වෘත්තිකයෝ, ශ‍්‍රමිකයෝ, ශිෂ්‍යයෝ ඇතුළු සමස්ත රට වැසියෝ එට්කා ගිවිසුමට අත්සන් නොතබනු යයි එක හඬින් පවසති. ඒ ශ‍්‍රී ලාංකීය ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ හඬයි. ජනතාව විසින් තමන් සතු ඒ පරමාධිපත්‍ය බලය පවරා දුන් ආණ්ඩු පාර්ශවයේ ජනතා නියෝජිතයින් පවසන්නේ කුමක්ද? ඔවුන් පවසන්නේ මෙම ගිවිසුම අත්සන් කිරීමට තමන්ට ජනවරමක් ලැබී ඇති බවයි. ජනතාව එක හෙළා ප‍්‍රතික්ෂේප කරන දෙයකට ඒ ජනතාව විසින්ම ජන වරමක් ලබා දී ඇතැයි පවසන්නේ යහපාලනය නමැති උදාර සංකල්පයේ සියලූ සළුපිළි උණා දමා මුරණ්ඩු ඒකාධිපති නිරුවත තමනට ජනවරම පවරා දුන් ජනතාව වෙතම ප‍්‍රදර්ශනය කරමින් වීම ඒ හෙළුව බලා සිටින්නට සිදු වී ඇති ජනතාවගේ අවාසනාවක් නොවේද?
ආණ්ඩුව ජනතා අප‍්‍රසාදයට පත්වෙමින් හෝ මෙම ගිවිසුම අත්සන් කරන්නට සැරසෙන්නේ ඔවුන් රටට සහ රටේ ජනතාවට ආදරය නිසා නම් විය නොහැකි බව ඕනෑම ගොනෙකුට තේරුම් ගත හැකිය. එසේ නම් කුමක්ද මේ විලි රුදාවට හේතුව? හේතුව අන් කවරක්වත් නොව. හේතුව ආක‍්‍රමණිකයෙකි. ආක‍්‍රමණිකයා ඉදිරියේ දණින් වැටී යටත් වී ඇති ආණ්ඩුව එලෙෂ යටත් වීමට තමනට ජනවරමක් ඇතැයිද පවසති.
ආක‍්‍රමණිකයා කුමන වේශයකින් පැමිණියත් අප සබුද්ධිකව ඒ ආක‍්‍රමණිකයා හඳුනා ගෙන පළවා හැරිය යුතුය.ETCA ආක‍්‍රමණිකයා විසින් අපට අත් කරනු ඇති විනාශය, ආක‍්‍රමණිකයාගේ වේශය සහ ආක‍්‍රමණිකයාට අප මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව කෙරෙන සබුද්ධික කතිකාවතට ඔබට පිදෙන ගෞරවණීය ඇරයුමයි!.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .