බබාකරන් බබා වගේ.
ප්‍රභාකරන් ඉන්නෙ ඈත.
බබාකරන් ඉන්නෙ ළඟ.
ප්‍රභාකරන් හඳුනගන්න ලේසියි.
බබාකරන් හඳුනගන්න අමාරුයි.
ප්‍රභාකරන් ඉන්නෙ හතුරෙක් වගේ.
බබාකරන් ඉන්නෙ මිතුරෙක් වගේ.
ප්‍රභාකරන් අභියෝක කරනවා.
බබාකරන් වර්ණනා කරනවා.
ප්‍රභාකරන් අකීකරුයි.
බබාකරන් කීකරුයි.
ප්‍රභාකරන් පෙනුමෙන් දරුණුයි.
බබාකරන් පෙනුමෙන් අහිංසකයි.
ප්‍රභාකරන් ඉල්ලන්නෙ ජීවිතේ.
බබාකරන් ඉල්ලන්නෙ සේරම.
ප්‍රභාකරන් ගෙ ආගම වෛරය.
බබාකරන් ගෙ ආගම මෛත්‍රිය.
ප්‍රභාකරන් ගේ තේමාව යුද්ධය.
බබාකරන් ගේ තේමාව සාමය.
ප්‍රභාකරන් ඉල්ලන්නෙ රටෙන් කෑල්ලක්.
බබාකරන් ඉල්ලන්නෙ මුඵ රටම.
ප්‍රභාකරන්ට අතීතය මතකයි.
බබාකරන්ට අතීතය අමතකයි.
ප්‍රභාකරන් පාවා දෙන්නෙක් නෙවෙයි.
බබාකරන් පාවා දෙන්නෙක් තමයි.
ප්‍රභාකරන් ගේ බෙල්ලෙ සයනයිඩ් කරල.
බබාකරන් ගේ බෙල්ලෙ නවගුණවැල.
ප්‍රභාකරන් අඳින්නෙ ගරිල්ලා ඇඳුම.
බබාකරන් අඳින්නෙ උපාසක ඇඳුම.
ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක්.
බබාකරන් මස්තවාදියෙක්.
ප්‍රභාකරන් ඉන්නෙ කොටියෙක් වගේ.
බබාකරන් ඉන්නෙ පූසෙක් වගේ.
ප්‍රභාකරන් ජාතිය වෙනුවෙන් ජීවිතේ දෙනවා.
බබාකරන් ජීවිතේ වෙනුවෙන් ජාතිය දෙනවා.
ප්‍රභාකරන් පිහියෙන් අනින්නෙ පපුවට.
බබාකරන් පිහියෙන් අනින්නෙ පිටට.
ප්‍රභාකරන් බැරි වුණාම වෙඩි තියා ගන්නවා.
බබාකරන් බැරි වුණාම අඬනවා.
- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
මචෝ උඹලා කවද ඉඳලද අනික් පැත්ත ගැහුවේ. මොකද මේ විදිහට මරාට ගහන්න හිතුනේ.
ReplyDeleteතමුසෙත් එහෙනම් කැම්පස් එකේ ඩොකෙක් මට්ටමට ආවා...
Deleteඋනුත් කියන්නේ ඔයවගේ හරක් කතා තමයි..
ඇයි මචෝ දැන් හෙට අනිද්දා මරා ඇරස්ට් කරනවා කියලා දන්නා නිසා නේද මෙහෙම ටික ටික කපන්න හිතුවේ?
Delete