7/03/2016

අර්ජුන් මහේන්ද්‍රන් හොරාද? අත් උදව් කරුවාද? [Video]

කතෘ:යුතුකම     7/03/2016   No comments

-යටියන ප්‍රදීප් කුමාර-

මහ බැංකු මහ හොරකමේ මහ මොළකරුවා කවුද?

හවුල් ආණ්ඩුවේ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තම මහබැංකු අධිපතිධූරය අහිමි වී අවසන්ය. 2015 ජනවාරි 08 ආ
ණ්ඩුව පත් වී දින සියයෙන් බාගයක් යන්නට මත්තෙන් සිදු වූ කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩිය පිළිබඳ මේ වන විට නම් බොහෝ දෙනා බොහෝ දේ කියා තිබේ. ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය තව දුරටත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධූරය දික් කරගැනීමට කළ හැකි හැම උත්සාහයක්ම දැරූ බව දැන් රහසක් නොවේ.  විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට වඩා කිට්ටුවන්ත ඇමතිවරුන් එය තමන්ගේ කරට ගෙන ක්‍රියාකරන අයුරක් පසුගිය කාලය පුරාම නිරීක්ෂණය කළ හැකි විය. "ලොක්කගේ මිනිහා" වෙනුවෙන් ඔවුන්ගේ උත්සාහය (දැනට) අපතේ ගොස් තිබේ. රනිල් පාර්ශවය මහේන්ද්‍රන් තබා ගැනීමට කොතරම් නූල් සූත්තර ඇඹරුවත් සමාජයෙන් ඒ වෙද්දී බැඳුම්කර මගඩිය පිළිබඳ එල්ලවී ඇති ප්‍රතිවිරෝධය හමුවේ රනිල්ලාගේ ඒ උත්සාහය (තාවකාලිකව හෝ) අසාර්ථක වීය.

විශ්ලේෂකයන් පවසන කරුණ නම් මේ මගඩිය හරහා රටට සිදුවී ඇති අලාභය මහවැලි ව්‍යාපාර දෙක තුනක් හදන්නට තරම් සෑහෙන විශ්වාස කිරිමට පවා අපහසු තරමේ දැවැන්ත මුදලක් බවයි. කෝප් කමිටුව හරහා දැනට කෙරෙන සොයා බැලීම මගින් මේ පිළිබඳ නිවරදි චිත්‍රය නිවරදි පරිමාණයෙන් හෙළි වෙතැයි යන්න බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.


බොහෝ දෙනා මේ පිළිබඳ චෝදනා එල්ල කිරීමේදී අර්ජුන් මහේන්ද්‍රන් වෙත හුදකලාවත් , තවත් සමහරෙක් අර්ජුන්-රවී යුගලයටත් චෝදනා එල්ල කරනු පෙනේ. ඒ බොහෝ දෙනා හිතා මතා හෝ නොසිතාම රනිල් වික්‍රමසිංහ මහතා මේ චිත්‍රයෙන් ඉවත් කර කතාව ගලපාගෙන තිබේ.

නමුත් එය සැබෑවක්ද?

එතෙක් කලක් පැවැති සම්ප්‍රදාය බිඳ හෙළමින් මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා අගමැති යටතේ පවතින ආර්ථික කටයුතු අමාත්‍යාංශයට යා කරගත්තේ කවුද?
ණ්ඩුව තුල එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ ප්‍රබල ඇමති වරුන් පවා දැඩිව විරෝධය පළ කරද්දී එදා 2015 ජනවාරි මහ බැංකු අධිපතිධූරයට අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන්නේ කවුද?
(ඒ වෙද්දී අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා කොටස් ගණුදෙනු ව්‍යාපාරයේ නිරතවීම නිසා තමන් ඔහුට විරුද්ධ වූ බව රජයේ එජාප ඇමතිවරයෙක් මෑතකදී හෙළි කර තිබිණ. ඒ අනුව මේ සිදු වී ඇති මංකොල්ලය නොදැනුවත්කමින් සිදුවූවක් ලෙස අත හැර දැමිය යුත්තක් නම් නොවන බව පැහැදිළිය. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරගත්තේම මේ සඳහා යැයි සැක කිරීම අසාධාරණ නොවේ. )
පළමු බැඳුම්කර මගඩියේන් පසු ඒ පිළිබඳ විධිමත් නීතිමය පියවර ගැනීම වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ සිරිකොතට සෘජුව සම්බන්ධ නීතිඥයන් තුන් දෙනෙකු හරහා පරීක්ෂණයක් යැයි කියා ඇස්බැන්දුමක් කර අර්ජුන් මහේන්ද්‍රන්ට තවත් තහවුරු වන්නට ඉඩ දුන්නේ කවුද?. (අඩු තරමින් ඒ අවස්ථාවේ මෙය වලක්වා ගත්තා නම් 1016 මැයි සිදු වූ දෙවන බැඳුම්කර මගඩිය නවතා ගත හැකිව තිබිණ.)
දින 100 ආණ්ඩුවේ කෝප් කමිටුව විසින් මේ බැඳුම්කර මගඩිය හෙළි කරමින් පාර්ලිමේන්තුවට වාර්ථාවක් ඉදිරිපත් කිරීම නවතා ලමින් ඊට කලින් දා රාත්‍රියේ ආන්ඩුව විසුරුවා හැරීම හරහා සිරිසේන ජනාධිපතිවරයා විසින් බේරාගත්තේ කවුද?
තවත් බොහෝ කරුණු තිබේ.නමුත් මේ ටික සෑහේ.

අද හදිසියේ අවදි වී බැඳුම්කර හොරකමෙන් රට බේරාගත් වීරයන් සේ රඟන යහපාලනය වෙනුවෙන් කඩේ ගොස් ඇඳි වතද අහිමි කරගෙන සිටින විකල්ප ගෝත්‍රයේ තක්ක්කඩි ආචාර්‍යවරුන් ඇතුළු බොරු කාරයන් අද කුමක් කීවද එදා බැඳුම්කර මගඩිය පිළිබඳ ආචාර්‍ය නාලක ගොඩහේවා අදී වියතුන් නොබියව අදහස් පළ කරද්දී මේ තක්කඩියන් කළේ ඒවාට සිනහසීමය. එසේත් නැත්නම් එම චෝදනා නගන්නගේ සුජාතභාවයේ ඇද කුද සෙවීමය.
නමුත් තවදුරටත් මේ මළකුණේ ගඳ වසං කර ඉදිරියට යාම අපහසු බැවින් අද ඔවුන් තාලය මාරු කර තිබේ. නමුත් තාලය වෙනස් වුවත් මේ තක්කඩියන් ගයන්නේ එකම බයිලාව බව අමතක නොකළයුතුය.

මීට වසරකට පමන ඉහත යුතුකම සංවාද කවය පැවැත්වූ "වෙනස සැපද?" ගාලු සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා මේ බැඳුම්කර මගඩියේ සැබෑ මහමොළකරුවා කවුද යන්න පිළිබඳ සිදු කළ මේ හෙළිදරව්ව අද වඩා හොඳින් පැහැදිලි වී ඇතිවා නොවේද?

ගෙවිඳු කුමාරතුංග මහතාගේ කතාවට මෙතනින් සවන් දෙන්න.


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/
yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions