1998 දී “CEPA” වලින් පටන්ගෙන අද “ETCA” හරහා ගොස් නවතින්නේ, 1949 අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ “ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” බලාපොරොත්තු වූ තැන ද?
ශ්‍රී ලංකාවේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කරවන්නන් මේ දිනවල කථාකරන ආකාරයෙන් හැඟීයන්නේ, එක්සත් රාජධානියේ මහ ජනතාව විසින්, මෑතදී පැවැත්වූ ජනමත විතාරණයේදී, ඩේවිඩ් කැමරන්ට දුන් කම්මුල් පහර වැදී ඇත්තේ, ඔහුටත් වඩා ශ්‍රී ලංකාවේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කරවන්නන්ට බවයි. එම කනේ පහර කොතරම් සැරට වැදී ඇත්දැයි දැනෙන්නේ මෙතෙක් කල් ගබ්පෙරහර නියමාකාරයෙන් සිදුනොකර ප්‍රශූත කරගැනීමට බැරිව විලිරුදාවෙන් පෙළුණු “ETCA”ව, හදිසියේ, ”සීසර්” ශල්‍යකර්මයක් මගින් අඩුවයසින් අංග විකලයතු ලෙස බිහිකර ශ්‍රී ලංකා ජනතාවට භාරදීමට ලැහැස්ති වන නිසාය. ඉන්දියාව මේ වන විටත් එම ”සීසර්” ශල්‍යකර්මය සඳහා “ගර්බනී මාතාව” සකස් කර ශල්‍යාගාරයටත් ගෙන හමාරය. ඉන්දියාව බලාසිටියේ ශ්‍රී ලංකාවේ නිරවින්දන වෛද්‍ය වරුන් එම ශල්‍යකර්මය සඳහා ඉන්දියාවට පැමිණෙන තෙක්ය. එංගලන්තයේ ඩේවිඩ් කැමරන්ට වැදුනු කනේ පහරින් අන්ද මන්ද වූ අපේ ඇත්තන්ට ඇතිවූ කරකැවිල්ල නිසා එම ගමන ඉක්මන් කර ඇත.
මෙසේ අඩුවයසින් උපදවීමට අපගේ ආණ්ඩුව තැත්කරන මෙම අංග විකල “ETCA” දරුවා, අනාගතයේදී ශ්‍රී ලංකාව ගෙනයන්නේ කොයිබටද? එය 1949 අප්‍රේල් මස බොම්බායේ දී එවකට ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සභාපති වූ “ ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” ගේ ප්‍රකාශයකින් බලාපොරොත්තු වූ තැන නොවිය හැකිද?
එම තැන කුමක් දැයි වටහා ගැනීමට, දැනට වර්ෂ 60 කට පමණ පෙර 2500 ශ්‍රී බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඩී. සී. විජයවර්ධන මහතා ලියූ “The Revolt in the Temple” නැමැති ග්‍රන්ථයේ 472 පිටුවේ දක්වා ඇති 2 වෙනි ඡෙදය කියවන්න. ඔබගේ පහසුව සඳහා එම ඡෙදය මෙහි පහත දක්වා ඇත.
At the moment, though statesmen are interested in a union of Southern Asian States, there is a certain feeling that, for better or worse, each State should preserve its national sovereignty. Yet the ordinary man in the street is still very uncertain what it is all about. A statement made in Bombay in April, 1949, by Dr. Pattabhi Sitaramayya, the then President of the Indian National Congress, that“ Ceylon should be integrated with India,” created a storm of protest in Ceylon. The fear of the people in Ceylon that India would seek to dominate Ceylon was a natural sentiment in view of India’s size and power. Dr. Pattabhi, elaborating his speech in Bombay to the New Delhi correspondent of a Ceylon newspaper, said that “ India must sooner or later enter into a treaty with the Ceylonese people so that Ceylon may become an organic part of the body politic.” Commenting. on Dr. Pattabhi’s statement, Mr. S.W.R.D. Bandaranaike expressed the national viewpoint when he said: “ Although Ceylon is a small country its people have always been jealous of their sovereign rights for which, in the long history of this country, they have always fought and striven. Having once again regained our freedom and sovereignty, it is not at all likely that the majority of the people of this country will submit to the type of subordination which obviously Dr. Sitaramayya has in mind.”
(උපුටා ගැනීම “The Revolt in the Temple” පොතින්)
එස්. ඩබ්ලිව් ආර්. ඩී. බණ්ඩාරනායක මහතාව “කොන්ද පණ නැති සෙවල බණ්ඩා” ලෙස එදා ලංකාවේ ප්‍රතිගාමීන් ඔහුට සමච්චල් කළත්, ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වාධීනත්වය පිළිබඳව අන් රටවල් ඉදිරියේ නිර්භයව ප්‍රකාශ කිරීමට තරම් එඩිතරකමක් බණ්ඩාරනායක මහතාට තිබුණි.
එහෙත් අද අප රට කරවන ඇත්තන්ට රට වෙනුවෙන් එවැනි නිර්භීත ප්‍රකාශයක් කළ හැකිද?
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .