ශ්‍රී ජයවර්ධනපුර චිශ්ව විද්‍යාලයේ 'ජාතික චින්තන සංසදය' විසින් 2016 මැයි 11 වැනි බදාදා (අද ) සවස 5 ට විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වෙන 'ජාතිවාදය සහ ජාතිකත්වය!' සංවාදය වෙනුවෙන් පළ කළ පත්‍රිකාව.
දේශපාලන විශ්ලේෂක ගෙවිඳු කුමාරතුංග සහ ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අද සංවාදයට එක්වීමට නියමිතය. පැමිණිය හැකි සියලු දෙනාට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඇරයුම් කර සිටී.
ආදරණීය සහෝදරවරුණි!
අප හට ඉතිරිව ඇත්තේ සාඩම්බර අතීතයක් පමණි. අපගේ වර්තමානය ඛේදජනකය. අපගේ අවිනිශ්චිත අනාගතය වර්තමානයේ අප විසින් සකස් කරන අඩිතාලම මතින් අනාගත පරපුර විසින් ගොඩ නගනු ඇත.
සමස්ත පෘතුවි භූමියෙන් අතිශය සුළුතර ඉඩක් වූවර්ග කිලෝමීටර 64 500 ක් අපට නිවහන වී ඇත. දෙකෝටියකට ආසන්න වූ අපගේ සහෝදර වැසියන් ලෝක ජනසන්නිපාතය හමුවේ නොවැදගත් ප්‍රමාණයකි. එහෙත් ඓතිහාසිකව රාජ්‍යයක් වශයෙන් ලොව අන් කිසිඳු මානව කොටසකට නොදෙවෙනි ලෙස ගොඩ නැංවූ ශිෂ්ඨාචාරයක් මෙහි වූ බව අතීතය අපට දෙස් දෙමින් සනාථ කරයි. ආක්‍රමණ, සංක්‍රමණ වලට මුසු වෙමින්, දීර්ඝ කාලීනව බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ බලපෑමට නතු වෙමින්, ලේ කඳුළු හා දහදිය ගංගා තරණය කොට අප දේශයක් වශයෙන් ඉතා තීරණාත්මක ඉමකට පැමිණ ඇත. බෞද්ධ, කතෝලික, හින්දු හා ඉස්ලාම් ලෙස ආගමික ඉගැන්වීම් 4 කි. සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස ජාතීන් 3 කි. සිංහල හා දෙමළ වශයෙන් භාෂා 2 කි. එහෙත් 1 රටකි.

අන්තවාදීන්ද, බෙදුම්වාදීන්ද, පරගැතියන්ද දේශයේ අභ්‍යන්තර සතුරන් වේ. වෙළඳපොළ ආදිපත්‍යය සමඟ රට බිලි ගන්නා නව යටත් විජිත වාදය ද ඉන්දියානු ව්‍යාප්තවාදය ද මේ අභ්‍යන්තර සතුරන් සමඟ අත්වැල් බැඳගෙන ඉතා සූක්ෂමව කටයුතු කරයි. පෙනෙන සතුරාට වඩා නොපෙනෙන සතුරා ඉතා භයානකයි. විටෙක ඔවුන් අප සංස්කෘතික සමාජ ක්‍රමයට කිසිසේත් නොගැළපෙන ව්‍යුහයක් බලෙන් එබ්බවීමට තතනයි.
මේ සියළු අභියෝග හමුවේ නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් විද්‍යාර්ථයන් වූ අපට ඉටු කළ යුතු යම් කාර්‍යය තිබේද ?
සහෝදරවරුණි. අවධාරණයෙන් කියවා විචාරය කරගන්න.
"මාතෘ සංස්කෘතිය ශ්‍රී ලාංකේය ජාතිය නැමැති බිළිඳා බිහි කිරීමේ විළිරුදාවෙන් බර වූ නිමේෂයයි මේ. ගැබ කපා මව් මරා නොමේරූ බිළිඳෙකුට උපත දී පීතෘ භූමියේ උරුමය සොරා ගැනීමට සතුරන් පෙළ ගැසෙන නිමේෂයයි මේ.
ඔව්, ඒ ශ්‍රී ලාංකේය ජාතිය බිහි විය යුතුයි. එසේ විය යුත්තේ මව් සංස්කෘතිය යටපත් කොට, එහි ජන්ම දායාද ලද දරුවන්ගේ පිටකොදු බිද දමා , පීතෘ භූමිය අඳුරේ ගිල්වා නොවේ. සියවස් ගණනක අදීන චින්තන ධාරාවෙන් පන්නරය වූ රුහිරු කිරි කළ මාතෘ උරුමයෙන් නව බිළිඳා පෝෂණය විය යුතුයි. පීතෘ භූමි උරුමයෙන් ලද ධන නිධාන විවර කොට සමෘද්ධිමත් අනාගතයට පියවර නගන්නට ඒ බිළිඳා බිහිවන හෙට දිනෙට පෙර මග හෙළි පෙහෙළි කිරීම නොවේද ඉතිහාසය විසින් අප මත පැටවූ වගකීම.
ඒ හෙළි පෙහෙළි කරන මාවත අවුරා නැගී සිටින සතුරන් පරාජය කිරීම අප කළ යුතු අරගලයයි. මතවාදීව කරන බුද්ධිමය සංවාදය අරගලයේ වෙඩි මුරයයි.
එක්ව නැගී සිටිමු. මාතෘ සංස්කෘතියේ අක් මුල් සිඳ නොගෙන පීතෘ භූමියේ චිරස්ථිතිය උදෙසා ප්‍රතිපත්තිගරුකව පෙළ ගැසෙමු."
තෙරුවන් සරණයි
-ජාතික චින්තන සංසදය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
Please post the video of this debate on Youtube and also on this site.
ReplyDeleteplease let us read the debate
ReplyDeleteVideo please???
ReplyDelete