5/25/2016

ETCA : ඉන්දීය උවමනා වෙනුවෙන් රට පාවාදෙන ඉන්දියානු ගැති තක්කඩි උපදේශකයන් පන්නනු ! -[Video]

කතෘ:යුතුකම     5/25/2016   1 comment

-ඉන්දියානු ගැති උපදේශකයන්ට මොළයක් තියෙනවා නම් මේ ප්‍රශ්නවලට උත්තර දිය යුතුයි.

ඉන්දියාවට චීනය සමඟ වෙළඳ පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස -2.5% කි. මෙය බරපතළ ගැටළුවක් සේ දකින ඉන්දියාව මෙම පරතරය අවම කරගැනුමට චීනය සමඟ සාකච්ඡා කරයි. ඉන්දියාව වැඩියෙන්ම වෙළදාම් කරන චීනය සමඟ කිසිදු වෙළඳ ගිවිසුමකට හෝ විස්තීර්ණ ආර්තික ගිවිසුමකට හෝ යෝජනා කරන්නේ නැත. නමුත් ඔවුන්ට ධන වෙළඳ පරතරයන් ඇති අසළ කුඩා රටවලට ඉන්දියාව විසින් වෙළඳ ගිවිසුම් සහ සේවා ගිවිසුම් යෝජනා කරයි. ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස -4.5% කි. එනිසා දැනටත් ලංකාවට ඉන්දියාව සමඟ වෙළදාමේදී ඉන්දියාවට චීනය සමඟ වෙළදාමට වඩා බරපතළ ප්‍රශ්නයක් ඇත.

.

මේ වෙළඳ හිඟය රටක් විදියට අපි පියවන්න වෙනවා. කොහොමද ඒක පියවෙන්නේ?
ඒකට ක්‍රම තුනයි තියෙන්නේ.
1. විදේශවල රැකියා කරලා ලංකාවට මුදල් එවීම. හරි පැහැඳිළියි මේකේ යථාර්තය තමයි මැදපෙරදිගට අපේ ම්ව්වරුන් විකිණීම වැඩි වෙන එක.
2. ණය ගන්න වෙනවා. එතකොට ඒ ණය උගුලේ අපි හිර වෙනවා.
3. විදේශීය ආයෝජනයන් ලංකාවට ලැබෙන්න ඕනා.

පළවෙනි දෙකම ඉතාම අහිතකර බව කාටත් වැටහෙනවා. අපට කිසියම් සංවාදයක් කළ හැක්කේ විදේශීය ආයෝජනයන් ලංකාවට එනවද කියන කාරණය උඩ පමණයි. ඉන්දියානු ආයෝජකයා ලංකාවේ ආයෝජනය කළොත් ඔවු සතු ඉහළ ප්‍රාග්ධනය සහ අඩු මිල ශ්‍රමය භාවිතා කරලා දේශීය ව්‍යවසායකයා මේ සමීකරණයෙන් ඉවත් කෙරෙනවා. එතකොට ලාංකිකයන්ට උරුම වෙන්නේ විරැකියාව. ඉන්දියානු ආයෝජකයා රැකියා අවස්ථා ලබා දෙන්නේ ඉන්දියානුවන්ටයි.
දැන් මේ අය කියනවා ඉන්දියාව එක්ක ගිවිසුම් ගැහුවම බටහිර රටවලින් ඇමරිකාවෙන් ආයෝජකයා මෙහේ එනවා කියලා. ඉන්දියාවත් එක්ක ගිවිසුමක් ගැහුවහම බටහිර ආයෝජකයා මෙහේ එන්නේ ඉන්දියාව වෙළඳපල බලා ගෙන කියලා මේ උගත්තු කියන්නේ. ඉන්දියාවට බඩු විකුණන්න නම් ඔවුන්ට වඩාත්ම සුදුසු රට ඉන්දියාව. ඔවුන් කුමන හේතුවක් නිසාද ඉන්දියානු වෙළඳපළ දෙස බලාගෙන ලංකාවේ ආයෝජනය කරන්නේ කියලා මේ අය කියන්නේ නෑ. 



ඉන්දියාව සිය පරතරය අඩු කර ගන්නට චීනයේ සහය පතන අතර ලංකාවේ උපදේශකයි පවසන්නේ තව තව පළල් කරමින් ඉන්දියාව සමඟ ගිවිසුම්ගත විය යුතු බවය. මෙම ඉන්දියානු ගැති උපදේශකයින් තිදෙනා මෙම උපදේශන කාර්යයෙන් ඉවත් කළ යුතුය.
තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංසදයේ (SITP) ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් යුතුකම සංවාද කවය මඟින් සංවිධානය කළ එට්කා ආක්‍රමණිකයා පරදවමු සම්මන්ත්‍රණයේ දී දැක්වූ අදහස් -

 

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. බයියෝ මොනවා කිව්වත් රනිල් ඕක සයින් කරනවා. අපි චන්දෙ දීලා ආණ්ඩුවක් හැදුවේ බයියොන්ට ඕන විදියට කරන්ඩ නෙමෙයි. උඹල හිටපන් උඹලගේ ආණ්ඩුවක් ආපහු එනකන්.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions