාර්ලිමේන්තුවට පත්වී ඇමති වරදාන ලබාගත් මන්ත්‍රීවරුන් එජාපය සමඟ එකට හවුලේ කති. ඉච්ඡාවට කෙල ගනිති. මෙවර අයවැය ජයගනු ලබන්නේ ශ්‍රිලනිපයෙන් හවුල් ආණ්ඩුවට පැනගත් මන්ත්‍රීවරුන්ගේද සහායෙනි. එජාපය කුමන ජනතා විරෝධී අයවැයක් ගෙනාවද ඔවුන් සමඟිව සහාය දෙනු ඇත. ඒ සන්ධාන පාක්ෂිකයා වෙනුවෙන් නොවේ. ඇමති වරදාන වෙනුවෙනි. ආණ්ඩුවේ ප්‍රතිවාදියාද මහින්දය. චන්ද්‍රිකාගේ ප්‍රතිවාදියාද මහින්දය. කථානායක පත්කල විපක්ෂය වන ද්‍රවිඩ සන්ධානය සහ ජවිපෙ ප්‍රතිවාදියාද මහින්දය. දෙමළ ඩයස්පෝරාවේ මෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ පරාජිත අපේක්ෂකයන්ගේ ප්‍රතිවාදියාද මහින්දය.

එළකිරි හැමවිටම රටකිරි වලට වඩා පෝෂ්‍ය ගුණයෙන් අනූනය. රසයෙන් වැඩිය. නමුත් මිනිසුන් වැඩියෙන් බොන්නේ එළකිරිවලට වඩා රටකිරිය. රට කිරි මිලෙන්ද වැඩිය. ආණ්ඩුව කල යුත්තේ රටපුරා සිටින කිරි ගොවීන් දිරිමත් කිරීම සඳහා කිරි ලීටරයක සහතික මිල කලින් රජයෙන් ගෙවූ පරිදි පවත්වා ගැනීමය. දේශීය කිරි ගොවියා අයවැය මගින් නොසලකා හැරීමෙන් දේශීය දියර කිරි ප්‍රචලිත කිරීමේ අවස්ථාව ගිලිහී ගොසිනි. ශ්‍රි ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත වීමටනම් දැනට කිරි ලීටර් දශලක්ෂ 259ක වාර්ෂික කිරි නිෂ්පාදනය කිරි ලීටර් දශලක්ෂ 702 දක්වා ඉහළ දැමිය යුතුය. එවිට රටට වාර්ෂිකව ඩොලර් දශලක්ෂ 300ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරිවනු ඇත. කිරිපිටි ආනයනය මගින් වර්තමානයේ පොහොසත් වන්නේ කිරි ගොවියා නොව ජාත්‍යන්තර බහු ජාතික සමාගම්ය. නුවරඑළිය කිරි ගොවින්ගේ අරගලය කියාපෑවේ එයයි.

පාර්ලිමේන්තුවේදී කථානායකවරයා පිළිගත් විපක්ෂය උදේ සවස ආණ්ඩු පක්ෂය සමඟ මුකුලු පාති. විපක්ෂ නායකයාගේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු විරෝධී සකලවිධි ජනතාවගේ අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකරමින් අයවැය දෙවන වර කියවීමේදී එයට පක්ෂව ආණ්ඩුව සමඟ එකගෙයි කෑහ. ආණ්ඩුවට ඔමරි පාන කොමල කරන කථානායකගේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය ප්‍රජාතන්ත්‍රවාදයට මුළුමනින් පටහැනිය. කථානායක පත්කල විපක්ෂයට මන්ත්‍රීවරුන් 22කි. ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීවරුන් 46කි. පාර්ලිමේන්තු විවාදයේ එක් දිනකදී කථා කාලයෙන් විනාඩි 191ක් විපක්ෂයට හිමිවිය. ඉන් විනාඩි 75ක් කථා කළේ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකි. විනාඩි 70ක් කථාකළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකි. ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනාද විපක්‍ෂයට අයිති කෝටාව යටතේ සිදුකළේද ඒකාබද්ධ විපක්ෂයේ එජාප විරෝධී මන්ත්‍රීවරුන් විවේචනය කිරීමය. ඒකාබද්ධ විපක්ෂයේ එජාප මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට හිමිවූයේ විනාඩි 46කි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 46 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් විපක්ෂයට හිමි විනාඩි 191 කාලයෙන් සියයට 24ක කාලයක් හිමිවෙද්දී කථානායක පත්කල විපක්ෂයේ මන්ත්‍රීවරු 22 කණ්ඩායම වෙනුවෙන් සියයට 76ක කාලයක් හිමිවිය. කිඹුලා කන එක ඉවසන්න පුළුවන්ය. එහෙත් කොහිල කටු ඇනෙන ඉවසන්න බැරියි කියන්නේ මේවාටය.

රටට මුලින්ම ආවේ සොළීන්ය. ඔවුන් එලෙව්වේය. පරංගින්ද ආවේය. ඔවුන්ද එලෙව්වේය. ලන්දේසින් මෙන්ම ඉංග්‍රීසින්ද ආවේය. ඔවුන්ද එලෙව්වේය. දැන් පැමිණ ඇත්තේ යළි පුබුදුමු ශ්‍රී ලංකාවක් මුවාවෙන් ක්‍රියාත්මක වන යස-පාලනයකි. ඇතමුන් මෙය විප්ලවයක්ද යැයි කියති. මෙයට එරෙහි වන්නෝ ප්‍රති විප්ලවවාදින් බවට චෝදනා නඟති. විප්ලවයට මෙවැනි අර්ථකථන දීම පිළිබද සිනහ විය හැක්කේ පශ්චාත් භාගයෙන්නම් පමණි. ජනවාරි 8 වැනිදා සිදුවූයේ විප්ලවයක් නම් ජවිපෙ මගින් දෙසැම්බර් 17 රඟ දැක්වුයේ 'අමුඩ විප්ලවයකි'. ඒ අතින් ජවිපෙ සිදුකල පාර මැද්දේ අමුඩ යුද්දේ සංදර්ශනයද නරක නැත. එහෙත් හාස්‍යයට කරුණක් වන්නේ එයට පෙර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් ඉකුත් සතියේ රූපවාහිනී විවාදයකදී ජවිපෙ අමුඩ ලේන්සුවද ගලවා උපන් ඇදුමෙන් තැබීමේ අදහස් දැක්වීමක නිරතවීමය.

ධර්මන් වික්‍රමරත්න
ejournalists@gmail.com
මුරගල :රිවිර


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions