7/24/2016

බැසිල් ප්‍රශ්නය සහ නිර්මාල් මහතාගේ ප්‍රශ්නය

කතෘ:යුතුකම     7/24/2016   2 comments

-යොහාන් නාලක විජේනායක-
ආචාර්ය නිර්මාල් රන්ජිත් මහතා පසුගිය 'ඉරිදා' පුවත්පතේ අනෙකාගේ කොලමට "බැසිල් ප්‍රශ්නය" නමින් ලිපියක් ලියා ඇත.

ඔහුගේ ලිපියේ සාරාංශය වනුයේ, පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුල බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔහු වටාම කේන්ද්‍ර කොටගත් යම්කිසි සැලකියයුතු වැඩ ප්‍රමාණයක් සිදුකල බවත්, ආචාර්ය නිර්මාල්ගේ අත්දැකීම් වලට අනුව එවකට බැසිල් යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති වල හවුල් කරුවන් ඉතා කෙටි කළකින් විශාල ධනවතුන් වූ බවත් දැන් මේ බැසිල් රාජපක්ෂගේ ආගමනය රාජපක්ෂවාදීන්ගේ කඳවුර තුල සිටින "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ව” තුල යම් ආතතියක් ඇති කිරීමට සමත්ව ඇති බවත්, අවසානයේ බැසිල් රාජපක්ෂ විසින් සිය ප්‍රතිවාදීන් වන "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්" තීරණාත්මක ලෙස පරාජයට පත්කර ඇති බවත්ය.

මෙහිදී මුලින්ම නිර්මාල් මහතා සඳහන් කරන "රාජපක්ෂවාදීන්" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ව” කවුරුන්ද යන වග පැහැදිලි කරගත යුතුව ඇත. නිර්මාල් මහතා මෙහි "රාජපක්ෂවාදීන්" ලෙස හඳුන්වා ඇතතේ පසුගිය අවුරුදු 10ක පාලනයකින් අනතුරුවද තව දුරටත් මහින්ද රාජපක්ෂවම බලයේ තබා ගත යුතුය යන විශ්වාසය ඇති සහ ඒ වෙනුවෙන් කටයුතු කරන පිරිස ගැන විය යුතුය. නිර්මාල් මහතාට අනුව මේ පිරිස හුදු "රාජපක්ෂවාදීන්" වුවද ඔවුන් තව දුරටත් මහින්ද බලයේ සිටීම අපේක්ෂා කරනුයේ ඔවුන් හුදු "රාජපක්ෂවාදීන්" නිසා නොව මේ අවස්ථාවේ මහින්ද හැර වෙනත් සුදුසු විකල්පයයක් නොමැති බව ඔවුන් විශ්වාස කරන නිසාය. ඔවුන්ගේ ඒ විශ්වාසය නිර්මාල් මහතා ඇතුළු ප්‍රබුද්ධ පරපුරේ යහපාලන බලාපොරොත්තුවට වඩා ප්‍රායෝගික බව මේ වනවිට බොහෝ දෙනා අවබෝධ කරගෙන ඇතුවාට සැක නැත. තවද "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්” යනුවෙන් නිර්මාල් මහතා පැත්තකට කොන් කරන්නට උත්සහ කරන්නේ මේ රටේ ජිවත් වන සිංහල බෞද්ධ බහුතරයයි. නිර්මාල් මහතා කියන ආකාරයට සිංහල/දෙමල වශයෙන් බෙදී/වෙන්වී ජිවත් වීම ප්‍රතික්ෂේප කරන එක රටක් තුල එක්ව ජිවත් වීම අපේක්ෂා කරන සිංහල බෞද්ධ බහුතරයයි.

බැසිල්ගේ ආගමනය "රාජපක්ෂවාදීන්ට" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට" ගැටළුවක් වනුයේ, රටේ සමහර පිරිස් බැසිල් ගැන ඇති නොකමැත්තත්, බැසිල් විසින් පහුගිය රජය යටතේ කෙරුණු බොහොමයක් ව්‍යාපෘති ඔහු වටා කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන ගිය බවට ඇති රාවයත්ය.

"රාජපක්ෂවාදීන්ට" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට" අනුව, රට දෙකඩ කරමින්, අපේ රැකියා වෙළඳ පොළ ඉන්දියාවට පාවා දෙමින්, රටේ මහා බාන්ඩාගාරය ඇතුළු සියලු සම්පත් මහා දවාලේ කොල්ල කමින්, නීතිය සහ අධිකරණයට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් අන්ත ඒකාධිපතිත්වයක් කරා යන මෙම ආණ්ඩුව පන්නා දැමිය යුතුය. එසේ පන්නා දැමීමට බැසිල් යම්කිසි අයුරකින් බාධාවක් වේ නම් රාජපක්ෂ කෙනෙකු වුවද ඔහු අතහැර දැමීමට "රාජපක්ෂවාදීන්" දෙවරක් නොසිතනු ඇත. එපමණක් නොව, මේ යහපාලන ආණ්ඩුව පලවා හැර පත්වන නව රජයක යහපත් පැවැත්ම සඳහා බැසිල් බාධාවක් වේ නම් එවන් අවස්ථාවන් වලදීද බැසිල් අතහැර දැමීමට මෙම "රාජපක්ෂවාදීන්" පසුබට නොවනු ඇත. ඒ ඔවුන් හුදු "රාජපක්ෂවාදීන්" නොවන බැවින් සහ ඔවුන් තම රටට ජාතියට ආදරය කරන පිරිසක් වීම නිසාය. එපමණක් නොව රටේ සාමාන්‍ය ජනයා තුලින් ඉහලට ගලන දේශපාලනක් මේ "රාජපක්ෂවාදීන්" අපේක්ෂා කරන බැවිනි.

එනමුදු බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නැගෙන චෝදනා කිසිවක සත්‍ය/අසත්‍ය තාවය අප හරි හැටි නොදන්නා බැවිනුත්, එවැනි අක්‍රමිකතා සිදු කල අය තරාතිරම නොබලා නිතිය ඉදිරියට ගෙන එන බව ප්‍රතිඥා දුන් නිර්මාල් මහතාලාගේ යහපාලන ආණ්ඩුවෙන් ඒ ගැන හාංකවිසියක් නැති බැවිනුත්, බැසිල් මහතාගේ ආගමනය "රාජපක්ෂවාදීන්ට" එතරම් ගැටළුවක් නොවනු ඇත. "රාජපක්ෂවාදීන්" එය තමන් ලැබූ තීරණාත්මක පරාජයක් ලෙස නොසලකනු ඇති අතර බැසිල් පමණක් නොව "රාජපක්ෂවාදීන්" නියෝජනය අනෙක් සියලු දේශපාලන නියෝජිතයන්ද පහලින් ගලන විවේචන වලට සවන්දිය යුතුය යන්න "රාජපක්ෂවාදීන්ගේ" අපේක්ෂාවය. එම දේශපාලන නියෝජිතයන් අතින් එය සිදු නොවේනම් ඔවුන් හඳුනා ගැනීමම "රාජපක්ෂවාදීන්" ලබන ජයග්‍රහණයකි.

එමනිසා බැසිල් ආගමනය නිසා "රාජපක්ෂවාදීන්ට" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට" පසුබසින්නට උනා යැයි කියන නිර්මාල් මහතාගේ කිඹුල් කඳුළු හෝ සිංහ නාද ඔවුන්ට වැදගත් නැත.එපමණක් නොව මෙසේ "බැසිල් ප්‍රශ්නයට" මුවා වී නිර්මාල් මහතා සඟවා ගන්නට හදන්නේ යහපාලනයට දරදිය ඇද හෙම්බත්වුනු "ඔහුගේ ප්‍රශ්නය" බව අපට පැහැදිලිය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. Idiot, druda sinhala jathikavadin are the minority like Wimal and gammanpila, and not the sinhala buddhist majority.

    ReplyDelete
  2. How exactly do you know?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions