5/31/2016

ETCA ගැන ලංකාවේ ව්‍යාපාරිකයන්ට නැති කැක්කුමක් ඉන්දියන් මහකොමසාරිස්ට ? රට දිනූ අපේ ව්‍යාපාරිකයෙක් ප්‍රශ්න කරයි..

කතෘ:යුතුකම     5/31/2016   1 comment

පසුගිය මැයි 16 වන දා යුතුකම සංවාද කවය සංවිධානය කල ‘etca ආක්‍රමණිකයා පරදවමු සම්මන්ත්‍රණයේදී ඩි එස් අයි සමුහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්ෂ මහතා ඉතා වැදගත් කරුණු බොහොමයක් අප හමුවේ තැබී ය.
එතුමා මෙසේ පවසයි.

“ලඟදි ලංකාවට ආව ඉන්දියානු ඉංජිනේරුවන් පිරිසක් තඹ පිත්තල අපනයනය පිලිබඳ ක්‍රමවේදයක් හදන්න. කණගාටුයි කියන්න මේ ඉංජිනේරුවන්ට අත්සන් කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඇඟිලි සලකුණ ගැහුවේ. මෙහෙම තත්වයක් තියෙන්නේ”
ඉන්දියන් ශ්‍රමිකයන් පිලිබඳ තිබෙන මෙවැනි ප්‍රශ්න රාශියක් විසඳාගැනීම මෙවැනි ගිවිසුම් වලට යාමට පෙර කල යුතු ඉතා වැදගත් කරුණක් බව ඒ මහතා පෙන්වා දෙයි. තවදුරටත් ඒ මහතා මෙම ගිවිසුමෙන් ලංකාවට ඇති වාසිය කුමක් දැයි කරුණු සහිතව පෙන්වන ලෙස අභියෝග කරයි.

“මේ ගිවිසුම ගැන අපි ප්‍රශ්න කරනකොට කියන්නේ ලංකාවට හරි ම වාසිදායක බව. කවුද මේවා කියන්නේ ? ඉන්දියන් මහකොමසාරිස් තුමා වගේ අය. මේගොල්ලෝ තමයි බලකරන්නේ අහවල් දවසේ ගිවිසුම අත්සන් කරන්න කියල. දේශනා පවත්වන්නේ මහනායක හිමිවරු හම්බවෙන්න යන්නේ මේගොල්ලෝ. ඔච්චර වාසියක් තියෙනවා නම් ලංකාවේ ව්‍යාපාරික අපට එපාය මේ කැක්කුම තියෙන්න මේගොල්ලන්ට නෙමෙයි නේ ? නමුත් කිසි ම විද්වතෙක් ලංකාවට මේකෙන් තියෙන වාසිය පැහැදිලි කරලා නැහැ. ඇහුවම කියන්නේ ඉන්දියාව විශාල රටක් ය ලෝකේ රටවල් හැමෝම ගිවිසුම් ගහනවය කියල. නමුත් ලංකාවට තිබෙන වාසිය මොකක් ද ?”

ලංකාවේ ව්‍යාපාරිකයන්ට සිමා බන්ධන පනවන ලංකා ඉන්දියා වෙළඳ ගිවිසුම් වලින් සිදුවන්නේ පිහිනීමේ හැකියාව ඇති ලංකාවේ ව්‍යාපාරිකයන් ගේ අතපය බැඳ ජලයට දැමීම වැනි දෙයක් බව ඒ මහතා කරුණු සහිත ව පෙන්වා දේ. මෙවැනි සැලසුම් නිර්මාණය කරන ආර්ථික විශේෂඥයන් ඒ මහතා ගේ විවේචනයට ලක් වේ.

කුලතුංග රාජපක්ෂ මහතා ගේ සම්පුර්ණ කතාව පහත සබැඳියෙන් නැරඹිය හැක.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. Ai apee desapalakayoo kiyanne harak da.... mechchara thamangee rata ugasata thiyanna dangalannee..??? Mungee param paraawatama hena gahana wadanee mun karannnee...???

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions