5/17/2016

රට වනසන බලහත්කාරී එට්කා මාරයා පැරදවීමට රට වෙනුවෙන් වෘත්තීය සටනට අපි සූදානම් ! - වෛද්‍ය පාදෙණිය

කතෘ:යුතුකම     5/17/2016   No comments

රටේ වෘත්තීයවේදීන් බහුතරයක් දෙනා ඇතුළු මහජනතාවගේ දැඩි විරෝධය නොතකා ආණ්ඩුව බලහත්කාරයෙන් එට්කා ගිවිසුම අත්සන් කරනවා යැයි පාරම් බෑම ඔවුන් නිතර දේශනා කරන යහපාලන මූලධර්ම වලට එකඟ වන්නේ කෙසේ දැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ
සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රශ්න කරයි. එලෙස අසාධාරණ ලෙසත් අයුක්ති සහගත ලෙසත් ආණ්ඩුව බලහත්කාරී ලෙස එට්කා ගිවිසුමට අත්සන් කරන්නේ නම් එය වැලැක්වීමට ගත හැකි අවසන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එලඹීමට වුවද පසුබට නොවන බව ඔහු අවධාරණය කරයි.

"ETCA ආක්‍රමණිකයා පරදවමු" මැයෙන් (16 දා) පැවති යුතුකම සංවාද කවය සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී අදහස් පළකළ පාදෙණිය මහතා නව ගිවිසුමකට යාමට පෙර දැනට ඇති වෙළඳ ගිවිසුම් වල පවතින අපට රටක් ලෙස බරපතල ලෙස අවාසිසහගත අඩු පාඩු ටික වත් නිවරදි කර පෙන්වන ලෙස ඉල්ලා සිටියි.ඒ සඳහා මග පෙන්වීමට වෘත්තීයවේදීන් ලෙස තම ව්‍යාපාරයට හැකි බව පෙන්වා දෙන ඒ මහතා මෙවැනි ගිවිසුමක් වෙත එළඹීමට පෙර අනුගමනය කළ යුතු අත්‍යවශ්‍ය කොන්දේසි 5ක් පෙන්වා දෙයි.
දැනට පවතින වෙළඳ ගිවිසුම්වලින් දැඩි ලෙස අවාසි විඳින ලංකාව ඒවා එලෙසම තිබියදී තව තව ගිවිසුම් හරහා තව තවත් අගාධයට යන බව පෙන්වා දෙන වෛද්‍ය පාදෙණිය මහතා එය වලක්වා ගැනීමට නම් මේ අත්‍යවශ්‍ය කොන්දේසි 5 ට එකඟ වීම අනිවාර්‍යයෙන් කළ යුතු යැයිද අවධාරණය කර සිටී.
එම කොන්දේසි නම්

1 දැනට ඇති ගිවිසුම් විශ්ලේෂණය කර රටට වාසි වන මගකට යොමු කිරිම.
2 ජාතික වශයෙන් වැදගත් අංශ සුරක්ෂිත කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ස්ථාපනය කල යුතුය.
3 වෙළඳාම විවෘත වන ක්ෂේත‍්‍ර වල ආරක්ෂාවට තිබිය යුතු ක්‍රමවේදයන් ස්ථාපනය කිරිීම.
4 වෙළඳ ගිවිසුමෙන් අපේක්ෂිත අරමුණු නිර්වචනයකර එළි දැක්විම.
5 ක‍්‍රමවේදය තුල පිලිපැදිය යුතු මුලධර්ම ස්ථාපනය කිරීම.

තව දුරටත් අදහස් දැක්වූ අනුරුද්ධ පාදෙණිය මහතා ,එට්කා ගිවිසුමට උපදෙස් දෙන උපදේශකයන් වන ආචාර්‍ය කැලේගම , රොහාන් සමරජීව සහ කුමාරස්වාමි යන උපදේශකයන් මෙහෙයවන්නේ කොතනින්ද යන්න සොයා බැලුවහොත් එට්කා  ගිවිසුමේ සැබෑ උවමනාව තිබෙන්නේ කාටද යන්න පැහැදිලි කරගත හැකි බවත් දශකයකටත් වැඩි කලක් ගැසූ අසාර්ථක වෙලඳ ගිවිසුම් වල මේ අසාර්ථක උපදේශකයන් මොවුන්ම බවත් පෙන්වා දුන්නේය.

වෛද්‍ය පාදෙණිය මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනයටමෙතනින් සවන් දෙන්න


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions