5/27/2016

යහපාලනය නඩයට තකට තක ගැලපෙන විග්නේෂ්වරන්ගේ උමතු යෝජනා

කතෘ:යුතුකම     5/27/2016   No comments

-උතුරු පළාත් සභාවෙන් උමතු යෝජනා මාලාවක්‌-

* ඉඩම් පොලිස්‌ බලතල සහිත ප්‍රාන්ත පාර්ලිමේන්තුවක්‌
* පොලිසි දෙකක්‌ - කඳුකරය සඳහා කලාපීය කවුන්සිලයක්‌
* ශ්‍රී ලංකාව ෆෙඩරල් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළ යුතුයි
* ශ්‍රී ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතුයි

-කීර්ති වර්ණකුලසූරිය-
උතුරු නැගෙනහිර සඳහා ඉඩම් හා පොලිස්‌ බලතල සහිත ප්‍රාන්ත පාර්ලිමේන්තුවක්‌ සහ ස්‌වාධීන මුස්‌ලිම් කලාපීය කවුන්සිලයක්‌ ලබාදිය යුතු බවට දක්‌වන දේශපාලන විසඳුම් මාලාවක්‌ උතුරු පළාත් සභාව පෙරේදා (25 දා) ප්‍රකාශයට පත් කර ඇත.

මෙය උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා විසින් ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාට භාර දී තිබේ.

රජයේ පොලිස්‌පතිට අමතරව උතුරු නැගෙනහිරට පොලිස්‌පතිවරයෙකු ද සෑම විදේශගත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයකටම උතුරු නැගෙනහිර ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු පත් කිරීමට ද ඉඩ දිය යුතු බවට එම දේශපාලන යෝජනා මාලාවේ සඳහන් කර ඇත.

මේ හැර ශ්‍රී ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතු බවද දක්‌වා තිබේ.

උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව මෙසේය.

1. ශ්‍රී ලංකාව මින්මතු ෆෙඩරල් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළ යුතුයි.
2. එම ෆෙඩරල් ජනරජය ප්‍රාන්තවලින් යුක්‌ත වේ. ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රාන්ත ක්‍රමයට ශ්‍රී ලංකාවේ ප්‍රාන්ත සකස්‌ විය යුතුයි.
3. ජනාධිපති පත්කළ යුත්තේ ඉන්දීය ව්‍යවස්‌ථාවේ 54 - 55 වගන්ති මතය.
4. පාර්ලිමේන්තුව කොටස්‌ දෙකකින් සමන්විත විය යුතුයි. එය නියෝජිත මන්ත්‍රීවරු සහ සෙනට්‌ මන්ත්‍රීවරු ලෙසය.
5. ඇමැතිවරු සංඛ්‍යාව 20 කට නොවැඩි විය යුතුයි.
6. උත්තර මන්ත්‍රී මණ්‌ඩලයට (සෙනට්‌) ද්‍රවිඩ හා මුස්‌ලිම් නියෝජිතයන් පත් කළ යුතුයි.
7. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සියලුම ජාත්‍යන්තර නීති රීති හා සම්මුති ඇතුළත් කළ යුතුයි.
8. ප්‍රන්ත ආණ්‌ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මහ ඇමැතිවරයාය.
9. ෙµඩරල් පොලිසිය සහ රජයේ පොලිසිය යනුවෙන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතුයි.
10. රජයේ පොලිස්‌පති විසින් පරිපාලන කටයුතු ගැන ෆෙඩරල් පොලිස්‌පතිට දැනුම් දිය යුතුවේ.
11. විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු බැගින් පත්කළ යුතුයි.
12. නීතිය සහ සාමය රැකීමේ බලතල ප්‍රාන්ත රජයට ලබාදිය යුතුයි.
13. වරායන් සහ දේශීය ගුවන් තොටුපළවල් පාලනය සඳහා ව්‍යවස්‌ථාදායක බලතල.
14. උතුරු නැගෙනහිරින් මුළු හමුදාවම ඉවත් කළ යුතුයි.
15. උඩරට කඳුකරය සඳහා ද්‍රවිඩ කලාපීය කවුන්සිලයක්‌ පත් කර සියලු බලතල ලබාදිය යුතුයි.

මෙම ඉල්ලීම්වලට අමතරව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු රැසක පාලනයද උතුරු නැගෙනහිර ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බවද දක්‌වා ඇත.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions