5/19/2016

මහින්ද රැක ගත යුත්තේ ඇයි

කතෘ:යුතුකම     5/19/2016   4 comments

අවුරුදු 30ක් තිස්සේ රටේ නොසෑහෙන  ලෙස මිනිස්සු මැරි මැරී දිග ඇදුනු යුද්ධය අවසන් වී අදට අවුරුදු 7ක්. මෙය අපි කව්රුත් ශ්‍රී ලාංකිකයන් ලෙස ලාබූ ලොකු ජයග්‍රහණයක්. යුද්දය ගැන කියද්දී නොකිය ඉන්න බැරි අනිත් වචනෙ තමා "මහින්ද". ඇත්තම කියනවනං "මහින්ද" නැත්නං තාමත් මේක ඉවර නෑ. එබැවින් අද වගේ දවසක ඒ නිදහස සමරන ගමන් අපිට ඒක උරුම කරල දෙන්න මුල් වෙච්චි මහින්දව යුද්දෙ ඉවර වෙලා බොහොම ටික කාලෙකින් ලාංකික දේශපාලනෙන් එලවන්න ඕන උනේ කාටද , එහෙම කලේ කොහොමද , මහින්ද ඉදිරියේදී අපිට , රටට , සහ රටේ සාමයට වැදගත් වෙන්නෙ කෙලෙසද කියන එක ගැන සටහනක් ලියන්න හිතුවා.

විමල් වීරවංස මහත්මයා දේශපාලන වේදිකාවෙදි බොහොම අවදාරණයෙන් කියන කතාවක් තමයි අපේ රටේ සමහර දේශපාලන හැසිරීම් "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ" කියන කතාව. ඉතිං ඕක ඇහුනු ගමන් උගත් නූගත් බොහොමයක් ගත් කටටම කියන්නෙ "අනේ ඕකට පිස්සු, ඔය යකා කට ඇරියොත් කියන්නෙ ඔය කතාව, ඕකා ඔය අපි රවට්ටල චන්ද ගන්න කියන කතාවල්, අපි ඇහුවෙයි ඕවට, ඔය ලොකු රටවල් මොන මගුලකටද අපි වගේ ස්වාභාවික සම්පත් හිඟ, දුප්පත්, සංවර්දනය නොවිච්චි පුංචි රටකට කුමන්ත්‍රණ කරන්නෙ" කියල.

නමුත් මේ වෙද්දි "ස්වාභාවික සම්පත් හිඟ, දුප්පත් පුංචි රටක්" උනත් ඔය අධිරාජ්‍යවාදී සහ ඒවයෙ ගැත්තො අපි ගැන උනන්දුයි කියන එක හැම දෙනාටම යම් තරමකට තේරුම් ගිහින් ඇති.

ඇත්තටම කිව්වොත් අපේ රට විතරක් නෙමේ ලෝකෙ හැම රටකම දේශපාලනික/ආර්ථික තත්වයන් පිළිබඳව ඔවුන් උනන්දුයි, එහෙම උනන්දු වෙන්නෙ මේ රටවල් ආර්ථික සහ දේශපාලනික වශයෙන් උඩට එන්න නොදී ඉන්න තැනම තියාගෙන ඉන්න එක ඔවුන්ගේ පැවැත්මට වඩාත් හොඳ නිසා. දේශපාලනිකව අල්ල ගත්තු රටක වෙළඳ පොලක් ඔවුන්ට අවශ්‍ය ලෙස මෙහෙයවන්න (manipulate) පුළුවන් නිසා, විතරක් නෙමේ යම්කිසි තීරණාත්මක අවස්ථාවකදී රටක් විදියට ඔවුන්ගේ (ලෝක දේශපාලනික සංසිද්දි වලදි) විවිද තීරණ වලට පක්ෂව හෝ විපක්ෂව (ඔවුන්ගේ අභිමතය පරිදි) අපේ චන්ද බලය ගන්න පුළුවන් නිසා.

ඉතින් එලෙස ඔවුන්ට පක්ෂපාති ආණ්ඩු ලෝකෙ හැම තැනකම තියාගන්න ඔවුන් උනන්දුයි, ඇත්තටම ඒ වෙනුවෙන් අවුරුද්දක් පාසා ඔවුන් යම් මුදලක් වෙන් කරනව වෙන්නත් පුළුවන්. ඉතින් ඕකට "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ" නැතුව වෙන මොකක් කියන්නද?

දැන් නැවත මහින්ද ගැන කතාවට ආවොත්, LTTE සංවිධානය පරද්දන්න කලින් අපේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රධාන අවශ්‍යතාව වෙලා තිබුණු නිදහස කියන එක මිනිස්සුන්ට ලබා දීපු, මෙතුවක්කල් ජීවිතේට නොවෙච්චි තරමක් රට සංවර්දනය කරපු මහින්ද ගෙදර යැව්වෙත් ඇත්තටම මේ "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ" ම තමයි. එහෙම නැතුව සත පහක වැඩක් කරගන්න බැරි සිරිසේන/රනිල්/චන්ද්‍රිකා/SB/රාජිත/මංගල ලාට
ඒක කරන්න බෑ. මහින්දගෙ ආණ්ඩුවෙන් කරගෙන ආපු වැඩ ටිකවත් කරගන්න බැරුව, හතර අතේ නාගෙන දඟලන දැඟලිල්ල දැක්කම ඔවුන්ට මහින්ද පරදවා  බලයට එන එක ජීවිතේට කරන්න බැරි වැඩක් කියන එකත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ.

අධිරාජ්‍යවාදීන්ගෙ ප්‍රධාන උවමනාව උනේ මහින්ද රටේ දේශපාලනෙන් එලවන එක, නැතුව අපේ රටට යහපතක් කරන එක නොවෙයි. ඒ නිසයි  මහින්ද එලවලා දාපු රුකඩ ටික නාගෙන ලණු කඩාගෙන බාගෙට නටද්දිත් "පුළුවන් විදියකට කරගෙන පල" කියන නියායෙන් සත පහකට ගණන් ගන්නැතුව වගේ  ඉන්නේ.

දැන් රනිල්/
සිරිසේන ප්‍රමුක රූකඩ නඩේ කියන්න පුළුවන් තරං බොරු කියල, යන්න පුළුවන් තරං දුර ගිහින් ඉවරයි. සිරිසේන  සහ රනිල්ගෙ ඒකාධිපති ක්‍රියා කලාපයයි, සල්ලි වලට පෙරේත ඇමති මණ්ඩලෙයි නිසා මිසක් මේ ආණ්ඩුව පවතින්න වෙන කිසි හේතුවක් නෑ. රටට හෙන ගැහිල ගියත් කොල පාට ආණ්ඩුවක් තියන එකේ ත්‍රිල් එක තියන කැපුවත් කොළ කියන විකෘති කොටසයි, සල්ලි වලට කඩේ යන කුලී කාරයො ටිකයි ඇරුනහම අනිත් හැම දෙනාම මේ වෙද්දි මේ ආණ්ඩුව අත ඇරල ගිහින්.

තව දුරටත් උපරිමෙන් මේ ආණ්ඩුව තියෙන්නෙ ඊළඟ චන්දෙ එනකං විතරයි. රනිල්/
සිරිසේන සහ කල්ලිය ඒක නොදන්නව නෙවෙයි. දැන් ඔවුන්ට තව දුරටත් රට ගැන හිතන්න වෙලාවක් නෑ. වැදගත් ඊළඟ චන්දෙ වෙනකන් හරි මේක ඇදගෙන යන එක. ඒකට තමයි ඔය බොරු ප්‍රබුද්ධත්වයක් මවා ගත්තු අලුත් පරපුර, මෝඩ මර්වින් වගේ උන්ගෙ ගොං පාර්ට් කරලියට බස්සන්නෙ. නමුත් ඒ ගහන තුරුම්ම්පුත් ගහන කොටම යටවෙනව ලොකු කොල වලින්. මර්වින් කියන්නෙ ලාංකික දේශපාලනේ පිළුණු වෙච්චි කුණු ගොඩක්, තව දුරටත් මර්වින් වටේ ඉන්නෙ කුණු කන නිල මැස්සො විතරයි. අලුත් පරපුරේ මාද්‍ය සාකච්චා/රැස්වීම් වල ඉන්නේ අලුත් පරපුරේම 10ක් 20ක් විතරයි.

මේ විදියට ගහන ගහන සියලුම තුරුම්ම්පු යට වෙනකොට මේ අධිරාජ්‍යවාදෙට කත් අදින
සිරිසේන /රනිල් ප්‍රමුක නඩේට ඉතුරු වෙන්නෙ එක දෙයයි. ඒ මහින්ද නැති කරන එක. ඒ ගැන මේ වෙදදී ඔවුන් හිතල නැති වෙන්න බෑ. නිකන් පලිගන්න වගේ මහින්දගෙ ආරක්ෂාව නැති කරන්නෙ ආරක්ෂාව නැති කරල පලි ගන්න නෙමේ, ඊට වඩා ලොකු බලාපොරොත්තු ඇතුව.

යම්කිසි විදියකින්
සිරිසේන /රනිල් ඇතුළු නඩය ඒක කරගත්තොත් අපේ රටට වෙන්න පුළුවන් නරකම දේ ඒක.

ඒ අපිට මහින්ද නැති වෙන නිසා නෙමේ, ඒක වෙච්චි දවසක රටේ මිනිස්සු ඔක්කොම පාරට බහින නිසා, 83 කළු ජුලිය වගේ අනවශ්‍ය තැනකට රට පත්වෙන නිසා. මහින්ද නැති කරපු සිංහල/දෙමළ ප්‍රශ්නෙ නැවතත් ඇතිවෙන නිසා. එතන ඉඳන් අවුරුදු ගානක් රට පස්සට යන නිසා.

අධිරාජ්‍යවාදීන්ට ඕනෙත් එකම තමයි, ඔවුන්ට වැදගත් මහින්ද නැති වීම නෙමේ, ආයෙත් රට කලින් තිබුණු තත්වෙට ඇදල දාන එක. මහින්ද නැති රටක මිනිස්සු පාරට බැහැල කපා කොටා ගන්න කොට සාම දූතයො වෙලා ඇවිත් රට දෙකට කඩල, ප්‍රශ්නෙ අවුලල තව චිරාත් කාලයක් ඒකෙන් ගොඩ යන එක.

ඒක නිසා මහින්ද නැති වීමෙන් අපිට වෙන්නෙ මහින්ද නැති වීම නෙමේ, අපිට අපිවම නැතිවීම.




-යොහාන් නාලක විජේනායක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. "මහින්ද නැති වීමෙන් අපිට වෙන්නෙ මහින්ද නැති වීම නෙමේ, අපිට අපිවම නැතිවීම"

    මම හිතන්නේ මහින්ද නැතිවීමෙන් අපිට නැති වෙන්නේ මහින්ද විතරක් නෙවෙයි. අපිට අපි නැති වෙනවා වගේම මෙතෙක් බිහි වුනු සහ දැනට ජීවමානව ඉන්න හොඳම ජාතික නායකයාත් ඒ එක්ක නැති වෙනවා. ආයිමත් කවදා හරි ඉක්මනටම ජාතියක් වශයෙන් රටක් විදිහට නැගිටින්න තියන එකම බලාපොරොත්තුවත් නැති වෙලා අපිට නායකයෙක් නැති කාලකන්නියෝ ටිකක් වගේ ඉබාගාතේ යන්නයි වෙන්නේ.
    ඒක නිසා මේ කරන්න යන දේ සමහර විට අපේ සිංහල ජාතියේම ඉරණම තීරණය වෙන දේකුත් වෙයි.

    ReplyDelete
  2. මහින්ද රැකගත යුත්තේ, අපි අපිට ආදරය කරන බැවිනි. අපි අපේ රටට ආදරය කරන බැවිනි. මේ අවස්ථාවේ මහින්ද හැර වෙනත් විකල්පයක් නැත. තවද 30 අවුරුදු ශාපයෙන් රට ගලවා ගත් ඔහු රට පුරාම අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙකි. ඔහුගේ පරාජයට හේතුව ඔහුගේ මෙම ජනප්‍රියත්වය, ආසියාවේ විශිෂ්ඨ නායකයකු බවට පත්වීම නොඉවසූ දේශීය හා විදේශීය ඔහු ට විරුද්ධව ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයයි. ජනතාව ඔහු සමඟයි.

    ReplyDelete
    Replies
    1. Looks like the "bayiyas" have cannot learn from mistakes. Mahinda got 10 lacks votes LESS than Jan 8 on Aug 17.

      So, the "janathawa" is NOT with him.

      Please live in your little frog-in-the-well fantasy.

      UNP will put Mahinda and his stooges behind bars soon.

      Delete
  3. though he lost power many are still hung up around Mahinda! his detractors and supporters alike! The reason being that every one and everything is being blamed at his doorstep! The likes of Samanola must be educated bookwise but they are dirt poor in morality! That's why they are quick to point out allegations of corruption and mix in Buddhist philosophy to justify their arguments! We have such educated fools in our society who are unable to decipher an issue looking at the issue at hand and its principles! Where angels fear to thread fools rush in at the moment their are many fools who are rushing into danger wittingly due to their crass attitudes and misconceptions! With a society comprising of such individuals you cannot expect patriotism from them! Mahinda is a man worth his weight in gold! He had his faults by overlooking his cronies faults, however, the present administration promised to abolish such malpractices but so far have failed to do so miserably due to their own inefficiency! It is our own kith and kin that betrays us in the end; the likes of Sirisena is the more suited leader for the types of Samanola and EtAl who are educated elitist who profess to have a worldly view but are beggars in morals! For they are modern day Shylocks who demand their pound of flesh regardless of consequences! For them Mahinda may be an artifact but for many people who remember what it was to live under the threat of terrorism Mahinda will remain a hero and his name will survive the test of time whereas the Samanola's of this world will be swept into oblivion in the sands of time! That goes to show the stature of a man who saved a nation from the tyranny of terrorism!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions