ලිච්ඡවි පාලන සමයක් යැයි පැවසෙන මෙසමයෙහි ආණ්ඩුවට රිදෙන කිසිම මාතෘකාවකට සංවාදයකට ඉඩ නොතබන විටක යුතුකම සංවාද කවයේ භූමිකාවට රට වැසියෙක් වශයෙන් තමන්ගේ ස්තුතිය පුදකරන බව මොහාන් සමරනායක මහතා පැවසීය. පසුගිය වසරේ අපේ රටට එරෙහිව සම්මත වූ ජිනීවා යෝජනා මේ රටේ දේශපාලනය, පරිපාලනය, මැතිවරණ ක්‍රමය, හමුදා ව්‍යුහය, නීති පද්ධතිය මුළුමනින්ම උඩුයටිකුරු කරන ක්‍රියා දාමයක්. නමුත් කිසිම තැනක ප්‍රමාණවත් කතිකාවක් සිද්ධ වෙන්නේ නෑ. එම සංවාදය ඉතා සූක්ෂම ලෙස ඉවත් කරන්නට ආණ්ඩුව ක්‍රියා කරනවා. දකුණු ඇමරිකාවෙන් ආ ගායකයෙක් ගී ගයන විට තරුණියක් තණපට ගලවලා වීසි කළාම අපේ ජනමාධ්‍යය සති දෙක තුන ඒ ගැන බොහොම අභිරුචියෙන් කතා කරනවා. නමුත් අපේ රටේ 1815 හා සමාන පරිවර්තනයක් සිදු කළ ජිනීවා යෝජනා ගැන ඒ සංවාදය සිද්ධ වෙන්නේ නෑ.
සම්මුතිවාදී ආණ්ඩුව 56 නිෂේධනය කිරීමේ බරපතල ප්‍රයත්නයක්. එය පරාජය කළ යුතුයි. ජනතාව ඊට එරෙහිව නැගී සිටියහොත් එය පරාජය කළ හැකියි. එසේ නොවුනහොත් බටහිර රටවල් මැදිහත් වූ සෙසු රටවලට අයත් වූ කාලකන්නි ඉරණම අපටද අත්වීම වැළැක්විය නොහැකියි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළේ වංචනික අරමුණු ඇතිවයි. ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ව්‍යවස්ථාපිත මණ්ඩලය අරුම පුදුම ආයතනයක්. එය නීතිපතිවරයා පත්කරන්න එක ක්‍රියාදාමයක්, පොලිස්පතිවරයා පත් කරන්න තව ක්‍රියාදාමයක්.
අගෝස්තු 17 ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට සම්මුතිවාදී ආණ්ඩුවට එක්වූවන් තමන් දකින්නේ වසළයන් ලෙස බවද ඒ මහතා පැවසීය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .