5/04/2016

පනස් හයේ හරය කෙලෙසන ද්‍රෝහී සිරිසේනලාට පනස් හයේ උරුමය හිමි නැත [Video]

කතෘ:යුතුකම     5/04/2016   5 comments

-ගෙවිඳු කුමාරතුංග
56 ජයග්‍රහණය කියන්නේ මොකක්ද ? ඒ ජයග්‍රහණයේ පදනම ගැඹුරින් කල්පනා කරල බැලුවොත් , එමෙන්ම 56 ආපසු හැරවීම සඳහ බණ්ඩාරනායක ඝාතන තැත ආදී එදා පටන්ම ක්‍රියාත්මක වූ ආකාරය දිහා බැලුවම අපට පෙනෙනව අද මේ කෙරෙමින් තිබෙන්නා වූ මව්බිම පාවාදෙමින් යන මේ ක්‍රියාදාමය 56 ආපසු හැරවීමේ වැඩපිළිවෙලත් සමග එකට ගැහහැහිලා තිබෙන බව.ඒ නිසයි අප කල්පනා කළේ 56 ට අවුරුදු 60ක් පිරීම නිමිති කර ගෙන 56 හරය කුමක්ද? යුගයෙන් යුගයට එයට එල්ල වූ බාධා මොනවද .? ඒ බාධා හමුවේ අප ගත යුතු මග කුමක්ද යන්න පිළිබඳ ඔබ හා සංවාදයක් ආරම්භ කිරීමටයි.

ඒ සංවාදයේදී සභ්‍යත්ව විඥානය අනුව යන ජාතික ව්‍යාපාරය පිළිබඳ අතිත සිංහාවලෝකනයක් සහ ඒ හරහා අප ගත යුතු මග පිළිබඳ ඉදිරී වැඩපිළිවෙළ කුමක් විය යුතුද යන්න සාකච්චාවට ලක් වේවි.

දැන් අද අපට 56 ගැන ,විශේෂයෙන් ශ්‍රීලනිප බිහිවීම පිළිබඳ අලුත් අලුත් කතා අහන්න ලැබෙනවා.සම්මුති ආන්ඩුවේ නායකයන් අද කියනවා අතීතයේ පටන් ශ්‍රීලනිප යේ වැඩ වලට එජාපය බාධාකළා, එජාපයේ වැඩවලට ශ්‍රීලනිප ය බාධා කළා. මේ නිසා ඉතා ඉහලට යා හැකිව තිබූ ශ්‍රීලංකාව අදටත් ඉදා දුප්පත් රටක් විදියට පවතිනවාලු. මේ අභියෝගය ජය ගැනීමට නම් අප සම්මුතිවාදී ආන්ඩුවක් හැදිය යුතු යැයි ඔවුන්ගේ අදහසයි.දැන් මේ කියන අදහස ඇත්තක් ද?

අප කවුරුත් දන්න කාරනයක් තමයි එදා නිදහස ලැබෙද්දි බණ්ඩරනායක මහත්මයත් එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව. මේ සියළු බලවේග එකතු වෙලා තමයි එජාපය ගොඩ නැගුවේ.එහෙමනම් එජාපයෙන් ඉවත් වෙලා බණ්ඩාරණායක මහතා අලුත් පක්ෂයක් හැදීම පහා අපරාධයක්.මේ අය කියන විදියට ශ්‍රීලනිප ය කියන්නේ ඓතිහාසික වැරැද්දක් - අපරාධයක්.
නමුත් අප දන්නව එදා මාටින් වික්‍රමසිංහ මහතා බමුණු කුළය කියල හඳුන්වල දුන්නු එජාපයේ නායකයෝ කවදත් ශ්‍රීලනිප ය බිහි වීම සහ 56 අර්ථ දක්වන්න හැදුවේ ඔය ආකාරයට තමයි.
ඔවුන් හැමදාමත් පෙන්නන්න හැදුවේ ශීලනිපය කියන්නේ මෙරට සිදුවූ වැරැද්දක් බවයි. අවාසනාවට අද ශ්‍රීලනිප යේ නායකයා යැයි කියාගන්නා ඇතුළු ශ්‍රීලනිප යේ නායකයන් කියාගන්නවුනුත් මේ අදහසම ප්‍රකාශ කිරීමයි.

ශ්‍රීලනිප පළමු වාර්ෂික සමුළුවට "ප්‍රජාතත්න්ත්‍රවාදී විකල්පයක අවශ්‍යතාවය” මැයෙන් බණ්ඩාරනායක මහතා පැවැත්වූ දේශනයේදී ඔහු මෙලෙස අදහස් පළ කරනවා."මේ රජය 1948 දී බලයට ආ විට නිදහස යථාර්ථයක් කරලීමේ හා නිදහස් ජාතියක් සතු වන්නා වූ සහන යටත් විජිත පාලන සමයේ දීර්ඝ කාලීන හා දුෂ්කර පැවැත්මක් තුල මෙරට ජනතාව ඉල්ලා සිටි සහන අපගේ ජනතාවට ලබා දීමේ අවස්ථාව ආසියාවේ වෙන කිසිම රජයකට වඩා වැඩියෙන් මේ රජයට තිබේ. අවශ්‍ය බලය සහ මුදල් රජය සතු විය.රජයට බොහෝ මිතුරෝ සහ සුභ පතන්නෝ වූහ.මේ අවස්ථාවවන් ඛේදජනක ලෙස මග හැරිණි.කිහිපයක් පමණක් සඳහන් කළහොත් දුප්පත් කමේ ,ඉඩම් නොමැති කමේ හා විරැකියාවේ ප්‍රශ්න ,අත්‍යවශ්‍ය සමාජ සේවා පිළිබඳ ප්‍රශ්න,ආහාර කෘෂිකර්මය සහ කර්මාන්ත පිළිබඳ ප්‍රශ්න,භාෂාව පිළිබඳ ප්‍රශ්න , විසඳ නැතුවාක් පමණක් නොව පිළිගත හැකි විසඳුමක් ලබා ගත හැකි ක්‍රියාමාර්ගක්වත් ගෙන නොමැත.අපගේ පක්ෂය බිහි වූයේ ප්‍රමුඛවම ජනතාවට පිළිගත හැකි අයුරින් මේ තත්වය නිවැරදි කිරීමටය.”

56 පාවාදීම සඳහා කිසිවෙකු හෝ කටයුතු කරන්නේ නම් එය අප පරපුරෙන් පරපුර රැකගත් සභ්‍යත්ව විඥානය පාවාදීමක් සහ සහ ඒ සභ්‍යත්ව විඥානය මත අපේම වූ රාජ්‍යයක් ගොඩනගාගැනීමට එරෙහිව කරන පාවාදීමක්.
ශ්‍රීලනිප යේ හිටපු ලේකම්වරයා ජාතික ඇඳුමක් ඇඳගෙන සිරිකොතට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහලාගෙන් ජනාධිපති අපේක්ෂක කම ලැබුනම ඔහු මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියනවා " අනේ මට ඔබතුමාට සර් කියන්න අවසර දෙන්න" කියලා.
මේ මොන පාවාදීමක්ද?
ඒ ටයි කෝට් ඇඟගනිපු නායකයා ඉස්සරහට ගිහින් පාවා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පමණක් නෙවෙයි.ශ්‍රීලනිප ය පමණක් නෙවෙයි.
1505 පටන් අපේ රටේ ආක්‍රමණිකයාට එරෙහිව සිදුකළ සියලු සටන් තමයි මේ පවාදෙන්නේ. සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නවා යැයි විහිළු කතා කියමින් සිදුකරමින් යන මේ දුෂ්ඨ පවාදීම කෙළවර කළ යුතුයි.
ජාතිකත්වය සභ්‍යත්ව විඥානය රැක ගැනීමට වසර දහස් ගණන් සටන් කළ ජනතාවගේ අභිලාශයන් , පැතුමන් මෙලෙස පාවාදීමට ඉඩ දෙනවා බලාගෙන ඉන්න අපට හැකියාවක් නෑ..
ඒ නිසා පනස් හයට අවුරුදු 60ක් සපිරෙන මේ මොහොතේ පනස් හය වඩා ගැඹුරින්- වඩා අර්ථවත්ව - වඩා ප්‍රබලව ඉදිරියට යාම සඳහා පනස් හයේ මෙන්ම අපේ ආණ්ඩුවක් බිහි කර ගැනීම සඳහා ජාතික ව්‍යාපාරයක් අද අපට අවශ්‍යව තිබෙනවා.

සම්පූර්ණ දේශනයට මෙතනින් සවන් දෙන්න..

-ගෙවිඳු කුමාරතුංග
"සම්මුතිවාදී ආණ්ඩුව පනස් හයේ අවසානයද?"
සම්මන්ත්‍රණය - කොළඹදී - 2016-04-28

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. Indunil
    පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමට සම්බන්ධවීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ මන්ත්‍රී ප්‍රසන්න රනවීර යන මහත්වරුනට පාර්ලිමේන්තුව වාරණය කොට ඇත. මේ රටේ කොතෙකුත් සිදුවන්නේ පය බරවාට පිටිකර බෙහෙත් බැඳීමේ ක්‍රියාය.

    පාර්ලිමේන්තුව තුළ මෙවන් ගැටුම් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. සිරිසේන ජනාධිපතිවරයාද ප්‍රකාශ කලේ තමන්ද 1992 දී මෙවැනිම පහරදීමකට ලක් වූ බවයි. මෙය මෙරටට පමනක් සීමා වූවක්ද නොවේ. මෙම ගැටුම සිදුවූ දිනම තුර්කි පාර්ලිමේන්තුවේද මෙවැනිම සිදුවීමක් වාර්ථා විය.

    ඒ කෙසේ වෙතත් වත්මන් පාර්ලිමේන්තුව මෙවන් තත්ත්වයකට පත් වීමේ සම්පූර්ණ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ භාරගත යුතුය. අද කතානායකවරයා අගමැතිවරයාගේ ඉත්තෙකු පමණි.

    එක් අවස්ථාවකදි මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉන්දියාව සහ ලංකාව අතර පාලමක් සෑදීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ වූ අදහස් දැක්වීමක් පිළිබඳ ලංකාවේ රජයේ ස්ථාවරය විමසා සිටියේය. රටේ ස්වෛරීත්වයට, පැවැත්මට ඉතා තදින් බලපාන කරුණක්, එට්කා ගිවිසුම වැනි හානිකර ක්‍රියාමාර්ග ඔස්සේ ඉන්දියාවේ ග්‍රහනයට ලංකාව නතුවෙමින් ඇති මොහොතක විමසා සිටීම අත්‍යාවශ්‍ය වූවකි. නමුත් විරුද්ධ පක්ශයෙන් ඉදිරිපත් වූ එම පැනයට අගමැතිවරයා දුන් පිළිතුර කුමක්ද?

    ඔහු කීවේ තමන් හින්දි භාශාව නොදන්නා නිසා මේ පිළිබඳව කීමට නොහැකි බවයි. ඔබ හින්දි දන්නේදැයි ඔහු ගම්මන්පිලගෙන පෙරලා ප්‍රශ්න කළේය. හින්දි භාශාව දන්නා පරිවර්ථකයෙකු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ නැතිදැයි ඇසූ විට මහින්ද රාජපක්ශ සමයේ චින දන්න පිරිස් ඇමරිකාවට යැවීමක් පිළුබඳ බයිලා කියවන්නට විය. බල්ලාගෙන් පටන්ගෙන මැක්කාගෙන් අවසන් කරන පොඩි එකාගේ රචනය මෙන් මේසා අතිශ්‍ය වැදගත් තීරණාත්මක පැණයට ප්‍රජාතන්ත්‍රවාදයෙන් අගතැම්පත්, බුද්ධියෙන් කෙළ පැමිනි අගමැතිවරයා දුන් පිළිතුර වූයේ රාජපක්ශ රෙජීමයට බැන වැදීමයි.

    ගම්මන්පිළ මන්ත්‍රීවරයා අගනැතිවරයාගේ මෙම තුච්ච පාදඩ හැසිරීම හමුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගණිකා වෘතියේ යෙදවීම හමුවේ ඉවසීමෙන් නිහඬ වුවද මා එදා සිතුවේ මොහුගේ හොම්බට දෙකක් ඇනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූයේ ඇයිද කියාය.

    වරෙක මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාගේ කතාවකට නිර්ලජ්ජිත ලෙස අගමැතිවරයා කළ බාධා කිරීම දෝරෙ ගලා ගියේය.

    මෙවරද සිදුවූයේ එයමය. 30 වසරක ජාතිවාදී කැරැල්කක් මැඩළූ මහින්ද රාජපක්ෂ මහතා අදත් ත්‍රස්තවාදීන්ගේ සහ ඔවුන්ට සහාය දෙන මෙරට සහ පිටරට විරුද්ධවාදීන්ගේ අංක එකේ සතුරාය. සුදු කොඩි කතාව කියා යුධ හමුදාව පාවා දුන් සරත් ෆොන්සේකා, ත්‍රස්තවාදීන් නිදහස් කරමින් හමුදා නිලධාරීන් සිරගත කරන වත්මන් පාලකයින් මෙන් නොව ත්‍රස්තවාදීන්ට සහ බටහිර යටත්විජිතවාදයට එරෙහිව අභීතව ක්‍රියාකළ මහින්ද රාජපක්ෂ මහතා එදත් අදත් එක ලෙස සතුරාගේ ඉලක්කයකි.

    හමුදා නිලධාරීන්, බුද්ධි අංශ සාමාජිකයින් නිසි සාක්ෂි නොමැතිව, අධිකරනය පවා අපහසුතාවට පත් කරවමින් සිරගත කරන වත්මන් පාලකයන් යුධ හමුදා ආරක්ෂාව ලබා ගැනීමට බියෙන් පසුවෙනවාදැයි නොදනිමි. ඒ කෙසේ වෙතත් ලොව දරුණුතම ත්‍රස්තවාදය මැඩලමින් තවමත් සක්‍රීය ජාතිවාදයට එරෙහිව දැවැන්තම ප්‍රහාරය එල්ලකල රටට සුවිශිෂ්ඨ මෙහෙයක් කළ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය හැකි ඉහළම ආරක්ෂාව ලබා දීම ජනාධිපතිවරයාගේත්, අගමැතිවරටා ප්‍රමුඛ රජයේත්, ජනතාවගේත් වගකීමකි. ඒ පිළිබඳව ප්‍රශ්න කළ විට සුපුරුදු පරුදි රනිල් වික්‍රමසිංහ හැසිරුනේ තුච්ඡ තක්කඩි විලාසයෙනි. තමාගේ හෙංචයියෙකු, හමුදාව පාවා දුන් අයෙකු ඉදිරියට දමා මඩ ගැසීමයි.

    ඒ අනුව, පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුට හිමි ප්‍රශ්න විමසීමේ හිමිකම යටපත් කරමින්, පිළිතුරු දීමට ඇති වගකීමෙන් නින්දාසහගත ලෙසින් පළා යමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ තක්කඩි ඒකාධිපති හැසිරීම මෙම තත්වයට හේතුවයි. දඬුවම් කළ යුත්තේ ඔහුටය.

    නමුත් කතානායකවරයාදා ඔහුගේ සුවච කීකරු සේවකයෙකු පමනක් වන තත්ත්වයක් තුළ එවන් සාධාරනයක් බලාපොරොත්තු විය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. Why should Ranil take the blame for the parliament brawl?? It was Dinesh Gunawardena and the so-called joint opposition that came on to the floor despite warnings by the speaker.

      Delete
    2. 100% true. respect u

      Delete
  2. https://www.facebook.com/notes/manjula-sumanadasa/56%E0%B6%B1%E0%B7%8A-2016%E0%B6%A7/966179950098029

    ReplyDelete
  3. 31:00: ඇයි දෙයියනේ මහින්දගේ කාලේ කොච්චර බෝට්ටු ඕස්ට්‍රේලියානු නාවික හමුදාව intercept කෙරුවද ලංකාවේ උන් එක්ක. ඉතින් ඒ කියන්නේ මහින්දගේ කාලේ ලංකාව අපායක්නේ?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions