
දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ ජවිපෙන් සමාව ගත් බවට හඬපටයක් අන්තර්ජාලයට මුදාහැර දැන් ගොඩයන්න තියෙන එකම මග මේ හඬපටය යන විශ්වාසයෙන් දිවිපරදුවට තබා හැමතැනම share කරන බව පෙනේ. මම දිවයින කර්තෘ අනුර සොලමන්ස් මහතා සමග කතාබහ කොට ඇති නිසා මේ ඔහුගේ හඩම යයි මට පැහැදිලි විශ්වාසයක් නැත. එනිසා මම මෙය ඇත්තක් දැයි නිරවුල් කර ගැනීමට අනුර සොලමන්ගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තද එය ක්‍රියා විරහිත වී තිබිණි. ඉන්පසු මම ඉරිදා දිවයින කර්තෘමණ්ඩලයේ සමන් ගමගේට කතා කොට මේ සමාව ගැනීමේ කතාව ඇත්ත දැයි විමසු විට ඔහු පැවසුවේ මෙය අමුලික බොරුවක් බොරුවක් බවයි. එය ඔහු සිය මුහුපොතේ ද ලියා ඇත . ඉන් පසු මම දිවයිනේ මනෝජ් අභයදීරගෙන්ද මෙය විමසු විට ඔහුද පැවසුවේ සමාව ගෙන නැති බවයි. මෙය ජවිපෙ ගොඩ යන්න හදන බොරු ප්‍රචාරණයක් බවයි.
සමාව ගන්නේ නම් ගත යුත්තේ කෙලින්ම අනුර කුමාරගෙන් මිස වෙන කෙනෙක්ගෙන් නොවේ. මේ මේ හඬපටයේ සංවාදයේ යෙදී සිටින අනෙක් පුද්ගලයා අනුර කුමාර නොවන බව ඕනෑම කෙනෙක්ට පැහැදිලි ඇති. අනික ඒ පුද්ගලයාට අනුර සොලමන්ස්ගෙන් සමාව ඉල්ලා දුරකථන ඇමතුමක් එන බව දැකීමට දිව්‍යඥානය තිබී ඇත. ඔහු ක්ෂණිකවම රෙකෝඩ්න් ඔන් කරගෙනම සිට ඇත්තේ එනිසා වියයුතුය. දිවයින ලිපියේ වැඩි බරක් විමල් වීරවංශත්ටත් ටත් පටවා ඇති නිසා මේ ෂණික ඇමතුමෙන් සොලමන්ස් ලවාම ඔහුද කම්බස් කර දැමන ආකාරය වූ කලි කලින් සකස් කළ පිටපතකට අනුව බයිස්කෝප් ජවනිකාවක හඬ කැවීමක් වැනිය. අනික සමාව ගන්නේ නම් ගතයුත්තේ ඔය කියන විදිහේ රහසිගත ඇමතුමකින් නොව පුවත්පත මගින්මය. තවමත් එබදු සමාව ගත් පුවතක් දිනපතා දිවයිනෙන් වත් අප දුටුවේද නැත. කොහොම වෙතත් දැනට මේ නැටුමට ඉඩදී අර සමාවගත්තා යයි කියන හඬපටයට අනුවම මෙහි හරියටම ඇත්ත නැත්ත ලබන ඉරිදා දිවයින පුවත්පතින් මහජනයාට දැනගත හැකිය.
සමාව ගත්තත් මට නම් එහි විශ්මය දනවන පුවතක් නොවේ. දැන් අනුර කුමාර යනු මෙතෙක් ජවිපෙ සිටි නායකයන් බදු කෙනෙක් නොවේ.ඔහු නිල නොලත් නියෝජ්‍ය අගමැති බදු මහා බලසම්පන්න පුද්ගලයකි. ඔහු දැනටමත් රනිල්ගේ නිලබලය නිලනොවන මට්ටමෙන් පෙන්නා තිබෙන පුද්ගලයකි. විජයදාස රාජපක්ෂ ඇවන්ගාඩ් සිද්දිය අරභයා මුහුණට මුහුණ රුපවාහිනී සංවාදයක් ඉල්ලු විට එය නතර කරගත්තේ රනිල් වික්‍රමසිංහ ලවාම විජයදාස රාජපක්ෂට තරවට්ටු කරවීමෙනි. කුමාර ගුණරත්නම් සමග පටිගත කල සත්‍යගාර වැඩසටහන ITN එකේ ප්‍රචාරය වීමත් අනුර කුමාර රනිල්ගේ අනුහසින් වලක්වා ගත්තේය. ඒවිතරක් නොව මිනීමැරුවත් මෙච්චර කල් නොයිද ඇපමත නිදහස් වන රටේ කුමාර ගුණරත්නම් තවමත් සිරගත කොට තැබීමට තරම් නිලනොලත් අගමැතිගේ බලය අප විශ්මයට පත්කරවන සුළුය. නිල අගමැති සහ නිල නොලත් අගමැතිගේ ආදර බැම්මට කළ නොහැක්කක් නැති බව විජයදාස රාජපක්ෂ,කුමාර ගුණරත්න වැන්නන්ට ප්‍රයෝගිකවම අවබෝධ කරවූවා සේ දිවයින කර්තෘ මණ්ඩලයටද අවබෝධ කරවීමට බැරි නැත. නිල අගමැතිද මීට කලකට පෙර අනුර සොලමන්ගේ හා කීර්තිවර්ණකුලසූරියගේ නම්ද සදහන් කොට ගෙම්බන් කියා බැණවදිමින් "හරි බලාගමු අපිත් ලෑස්තියි" කියා ප්‍රසිද්දියේම සිය කෝන්තර ප්‍රදර්ශනය කලා මතකය. දෙරණේ බලපත්‍ර කැන්සල් කරනවා යයි තර්ජය කළ ඔහු කීකරු ගෝලයාව බරපතල අපහසුතාවකට පත්ව ඇති උදව්වක් උවමනාම කර තිබෙන මොහොතේ එදෙස නොබලා සිටීමට හේතුවක් නැත. දිවයිනේ ප්‍රාග්ධන අයිතිකරු නිමල් වෙල්ගම ලවාම කර්තෘ මණ්ඩලයේ තටු කැප්පවීමට ඉඩ ඇත. සාරවිට විකුණන්නන් පවා ඔහුට දැන් ඩී.අයි.ජී අනුර කියන්නේ නිකම්ම නොවේ.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .