-ශිරන්ත චාමර-
එදා 1987 ඉන්දු ලංකා ගිවිසුම ගහන කාලේ ගැන අපේ වැඩිහිටියන් කියන කතා අපි අහල තියෙනවා. පොත්පත් වල කියවල තියෙනවා. ඒ කාලේ ඉතින් අපි දණගාන පොඩි දරුවෝ. යු එන් පී ආණ්ඩුවටයි ජේ වී පී යටයි දෙකටම බයෙන් මිරිකිලා ගුලිගැහිලා ජිවත් වෙච්ච් හැටි, දරුවෙක් ප්‍රසුත කරන්න ලං වෙනකොට ඉස්පිරිතාල වහයි ද කියල බයේ හිටපු හැටි අපේ අම්මල තාත්තල ඉඳල හිටලා අපට මතක් කරනවා. වධකාගාර වල තරුණයෝ දුක් විඳපු හැටි, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ව පැවත්වෙච්ච උද්ඝෝෂණයට ආපු නිරායුධ මිනිස්සු 150 කට අමු අමුවේ වෙඩි තියල මරල දාල ගිවිසුම අත්සන් කරපු ජේ ආර් ජයවර්ධනගේ කෘර ඒකාධිපතිත්වයේ හැටි, ඉන්දියන් තානාපතිල මේ රටේ ජනාධිපතිට නියෝග දීපු හැටි අපි පොත් පත්තරවල අදත් කියවනවා.
අද ? අද සමහරු කියනවා ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලය අමතක කරලා නිසා මෙවැනි තත්වයක් උදා වෙන එකක් නැහැ කියල. එහෙත් අමතක කරන දේ තමයි එදා ජනතා විමුක්ති පෙරමුණ කරේ ඇවිස්සුනු තරුණයන් ට සන්නද්ධ නායකත්වය දීපු එක පමණක් බව. රටේ ආණ්ඩුව බෙදුම්වාදයට කත් අදින කොට ඉන්දියාව ඇමරිකාව හමුවේ රණවිරුවන් මෙන් ම රටේ අනෙකුත් සියල්ල ම පාවා දෙනකොට ඇවිස්සෙන තරුණයන් ව හරිමග ගෙනයන්න නිවැරදි නායකත්වයක් නොතිබුනොත් ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ට ජවසම්පන්න නායකත්වයක් නොදුන්නොත් ඒ හිඩැස පුරවන්න අවස්ථාවාදීන් බලන් ඉන්නවා. විශේෂයෙන් ඉදිරි බෙදුම්වාදී ව්‍යවස්තාවකදී ජාතික හෙළ උරුමය සිට ඇතැම් වාමාංශික පක්ෂ දක්වා ඕන ම පක්ෂයක් කුමක් හෝ සටන් පාටයක් ඔස්සේ මේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙත් එවැනි අවස්ථාවාදී සුළු පක්ෂවලට ජනතාව හරිමග ගෙනයන්න හැකියාවක් හෝ ශක්තියක් නැහැ. එය කල හැක්කේ අද ඒකාබද්ධ විපක්ෂයට අයත් දේශපාලන ප්‍රවාහයට පමණයි. එහෙත් අපට අමතක කරන්න බැරි ඒ වගේ ම අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේත් දේශපාලකයින්. ඒ නිසා ඔවුන්ට සියල්ල භාර දී බලා හිටියොත් ඔවුන් මොන වගේ තීරණයක් ගනී දැයි කියන්න බැහැ. දැන් ම ඉදන් ජනතාව ඒකාබද්ධ විපක්ෂයට බලපෑම් එල්ල කිරීම වැදගත්. එය කල හැක්කේ ජාතික බලවේග හා ජාතික සංවිධාන හරහායි. ඒකාබද්ධ විපක්ෂය ජාතික සංවිධාන වලට සවන් දෙන්නේ ජනතාව ජාතික සංවිධාන වටා රොද බඳින්නේ නම් පමණයි.
ඒ වගේ ම තවත් ඉතා වැදගත් දෙයක් මේ වාතාවරණය හරියට කියවාගෙන තේරුම් ගැනීම. මෙහිදී අපට පණ්ඩිත නොවී නලින් ද සිලවා මහතා වැනි ජාතික ව්‍යාපාරයේ අත්දැකීම් තියෙන කැපවුණු මිනිසුන්ගේ උපදෙස් ගැන සලකා බලන්න සිදුවෙනවා. මේ මිනිසුන් කියන දේ එකින් එක සනාථ වෙද්දීත් පණ්ඩිතයන් වගේ අපේ අත්තනොමතයේ එල්ලී සිටීම හානිකරයි. එහෙම නොකර ඔවුන්ට සවන් දී ඒ හරහා හරියට මේ තත්වය තේරුම් ගත්තොත් නලින් ද සිල්වා මහතා කියනවා වගේ ම එදිනෙදා සිදුවන සිද්ධි (උදාහරණේකට නැගෙනහිර මහා ඇමති රණවිරුවන්ට අවමන් කිරීම ) වලට ප්‍රතිචාර දැක්වීමෙන් පමණක් සිමා නොවී ඉදිරියේ අප හමුවේ පෙනී සිටීමට නියමිත භයානක අභියෝග පරාජය කිරීමට කල් ඇතුව සැලසුම් සහගත ව ලැහැස්ති විය හැකියි. එහෙම නොවුනොත් එදාටත් ඒ භයානක අභියෝග වලට විවිධ කණ්ඩායම් විවිධාකාරයෙන් හුදු ප්‍රතිචාර දැක්වීමෙන් අන්තිමේදී සිදු වනු ඇත්තේ අර කියූ අවස්ථාවාදී කල්ලි වලට ජාතියට විනාශය ලබාදීමට නැවත අවස්ථාවක් ලබා දීමත් අවසානයේ අපගේ විරෝධතා කඳුළු ලේ බිම් ගැන කිසිදු තැකීමක් නොකර වියරු යහපාලකයන් ඔවුන්ට අවශ්‍ය දෙය සිදුකිරීමත් ය. එජාප ආණ්ඩු වල හැටි එහෙමයි. 80 වැඩවර්ජනේදී වේවා 87 ඉන්දු ලංකා ගිවිසුමේදී වේවා රනිල්ගේ සටන් විරාම ගිවිසුමේ දී වේවා ජනතාවගේ මතය පමණක් නොව මිනි කඳු ගැන පවා ඔවුන් සතපහකට මායිම් කලේ නැහැ. ඒ එජාප ආණ්ඩුවල හැටි. කරලා ම දානවා. මිනිසුන් 150 ක් ජීවිතය දීලත් ඉන්දු ලංකා ගිවිසුම නවත්වන්න බැරි වුණා නම් තවත් මොන කතා ද ? මේ නිසා අපි සිද්ධ වුනේ මොකක් ද කියල සිද්ද වෙන්නේ මොකක්ද කියල තේරුම් ගත යුතුයි.
නලින් ද සිලවා මහතා නිතර උපුටා දක්වන චෙල්වනායගම් ගේ ආකල්පයට අනුව 1949 දෙමල රාජ්‍ය පක්ෂය ආරම්භ කිරීමේ සිට ම ඔවුන්ගේ උපක්‍රමය වුයේ ‘දැන් ටිකක්. පසුව හුඟක්’ යන න්‍යායට අනුව වැඩ කිරීමයි. ක්‍රම ක්‍රමයෙන් ඊළම කරා යාම ඔවුන්ගේ උපක්‍රමයයි. මුලින්ම ඔවුන් තමන්ගේ නිජබිම් සංකල්ප උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ සුවිශේෂත්වය වැනි දේ ඊනියා ප්‍රශ්න විසදීම සඳහා යොදාගන්නා ගිවිසුම් වලට ඇතුලත් කරගන්නවා. ඒ වගේ ම මේ පළාත් හා මධ්‍යම රජය අතර සම්බන්ධය ක්‍රමයෙන් ලිහිල් කරගන්නවා. 1987 ගිවිසුම හොඳ ම උදාහරණයක්. 1996 හා 2000 දී තවත් අඩියක් ඉස්සරහට තියන්න උත්සහ කලත් චන්ද්‍රිකා ගේ බලලෝභය හා එක්සත් ජාතික පක්ෂයේ බලලෝභය හමුවේ ජාතික බලවේග මේවා පරාජය කළා. එහෙත් අද තත්වය භයානකයි. මේ හැමෝ ම එකට. මේ මොන ගිවිසුම වුනත් ඉදිරිපත් කරන්නේ ඊනියා ප්‍රශ්නයට අවසාන විසඳුම හැටියටයි. ඒ ජනතාව රැවටිමටයි. සමහර වෙලාවට දෙමලෙන් ජාතික ගිය ගැයීම වැනි දෙත් ඉදිරිපත් වන්නේ ප්‍රශ්නය විසදීමේ ප්‍රවේශයක් හැටියටයි. එහෙත් ඒ සියල්ල බොරු. මේ සියල්ලෙන්ම ඔවුන් කරන්නේ සාමාන්‍ය ජිවිත ගතකරන දෙමල ජනයා තුලට ජාතිවාදී අභිලාශ එන්නත් කිරීම. ඇතැමුන් ඉතා ආස්වාදයෙන් සැලකු දෙමලෙන් ජාතික ගිය ගැයීම මහපොලොවේදී දෙමල ජාතිවාදී අභිලාශ ශක්තිමත් කිරීමට හේතුවුණා.
පොඩි උදාහරණයක් කියන්නම්. ගුරුවරයෙක් වන මගෙන් දෙමල සිසුන් ද ඉගෙනගන්නවා. කිසිදු වාර්ගික අභිලාශයක් නොදැක්වූ ඉතා සුහදශීලි එක්තරා සිසුවෙක් දෙමලෙන් ජාතික ගිය නිදහස් දින උත්සවයේ ගැයූ සතියට පසු සතියේ මගෙන් ඇසු දෙයකින් මම තුෂ්නිම්භූත වුණා. ‘sir. Why our school does not sing the national anthem in tamil ? now it is legal no ? why do they sing only in sinhala ?’ (සර් .. ඇයි අපේ ඉස්කෝලේ ජාතික ගිය දෙමලෙන් කියන්නේ නැත්තේ ? දැන් එය නිතයනුකුලයි නේ ? ඇයි සිංහලෙන් විතරක් කියන්නේ ?) එතෙක් දෙමලෙන් බැරිනම් ඕන බසකින් ජාතික ගිය කියපුදෙන් යන මතයේ සිටි මට ප්‍රශ්නය එකවරම තේරුණා. එතෙක් තමන්ගේ භාෂාවෙන් බය නැතුව කටයුතු කරන කතා කරන අතරේ ජාතික ගිය වැනි දෙයක් සිංහලෙන් තිබීම ප්‍රශ්නයක් ලෙස තේරුම් ගෙන නොසිටි මෙම සිසුවා එක්වරම එය දෙමලෙන් නොකිමෙන් තමන්ට විශාල අසාධාරණයක් වී ඇති බව හිතන්න ගත්තා. ඇත්තටම දෙමළුන්ට අසාධාරණයක් සිදුවී ඇති බව ඔහු හිතන්න ගත්ත. ඊනියා ප්‍රශ්න විසදීමේ සෑම පියවරක්ම ඉවර වන්නේ ඊළඟ පියවරට යාම සඳහා අවශ්‍ය ආවේගය දෙමල සමාජයට එන්නත් කිරීමෙන් .
ඉදිරියේ දී ඉදිරිපත් වෙන අලුත් ව්‍යවස්ථාව ඉදිරිපත් වෙන්නෙත් මේ වගේ ම සටකපට ආකාරයකින් බව හිතාගන්න පුළුවන්. ඔවුන්ට පැකේජය ආදිය පිලිබඳ ව අත්දැකීම් තියෙනවා . එවැනි අවස්ථාවක මුළු ඒකාබද්ධ විපක්ෂය ම මිට විරුද්ධ ව එකහඬින් ස්ථිර ව ජවසම්පන්නව නැගී හිටුවන්න හැකියාව තියෙන්නේ ජාතික බලවේග ශක්තිමත් ව සිටින්නේ නම් පමණයි. ඒ නිසා ජාතික බලවේග වටා රොද බඳිමු! සහය වෙමු ! සංවිධානය වෙමු ! කියවමු! අසමු! ප්‍රශ්නයේ ඉතිහාසය ඉගෙනගමු !! දැනුවත් වෙමු ! අනෙක් අයවත් දැනුවත් කරමු !
(ලංකාවේ දෙමල ඊලාම්වාදයේ ඉතිහාසය හා උපක්‍රම පිලිබඳ තේරුම් කෙරෙන ප්‍රභාකරන් බාප්පලා මස්සිනාලා කෘතියේ මෘදු පිටපතක් කාලය වෙබ් අඩවියෙන් බාගත හැක. ඒ සඳහා යොමුව පහත දැක්වේ .

>> )
යුතුකම සංවාද කවය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
කතෘතුමනි, කරුණාකර කතා කරන භාෂාවෙන් ලියන ලිපි පළ කිරීම නතර කරන්න. දෙස බස රැස රැක ගැනීමට යුතුකම සංවාද කවයට සහ එහි සාමාජිකයිනට වගකීමක් ඇති බව මතක තබා ගන්න.
ReplyDeleteඉහත කොමෙන්ටුව සටහන් කළ කසුන් ඔබටත් මේ අදහස ගැන සිතන ලෙස ඉල්ලා සිටිමි.
ReplyDeleteයුතුකම සංවාද කවයේ මේ වෙබ් අඩවියේ පළවන ලිපි කියවීමට හැකි වන්නේ සිමිත පිරිසකට පමණයි. ඔවුන් දැනුම සොයන දේශපාලනය පිළිබඳව අවදියෙන් සිටින පිරිසක්. එහෙත් මේ රටේ බහුතරයකට කියවිමට ඇසිමට ලැබෙන්නේ හෝ අවධානය යොමු කරන්නේ “සිරස් තල හා වාර්තාවලට පමනයි. ඒ නිසා මේ ලිපිවල පිටපත් ලබාගෙන මගේ හිතවතුන්ට ඒවා කියවිමට සලස්වනවා. වර්තමානයේ වැඩි පිරිසක් කියවිමට නැඹුරු වන්නේ කතාකරන භාෂාවෙන් ලියවුන ලිපි. එය අසතුටුදායක ප්‍රවනතාවයක් උනත් මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ කුමන හෝ ආකාරයකින් සිදුවෙමින් පවතින දේශපාලන පරිවර්තනය වටහා ගැනිමට මාර්ගයක් සැලසීම .ඒ නිසා මේ ශෛලියෙන්ම ලිවීම වඩා ප්‍රතිඵලදායක බව මා සිතනවා. මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් ලියන ලද ලිපි ජනතාව අතරට නොගියේ ඒ නිසා. (එසේ මවිසින් බෙදා හරින ලද ලිපිවල සමහර කොටස් නැවත සරල භාෂාවෙන් ලිවිමටත් සිදු වුවා).