5/29/2016

කොපි සිනමාවේ බැතිමතුන් වෙත සෙනෙහසින් -මාස්ටර්පීස් සහ මාට්ටුපීස්

කතෘ:යුතුකම     5/29/2016   4 comments

-සේපාල් අමරසිංහ- Masterpiece යනු, යම් කලාකරුවෙකුගේ හෝ වෙනයම් නිර්මාණකරුවකුගේ මුලු නිර්මාණ ධාරාවේම නිර්මාණය වුණු ඉහළම අගයකින් යුතු වූ නිර්මාණය යැයි කවුරුත් අවිවාදිතව පිළිගන්නා නිර්මාණයයි. එවැන්නක් ප්‍රංශ බසින් හඳුන්වන්නේ, ෂෙඩ’ව්ර chefd'oeuvre ලෙසයි. ඒත්,
මාට්ටුපීස් කියන්නෙ එවැනි වූ ඉහළ අගයැති නිර්මාණයකට නොවෙයි. (මාට්ටුපීස් වචනය මගෙන්...) එහි තේරුම වන්නේ, එවැනි වූ ඉහළ අගයකින් යුතු වූ නිර්මාණයක් ලෙස බැලූ බැල්මට පෙනෙන්නට නිමවා ඇති කෑලි මාට්ටු කළ, මූට්ටු කළ කෛරාටික වැඩකටයි. මට මේ කතාව ඔබට කියන්නට මග පෑදෙන්නේ, මැතකදී මහජන ප්‍රදර්ශනයට නිකුත් වූ සිනමාපටයක් පිළිබඳ පේරාදෙණියේ මහාචාරියකු පුවත්පතකට ලියූ ලිපියක සඳහන් කළමාස්ටර්පීස් හැඳින්වීම හේතුකොට ගෙනයි.

උන්නැහේ ලියා තිබුණේ, අශෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය ‘ඇගේ ඇස අග’ 'Let her cry' . මාස්ටර්පීස් එකක් බවයි. දැන් අපට සලකා බලන්නට ඇත්තේ සහසුද්දෙන්ම මූලික කරුණු දෙකකි. ඒවා නම්, මහාචාරී මහතාගේ ප්‍රකාශය යම් විශ්වසනීයත්වයකින් යුතු වූ ප්‍රකාශයක් ද යන්න සහ ඔහු එම ප්‍රකාශයට පාදක කැරගත් උක්ත සිනමාපටය එවැනි මාස්ටර්පීස් එකක් ද යන්න කරුණුය. මෙම විමැසීම් දෙකටම ඇත්තේ එක් විමසුමකට ඍජුව පිළිතුරක් සැපයීමෙන් ලබා ගත හැකි පහසු උත්තරයකි. එයනම්, ඉහත සිනමාපටය මාස්ටර්පීස් ගණයේ නිර්මාණයක් ද යන්න විමසා බැලීමයි. ඒ සඳහා අපට එම සිනමාපටය ගෙන එහි කලාත්මක බවත්, තාක්ෂණික හපන්කම් සහ තවත් දේත් එක් පසෙකින් විමසා බලන්නට හැකියි. තවත් පසෙකින් එහි ඇති සමාජ දේශපාලනික මෙන්ම ආගමික සංස්කෘතික දාෂ්ටිවාදී ගති පිළිබඳව ද විමසා බලන්නට හැකියි. ඒ දේවල් පිළිබඳව අඩු වැඩි වශයෙන් මම ද තවත් අය ද පහුගිය මාසයක පමණ කාලයක් තිස්සේ යම් යම් විචාර විමැසුම් කැර ඇත. එහෙත්, දැන් අපට වහාම උනන්දුවන්නට සිදු වී ඇත්තේ ඒ කිසිවක් ගැන නොවෙයි. මේ කියන මාස්ටර්පීස් නිර්මාණය ඇත්තටම එහෙම එකක් ද නැත්නම්, මා ඉහතින් දැක්වූ වර්ගයේ මාට්ටුපීස් එකක් ද යන්න පිළිබඳවයි.

අසෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය මාස්ටර්පීස් නොව මාට්ටුපීස් බව ලංකාවේ සිනමා රසිකයන්ටත්, හඳගම වන්දනාකරුවන්ටත් පොදුවේ සියලුදෙනාටමත් මුලින්ම හෙළිදරව් කරන්නට යෙදුණේ මවිසිනි. ඒ මීට දින කීපයකට පෙර සමාජ මාධ්‍ය ජාලයේ මා නමින් ඇති පිටුව ඔස්සේයි ඉන් කියැවුණේ, අසෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටය අඩු වැඩි වශයෙන් ස්පාඤ්ඤ සිනමාපටයක කොපියක් බවයි. නමුත් එය කොපියක් වන්නේ, තේමාව සහ සිදුවීම් ද, රූප රාමු ද ඒ හැටියෙන්ම හොරකම් කිරීම නිසාය. නමුත් ස්පාඤ්ඤ චිත්‍රපටයේ ඇති මනුෂ්‍යත්වය වෙනුවට මේ කොපියේ ඇත්තේ අශිෂ්ටත්වයයි. අමනකමයි.

Elegy නමින් 2008 දී මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ නිර්මාණයකි. එය අධ්‍යක්ෂණය කැර ඇත්තේ ඉසබෙල් කොයිසෙට් Isabel Coixet නම් ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂිකාවයි. ෆිලිප් රොත් Philip Roth නම් ඇමෙරිකානු ලේඛකයාගේ The Dying Animal - 2001 නවකතාව පසුබිම් කැරගෙනයි එම සිනමාපටය නිර්මාණය වී ඇත්තේ.

එහි ප්‍රධාන චරිතය ඬේවිඞ් කෙපෙෂ් David Kepesh (බෙන් කිංග්ස්ලි - Ben Kingsley) මහාචාරියකු වන අතර ඔහුගේ ජීවිතය හැඳින්වෙන්නේ, emancipated manhood - මුක්තිය ලැබූ ජීවිතයක් ලෙසයි. එනම්, තම පවුලෙන් වෙන් වී එකම පුත්‍රයාගේ වෛරයට පාත්‍ර වී එහෙත් දිගින් දිගටම ස්ත්‍රී සහවාසයේ යෙදෙමින් ගෙවන ජීවිතයකි. විසි අවුරුදු කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතියක් වී සිටින්නේ කැරොලින් ය. Carolyn (පැට්‍රිරෂියා ක්ලාක්සන් Patricia Clarkson - ) ඇය කෙපෙෂ්ගේ පැරණි ශිෂ්‍යාවක් වන අතර කෙපෙෂ්ගේ අලුත් පෙම්වතිය කොන්සියුලා කැස්ටිලෝ ද Consuela Castillo (පෙනිලොප් කෲස් - Penelope Cruz ) ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. මෙම චිත්‍රපට දෙක දිහා සංසන්දනාත්මකව බලනවිට, කොපියේ ද ඉන්නේ මහාචාරියෙකි. ඔහුට ද වියපත් ස්ත්‍රියක් ඇත. ඇය සමාන වන්නේ, කැරොලින් ගේ චරිතටයි. එසේම අලුත් තරුණ පෙම්වතියක් ද සිටී. ඇය කොන්සියුලාගේ සමගාමී නිරූපණයයි. මෙම චිත්‍රපටයේ කෙපෙෂ් හට වැඩිහිටි වියේ පුතකු ඉන්නා අතර කොපියේ ද කියැවෙන්නේ එම මහාචාරියාට ද එවැනි පුතකු ඉන්නා බවයි. ඒ චරිත සමානකම් ය. සිදුවීම්වල සමානකම් ලෙස, කෙපෙෂ් ද රටේ පිළිගත් රූප මාධ්‍යවල පෙනී සිටිමින් තමන්ගේ චර්යාවට ප්‍රතිරෝධ වූ දේ විද්වත් සාකච්ඡාවල ප්‍රකාශ කිරීම ද, ඉතාම සමාන කාමර දර්ශන ද, වෙරළ දර්ශන ද කොපියේ ද ඇතුළත් ය. ඒ සියලු දේ අනුව, මෙම මුල් චිත්‍රපටයේ සංකල්පය concept කොපියේ අදියුරු විසින් අමු අමුවේ සොරා ගනු ලැබ ඇති බව ඉතා පැහැදිලිය. (චිත්‍රපට දෙකම නැරඹීමෙන් මේ බව ඉතා හොඳින් වැටහෙනු ඇත.) ඒ සංකල්පය සොරා ගැනීම පිළිබඳවයි.

මීළඟට මෙහිදී ඔබට කියන්නට ඇත්තේ ඉතාම වැදගත්ම කරුණ නම්, උක්ත මුල් චිත්‍රපටයේ එකී සංකල්පය සහ අදාළ චරිත යොදවා ගෙන නිර්මාණය කැර ඇති සිනමා කලා නිර්මාණයේ අන්තර්ගත හැබෑ මනුෂ්‍යත්වය, මානව ප්‍රේමය සහපුද්ගල රාග තණ්හාව වෙනුවෙන් බුද්ධිමත් මිනිස් චින්තනයේ පරමාදර්ශය පාවා නොදීම වැනි දේ මෙම කොපියේ දී අමු අමුවේ අතිශය සදාචාර විරෝධී අන්දමින් උල්ලංඝනය කැර ඇති ආකාරය ගැනයි. මුල් සිනමාපටයේ දී අප හඳුනාගන්නා මූලිකම කරුණක් නම්, මෙහි ප්‍රධාන චරිතය වන කෙපෙෂ් එහි හැඳින්වෙන්නේ, මුක්තිය ලද ජීවිතයක් emancipated manhood ගතකරන චරිතයක් ලෙස වීමයි. (මෙය එම සිනමාපටය පිළිබඳ හැඳින්වීම් කෙරෙන අවස්ථාවල යෙදී ඇති හැඳිනුමකි.) එවැනි හැඳිනුමක් එම චරිතයට ආදේශ කරන්නට හැකි සෑම සාධකයක් ම මුල් කතාව ලියූ නවකතාකරුවා සේම සිනමාපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂිකාව ද එකී කෘතීන් තුල සපුරා තිබීම විශේෂය. එනම්, කෙපෙෂ් පවුලක් තුල ජීවත් වන්නකු නොවීම සහ ඔහු තම ලිංගික සම්බන්ඳකම් සඳහාම ස්ත්‍රීන් ඇසුරු කරන්නකු වීමයි. නමුත්, ඔහු ඉතාම නිරවද්‍ය හෘදය සාක්ෂ්‍යයක් ද ඇත්තෙකු බව එම කතාන්දරයේ යම් යම් තැන්වල ද, විශේෂයෙන් අවසන් භාගයේ ද ඔප්පු කර සිටීම එම කලා නිර්මාණයේ ඇති මානව හිතවාදී බවයි. (මේ පිළිබඳ පුළුල් සංවාදයක දී හෝ ලිවීමක දී මෙම කරුණු විස්තරාත්මකව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.)

මීට සාපේක්ෂව, කොපියේ ප්‍රධාන චරිතය වූ මහාචාරී පුද්ගලයා සංකේතාත්මකව හෝ ජීවත් වන්නේ පවුලක් තුලයි. (එය බිරිඳ සැමියා දුව වැනි පවුලක් බව කිීම නිර්මාණකරුවා හිතාමතාම මගහැර සිටීම ගැන මීට පෙර ලිවීමේ දී කියා ඇත. රිවිර ඉරිද සංග්‍රහය - 08.05.2016) එසේ පවුලක් තුල ජීවත් වන අයෙකුගේ මෙවැනි හැසිරීමක් ඔහුගේම තනි කේවල හැසිරීමක් ලෙස කිසිසේත්ම පිළිගන්නට නොහැකි වන්නේ පවුලක් තුල දී එම පවුලේ එක් සාමාජිකයෙකුගේ ක්‍රියාත්මක වීම එහි සිටින සියලුදෙනාට ඍජුවම බලපාන නිසායි. (විශේෂයෙන් මෙවැනි සංස්කෘතික වටපිටාවක් තුල) මේ බව දන්නා නිසාම, මුල් නිර්මාණයේ චරිත පිහිටුවා ඇති සන්දර්භවලින් ගලවා ඒවා පවුලක් තුලට ගොනු කර එම ක්‍රියාකාරකම්ම කොපියේ ද ඇතුළත් කිරීමෙන් කොපියේ නිර්මාණකාරයා බලාපොරොත්තු වන දුෂ්ට මෙහෙයුම කුමක්දැයි මෙම සිනමාපට දෙකම නැරඹීමෙන් වටහා ගන්න. (කරුණාකර හැකි අය මෙම චිත්‍රපට දෙකම නරඹන්න.) එසේම, මෙහි එන කෙපෙෂ්ගේ පළමු මැදිවියේ පෙම්වතිය කැරොලින් ද කෙපෙෂ්ගේ ජීවිතයට බලපෑම් එල්ල කරන්නියක් නොවන්නේ, ඇය ද කෙපෙෂ් මෙන්ම මුක්තිය ලද ජීවිතයක් ගත කරන තැනැත්තියක් වීම නිසා. එපමණක් නොවෙයි, කෙපේෂ්ගේ අලුත් පෙම්වතිය වූ කොන්සියුලා ද කාමිනියක් හෝ උන්මාදයෙන් කෙපෙෂ් හඹා එන විකාරකාරියක් නොවේ. නමුත් කොපියේ රතිකා කොඩිතුවක්කු රඟන චරිතය උම්මත්තක කාමිනියක් බව ඇයම කියන ආකාරය එහිම දැක්වෙන්නේ ඇයගේ ම වචනවලිනි.

“මම පාරේ යනකොට ගමේ ගෑනු උන්ගෙ මිනිස්සු විතරක් නොවෙයි, බල්ලො බළල්ලුත් ගෙට අරගෙන දොර වහගන්නවා.”

මෙසේ දෙබස් කියූ රිතිකා කොඩිතුවක්කු සති අන්ත පුවත්පතකට කියා ඇති දේ සිදුවන්නට යන දෙයක පෙර මග ලකුණු පෙන්වන බව පළමු ලිවීමේ දී මෙන්ම මෙහිදී ද මතක් කරමි. ඇය මෙසේ කියා ඇත.

“ඒ චරිතයට මමත් බයයි. ඇත්තටම සියලු දේ විනාශ කරගෙන පිපිරෙන්න සූදානම් බොම්බයක් වගේ. චිත්‍රපටිය බලනකොට මටමත් බය හිතුණා. මට දැනෙන්නෙ ඒ බය විතරයි.”

ඇත්තට ම ඇය තවම මෙහි ඇති භයංකාර බව දැනගෙන නැත. එම කොපිය සඳහා නිර්මාණකාරයා විසින් ඇය පාවිච්චි කරනු ලැබ ඇති දුෂ්ට අන්දම හොඳින්ම වටහා ගන්නට නම්, ඇය Elegy සිනමාපටයේ පෙනිලොප් කෲස් රඟන චරිතය හොඳින් විමසිය යුතුය. එය අතිශය මානුෂික චරිතයකි. කොන්සියුලා කාමිනියක් නොවේ. ඇය කෙපෙෂ්ගේ පුද්ගලික ජීවිතයට මැදිහත් වන්නේ ද නැහැ. නමුත් ඇය ඔහුට ආදරය කරනවා. ඔහු ඇයට ආදරය කරන්නේ ඇයිද යන්නත් ඇය දන්නවා. (මේ ගැන දීර්ඝව විග්‍රහ කිරීම වගේ ඉදිරි ලිවීමක දී සිදුවනු ඇත.) නමුත්, කොපියේ දී මේ කිසිවක් කිසි කෙනෙකුට පැහැදිලි නැහැ. චරිත සියල්ල තනිකරම විකාරරූපී හැසිරීමක යෙදෙනවා. ඒ විකාර හැසිරීම් සියල්ල එල්ල කරන්නේ පවතින සාම්ප්‍රදායික පවුල වෙතයි. කිසිදු තාර්කිකත්වයක් නැති සිදුවීම් සහ හැසිරීම් ප්‍රමාණයකින් ව්‍යාජ ගූඪ බවක් මවා පා තමා මෙම නිර්මාණයෙන් මහා දෙයක් කියා ඇති බවක් අඟවයි. නමුත්, කියා ඇත්තේ කුමක්දැයි නිර්මාණකාරයා හෝ ඔහුගේ මුග්ධ වන්දනාකාරයෝ නොදනී. ඉන් කියැවී ඇත්තේ කුමක්දැයි එක්වරට දෙවරක්ම මේ වනවිට මෙම ලිවීම කෙරෙන් නම් හෙළිදරව් කැර ඇත.

දැන් අපි බලමු, මේ එකම සංකල්පයක්, චරිත හා යම් යම් සමාන සිදුවීම් සහිත සිනමාපට දෙක ප්‍රේක්ෂකයා ඉදිරියේ තම නිර්මාණ අවසානය සටහන් තබනා ආකාරය. එයින්ම මෙම ලිවීම ද හමාර කරන්නට හැකියි. මුල් නිර්මාණකරණයේ දී, කතානායකයා මුල සිටම තම ආත්ම කථනය උත්තමපුරුෂ ඒකවචන කථනයක් ලෙස ගෙන එන අතර ඒ හරහා ඔහු සහ ඔහුගේ හැඟීම් පිළිබඳව ප්‍රේක්ෂකයාට පුළුල් දැනවීමක් කැරවයි. එසේම, වරින් වර තම ජීවිත පිළිබඳව කථෝපකථනයේ යෙදෙන කෙපෙෂ් සහ ඔහුගේ මිතුරා ඩෙනිස් හොපර් Dennis Hopper (ජෝර්ජ් ඕ‘හර්න් - George O'Hearn) අතර සංවාදවලින් මේ ජීවිත පිළිබඳව ප්‍රේක්ෂකයා වෙත හෙළිදරව් වන දේ මොනතරම් ආලෝකයක් මෙම සිනමාපටය එල්ල කරනවාදැයි එය නැරඹීමෙන්ම ඔබ දැනගත යුතුය. නමුත්, මෙහි කොපියේ ඇත්තේ සුපුරුදු මූසල, කාලකන්නි බවම මිස මිනිස් සංවාද ඇත්තේ නැත. එමගින් කොපියේ නිර්මාණකාරයා සන් කරන්නේ මේ චරිත බලෙන් සවිකැර ඇති සාම්ප්‍රදායික පවුලේ තිබෙන අවුලක් හෙයින් මේ මුස්පේන්තුකම එතුලට රිංගා ඇති බවයි. එසේම, අදහස් ප්‍රකාශ නොකිරීමෙන් මේ ගුප්ත කොපිය තුල ඇති අසාර්ථකත්වය ද හෙළිදරව් වීම වළක්වා ගැනීම ද තවත් එක් අරමුණකි. (මීට කලින් ද මෙවැනි නිර්මාණ ගැන ලියන විට මේ ගූඨ නිශ්ශබ්දතාව ගැන ලියා ඇති බව මතක් කරමි.)

නමුත්, Elegy නම් ඒ අපූරු සිනමාපටය අවසන් වන්නේ මේ වියපත් මහාචාර්ය කෙපෙෂ් සහ ඔහුගේ ළාබාල පෙම්වතිය කොන්සියුලා අතර ඇති වූ අසාමාන්‍ය පෙම් සබඳතාව මනුෂ්‍යත්වයදෝරේ ගලනා ආදරණීය, ප්‍රේමනීය ඉමකට සේන්දු කැරවමිනි. ඒ නම්, කෙපෙෂ් වඩාත්ම ආසා කළකොන්සියුලාගේ පියයුරු යුගලයෙන් එක් පියයුරක් සැත්කමකින් ඉවත් කරන්නට වීම හේතු කොට ගෙන ඇති වන මනුෂයත්වයේ සිහි එළැඹීමයි. එහිදී සැත්කමට පෙර තම පියයුරු ඡායාරූප ගත කරන ලෙස කොන්සියුලා කෙපෙෂ්ගෙන් ඉල්ලා සිටින අතර ඊට ඇය මුහුණ දෙන අවස්ථාව තරම් අනුවේදනීය මොහොතක් එවැනි තේමාවක් යටතේ වූ නිර්මාණයක පිහිටුවිය හැකිදැයි යන්න ද විමතියක් දනවයි. එතැන ඇති ලිංගික ජුගුප්සාවක් ඇත්තේම නැත. එතැන ඇත්තේ, ප්‍රේක්ෂකයාට තම මිනිස් ජීවිතය ගැනත් ඕලාරික ශරීරය ගැනත් තම හදවත සහ මොළය අවදි කැරවන අපූරු අවස්ථාවකි. නමුත් ඒ වෙනුවට, කොපියේ දී කොන්සියුලා සමගාමී චරිතය වූ කාමිනිය ඇයගේ නිරුවත් උඩුකය ප්‍රේක්ෂකයා වෙත නිකරුණේ දක්වන අවස්ථාවේ දී නම් ඇති වන්නේ තනිකරම ලිංගික ජුගුප්සාවකි. (එය එම චරිතය රඟ පෑ රිතිකා කොඩිතුවක්කුට තදින් දැනී ඇති බව ඉහත දැක් වූ ඇයගේ අදහස්වලින් හොඳින්ම ගම්‍ය වෙයි.)

තවද, එම සැත්කමෙන් පසුව, කොන්සියුලා හමුවන කෙපෙෂ් රෝහලේ දී ඇය වෙත දක්වන ප්‍රතිචාරය අනුව, ඔහු කෙසේවත් ලිංගිකාස්වාදය ම තම ජීවිතයේ එකම අරමුණ කැර ගත් මානසික රෝගියෙකු නොවන බව ඔප්පු කැර සිටින්නේ, එදා මෙන්ම අදත් ඔහු ඇය සමග සිටිනා බව කීමෙන් ය. මෙම මුල් නිර්මාණයේ අවසන් දර්ශනය කොපියේ අවසන් දර්ශනය මෙන් කෙටි චිත්‍රපටයක් වැනි උම්මත්තක විකාරයක් නොවේ. පන්සලේ පහන් වැටවල් ඔසවාගෙන මර හඬ දීගෙන තම සැමියාගේ අනියම් ස්ත්‍රිය හඹා යන විකල් ස්ත්‍රියක් හෝ ඒ අවස්ථාව ව්‍යාකූල මනසින් දරනා පිරිමින් හෝ වෙනුවට මෙහි ඇත්තේ කෙපෙෂ් සහ කොන්සියුලා අත්වැල් බැඳගෙන සුන්දර මුහුදු වෙරළක ඈතින් ඈතට ඇවිද යන ආකාරයයි. එවිට ම නාමාවලිය දැක්වෙන අතර එහි සටහන් වන්නේ, මෙම කතාන්දරය නවකතා ප්‍රබන්ධයක් ලෙස ලියූ ෆිලිප් රොත් ගේ නම සහ ප්‍රබන්ධයේ නම වූ,The Dying Aminal යන්නයි. ෆිලිප් රොත් එම නාමකරණයෙන් උදක්ම උත්සාහ කැර ඇත්තේ මිනිසා තුල සිටිනා තිරිසනා මෙවැනි කතාන්දර පසුබිමක මියැදෙමින් ඇති බව දක්වන්නටයි.

ඇත්තෙන්ම, එවැනි සිනමා සටහනක අවසානයකින් එවන් උත්තම අදහසක් කුළු ගැන්වෙන බව එය නැරඹූ විට ඔබට දැනේවි. දැඩි කාමභෝගී ජීවිතයක් ගත කළකෙපෙෂ් වැන්නකු මෙසේ පරමානන්දනීය ප්‍රේමයක් වෙත නතු වේ යැයි ප්‍රබන්ධයකින් නම් තහවුරු කිරීම මොනතරම් අසීරුද? (ප්‍රබන්ධය සහ හැබෑව පිළිබඳ ලිපිය - රිවිර ඉරිදා සංග්‍රහය- 15.05.2016)එහෙත්, ඉසබෙලා කොයිසෙට් නම් දක්ෂ නිර්මාණකාරිය ෆිලිප් රොත්ගේ කෘතියෙහි අතුරු තුළ සැඟැවී තිබූ සියල්ල නිවැරදි අයුරින්ම තිරයේ පිහිටුවා තිබීමෙන් ඇය ප්‍රබන්ධයකට විශ්වසනීයත්වයක් එක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මහා පරිචයක් ඇත්තියකැයි සිතන්නට අප පොළඹවයි.

එහෙත්, නැති තිරිසන් බවක් මිනිසාට ආරෝපණය කැරවමින්, මෙම මුල් නිර්මාණයේ ඡායා සංකල්පය සහ චරිත ද සමහර සිදුවීම් ද කොපි කර සැදූ දුෂ්ට සිනමා කොපියෙන් නම් කිසිවකු හටත් සෙතක් අත් වේ යැයි කිව හැක්කේ කුමන පදනමක පිහිටාද? එවැන්නක් මාස්ටර්පීස් යැයි කීම ද එනයින් ප්‍රලාපයක්ම බවට පත් වනු ඇත.

2016.05.22. රිවිර ඉරිදා සංග්‍රහයේ මුල් වරට පළවි ය .

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. මුලින්ම කියන්න ඕන මම හදගමගේ ජාතිකත්ව විරෝධී, විජාතික අදහස්වල ගැත්තෙක් නෙමෙයි, නමුත් මේ විචාරයේ ප්රබල දුර්වලතා කීපක් තියනව.
    පලවෙනි එක තමයි මේක කොපිකරපු චිත්රපටයේ අදහසය්ට හාත්පසින්ම වෙනස් දෙයක් පෙන්නුම් කරන නිසා මේක අසාර්ථකයි කියලා ඇගවීම. මේක වැරදි අදහසක් කොපිකිරීම දුර්වල කමක් තමයි, නමුත් කොපියට තමන්ගේ අදහස දාලා මුල් කෘතියේන් සම්පූර්නයෙන්ම බැහැරවෙලා නිර්මානයක් කිරීම එල්ලා මරන්න තරම් බරපතල වරදක් නෙමෙයි, කොපි චිත්රපට මුල් කෘතියටත් වඩා සාර්ථක වෙච්ච අවස්තා ඕනෑතරම් තියන බව චිත්රපට විචාරකයෙක් වන අමරසිංහ මහත්තයා අපිට වඩා හොදට දන්නවා ඇති A Fistful of Dollars, True Grit, The Departed, The Fly සමහර උදාහරන.
    විචාරයේ මීලග දුර්වල කම තමයි, ඔරිජිනල් එකේ පෙන්වන මානව සන්තානයන් ඒ අයුරින්ම පෙන්වලා නැහැ ඒවා වෙනුවට මූසල කාලකන්නි අබව්ය මිනිස් සන්තානයන් පෙන්වන බවයි. මටනම් මේකේ ප්රශ්නයක් පේන්නේ නැහැ, ඔරිජිනල් එකේ චරිත මෙහෙයවන මිනිස් හැගීම් සන්තානයන් සමග කොපියේ කතුවරයා එකග වෙන්නේ නැත්තම් කතුවරයා තමන් නිවැරදියි කියලා හිතන මිනිස් හැගීම් (සංස්කෘතියට සාපේක්ෂව ) ඒ චරිත වලට දාලා චරිත පනගන්වනවා නම් ඒකේ කිසිම වැරැද්දක් නැහැ, ඇත්ත වශයෙන්ම කලයුත්තේත් එයයි , එතකොට කොපි නිර්මානයඅමූලික කොපියක් නොවී තමන්ගේම නිර්මානයක් වෙනවා, ඒ නිර්මානයේ සාර්ථකත්වය කොපි නිර්මාන කරුවා ආදේශකරපු වෙනස්කම් කොතරම් යතාර්ථවාදීද ( නැවතත් සංස්කෘතියට හා කාලයට සාපේක්ෂව ) කියන මිම්මෙන් මැන්නැහැකි , නිර්මානය සාර්ථකද නැත්ද කියන එක තීරනය කල හැක්කේ අන්නේ ඒ මිම්මෙනුයි ( ඒ ඒ විචාරකයන්ට සාපේක්ෂ වඩාත්ම වැදගත් මිනුම් දඩු තිබ්බැහැකි ) , නමුත් අමරසිංහ මහතා හදගම ආදේශකරපු සංකල්ප ඉතාම වැදගත් බව කියලා තියනවා.

    “මුල් චිත්රපටයේ එකී සංකල්පය සහ අදාළ චරිත යොදවා ගෙන නිර්මාණය කැර ඇති සිනමා කලා නිර්මාණයේ අන්තර්ගත හැබෑ මනුෂ්යත්වය, මානව ප්රේමය සහපුද්ගල රාග තණ්හාව වෙනුවෙන් බුද්ධිමත් මිනිස් චින්තනයේ පරමාදර්ශය පාවා නොදීම වැනි දේ මෙම කොපියේ දී අමු අමුවේ අතිශය සදාචාර විරෝධී අන්දමින් උල්ලංඝනය කැර ඇති ආකාරය ගැනයි.”

    අමරසිංහ මහතා සමග මම ප්රබලවම විරුද්ධ වන්නේ මෙතනදීයි, Elegy ඔරිජිල් එකේ චරිත මෙහෙයවන්නේ මිනිස් චින්තනයේ පරමාදර්ශී හැගීම් වලින් උත්තම අදහස් වලින්, පරමානන්දනීය ප්රෙමයෙන් කියලා අමරසිංහම කියලා තියනවා, මට මතක් වෙන්නේ සුචරිත ගම්ලත් සහ ප්රංශයේ වසන ලාංකිකයෙක් අතර මීට අවුරුදු 20-30ක කලින් චිත්රපට විචාරයක් පිලිබදව ඇතිවෙච්ච විවාදයක්. (මම ගම්ලත් ගේ ගැත්තෙක් නෙමෙයි ) මට අහන්න තියෙන්නේ මෙහෙම මිනිස්සු ඉනේ කොයි ලෝකෙද කියලයි, රටේ ලොකේ අදකාපේ අපට අහන්න දකින්න ලැබෙන කතා මේවා නෙමෙයි
    Elegy චිත්රපටය මම බල්ලා නැහැ, අමරසිංහ මහතා චිත්රපටය විස්තර කරන ආකාරය චිත්රපටය පදනම් වෙච්ච Philip Roth ගේ The Dying Animal කෘතියට හාත්පසින්ම විරුද්ධයි, The Dying Animal කෘතියේ කියවෙන්නේ ලිංගික ආශාවන් නිසා ඒවා පසු පස හඹාගොස් තමාත් තමා ඇසුරුකරන සෑම දෙනාමත් ( දරු පවුලද සමග ) අප්රමාන මානසික වේදනාවක පත්කරන ආකාරයයි, ඔරිජින කතාවේ කතානායකයා ගේ පුතා ඔහුට කරන මේ චෝදනාවේ අදහසේ සාරාංශය ගැබ්වෙලා තියනවා
    'Seducing defenseless students, pursuing one's sexual interests at the expense of everyone else -- that's so very necessary, is it? No, necessity is staying in a difficult marriage and raising a little child and meeting the responsibilities of an adult. All those years I thought Mother was exaggerating. . . . The burden you put on her -- the burden you put on me, on a child, to be everything in the world to his mother, and for what? So you could be 'free'? I cannot bear you. I never could.''
    ඒතකොට අමරසිංහ මහතා කියන මේ පරමාදර්ශී චරිත පරමානන්දනීය ප්රේමය ලෝකේ කොහේවත් නැහැ, අඩුම ගානේ අමරසිංහ මහතා තියනවා කියන ඔරිජින කතාවේ වත් එහෙම දෙයක් නැහැ,
    අද අපිට වැඩකරන තැන්වල, පත්තරක අරන් බැලුවාම අහන්න දකින්න තියෙන්නේ මේ වගේ කාලකන්නි මුස්පේන්තු කතා තමයි, ඉතින් එහෙම බැලුවම හදගම අපේ රටෙ අදකාලයේ සමාජයේ පවුල් සංස්ථාවක බිරිද ගතකරන දුක්ඛිත ජීවිතය ඉතාම යතාර්ථවාදීව පෙන්වලා තියනවා කියලා පිලිගන්න වෙනවා (හදගමව මෙහෙම වර්නනා කරන්න සිදුවීමේ වරද අමරසිංහ බාරගත් යුතුයි )

    ReplyDelete
  2. මේ කාලකන්නි මුස්පේන්තුකමට හේතුව පවුල් සංස්ථාව බව හදගම සන් කරන බව අමරසිංහ කියනවා, මේකට හදගමගේ කෘතියෙන් ඒ ඒ අවස්ථා පෙන්වාදුන්නානම් හොදයි, නමුත් අමරසිංහගේ ප්රශ්නය මෙකනම් ඔහු විවෙචනය කලයුත්තේ එයයි, අනියම් සබදතා වලට ගොදුරු වූ පවුල් වල සාමාජිකයන් ගතකරන්නේ මුස්පේන්තු මූසල කාලකන්නි ජීවිත් නොවෙයිද? ජීවිතේ මූසල කාලකන්නි දෙයක් නෙමෙයි කියලා, පවුල් සංස්ථාවත් කාමයත් අතර ඇති ඝට්ටනයෙන් පැනලා යන්න අමරසිංහට බැහැ
    හදගම අනුකාරක බටහිර ගැත්තෙක් , මට මිනිහා ගැන කිසිම අනුකම්පාවක් නැහැ නමුත් අපි අපේ විරුද්ධවාදීන් විවෙචනය කරනවානම් සංගතව හා සංක්ෂිප්තව එය කලයුතුයි, නැත්තම් වෙන්නේ උන්ට අපිට ගහන්න තවත් ආයුධ ලැබෙන එකයි

    ReplyDelete
  3. මම හිතන්නේ මේ නිර්මාණය පමණක් නොවේ ඔහුගේ තනි තටුවෙන් පියබන්න නිර්මානයත් Boys Don't Cry (1999) කියන සිනමා කෘතියේ අනුවර්තනයක්. ඇතැමුන් හදුන්වන පමණින් මොහු විශිෂ්ට සිනමා කරුවකු නොවන බව මගේ හැගීමය්. සිවතන්ත්‍ර නිර්මාණයක් කිරිමේ හැකියාව ප්‍රවීණ විශිෂ්ට සිනමා කරුවකු සතු විය යුතු ප්‍රදානම ගුණාන්ගය ලෙස මම දකිමි. එවැනි හැකියාවක් මොහු සතු නොවන බව මගේ හැගීමය.

    ReplyDelete
  4. "Baran (2001)"එක COPY කරලා තටුවෙන් පියබන්න හැදුවේ

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions