-උදය ප්‍රභාත් ගම්මන්පිල-ඒ 1930 මාර්තු 12 දිනයි. ඉන්දියාවේ පමණක් නොව ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් පැමිණි මාධ්‍යවේදින් සිය ගණනක් සබාර්මති ආශ්‍රමය අවට කඳවුරු ලා ගෙනය. ඒ සියළුම දෙනාගේ බලාපොරොත්තුව ලොව වෙනස් කරන ප්‍රවෘත්තියක් ලොවට වාර්තා කිරීමටයි. ජීවිත පූජා කිරීම අරමුණු කර ගත් පාද යාත්‍රාවක් එදින අරඹන බව මහත්මා ගාන්ධි පවසා දැන් සති ගණනක් ගත වී ඇත. 1930 ජනවාරි මස 26 දින “ඉන්දියාවෙන් වහා පිටවනු“ යන දැනුම් දීම ඉන්දියානු කොංග්‍රස විසින් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදින්ට කිරීමෙන් පසු ඇරඹෙන පළමු සටන වීමෙන් එයට තවත් වැදගත්කමක් එකතු වී තිබිණි.
පෙනුමෙන් කුඩා ක්‍රියාවෙන් අහිංසක මහත්මා ගාන්ධි අභියෝග කරන්නේ සුළු පටු අයෙකුට නොවේ. ඒ හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලත් ඉංග්‍රිසි අධිරාජ්‍යටයි. කැනඩාවේ සහ පෝක්ලන්තයේ සිට නවසීලන්තය දක්වාම ලෝකය පුරාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසිරී පැවැති හෙයින් දවසේ පැය විසි හතර පුරාම අධිරාජ්‍යයේ කොතැන හෝ තැනක හිරු පායා තිබිණි. ඒ දැවැන්ත අධිරාජ්‍යය හකුලා ගෙන යළි බ්‍රිතාන්‍ය දක්වා පසු බැසීමට ඉංග්‍රීසින්ට සිදු වූයේ මෙම පා ගමන හේතුවෙනි.
ඉංග්‍රීසි ආණ්ඩුව විසින් බලපත්‍රයක් ලබා ගැනීමෙන් තොරව ලුණු නිෂ්පාදනය කිරීම තහනම් කර තිබිණි. ලුණු සඳහා දැවැන්ත බද්දක් ද පනවා තිබිණි. මෙම පා ගමනේ අරමුණ වූයේ එම නීතිය බිඳ බලපත්‍රයකින් තොරව ලුණු නිෂ්පාදනය කර ඉංග්‍රීසින්ගේ ආධිපත්‍යයට අභියෝග කිරීමයි. සබාර්මති ආශ්‍රමයෙන් පා ගමන අරඹන විට එයට එක් වී සිටියේ ගාන්ධි විසින් තෝරා ගත් 79දෙනෙකු පමණි. නමුත් දින 24ක් පුරා කිලෝ මීටර් 390ක් දුරක් ගෙවා පා ගමන අප්‍රේල් 6 දින ඩැන්ඩි වෙරළට ලඟා වන විට දශ ලක්ෂයකට අධික පිරිසක් ඔහුට එක් වී සිටියහ. ඉන්දියාව පුරා තවත් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගාන්ධි සමග නීතිය බිඳ ලුණු නිෂ්පාදනයට වෙරළට පැමිණ සිටියහ.
ලුණු පා ගමන හේතුවෙන් බහුල වශයෙන් ඉන්දියානු ප්‍රභූන්ට සීමා වී තිබුණු ඉන්දියානු නිදහස් සටන සාමාන්‍ය ජනතාව අතරට ගිය බව ඉතිහාසඥයින්ගේ මතයයි. ඒ වගේම ඉන්දියානු කාන්තාවන් ද ක්‍රියාකාරිව නිදහස් සටනට එක් වූයේ ලුණු පා ගමනෙනි. ඒ කෝටි සංඛ්‍යාත ජනතාවගේ අරගලය නොසලකා සිටීමට ඉංග්‍රිසින්ට නොහැකි වීමෙන් ඉන්දියාවට නිදහස ලබා දීමට සිදු විය. ඉන්දියානු නිදහස් අරගලයේ ආශ්වාදයෙන් නිදහස් සටන් ඇරඹූ අනෙකුත් යටත්විජිතයන්ට ද ඉදිරි දශක දෙක තුල සම්පූර්ණයෙන්ම නිදහස ලැබුණේ මහත්මා ගාන්ධිගේ ලුණු පා ගමන ලෝක ඉතිහාසය වෙනස් කරමිනි.
ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගනිමින් ඒකාබද්ධ විපක්ෂය ද පා ගමනක් සංවිධානය කර තිබේ. ඒ ඉංග්‍රිසි අධිරාජ්‍යවාදින් ඉන්දියාව පෙලූ අයුරින් ඇමෙරිකානු සහ ඉන්දියානු අධිරාජ්‍යවාදින් සිය රූකඩ ආණ්ඩුවක් හරහා ලංකාවේ ජනතාව පීඩාවට පත් කරන හෙයිනි.පෙනුමෙන් කුඩා ක්‍රියාවෙන් අහිංසක මහත්මා ගාන්ධි අභියෝග කරන්නේ සුළු පටු අයෙකුට නොවේ. ඒ හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලත් ඉංග්‍රිසි අධිරාජ්‍යටයි. කැනඩාවේ සහ පෝක්ලන්තයේ සිට නවසීලන්තය දක්වාම ලෝකය පුරාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසිරී පැවැති හෙයින් දවසේ පැය විසි හතර පුරාම අධිරාජ්‍යයේ කොතැන හෝ තැනක හිරු පායා තිබිණි. ඒ දැවැන්ත අධිරාජ්‍යය හකුලා ගෙන යළි බ්‍රිතාන්‍ය දක්වා පසු බැසීමට ඉංග්‍රීසින්ට සිදු වූයේ මෙම පා ගමන හේතුවෙනි.
ඉංග්‍රීසි ආණ්ඩුව විසින් බලපත්‍රයක් ලබා ගැනීමෙන් තොරව ලුණු නිෂ්පාදනය කිරීම තහනම් කර තිබිණි. ලුණු සඳහා දැවැන්ත බද්දක් ද පනවා තිබිණි. මෙම පා ගමනේ අරමුණ වූයේ එම නීතිය බිඳ බලපත්‍රයකින් තොරව ලුණු නිෂ්පාදනය කර ඉංග්‍රීසින්ගේ ආධිපත්‍යයට අභියෝග කිරීමයි. සබාර්මති ආශ්‍රමයෙන් පා ගමන අරඹන විට එයට එක් වී සිටියේ ගාන්ධි විසින් තෝරා ගත් 79දෙනෙකු පමණි. නමුත් දින 24ක් පුරා කිලෝ මීටර් 390ක් දුරක් ගෙවා පා ගමන අප්‍රේල් 6 දින ඩැන්ඩි වෙරළට ලඟා වන විට දශ ලක්ෂයකට අධික පිරිසක් ඔහුට එක් වී සිටියහ. ඉන්දියාව පුරා තවත් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගාන්ධි සමග නීතිය බිඳ ලුණු නිෂ්පාදනයට වෙරළට පැමිණ සිටියහ.
ලුණු පා ගමන හේතුවෙන් බහුල වශයෙන් ඉන්දියානු ප්‍රභූන්ට සීමා වී තිබුණු ඉන්දියානු නිදහස් සටන සාමාන්‍ය ජනතාව අතරට ගිය බව ඉතිහාසඥයින්ගේ මතයයි. ඒ වගේම ඉන්දියානු කාන්තාවන් ද ක්‍රියාකාරිව නිදහස් සටනට එක් වූයේ ලුණු පා ගමනෙනි. ඒ කෝටි සංඛ්‍යාත ජනතාවගේ අරගලය නොසලකා සිටීමට ඉංග්‍රිසින්ට නොහැකි වීමෙන් ඉන්දියාවට නිදහස ලබා දීමට සිදු විය. ඉන්දියානු නිදහස් අරගලයේ ආශ්වාදයෙන් නිදහස් සටන් ඇරඹූ අනෙකුත් යටත්විජිතයන්ට ද ඉදිරි දශක දෙක තුල සම්පූර්ණයෙන්ම නිදහස ලැබුණේ මහත්මා ගාන්ධිගේ ලුණු පා ගමන ලෝක ඉතිහාසය වෙනස් කරමිනි.
ශ්‍රී ලංකාව අද පංච විධ අර්බූදයකට මුහුණ පා තිබේ. එකී අර්බූදයන් පහ එකිනෙකා අතර වෙලෙමින් එකිනෙකා විනාශ කරමින් සමස්ත රාජ්‍යයම ප්‍රපාතයකට තල්ලු කරමින් තිබේ. රටට නිසි නායකයෙකු නොසිටීම දේශපාලන අර්බූදයයි. ජනපති සිරිසේන මෙන්ම අගමැති රනිල් ද සිතන්නේ තමන් රටේ නායකයා ලෙසයි. 2015 අගෝස්තු මස 17 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සැප්තැම්බර් 03 දින තුරු ඇමති මණ්ඩලයක් පත් කිරීමට නොහැකි වූයේ ද සැප්තැම්බර් 23 තුරු අමාත්‍යාංශ අතර ආයතන සහ විෂයන් බෙදීම කළ නොහැකි වූයේ ද මෙම නායකයින් දෙදෙනාගේ කඹ ඇදීම හේතුවෙනි. 2016 ජූලි 01 දින උදා වූයේ ශ්‍රී ලංකාවට මහ බැංකු අධිපතිවරයෙකු නොමැතිවය. එය ලොව කලාතුරකින් වන සිදුවීමකි. එසේ සිදු වූයේ නායකයින් දෙදෙනාගේ කඹ ඇදීම හේතුවෙනි.
ජනපති සහ අගමැති එක් කර මෙම ආණ්ඩුව බිහි කිරීමට පුරෝගාමි කාර්රය කලේ තමන් බැවින් රට පාලනය විය යුත්තේ තමන්ට රිසි අයුරින් යැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා සිතයි. එමෙන්ම ඇමෙරිකානු සහ ඉන්දියානු තානාපතිවරුන් ද ලංකාව පාලනය විය යුත්තේ තමන්ට රිසි අයුරින් යැයි සිතති. එක්ටා සහ හනුමා පාලම ඉන්දියානු න්‍යාය පත්‍රයේ ඉහලින්ම තිබෙන අතර යුද අපරාධ අධිකරණය සහ පෙඩරල් ව්‍යවස්ථාව ඇමෙරිකානු න්‍යාය පත්‍රය අනුව ප්‍රමුඛ කාර්රයන්ය. එබැවින් අද ලංකාව ආඬි පස්දෙනෙකුගේ කැඳ හැලිය බවට පත් වී ඇත.
දෙවන අර්බූදය වන්නේ පරිපාලන අර්බූදයයි. ආණ්ඩුවේ නිලධාරින් හයසීයකට
වැඩි පිරිසක් එෆ්සිඅයිඩි ගෙන ගොස් ප්‍රශ්න කර ඇත. ඒ අතර විශාල පිරිසකට නඩු පැවරීම මෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ද සිදු කර ඇත. ඒ හේතුවෙන් නිලධාරින්ට එෆ්සිඅයිඩී භීතිකාවක් වැලඳී ඇත. එබැවින් රාජ්‍ය නිලධාරින් තීන්දු ගැනීමට දැන් මැලිය. තීන්දු ගත්තත් නැතත් ඔවුන්ට මාස් පතා වැටුප් ලැබේ. තීන්දු ගත් විට ආණ්ඩු පෙරලියකින් පසු පොලිස් අත්අඩංගුවට පත් වීමේ අවදානමක් ඇත. එබැවින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය හදිසියේ ක්‍රියා විරහිත වී ඇත. නාය යෑමෙන් ජල ගැලීම් වලින් මෙන්ම සාලාව ගින්නෙන් අවතැන් වූවන්ට මෙතෙක් සහන නොලැබී ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණයට වැලඳී ඇති එෆ්සිඅයිඩී භීතිකාව හේතුවෙනි.
තෙවන අර්බූදය වන්නේ ආර්ථික අර්බූදයයි. ශ්‍රී ලංකාව ආනයන මත යැපෙන රටකි. ආහාර, ඇඳුම්, ඖෂධ, විදුලි උපකරණ, යන්ත්‍ර සූත්‍ර, වාහන සහ ඉන්ධන යනා දී අත්‍යාවශ්‍ය බොහෝ දේ පිටරටින් ආනයනය කරනු ලබයි. ආණ්ඩුව මුහුණ දී සිටින විදේශ විනිමය හිඟය හේතුවෙන් ඉදිරියේ දී ණය ගෙවීමට පමණක් නොව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම ද දුෂ්කර වනු ඇත. එමෙන්ම ආනයන බදු මත රැඳුනු රාජ්‍ය ආදායම පහත වැටීමෙන් තව තවත් ජනතාව මත බදු බර පැටවෙනු ඇත.
සිව්වන අර්බූදය වන්නේ ආරක්ෂක අර්බූදයයි. උතුරෙන් හමුද කඳවුරු ඉවත් කරමින් තිබේ. භයානක කොටි ත්‍රස්තවාදින් ජනපති සමාවෙන් සිර ගෙදරින් නිදහස් වන විට රණවිරුවන් තොග ගණනින් අත්අඩංගුවට පත් වෙමින් සිටිති. නව ව්‍යවස්ථාවෙන් දෙමළ බෙදුම්වාදින් අපේක්ෂා කරන බලය බෙදීම සිදු වුවහොත් රණවිරුවන් දිවි පුදා දිනා ගත් බිම් සදහටම යළි අහිමි වනු ඇත. යාපනයේ සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් පහර දී විශ්ව විද්‍යාල බිමින් ඉවත් වන මෙන් නියෝග කිරීම ලංකාව යළි 1983ට ගමන් කරමින් තිබෙන බවට කදිම සාක්ෂියකි.
පස්වන අර්බූදය වන්නේ සමාජ අර්බූදයයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් යලි පාතාලය හිස ඔසවා තිබේ. මත්කුඩු මිළ තුන් ගුණයකින් පහත වැටීමෙන් පෙනී යන්නේ එය දැන් සුලබව තිබෙන බවයි. මිනීමැරුම්, ස්ත්‍රි දූෂණ, කප්පම් ලබා ගැනීම් මෙන්ම වාහන අනතුරු ද පසුගිය වසර දෙකේ ඉහළ යෑමෙන් පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයයි.
මෙම “වැඩ බැරි ආණ්ඩුව“ මෙම අර්බූදයන්ට පිලිතුරු සෙවීමට ගෙනෙන විසඳුම් හේතුවෙන් සිදු වී ඇත්තේ අර්බූදයන් තවත් තීව්‍ර වීම පමණි. ආණ්ඩුවේ හැසිරීම සිහි ගන්වන්නේ මඩේ ගිලිණු අයෙකු ගොඩ පැමිණීමට දැඟලීමේ දී තව තවත් මඩේ ගිලීමයි. මෙම ආණ්ඩුවට 2020 තෙක් බලයේ සිටීමට ජන වරමක් ඇතත් එම අවස්ථාව දී නිහඬව බලා සිටියොත් රටට හෙටක් කෙසේ වෙතත් අපට රටක් නම් ඉතිරි නොවනු ඇත. ආණ්ඩුව ගෙදර යවන ජන සටන පා ගමන ක්ෂණික අවශ්‍යතාවයක් වුණේ එහෙයිනි.
අගෝස්තු 01 දින පා ගමන කොළඹ නගරයට ලඟා වනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනක් ලෙස නොව “වැඩ බැරි ආණ්ඩුවට“ විරෝධය පල කරන ජනතාවගේ පා ගමනක් ලෙසය. වැට් බදු විරෝධි ව්‍යාපාරික ප්‍රජාව, එක්ටා විරෝධි වෘත්තීයවේදින්, පොහොර සහනාධාරය මෙන්ම සහතික මිළ ද අහිමි වූ වී ගොවීන්, පොරොන්දු වූ වැඩි වැටුප් නොලැබූ කම්කරුවන්, සහතික මිළ නොලබන තේ සහ රබර් වැවිලිකරුවන් මෙන්ම ජීවන වියදම දරා ගත නොහැකි දශ ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයින් ද මෙම පා ගමනට එක් වනු ඇත.
එදා ලුණු පා ගමන ලෝක ඉතිහාසය වෙනස් කළ අයුරින්ම ජන සටන පා ගමන ලංකා ඉතිහාසය වෙනස් කරනු ඇත. එම ඉතිහාසයට එක් වීමට නියමිත පා ගමනේ ජීවමාන සාක්ෂිකරුවෙකු වීම මව්බිමට සැබැවින්ම ආදරය කරන සෑම ලාංකිකයෙකුගේම යුතුකමකි.
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .