එට්කා ගිවිසුමෙන් ලංකාව ඉන්දියාවට බිලි වේද?
2014 වසරේදී චීන ජනපති ජින්පින් මහතා ඉන්දියාවේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ඉන්දියානු අගමැතිතුමා ඔහු වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළේය. එනම් දෙරට අතර වෙළද පරතරය අවම කර ගැනුමට තමනට සහය වන ලෙසයි. ඉන්දියානු අගමැති මෝඩි මෙතරම් උනන්දු වූ මෙම වෙළද පරතරය පිළිබද කතාන්දරය කුමක්ද?
ලෝකයේ දෙවැනි විශාලම ආර්ථිකය (දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10 ක් පමණ) ඇත්තේ චීනයටයි. ඉන්දියානු ආර්ථිකය ලෝකයේ දස වැනියට විශාලතම ආර්ථිකයයි. (දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2 ක් පමණ) ඉන්දියාව වැඩියෙන්ම වෙළද ගනුදෙනු කරන්නේ චීනයත් සමඟය. 2015 වසර තුළ ඉන්දියාව විසින් චීනයට ඇ. ඩොලර් බිලියන 10 ක භාණ්ඩ අපනයනය කරත්දී චීනය විසින් ඉන්දියාවට ඇමරිකානු ඩොලර් බිලියන 62 ක පමණ භාණ්ඩ අපනයනය කර ඇත. එනිසා 2015 වසරේදී දෙරට අතර වෙළද පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 52ක් පමණ වේ. මෙම පරතරය 2014 වසරට සාපේක්ෂව සැළකිය යුතු ලෙස ඉන්දියාවට අවාසි සහගත ලෙස වර්ධනය වී ඇත. ඉන්දියාවේ වෙළද සහ කර්මාන්ත අමාත්ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඉන්දියානු ලොක් සභාව වෙත 2016 මාර්තු මස ලිඛිතව මෙම ගැටළුව ඉදිරිපත් කළාය. එහි මෙලෙස සඳහන්ව තිබුනි.
“චීනය වෙත අපනයනයන් නංවාලිමට සහ වෙළද පරතරය අඩු කර ගැනීමේ ඇති අවශ්‍යතාව ඉන්දියාව විසින් චීනය වෙත දිගු කලක් තිස්සේ අවධාරණය කරමින් ඇත. එය තිරසාර සහ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සංවර්ධනයකට ඉතා වැදගත් වේ.”
(http://economictimes.indiatimes.com/news/economy/foreign-trade/indias-trade-deficit-with-china-swells-to-51-9-billion-in-2015/articleshow/51394591.cms)
ලෝකයේ දෙවැනි විශාලම ආර්ථිකය (දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10 ක් පමණ) ඇත්තේ චීනයටයි. ඉන්දියානු ආර්ථිකය ලෝකයේ දස වැනියට විශාලතම ආර්ථිකයයි. (දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2 ක් පමණ) ඉන්දියාව වැඩියෙන්ම වෙළද ගනුදෙනු කරන්නේ චීනයත් සමඟය. 2015 වසර තුළ ඉන්දියාව විසින් චීනයට ඇ. ඩොලර් බිලියන 10 ක භාණ්ඩ අපනයනය කරත්දී චීනය විසින් ඉන්දියාවට ඇමරිකානු ඩොලර් බිලියන 62 ක පමණ භාණ්ඩ අපනයනය කර ඇත. එනිසා 2015 වසරේදී දෙරට අතර වෙළද පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 52ක් පමණ වේ. මෙම පරතරය 2014 වසරට සාපේක්ෂව සැළකිය යුතු ලෙස ඉන්දියාවට අවාසි සහගත ලෙස වර්ධනය වී ඇත. ඉන්දියාවේ වෙළද සහ කර්මාන්ත අමාත්ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඉන්දියානු ලොක් සභාව වෙත 2016 මාර්තු මස ලිඛිතව මෙම ගැටළුව ඉදිරිපත් කළාය. එහි මෙලෙස සඳහන්ව තිබුනි.
“චීනය වෙත අපනයනයන් නංවාලිමට සහ වෙළද පරතරය අඩු කර ගැනීමේ ඇති අවශ්‍යතාව ඉන්දියාව විසින් චීනය වෙත දිගු කලක් තිස්සේ අවධාරණය කරමින් ඇත. එය තිරසාර සහ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සංවර්ධනයකට ඉතා වැදගත් වේ.”
(http://economictimes.indiatimes.com/news/economy/foreign-trade/indias-trade-deficit-with-china-swells-to-51-9-billion-in-2015/articleshow/51394591.cms)
ඉන්දියානු පාර්ලිමේන්තුවේ ආණඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද චීනය සමඟ ගනුදෙනු වලදී සිය සෘණ වෙළද පරතරය උදෙසා දක්වන ආකල්පයයි මේ. ඔවුන් අවධාරණය කරන්නේ මෙම වෙළද පරතරය තම ආර්ථිකයට අයහපත් බවත් එම පරතරය අවම කර ගැනුමට චීන රජය ඉන්දියාවට සහයෝගය දැක්විය යුතු බවත්ය. මන්ද යත් මේ සෘණ වෙළඳ පරතරය ඉන්දියානු රුපියල දුර්වල වීම කෙරෙහි සහ ඉන්දියාවේ ණය බර වැඩි වීම යන කාරණා සමඟ බද්ධ වී ඇති බැවිනි.
අප රට කුඩා රටක් නිසා ඉන්දියාවට ආර්ථික වශයෙන් ලංකාව එතරම් වැදගත් නොවන බව ඇතැමෙක් පවසති. නමුත් එය සදොස් සිතිවිල්ලක් බව සංඛ්යා ලේඛන කියා පායි. අපනයනයේදී, ඉන්දියාවට ලංකාව කිසිසේත්ම කුඩා රටක් වි නැත. 2015 දි සිය ප්‍රමුඛතම ගනුදෙනු කරුවා වන, ඇමරිකානු ඩොලර් බිලියන 10,000ක ආර්ථිකයක් ඇති චීනය වෙත ඇමරිකානු ඩොලර් බිලියන 10ක භාණ්ඩ අපනයනය කරන ඉන්දියාව ඇමරිකානු ඩොලර් 80ක පමණ කුඩා ආර්ථිකයක් ඇති ලංකාව වෙත 2014 දී ඇමරිකානු ඩොලර් බිලියන 4 ක පමණ භාණ්ඩ අපනයනය කර ඇත. ලංකාව සමඟ වෙළද පරතරය ඉන්දියාව විසින් කාලානුරූපීව ඉහළ නංවා ගැනීමට සමත් වී ඇති අයුරු පහත ප්‍රස්ථාරයෙන් පිළිබිඹු වේ. මෙම වෙළද පරතරය වැඩි කර ගැනීම සඳහා දැනට පවතින 1998 දී චන්ද්‍රිකා මැතිණිය විසින් ඉන්දියාවේදී අනපේක්ෂිත ලෙස අත්සන් කළ ඉන්දු ලංකා නිදහස් වෙළද ගිවිසුම මනා පිටුවහලක් වී ඇති බව නොකිව මනාය.
ඉන්දියාවට චීනය සමඟ ඇති වෙළඳ පරතරයේ ගැටළුවට වඩා බරපතල ගැටළුවක්, ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ පරතරය සම්බන්ධයෙන් ඇත. ඉන්දියාව සහ චීනය අතර වෙළද පරතරය ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සෘණ 2.5% ක් පමණ වන අතර ලංකාවේ ඉන්දියාව සමඟ වෙළද පරතරය ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4.5% ක පමණ සෘණ අගයක් ගනියි.
ඉන්දියාව විසින් චීනය සමඟ වෙළද පරතරය අඩු කළ හැක්කේ කෙසේදැයි නිරතුරු සංවාදයක නිරත වෙයි. නමුත් ඔවුන් වැඩියෙන්ම ගනුදෙනු කරන චීනය සමඟ කිසිදු නිදහස් වෙළද ගිවිසුමක් සදහා යෝජනා කරන්නේ නැත. එවැනි ගිවිසුමක් මගින් ඉන්දියාවේ අවාසිය තව කිහිප ගුණයකින් වැඩි වන බව ඉන්දියාව දනියි.
දැන් ඉන්දියාව අපට බල කරන්නේ සේවා ගිවිසුමක් සඳහාද යා යුතු බවය. මෙහිදී ඉන්දියානු ආර්ථික චේතනාව අතිශය පැහැදිළිය. ලංකාව සමඟ භාණ්ඩ වෙළදාමේ පරතරය වැඩි කර ගන්නා අතරම ඔවුනගේ මිලියන 37 ක විරැකියාවෙන් පෙළෙන ජනතාවට යම් රැකියා ප්‍රමාණයක් ලංකාව තුළින් උත්පාදනය කිරීම හරහා සේවා වෙළදාමේ පරතරයද ඉහළ නංවා ලංකාව තුලින් තවත් විදේශ විනිමය ඉපැයීම ඔවුනගේ ආසන්නතම එක ආර්ථික චේතනාවකි. මෙලෙස සෘණ පරතරය ඉහළ නැංවී ආර්ථික වශයෙන් බෙලහීන වන ලංකාව සිය ග්‍රහණයට ගත හැකි බව ඉන්දියාව දනියි. අද වන විට විදේශ සංචිත හිඟ වී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පාමින් ඇති ලංකාව වෙත එට්කා ගිවිසුම අභිමුව තබා ඩොලර් මිලියන හත්සියයක ණය මුදලක් ඉන්දියාව විසින් ලබා දීම අමාරුවේ වැටුනු කෙනෙකුට කරන උපකාරයක් මෙන් පෙනී ගියද එය එක අතකින් ණය ලබා ගැනීම හරහා අසරණ වන ණය ගැතියාගේ තරුණ දුව කරකාර ගන්නට කරන බලපෑමක් විය හැකිය. ණයගැතියා සිය තරුණ දුව මහළු ණය හිමියාට සරණ පාවා දීමේ එට්කා නමැති ගිවිසුමට අත්සන් තැබීමට සැරසී සිටිනවා පමණක් නොව කසාදයට පෙර සිටම එම මහළු ණය හිමියා හට දුව සමඟ යහන්ගතවන්නට ඉඩ දීමකි ආන්දෝලනාත්මක ඉන්දියානු ගිලන් රථ ව්‍යාපෘතිය.
උත්ප්‍රාසජනක කාරණය වන්නේ ලංකා රජය සහ මෙරට උද්ධච්ඡ නමුත් අඥාන ආර්ථික විද්‍යාර්තීන් යැයි කියා ගන්නා ඊනියා උපදේශකයන් මේ පිළිබදව දක්වන දැඩි ඉන්දියානුවාදී ආකල්පයයි. රොහාන් සමරජීව, සමන් කැලේගම සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමී වසර ගණනක් තිස්සේ මේ සඳහා කැපවෙන පුද්ගලයින් තිදෙනෙකි. මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මෙම ගිවිසුම අත්සන් කිරීම සදහා මරාගෙන මැරෙන සටනක් දුන්නද ඔවුන් විසින් අවම වශයෙන් මෙම ගිවිසුමේ වාසි සහ අවාසි පිළිබදවවත් කිසිදු අධ්යයනයක් කර නැති බව ඒකාබද්ධ වෘත්තිකයන්ගේ ව්‍යාපාරය සමඟ පැවැත්වු සාකච්ඡාවලදී හෙළි විය. අවම වශයෙන් ප්‍රථමයෙන් මෙම නව එට්කා ගිවිසුම බලාත්මක කරනවා යයි පැවසූ තොරතුරු තාක්ෂණ ක්ක්ෂේත්‍රය හෝ නාවුක ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැනවත් ඔවුහූ කිසිදු අධ්යයනයක් කර නැති බව පිළිගත්තෝය. මොවුන් මෙලෙස ඉතාම වගකීම් විරහිත සහ හිතුවක්කාරී ස්වරුපයකින් ක්‍රියා කරන්නේ මේ දේශයේ අනාගතය උගසට තබමින් බවට ඔවුන කිසිදු හැඟීමක් නොමැති වීම රටේම අවාසනාවකි.
ඔවුන් පවසන්නේ ලෝකය තුළ රටවල් අද ගිවිසුම් ගසන බවත් අපට ලෝකය තුළ තනි විය නොහැකි නිසා අපද සෙසු රටවල් සමඟ ගිවිසුම් වලට යා යුතු බවත්ය. නමුත් එම අන්ධානුකරණ ගෝලියකරණ සංකල්පයට පමණක් යට වී කිසිදු හැදෑරීමකින් තොරව ගිවිසුම්වලට යෑමෙන් අපට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමකි. ලංකාව පැත්තේ සිටගෙන ලංකාවට සිදුවන වාසි අවාසි පිළිබද අවධානය යොමු කළ හැකි මනසක් මේ ඊනියා ජාත්යන්තරවාදීනට නැත. අප එලෙස කටයුතු කරන්නේ සැමවිටම ඉන්දියානු අභිලාෂයන් පෙරමුණෙහි තබා කටයුතු කරන, තව එක ඩොලරයක් හෝ ඉන්දියාවට රැගෙන එන්නේ කෙසේදැයි ගණන් බලන ඉන්දියානු නිලධාරීන් සමඟය.
අප මෙතෙක් පහැදිළි කළේ ඉන්දියාවේ ඉතා පහසුන්වෙන් පෙන්වා දිය හැකි ආර්ථික චේතනාවේ එක් අංශයක් පමණි. ඔවුනගේ අවසාන අභිප්‍රාය නම් අතිශය භයානකය. දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී ධනුස්කොඩි සිට මන්නාරම දක්වා ඉදි කරන පාලම පිළිබද සාකච්ඡා පැවැත්වු බව ඉර හද මෙන් පැහැදිළිය. ඔහු පාර්ලිමේන්තුවේදී තමා හින්දි නොදන්නා බව පවසමින් එම ප්‍ශ්නය මඟහරින්න සැදුවද ඉන්දියානු මාධ්යය සහ පාරිලිමේන්තුව මේ පිළිවදව වාර්තා කර තිබුනි. එට්කා ගිවිසුමට ඉන්දියාව සහ ලංකාව යා කරන පාලමද එක්වූ විට ඇතිවන තත්වය ඉතා භයානක වන බව වටහා ගැනීමට අමුතු බුද්ධියක් අවැසි නැත. එය නොතේරෙන්නේ වෙනත් කිසියම් පෞද්ගලික වාසියක් පතා සිටින්නකුට පමණි. එට්කා ගිවිසුමට අත්සන් කිරීමට ඉඩ හැරීම යනු අපට ලංකාද්වීපයම අහිමි වීමකි.
ලසන්ත වික්‍රමසිංහ
ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංසදය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .