රකිනා ලෙසින් ගියෙ මා දුරු පාරකය
විඳ විඳ දුක් ගැහැට එය කටු ගෝරකය
අවසානයේ ලැබුනේ මට පෝරකය
ගත දැඩි වුනේ සිංහල හාලේ බතට
හිත දැඩි වුනේ ලය දී යුද පෙරමුණට
නැත සැඟවුනේ බියගුලු හිවලුන් ලෙසට
ණයගැතියෙකු නොවේ මා මේ රට දැයට
පොඩි දූ ඇවිත් දවසක ඇගෙ සිඟිති මුවින්
ඇසුවා "තාත්තේ කවදද එන්නෙ?" සොවින්
නුඹ වැනි දූවරුන් දහසක් රකිනු රිසින්
මරණය සැපකි නිවටුන් රජ කරන රටින්
සිපිරිගෙදර දොරටුව දෙස බලන්නේ
සතුරු උන් එදා එළියට ඇදෙන්නේ
රට රකිනා එවුන් ඇතුලට වැටෙන්නේ
මිනිසුනි ඇයිද තව මුනිවත රකින්නේ
මගෙ රට රකින්නට නොබියව යුද වැදලා
බිය නැත මැරෙන්නට යුතුකම ඉටු කරලා
මතු ඉපදෙන එවුන් හට යන කල දැකලා
මට දුක හිතෙන්නේ උන් ගැන සිහි කරලා
-පුනර්ජි දඹොරගම
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
dara kadana muwaawen hamudaa seemaawata aawa niraayudha gaanu minissu koti nam karanna thibune unwa allagena neethiya kriyaathmaka karana ekayi. ungwe bella kapanna kawuruwath kiwwe naha. me athi pandithaya wihin kelawaa gaththata karanna deyaka naha.
ReplyDelete