-මතුගම සෙනෙවිරුවන්
වසර විසිහතකට පසු කැලණි මිටියාවතට ඇදහැළුණු මහා වර්ෂාව ක්‍රමයෙන් අඩු වෙමින් ඇත. කැලණි ගඟේ සිට කි.මී. 07 පමණ ගොඩබිම දෙසට පැතිරී ගිය ගංවතුරද අඩු වෙමින් ඇත. තව නොබෝ දිනකින් අවතැන් වූ පීඩාවට පත්වූ ජනතාව පිළිබඳ මතකයද ක්‍රමයෙන් ඉවත්ව යනු ඇත. ගංවතුර අනාථයන්ට ආහාර සහ වියළි ආහාර පාර්සල් බෙදන්නට තරගයකට මෙන් සංදර්ශන පැවැත්වූ විද්යුත් මාධ්‍යයන්ද ඉතා ඉක්‌මනින් වෙනත් ප්‍රවෘත්ති පසුපස්‌සේ හඹා යැම ආරම්භ කරනු ඇත. තවත් වසර විස්‌සකින් හෝ තිහකින් ගංවතුර පැමිණි විට භාවිත කරන්නට සමත් ඡායාරූප රැසක් සිය මාධ්‍ය පුස්‌තකාල වල සුරැකිව තබා ගන්නටද ඔවුන් කටයුතු යොදනු ඇත.
හිඟන්නාගේ තුවාලය ඔහුට සිය ජීවිකාවට වැදගත්ය. එය සුව නොවී තිබුණු පමණට ජාවාරම කරගෙන යා හැකිය. කොළඹ නගරය මෙන්ම තදාසන්න ප්‍රදේශ වල ගංවතුර ද පෙර සඳහන් කළ පරිදි සෙල්ලමක්‌ව තිබෙන්නේ කාහට දැයි දැන් පැහැදිලි විය යුතුය. මෙයට අලුතින්ම එක්‌ව සිටින්නේ මෙගා පොලිස් කණ්‌ඩායමයි. කොළඹ නගරයේ ජනගහන පිටාරය බස්‌නාහිර පළාත පුරාවටම විසිරුවා හරිමින් අධි නගර තැනීම ඔවුන්ගේ මෙහි බලාපොරොත්තුවයි.
සැබවින්ම මහ නගර නොහාත් අධිනගර සැලැස්‌මට ඉතිහාසයක් ඇත. කොළඹ නගරය විධිමත්ව සැලසුම් කරලීම පිණිස මුල් කොට ගත් ක්‍රියාමාර්ගයන් මෙහි අන්තර්ගතය. 1949 දී පමණ පැටි්‍රක් ඇඹකොම්බේ විසින් කොළඹ නගරය සංවර්ධනය පිණිස සැලසුමක් සකස් කර තිබුණි. එම සැලසුමෙන් බලාපොරොත්තු වූයේ කොළඹ වරාය ආශ්‍රිතව වර්ග සැතපුම් 14 ක ප්‍රමාණයක් සංවර්ධනය කිරීමයි. ඉන්පසුව 1978 වර්ෂයේ දී ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරූ කොළඹ මහා සැලැස්‌ම (Colombo Master Plan) මගින් කොළඹ පරිපාලන දිස්‌ත්‍රික්‌ක හඳුනාගෙන සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට සැලසුම් සකස් කරන ලදී. ජයවර්ධනපුරය, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය මෙන්ම පරිපාලන ගොඩනැගිලි ජයවර්ධනපුරයට සංක්‍රමණය කිරීමද මෙහිදී සිදු විය. ඉන්පසුව 1985 දී මෙම සැලැස්‌ම මගින් ඇති වූ අහිතකර ප්‍රතිඵල නැවත සමාලෝචනය කොට සකස් කිරීමක් සිදු කළද දේශපාලන වශයෙන් ඇති වූ කලබගෑනි නිසා අපේක්‌ෂිත ඉලක්‌කයන්ට යැමට නොහැකි විය. එA තත්ත්වය තුළ 1996 දී සියලු අත්දැකීම් පදනම් කර ගෙන කොළඹ අධිනගර ව්‍යqහාත්මක සැලැස්‌මක් (Colombo metropolitan Regioíl Structure Plan) සකස් කර ගන්නා ලද්දේය. මෙම සැලසුම පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 1996 අගෝස්‌තු 23 දින බේරුවල ඊඩන් හෝටලයේදී පවත්වා ඇත. ලෝක බැංකුවට සම්බන්ධ වූ ලාංකිකයන් හා ජගත් ආයතනයන්හි නිලධාරීන් ගේ උපදෙස් පිට සකස් කරන ලද මේ සැලැස්‌ම පසුව 2002 වර්ෂයේ දී යළි පුබුදමු ශ්‍රී ලංකා ක්‍රියාත්මක වැඩ සටහනට ද ඇතුළත් කරන ලදී. පස්‌දුන් කෝරළය ගොඩකර නගර සෑදීමට යන බව රනිල් වික්‍රමසිංහ මහතා අගලවත්තේදී මීට කලකට ඉහත කළ ප්‍රකාශය මේ සැලසුමට අදාළය. ඊට සමගාමීව බෙන්තර ගඟ ආසන්නයේ මීගමදී ගුවන් තොටුපළක් ඇති කිරීමට සැලසුමක් විය. නමුත් එය පසුව හම්බන්තොටට ගෙන යන ලදී.
කොළඹ අධිනගර සැලැස්‌ම යටතේ වර්ධක මධ්‍යස්‌ථාන 06 ක් තෝරා ගැනීමට නියමිතව ඇත. කොළඹ, කළුතර සහ ගම්පහ දිස්‌ත්‍රික්‌කයන්ට අදාළව මීගමුව, මීරිගම, හොරණ සහ අළුත්ගම යන කලාප ඊට අයත්ය. එහිදී නේවාසික, කර්මාන්ත, වෙළෙඳ, ආයතනික, විනෝදාංශ කටයුතු සහ මාර්ග පද්ධති වලට ඉඩම් වෙන් කරලීමට සැලසුම් සකස්‌කර ඇත. 1949 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ මුල් සැලසුම්වලදී නේවාසික ස්‌ථානයන්ට වැඩි අවධානයක් යොමු නොකරන ලද අතර මේ සැලැස්‌මේ දී එයට දැඩි අවධානයක් යොදවා තිබේ. නමුත් මේ නේවාසික ස්‌ථානයන් සාම්ප්‍රදායික කුටුම්භයන්ට වෙනස් වේ. සීමිත ඉඩකඩම්වල මහල් නිවාසවලට ජනතාව ගාල් කිරීම එහි අරමුණයි. ජයවර්ධනපුරය මේ අධිනගරයේ පරිපාලන පෙදෙස වශයෙන් සැලකෙන අතර මීගමුවේ සිට මතුගම දක්‌වාම බස්‌නාහිර මහනගරය නොහොත් අධිනගරය ක්‍රියාත්මක වේ.
යෝජිත වර්ධක ප්‍රදේශ මූලික කරගත් ව්‍යqහාත්මක සැලැස්‌ම අදියර හතකින් ක්‍රියාත්මක වේ. ඉන් පළමුවැන්න නම් ඉඩම් පරිභෝජන පිළිවෙළට අදාළව කලාප සැලසුම් සකස් කිරීමයි. ඉන් අනතුරුව විස්‌තීරණ සැලසුම් සකස් කරලීම සිදු වේ. තෙවැන්න නම් හඳුනාගත් ස්‌ථාන සඳහා තිරස් හා සිරස් නාගරික හැඩයද ස්‌වරූපයද සමඟ ගොඩනැ`ගිලි ඝනත්වය දක්‌වාලීම සිදු කෙරේ. සිවුවැන්න නම් අපේක්‌ෂිත සැලසුම් සඳහා අවශ්‍ය නීතිමය රාමුව සැකසීම වේ. දැනට 1978 අංක 41 ,1978 අංක 04 ,1979 අංක 17, ආදී පණත් කීපයකින් මෙන්ම බස්‌නාහිර පළාත් පනත නගර සභා පනත ආදී තවත් නීතිමය රාමු තුළ නගර සංවර්ධනය ක්‍රියාත්මක වන අතර මෙහිදී එAවා සම්පිණ්‌ඩනය කොට බස්‌නාහිර පළාත් සංවර්ධන අධිකාරියක් යටතේ යළි පණ ගැන්වීම අරමුණයි. ඉන්පුසව විනෝදාත්මක අංශයන්ට අදාළ ස්‌ථාන වෙන් කිරීමද ජලය විදුලිය ප්‍රවාහනය ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීම ද සිදු කෙරේ. මෙම සැලැස්‌ම 2011 වසරේදී යළි සංශෝධනයට ලක් වූ අතර එවකට ආරක්‌ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්‌ෂ මහතාට අවශ්‍ය පරිදි මුල් සැලසුමේ යම් යම් වෙනස් කම ඇති කරන ලදී. මෙම මහ සැලැස්‌මේ කිසි තැනක කලාපයේ කෘෂිකාර්මික පහත් බිම් සංවර්ධනය කරලීම උදෙසා සැලැස්‌මක් නොමැත.
මේ අතින් බලන කල්හි බස්‌නාහිර අධිනගර සැලැස්‌ම වූ කලි ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නොවේ. ජාත්‍යන්තර උපදෙසින් පිළියෙල කෙරුණ එය වාස්‌තු විද්‍යාඥයාගේ සිට මහා යන්ත්‍රොaපකරණ ආනයනය කරන්නා දක්‌වා සේවා දායකයන් එකට එක් කරන මහා සංවර්ධන සැලැස්‌මකි. එA මගින් ඇති වන රැකියා, ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ වර්ධනය, රටට ගලාඑන විදේශ මුදල් දෙස බැලුවහොත් මහවැලිය ක්‍රියාත්මක වූවාටත් වඩා දැවැන්ත බවක් ප්‍රදර්ශනය කෙරේ. 2030 වන විට රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 230 ඉක්‌මවා යා යුතු බවට එහි නිර්දේශිතය. මේ ආර්ථික වර්ධන වේගය පවත්වා ගෙන යැමට විදේශීය කොම්පැනි විශේෂයෙන්ම ඉන්දියානු කොම්පැනි රටට පැමිණීමට නියමිතය. පසුගිය රජයේ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කරන ලද්දේ සැබවින්ම මේ ව්‍යාපෘතියේ කොටසකි. අවිධිමත්ව තිබූ කොළඹ නගරය විධිමත් කොට පැරණි යටත් විජිත ගොඩනැඟිලි යළි පිළිසකර කොට නාගරික ජනතාව සාම්ප්‍රදායික නිවාසවලින් ඉවත් කොට තට්‌ටු නිවාසවලට ගාල් කිරීම දක්‌නට හැකිවුණි.. සාම්ප්‍රදායික ගොවිබිම් හාරා පොකුණු ඇති කර තෝරා ගත් ප්‍රදේශ වල පමණක් ගොවිබිම් ඇති කර විනෝදාස්‌වාදය සඳහා පදික තීරු සහ විවේකස්‌ථාන ඇති කිරීම ක්‍රමයෙන් සිදු විය. මේ මගින් අපේක්‌ෂා කරන ලද්දේ සංචාරකයන් පිනවීම පිණිස කොළඹ හා තදාසන්න ප්‍රදේශ විනෝදාත්මක කලාප බවට පත් කිරීමයි. එA නිසා ගෝඨාභය රාජපක්‌ෂ මහතා ප්‍රශංසාවටද ලක් විය. කොළඹ ජීවත් වන ඇතැමුන් ගේ සිහින ලෝකය මෙයින් තහවුරු වූ බව කියනු දක්‌නට ලැබුණි. එA අතරම පාර්ලිමේන්තුව ගංවතුරකදී යට වීම වළක්‌වා ලීම පිණිස කොටිකාවත්ත ප්‍රදේශයේ ගංවතුර පාලන බැම්ම උස් කරන ලදී.
ගංවතුර නිසා සහ නාය යැම් නිසා මේ සා විශාල විනාශයක් ලංකාවට සිදු වූයේ එක් අතකින් වසර තිස් දෙකකට පමණ පසුය. කැලණි මිටියාවතට එය වසර විසිහතකට පමණ පසුය. සාමාන්‍යයෙන් ලෝකායන ජ්‍යෙdතිෂය අනුව සෙනසුරු සහ අඟහරු එක් රාශියක ගමන් කරන අවස්‌ථාවන්හිදී ශනි මංගල යෝගය උදාවෙයි. එසේම යම් වර්ෂයක සෙනසුරු සෂ්‍යාêපති වූ කල්හි ජලභය ඇතිවේ යෑයි කියා තිබේ. 1984 වර්ෂයේ මේ තත්ත්වය උදා විය. පස්‌යොදුන් කෝරළයේ අගලවත්ත මතුගම ආදී ප්‍රදේශ රැසක් ඉතා දරුණු අන්දමට නාය යැමට ලක් විය. සූර්ය සංක්‍රාන්තියද මෙයට හේතුවක් විය. මේ තත්ත්වය තුළ අප තේරුම් ගත යුතුව පවතින්නේ දේශගුණික විපත් වරින් වර ඇති වන්නක් බවය. එවිට ඇති වන මහ වතුරට ඔරොත්තු දෙන ලෙසට ලංකා භූමිය පැවතිය යුතුය. පෙර රජ දරුවන් සෘජුව ගංගාධාර හරස් නොකරන ලද්දේ මෙලෙස ගංවතුරට මුහුණ දෙනු පිණිසය. එලෙසම නිවාස සාදන කල්හි පහත් බිම් වලින් බැහැරව උසබිම්වල නිවාස සෑදීමට වැඩි සැලකිල්ලක් දක්‌වන ලදී. කොළඹ යනු සැබවින්ම පහත් බිමකි. පෘතුගීසීන් විසින් කොළඹ කොටුව සංවර්ධනය කරන කල්හි, ලංකාවේ අගනගරය වූයේ ජයවර්ධනපුරයයි. එය පිහිටා තිබුණේ දියවන්නාවෙන් එගොඩ උස්‌බිමකය. එය වටා ජල මාර්ග පැවතීම එදා ආරක්‌ෂාවට අත්‍යවශ්‍ය විය. නමුත් මේ ආදර්ශයන් කිසිවක් සැලකිල්ලට නොගත් යටත්විජිත සමයේ කොළඹ පහත් බිම් ක්‍රමයෙන් පසින් පිරවී නාගරීකරණය විය. නිදහසින් පසුව මේ විපරියාසය ගැන අප කල්පනා කළ යුතුව තිබූ නමුත් පෙර සඳහන් කළ පරිදි විදේශීය සැලැසුම් මත සියල්ල වෙනස් විය. ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී කිසිදු වග විභාගයක් නොමැතිව කොළඹ වගුරු ගොඩ කිරීම ආරම්භ විය. දේශපාලකයන්ටද මාධ්‍යවලටද කොළඹ ගංවතුර සෙල්ලමක් වූයේ මින්පසුවයි.
වසර දාහතරක් පැරණි මෙගා පොලිස් සැලැස්‌ම සැබවින්ම දේශපාලනික ව්‍යාපෘතියකි. එක් අතකින් ජාත්‍යන්තර දේශපාලනික ව්‍යාපෘතියකි. මෙය ක්‍රියාත්මක වුවහොත් දැනට තිබෙන ගංවතුර පැතිරීම ගම්පහ සහ කළුතර දිස්‌ත්‍රික්‌කයන්ද වටකරගනු ඇත. උමං මාර්ග සහ කාණු පද්ධති මගින් වතුර බැස්‌සවීමට සැලසුම් හැදීම අසාර්ථක වන බව පසුගිය ගංවතුර අත්දැකීමෙන් අප තේරුම් ගත යුතුයි. එසේම රටේ ආර්ථිකය වර්ධනයට අවශ්‍ය දායකත්වය බස්‌නාහිර පළාත් තුළින් පමණක් ගැනීමට වලිකෑම සැබවින්ම මුළාවකි. ආර්ථික තුලාව බර වන විට ආපදා තුලාව තවත් පැත්තකට වැඩි වැඩියෙන් බර වන්නේ නම් මේ සංවර්ධනයේ ඇති පලේ කුමක්‌දැයි විද්වතුන් ප්‍රශ්න නොකරන්නේ මේ විදේශීය සැලසුම් මගින් ඔවුන් ගෙන් වැඩි පිරිසක් ග්‍රහණයට ගෙන තිබෙන බැවිනි. ඇතැම් විට සැලැසුම් සකස් කරන විටදී මේ විද්වතුන් එයට දායක කරගෙන තිබුණි.
කෙසේ වෙතත් 1505 සිටම කොළඹ නගරය ශාපලත් නගරයකි. එදා පටන් රටේ ස්‌වාධීනත්වය අපෙන් ක්‍රමයෙන් බැහැරට ගොස් තිබේ. මේ නිසා කොළඹ නගරය අතහැර වඩා උස්‌බිමක නව අගනගරයක් සැලැසුම් කිරීමට කාලය පැමිණ තිබේ යයි සිතමි. එA සඳහා අවශ්‍ය වන්නේ බස්‌නාහිර පළාත පමණක් ආවරණය වන මෙගා පොලිස් සෙල්ලමක් නොව මුළු රටම ආවරණය වන පාරිසරික හා මානව භෞතික සැලැස්‌මකි. එසේ නොකළහොත් මෙගා පොලිස් සෙල්ලම ලෙල්ලමක් වී පවුල් විසිපන්දහසක් නොව සමස්‌ත බස්‌නාහිර පළාතේ ජනගහනයම අවතැන් වනු ඇත.
යුතුකම සංවාද කවය
[Divaina]
කාටූනය : මව්බිම
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .