5/25/2016

ආණ්ඩුවට සැලසුම් නැත්තේ ඇයි?

කතෘ:යුතුකම     5/25/2016   1 comment

-ආණ්ඩුවට සැලසුම් නැත්තේ ඇයි.
-බණ්ඩාර දසනායක-මේ දින වල ඇති ස්වභාවික විපත් සහිත අයහපත් කාලගුණ තත්වය යටතේ අති විශාල පිරිසක් පීඩා විඳිද්දී ඔවුන් වෙනුවෙන් සහන සලසන වැඩ පිළිවෙලවල් රජය පැත්තෙන් වන්නේ දැඩි අකාර්යක්ෂම අයුරකින් බව ආපදා සහිත ප්‍රදේශ වලින් අසන්නට ලැබේ. මේ ගැනද තමන්ට පුරුදු විචාර ගෙන එන බොහෝ අය පවසන්නේ ආණ්ඩුවට කිසිම දෙයක් ගැන සැලසුම් නැති බවයි. රටේ ආර්ථික තත්වය දිගින් දිගට පිරිහෙමින් බදු බර ජනතාව වෙත පැටවෙද්දීද මේ බොහෝ අය රජයට දොස් පවරමින් කියා සිටින්නේ රජයට රට ඉදිරියට ගෙන යෑමේ නිවැරදි වැඩපිළිවෙලක් හා සැලසුම් නැති බවයි. ඒත් මේ බොහෝ දෙනා අද වනවිටත් තේරුම් නොගෙන ඇති කරුනු කීපයක් වෙයි. ඒ එකක්නම් 2015 ජනවාරි 8 මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති උනේත් එම වසරේම ජනමතය කොල්ල කමින් විරුද්ධවාදීන්ගේ මතය බලෙන් යටපත් කර අගෝස්තු 17 මහ මැතිවරනයෙන්ද ඊනියා හවුල් ආණ්ඩුවක් කඩිමුඩියේ අටවාගන්නා ලද්දේම රට හදන සැලැසුම් නැතිව යන්නයි. අනෙක් කාරනය නම් ලංකාව වැනි රටවල ආණ්ඩු පිහිටුවීම බිඳ වැටීම ආදිය තනිකර එම රටවල ජනයාගේ අවශ්‍යතාවය මතම සිදුවන බවයි. වැදගත්ම කාරනේනම් ආණ්ඩුවට හා සිරිසේන ජනාධිපතිවරයාට රටේ ආර්ථිකය හෝ ආපදා වැලක්වීම ආදිය ගැන සැලසුම් නොතිබුණත් ඉන් එහා ගිය ඇත්තෙන්ම මේ රටේ අතිමහත් බහුතරයක් බලාපොරොත්තු නොවූ වෙනත් සැලසුම් තිබුණු බවයි.

ලංකාව වැනි රටවල ආණ්ඩු පිහිටුවීම් බිඳවැට්ටවීම් සම්බන්ධ තීන්දු ගන්නේ බොහෝ විට එම රටවල ජනතාව පමණක් නොවේ. විශේෂයෙන් ලංකාවේ ආණ්ඩු පිහිටවීමේදී අපේ රටේ ජනයාගේ කැමැත්ත අකමැත්ත මොකක් උනත් ඊට බටහිර රටවල් ඉන්දියාව හා ඔවුන්ගේ සහය ලබන මෙරට දෙමළ ජාතිවාදයත් මෑතක සිට සුන්නි මුස්ලිම් අන්තවාදයත් දැඩි බලපෑමක් ඇති කරයි. රටේ ආණ්ඩු පිහිටුවීම හා බිඳ වැටීම ඔවුන්ගේ උවමනා එපාකම් මත බොහෝදුරට මේ වන විට සිදුවේ. රට හැදීමේ කිසිම සැලැස්මක් නැතිව රනිල් වික්‍රමසිංහට වඩා සිංහල ජනතාව රැවටිය හැකි ඊනියා පොදු අපේක්ෂකයකු වටා දෙමළ ජාතිවාදය ප්‍රමුඛ සියළු විජාතික බලවේග එක්ව පැවති රජයේ සියළු ජරා දේශපාළුවන්ගේ පවු මහින්ද රාජපක්ෂ මහතාගේ ගිනුමට බැර කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව පෙලන දූෂිත නායකයෙක් බවට සියළු හොර මැර ජඩකම් වලට අත් පොත් තැබූ ඊටත් වඩා දූෂිත එක්සත් ජාතික පක්ෂය ලවා චෝදනා කරවමින් පොදු අපේක්ෂකයා ජයග්‍රහනය කරවූයේ විජාතික අවශ්‍යතා ගොන්නක් පෙරදැරීවයි. ඒ තුල තිබුණේ රට හැදීමේ සැලසුම් නොවේ. ඒ වෙනුවට යහපාලනය යන වචනයෙන් රට ගොනාට ඇන්දූ රජයට විජාතික බලවේග වල අරමුණු ඉටු කරවීමේ සියුම් සැලසුම් තිබුණි. ඊනියා යහපාලන රෙදි කඩමල්ලෙන් හෙළුව වසාගෙන 2015 අගෝස්තු මසද ජනමතය කොල්ලකා සිරිසේන ජනාධිපතිවරයාගේ උපරිම බලහත්කාරය යොදවමින් නැවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල් ආණ්ඩුවක් පිහිටවිය. මේ යහපාලනය වෙනුවෙන් දිගටම චන්දය දුන්නේ උපන් මෝඩ තකතීරු එක්සත් ජාතික පාක්ෂිකයින්, රටේ ඉතිහාසය හෝ අඩුම තරමින් ජාතික බලවේග හා විජාතික බලවේග අතර ගැටුම ගැන අල්ප සංවේදී බවක් හෝ නැති නාගරික පොෂ් මෝඩ තරුණයන්, දේශපාළුවන්ගේ ආටෝප කතා වලට රැවටෙන ඔවුන්ගේ හැටි නොදත් මුල් වරට චන්ද බලය ලැබූ කෝඩුකාර ලාමක පාවෙන චන්ද දායකයන් හා අති විෂාල පිරිසක් උතුරු හා නැගෙනහිර මෙන්ම සෙසු පලාත් වල දෙමළ හා මුස්ලිම් වර්ගවාදී බෙදුම්වාදී කණ්ඩායම්ය. මේ සියළු දෙනාගෙන් අවසන් වශයෙන් සඳහන් කළ වර්ගවාදී බෙදුම්වාදීන්ට හා ඊනියා යහපාලන රජයට එකිනෙකා අතර අවබෝධය හා ඔවුන්ගේ විජාතික සැලසුම් තිබුණි. සුළු ජන වර්ගවාදීන් හැරුනු විට යහ පාලනයට චන්දය දුන් අනෙක් පිරිස් වල අරමුණ වූයේ මහින්ද දැන් යුද්ධයද දිනා ඉවර බැවින් මහින්දගේ පීඩාව නිසා තමන්ට දැනෙන්නේ යැයි සිතා සිටින සාගතයෙන් ගැලවීමට රනිල් සිරිසේන ප්‍රමුඛ යහපාලනයට චන්දය දී මහින්දට පාඩමක් උගන්නා අළුත් ආණ්ඩුව සමග කැවුම් කෑමටය.

යහපාලන රජය පිහිටවූ මුල් කාලයේ ඩීසල් පෙට්‍රල් කොත්තමල්ලි ආදිය ආදිය මිල අඩුකරමින් යම් රංගනයක නිරත වුවත් පසුව බෙදුම්වාදී වර්ගවාදීන්ගේ අරමුණු සැලසුම්සහගතව ඉටු වෙද්දී ආණ්ඩුව සමග කැවුම් කන්නට බලා සිටි අනෙක් පල් මෝඩයන්ගේ අරමුනු නම් හරියාකාරව ඉටු වන බවක් පෙන්නුම් කෙරුනේ නැත. ඒ බටහිර හා ඉන්දියාව ප්‍රමුඛ දෙමළ වර්ගවාදී ඊලාම් වාදීන් සමග සුන්නි මුස්ලිම් ආක්‍රමණිකයාගේද සහයෙන් අපිලිවෙලට අටවාගත් යහපාලන රජයට විජාතික අරමුණු ඉටු කිරීම හැරුණු කොට වෙනත් සැලසුම් නොතිබීම නිසයි. යහපාලන ජනපතිගේ බලහත්කාරය මත අගමැති වූ රනිල් වික්‍රමසිංහ මුලින්ම මහබැංකුවට වාර්තාගත බැඳුම්කර පාඩුවක් අත්කර දුන්නේ රටේ පුරවැසියෙකුත් නොවූ සිංගප්පූරු ජාතිකයෙකු මහබැංකු අධිපති ලෙස පත් කර ගනිමිනි. ඉන් පසුවටත් දිගින් දිගට රටේ ආර්ථිකය බිඳ වැටෙද්දී ජනතාවට බදු බරත් පටවමින් පොරොන්දු කඩ කරමින් රජය තම නොහැකියාව හා විජාතික ගැතිකම වසා ගැනීමට කියා සිටියේ මහින්ද හා ඔහුගේ රජය හොරකම් කළ නිසා කිසිවක් කරගත නොහැකි බවයි. මේ දක්වා රජය අසාර්ථක වන හැම විටකම කියන එකම ජනප්‍රිය බොරුව එයයි. යහපාලන කැවුම් කොයි වෙලේ හෝ කන්නට සිතා සිටින අමනයන් දැනුත් මේ බොරුව අසා මහින්ද විරෝධී මනසට යම් වින්දනයක් අත් කර දෙති. ඒත් විල්පත්තු කැලේ කපා කිසිම පහසුකමක් නැතිව ඒ තුල රිංගාගෙන වද විඳිමින් හෝ තම ආක්‍රමණය සාර්ථකව කරගෙන යන සුන්නි ආක්‍රමණිකයාවත් උතුරේ ජීවන පහසුකම් අතින් රටේ අනෙක් පලාත් වලට වඩා අඩු මට්ටමකින් දිවි ගෙවන දෙමළ සන්ධානයේ අනුගාමිකයින්වත් බදු බර ගැන මැසිවිලි නොනගති. ඔවුන් රජයට ආර්ථික සැලසුම් නැති බවක් හෝ වෙනත් සැලසුම් නැති බවක් නොකියති. ඒ ඔවුන් ප්‍රමුඛත්වය දෙන වෙනත් කාරනා ඊට වඩා තිබෙන බැවිනි. එපමණක් නොව සුළු ජන අන්තවාදී කණ්ඩායම් රජය මොක නැතත් තමන්ගේ වර්ගවාදී සැලසුම් අනුව ක්‍රියා කරන බවද මේ අය දනිති.

බඩගෝස්තරය මුල් කරගෙන ජනප්‍රිය බොරු වලට රැවටී පත් කරගන්නා විජාතික ගැති ආණ්ඩු වලින් රටේ ආර්ථිකය හැදීමවත් අඩු තරමින් ස්වභාවික ව්‍යසනයකදී විදිමත් සහන සැලසීමේ වැඩ පිළිවෙලක්වත් බලාපොරොත්තු විය නොහැක. විජාතික උවමනා එපාකම් මත අටවාගත් යහපාලන තක්කඩින්ගේ රජය සමග කෑ හැකි කැවුමක්ද නැත. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකු වන එක්තරා මුස්ලිම් අයෙකු ගංවතුර ආධාර ලබා දීමේදීත් තම වර්ගයේ අයට පමණක් ඒවා ලබා දී ඇත. තවත් දැනගන්නට ලැබෙන ආරංචි අනුව රනිල් සිරිසේන ප්‍රමුඛ යහපාලන නඩය ගංවතුර අස්සේ ජනතාවට කොලේ වසා ඉන්දියාව සමග හොර එට්කා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යටිකූට්ටු සැලසුම් ක්‍රියාත්මක කරමින් ඇත. අප දැන්වත් තේරුම් ගත යුත්තේ මේ රටේ මේ වන විට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ජාතික හා විජාතික බලවේග වල ගැටුම හා විජාතිකත්වය බලවත් වී තිබීම මිස වෙනත් කිසිවක් නොවන බවයි. මේ ගැන කිසිදු සංවේදී බවක් නොදැක්වූ අමන රැලට ප්‍රධාන ප්‍රශ්නය උනේ බඩගෝස්තරයට වැඩිපුර යමක් ගිල්ලවා ගැනීමට නොහැකි වීමයි. ඔවුන් සිතා සිටියේත් ඔවුන්ට එසේ වන්නේ මහින්ද හොරකම් කරන නිසා කියායි. එහෙත් ඔවුන්ට එම ලනුව දුන් විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයේ දූෂිත ඉතිහාසයත් අමතක විය. මෙතැන සිදු වූයේ වෙන කිසිවක් නොව ජාතිකත්වයට හිතවත් මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට බඩගෝස්තරවාදයට මුල් තැනක් නොදෙන දෙමළ මුස්ලිම් වර්ගවාදීන් සමග එක්වී සියළු විජාතික බලවේග විසින් වැඩි පිරිසක් නොවූ සිංහල බඩගෝස්තරවාදීගේ අහේනි මානසිකත්වය ඇමට පාවිච්චි කිරීම පමණය. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය පෙරලීමේදී රනිල් මෛත්‍රී ප්‍රමුඛ විජාතික නඩයද ජාතික විජාතික ගැටුම මත පිහිටා විජාතික බලවේග ජයග්‍රහනය කරවීමට මුල් තැනක් දුන්නා මිස අහේනි කාරයන්ට කන්න දෙන ප්‍රශ්නය ඔවුන්ටද ප්‍රධාන ප්‍රශ්නය නොවීය. ජාතික හා විජාතික ගැටුම තේරුම් ගැනීමට සංවේදී නොවී තම අහේනි ප්‍රශ්නය ඊනියා යහපාලන රජයේද ප්‍රධාන ගැටළුව යැයි උපකල්පනය කරමින් රජයට කිසිම දෙයක් ගැන සැලසුම් නැතැයි කියා තම බඩගෝස්තරය සැනසීමට රජයෙන් දායකත්වයක් දැන් නොලැබීම ගැන මැසිවිලි නගා පලක් නැත. විජාතික අරමුනු ඉටු කිරීමට අවශ්‍ය සැලසුම් මත පමණක් ක්‍රියාත්මක වූ අවස්ථාවාදී දේශපාළුවන්ට අද ස්වභාවික ආපදාවකට මුහුන දුන් ජනතාවට සහන සැලසීම පිළිබඳවවත් නිවැරදි සැලසුම් නැත. අප රටක් ලෙස කටුක අත්දැකීම් වලට මුහුන දෙමින් සිටින මේ මොහොතේ හැකි ඉක්මනින් කළයුත්තේ සාමූහිකව මේ ව්‍යසනයන්ගෙන් ගොඩ එන අතරම ජාතික හා විජාතික බලවේග අතර ගැටීම නිවැරදිව තේරුම් ගෙන නැවතත් ජාතික බලවේග ජයග්‍රහනය කරවා රටේ ජාතිකත්වය මත පිහිටමින් ආර්ථික ප්‍රශ්න ඇතුළු අනෙකුත් සියළු ප්‍රශ්න වලට දිගුකාලීන විසඳුම් සොයා ගැනීමයි. ඊට වශ්‍ය ගැම්ම මේ හදිසි ආපදා තත්වය තුලින් මතුවූ අපේකමත් සාමූහිකත්වයත් හරහා ලබා ගැනීමටද අප උනන්දු විය යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. Sirisena Ranil both elam extremists.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions