-ඉඳුනිල් ප්‍රසන්න-
සාමාන්‍ය ජනතාව වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා පෞද්ගලික වෛද්‍යවරුන් සහ රෝහල් වෙත යොමු වන්නේ ඔවුන් අත යහමින් මුදල් ගැවසෙන නිසා නොවේ.
රජයේ රෝහලකට යොමු වුවහොත් බොහෝ විට රෝගියා පරීක්ශා කරන්නේ බාහිර රෝගී අංශයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකු විසිනි.
විශේෂඥ සායනයක් වෙත යොමු වුවද එහිදී සෑම විටෙකම විශේෂඥ වෛද්‍යවරයා වෙත රෝගියා යොමු වීම සිදු නොවිය හැකිය. බොහෝ විට රෝග පරීක්ශාව, වාර්ථා පරීක්ශාව ආදිය සිදුවන්නේ විශේෂඥ වෛද්‍යවරයාට සහාය වන අනෙක් වෛද්‍යවරුන් අතිනි.
එමෙන්ම රෝහලේ ඇති අධික තදබදය, රෝගීන් අධික වීම හේතුවෙන් එක් එක් රෝගියා වෙත විශේෂිත අවධානයක්, ප්‍රමානවත් කාලයක් යොමු නොවිය හැකිය.
බොහෝ රෝහල්වල විශේෂඥ සායන පැවැත්වෙන්නේ සතියේ දින කිහිපයකදී පමණි. එයද කුඩා දරුවන් සඳහා, වැඩිහිටියන් සඥහා, ගැබිනි මාතාවන් සඳහා ආදී ලෙස වෙන් වී පැවතිය හැකිය. එබැවින් රෝගියෙකුට රෝහලේ සායනය වෙත යොමු වීමට ඉඩ කඩ ඇත්තේ සතියේ නිශ්චිත දින කිහිපයක් තුළ පමණි. එයද උදේ වරුවකදීය. දෛනික රැකියාවල නිරත වන්නන්, පාසැල් ළමුන් ආදී බොහෝ පිරිසකට මෙවන් සායනයකට යොමු වුවහොත් එම මුළු දිනයම ඒ වෙත කැප කිරීමට සිදුවේ. එයද ඉතා අපහසු කටයුත්තකි. ඒ සඳහා ප්‍රමානවත් ආර්ථික ශක්තියක්ද නැත.
මේ සියල්ලටම වඩා බරපතළ කරුණ නම් බොහෝ රෝහල් වල විශේෂඥ සේවා නොමැති වීමයි. එම සේවා බොහෝ විට පළාත් මහ රෝහල් වලට සීමා වී ඇත. අනෙක් රෝහල් වෙත ව්‍යාප්ත වී ඇත්තේ සායන කිහිපයක් පමණි.
රෝහල් වලදී සිදුකරන පරික්ශන වාර්ථාද ප්‍රමාදයකින් තොරව ලැබෙතැයි සහතික විය නොහැක. පෞද්ගලික ආයතනයකට යොමු වී එක් දිනකින් ලබා ගත හැකි වාර්ථාවක් රජයේ රෝහලකදී දින කිහිපයක් ප්‍රමාද විය හැකිය.
බොහෝ රජයේ රෝහල් වල සියළු රෝග පරීක්ශාවන් සඳහා පහසුකම් නැත. එවිට රෝගියාට සිදුවන්නේ අගනගරයක පිහිටි රජයේ රෝහලක් වෙත යොමු වීමට හෝ පෞද්ගලික ආයතනයක් වෙත යොමු වීමටය. එවන් රෝහල් දුරින් පිහිටීම, වැඩි කාලයක් ශ්‍රමයක් ඒ වෙනුවෙන් යෙදිය යුතු වීම, වාර්ථා නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් ආදිය සැළකීමේදී රෝගීන්ට පෞද්ගලික ආයතනයක් වෙත යොමු වීම හැර වෙනත් විකල්පයක් නැත.
සැත්කම් සහ විශේෂිත වෛද්‍ය පරීක්ශණ සිදු කරගැනීමට රජයෙ රෝහල් වල පොරොත්තු ලේඛන වල් කල් මැරීමට සිදුවීමද මරණයට අත වැනීමකි. සමහර අවස්ථාවල වසර ගණනාවක් එළෙසින් කල් මැරීමට සිදුවේ. එසේ කල් ගතකළ පසුවද නියමිත දිනයේදී වෙනත් වඩාත් අසාධ්‍ය රෝගියෙකු ඇතුළත් වීම, උපකරණ ක්‍රියා විරහිත වීම වැනි හේතුන් නිසා තව දුරටත් කල් මැරීමට සිදුවන වස්ථාද විරළ නොවේ. එවන් අවස්ථාවල පෞද්ගලික වෛද්‍ය පහසුකම් වල පිහිට හැර වෙන පිහිටක් නැත.
රෝගියා නිරතුරුවම සටන් වදින්නේ මරුවාත් සමඟය. කිසිවෙක් කැමැත්තෙන් රෝගී වන්නේ නැත. ලෙඩේ අමාරුව දන්නේ ලෙඩාත් ඔහුගේ සමීපතමයනුත් පමණි. රෝගියෙකු තරම් අසරණයෙකු මෙළොව නැත. ආරෝග්‍යා පරමා ලාභා ලෙසින් බුදුන් වදාළේ එබැවිනි.
මේ කරුණු අනුව පැහැදිලි වන්නේ රෝගීන් පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය සායන වෙත යොමු වීමට ඉතා සාධාරන හේතු පවතින බවයි. එය කිසි සේත් අතමිට සරු බවේ සළකුනක් නොවේ. යාන වාහන, ගේ දොර, ඉඩකඩම්, කන කර ආභරණ ඈ සියල්ල කැපකර නිරෝගීබව, ජීවිතය යදින්නෙකු දෙස නිරතුරුවම සානුකම්පිත දෑසින් බැලිය යුතුය.
නමුත් අද පෞද්ගලික රෝහල් ගාස්තු, වෛද්‍ය ගාස්තු, ඖශධ මිළ ගණන් අහස උසට නැග ඇත. එක් අතකින් මේ සම්බන්ධ කිසිඳු නියාමනයක් නැත. එය තනිකරම ක්ශේත්‍රයේ හිමිකරුවන්ගේ ඒකාධිකාරයක් බවට පත් වී ඇත. මේ රජය වුවද රට පුරා අඬ බෙර ගසා ඖශධ පණතක් ගෙන ආවද ඉන් ජනතාවට කිසිඳු සෙතක් වී නැත. එම පණත් මගින් සිදුවී ඇත්තේ ඖශධ වෙළෙන්දන්ගේ මාෆියාවට නිල පිළිගැනීමක් ලැබීම පමණක් බව දැන් ඔප්පු වී හමාරය.
ජනතාවගේ සෞඛ්‍ය තත්වය නැංවීම, ඔවුන්ව ජාවාරම් කරුවන්ගේ ග්‍රහනයෙන් මුදා ගැනීම රජයක වගකීමකි. ඒ වගකීම පිළිබඳ කතිකාව ඉදිරියට දමා මේ රජය සිදු කලේ ජාවාරම්කරුවන්ටම ඉණිමං බැඳීමයි. නමුත් ඒ අමානුශික ප්‍රතිපත්තිය එතැනින් නතර වී නැත. මැයි පළමුවෙනිදා ආණ්ඩුව ජනතාවට කීවේ කැප කරන්නට කියාය. ඊට පසුදා සිටම සෞඛ්‍ය ක්ශේත්‍රයටද අදාළ වන පරිදි 15% ක වැට් බද්දක් පැනවීය.
ඉතා පැහැදිලිය. පාලකයන් ජනතාවට කියන්නේ තමන්ගේ, තම දූදරුවන්ගේ, දෙමාපියන්ගේ ජීවිත කැපකරන ලෙසය. අපට කෝටි ගණන් වල වාහන වල යන්නට, කෝටි ගනන් වල නිවාස මිළදී ගන්නට, විදේශ සවාරි යන්නට, මහ බැංකුව සූරා කන්නට නුඹලාගේ ජීවිත කැප කරන ලෙසටය. සෞඛ්‍ය අංශයේ කප්පරක් අඩුපාඩු තිබියදී, පැනඩෝල් පෙත්තේ සිට බයි පාස් සැත්කම දක්වාම වෙළඳ ඒකාධිකාරයක් ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ ලෙඩුන්ගේ චැනල් බිලට, ලේ පරීක්ශන වාර්ථාවට, සැත්කමට පවා බදු ගසන මේ වියරුව තේරුම් ගැනීමට වෙනත් ක්‍රමයක් නැත.
ලොකුම විහිළුවනම් මේ සියල්ල සිදුවන්නේ සෞඛ්‍ය ඇමතිවරයෙක් ජනාධිපත් වී ඇති රටක වීමය. ජනතාව බදු බරින් නිදහස් කිරීමට සපත කර බලයට පැමිණි ආණ්ඩුවකින් වීමය. නාස්තිය දූශනය නතරකර රටේ සංවර්ධනය තුන් ගුණයකින් වැඩි කරන බවට පාරම් බෑ පිරිසක් විසින් වීමය.
ආසියා අප්‍රිකා කලාපය ඇතුළු ලොව කිසිම රටක කෙතරම් ආර්ථික අපහසුතා තිබුනද මෙතරම් නරුම අමානුශික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නැත. 2002 දී පමණ රටේ ආර්ථිකය ඍණ අගයක් දක්වා කඩා වැටිනි. තිස් අවුරුද්දක් පුරා යුද්ධයක් පැවතිනි. නමුත් ඒ කිසිම රජයක් මේ සා විනාශකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර නැත. සෞඛ්‍ය, අධායපනය ආදිය මෙතෙක් කල් නොමිලේ ලබා දුන් රටක මේ ප්‍රවනතාවය කිසි සේත් අනුමත කළ නොහැකිය. මෙය සිදුකරනුයේ IMF ණය කොන්දේසි අනුවනම්, ඉන් ප්‍රකට වන්නේ ආණ්ඩුව පැටළී ඇති ජාත්‍යන්තර උගුලේ තරමය. රටේ ජනතාව කන්නට, බොන්නට, ප්‍රතිකාරයක් ලබා ගන්නට නොහැකිව මැරී වැටෙයිනම් දිනාගත්තායැයි කියන ජාත්‍යන්තරයෙන් ඇති ඵලය කුමක්ද?
අපේ අසරන මිනිසුන් ජීවිත බේරා ගන්නේ මග තොටේ, බස් රියේ කැට වලට සම්මාදම් එකතුකිරීමෙනි. එලෙසින් නොවිඳිනා දුක් විඳ ජීවිතයක් බේරා ගැනීමට රැස් කරන මුදලිනුත් කොටසක් ආණ්ඩුව සූරා කයිනම් ඒ ආණ්ඩුවක් විය හැකිද? මෙම පාලකයන් මිනිසුන් විය හැකිද?
මෙම තත්වයට වහ වහා විසඳුම් සෙවිය යුතුය. මෙම ප්‍රවනතාවය අද අදම නතර කළ යුතුය. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂ දේශපාලකයන් වෙත බරපතල වගකීමක් පැවරී ඇත. කතා කළ යුත්තේ රුපියල් 100ක රී ලෝඩ් එකක් දැමූ විට ඉන් කපාගන්නා රුපියල් 47 පිළිබඳව පමනක් නොවේ. ජීවිතයත් මරණයත් අතර සිරවී දුක් විඳින මෙම පීඩිත ජනයා පිළිබඳවද ඔබ හඬ නැගිය යුතුය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .