එදා කුමාරතුංග මුණිදාස මහතාගේ මගුල් කෑම කතාවේ එන පරිදිම කුකුලාගමුව බිලි ගැනීමේ හිවලාගමුවේ උපාය අද ලංකාව ගිලගැනීමට ඉන්දියාව විසින් භාවිතා කරමින් ඇතැයිද, ඉන්දියාව වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලයින් ශ්‍රී ලංකා කණ්ඩායම තුලට රිංගා ගෙන සිටිද්දී ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණ ලබන්නේ කෙසේදැයි ප්‍රවීණ ආර්තික විශ්ලේෂක ආචාර්‍ය ලලිතසිරි ගුණරුවන් මහතා ප්‍රශ්න කර සිටී.
එට්කා ගිවිසුමේ ශ්‍රී ලංකා පාර්ශවයේ උපදේශකයන් කියාගන්නා අය මෙන්ම දේශපාලන නායකයන් ඉන්දියාවේ උවමනාව පරිදි අපට අතිශය අවාසිසහගත ලෙස එක්ටා ගිවිසුමට එකඟ වන්නේ කුමන සාධාරණ පදනමකින්දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී. දැනට ක්‍රියාත්මක නිදහස් වෙළඳ ගිවිසුම නිසා අප රටට කිසිඳු අමුතු වාසියක් ලැබී නොමැති බව ආර්ථික සමීක්ෂණ මගින් වෘත්තිකයන් විසින් තහවුරු කර ඇති වටපිටාවක ඒ ගිවිසුමේ අඩු පාඩු ටික වත් නිවරදි කර නොගෙන හිතුවක්කාරී ලෙස රට අගාධයට දමන ගිවිසුමකට එලඹීමට ආණ්ඩුව කඩිමුඩියේ දක්වන සූදානම පරාජය කළ යුතු බවද අවධාරණය කර සිටී.
යුතුකම සංවාද කවය විසින් පසුගියදා සංවිධානය කළ 'එට්කා ආක්‍රමණිකයා පරදවමු' යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයේදී දේශනයක් සිදු කරමින් ආචාර්‍ය ලලිතසිරි ගුණරුවන් මහතා මේ බව අවධාරණය කර සිටියේය.
ගුණරුවන් මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනයට මෙතනින් සවන් දෙන්න..
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .