යෝජිත අතුරුදන් පුදගලයන් සඳහා කාර්යාලය
----------------
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරුදන් පුද්ගලයන් සඳහා වන කාර්යාලය පිලිබඳ පණත් කෙටුම්පත ගැන ජාතික ඒකාබද්ධතා කමිටුව විසින් 2016 ජුලි 13 වැනිදා ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ජාවෙහි සාරාංශයකි, පහත දැක්වෙන්නේ. මෙහිදී, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු අදහස් දැක්වුහ.
යෝජිත පණත් කෙටුම්පත, තනිකරම අප “ප්‍රශංසාත්මකව දුටු” එ. ජා. මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගැනෙන පියවරකි. එය අපගේ ස්වාධිපත්යයටද, රණවිරුවන්ගේ සුරක්ෂිතතාවයටද එල්ල වන මාරක තර්ජනයකි. මෙයින් කරන්නේ, අපගේ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා නැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමයි; එමෙන්ම ඊට ශක්තිමත් පදනමක් දමා දීමයි. මේ පණත කොතෙක් නම් කොටි ත්‍රස්තවාදීන්ට ඉතා වාසිදායක සහ යුද්ධයට උරදුන් හමුදා සාමාජිකයන්ට දැඩි ලෙස අවාසිදායක ලෙස කෙටුම්පත් වී ඇත්ද යත්, මෙය කෙටුම්පත් කරන ලද්දේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන්ද යන්න පවා සැක සිතෙන තරම්ය.
යෝජිත කාර්යාලය සංස්ථාපිත ආයතනයක් බැවින්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග රාජ්‍ය නිලධාරීන්ට ඇති බැඳීම මෙහි නිලධාරීන්ට නැත. පණතේ බලතල අනුව ඔවුන්ට ස්වාධීනව විදේශ ආයතන සමග ගිවිසුම්වලට එළඹීමට සහ විදේශ අරමුදල් ලබා ගැනීමට හැකියාව ඇත. එම අරමුදල් ශ්‍රී ලංකා රජයෙන් ස්වාධීනව කටයුතු කරමින් යොදවා, අතුරුදන් වුවන් පිළිබඳව සාක්ෂි එකතු කිරීමට, පරීක්ෂණ පැවැත්වීමට මෙන්ම අතුරුදන් වුවන් පිලිබඳ අදහස්, දෘෂ්ටින් සමාජගත කිරීමේ කටයුතුවල යෙදීමද ඔවුන්ගේ වපසරියට අයත්ය. මේ කියන්නේ අතුරුදන් වුවන් සැමරීමය. මේ සඳහා විදේශිකයන් (විනිසුරුවරුන් නැතහොත් තාක්ෂණික සේවා නිලධාරින්) අනුයුක්ත කිරීමේ හැකියාවද ඇත. විදේශික විනිසුරුවරුන් ඇතුලත් වුවද නැතද මෙහි මෙහෙයුම්වලින් සිදු වන හානිය නොඅඩුව සිදු වනු ඇත. මේ සඳහා අරමුදල් සපයන විදේශීය පාර්ශව මෙම කාර්යාලයෙන් බලාපොරොත්තු වනු ඇත්තේ තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුබල දීම විනා අන් කිසිවක් නොවේ.
මෙහි නිලධාරීන්ට ඕනෑම ස්ථානයකට, (සන්නද්ධ හමුදා ඒකක , පොලිස් ස්ථාන සහ වෙනත් සංවේදී ස්ථානද ඇතුළුව) ඕනෑම වෙලාවක ඇතුළු වී තමන්ට අවශ්‍ය ඕනෑම ලේඛනයක් සාක්ෂියක් ඉල්ලීමේ බලය ඇත. එසේම ඔවුන්ට අභිමත පුද්ගලයකු, කොළඹ හෝ ඉන් පිටත ඇති තම කාර්යාලයකට කැඳවා ප්‍රශ්න කිරීමටද බලය ඇත. එහෙත් තමන් සතු තොරතුරු හෝ තමන්ගේ පරීක්ෂණවලින් සොයා ගත් කරුණු ශ්‍රී ලංකා රජයට හෙළි කිරීමට ඔවුන් බැඳී නැත.
අතුරුදන් වූවකු ලෙස සැලකෙන පුද්ගලයකු ජීවත්ව සිටින බවට හෙළි වුවහොත්, ඔහුගේ අවසරය නැතිව යෝජිත අතුරුදන් වුවන් පිලිබඳ කාර්යාලය ඒ බව හෙළි නොකළ යුතුය. එසේම, අතුරුදැන් වූවකු පිළිබඳව තමන් සතුව ඇති තොරතුරු හෙළි කිරීම, ඔහු ජීවත්ව සිටියත් නැතත්, ඔහුගේ යහ සිද්ධිය සඳහා හේතු නොවෙතැයි මේ කාර්යාලය විශ්වාස කරන්නේනම්, එවිටද එම තොරතුරු හෙළි නොකළ යුතුය.
මෙම කාර්යාලයේ අරමුණ නීතිමය ක්‍රියාමාර්ගවලට ප්‍රවිෂ්ට වීම නොවන බව රජය පාර්ශවයෙන් පැවසුනද, මෙයින් ලබා දෙන තොරතුරු ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ගවලට ප්‍රවිෂ්ට වීමේ ඉඩකඩ ඇත.
මෙම පණත් කෙටුම්පත් ශ්‍රේෂ්ටාධිකරණය ඉරිදියේ අභියෝගයට ලක් කළේ නම්, මෙය සම්මත වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට තීන්දුවක් ලබා ගැනීමට හැකියාව තිබිණි. එහෙත් කිසිවකුට නියමිත කාල සීමාව තුළදී (පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් වීමෙන් දින හතක්) ඒ කටයුත්ත කර ගැනීමට නොහැකි විය. කුමක් හෝ අවාසනාවකට කිසිදු මහජන නියෝජිතයෙක් මේ පිළිබඳව මැදිහත් විය හැකි දේශප්‍රේමී ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීමට කටයුතු කර නැත.
මේ භයානක, නින්දා සහගත පණත සම්මත වීම වළක්වා ගැනීම සඳහා දැන් ඇත්තේ ක්‍රම දෙකක් පමණි. එකක් නම්, මීට විරුද්ධ වී, ඊට සරල බහුතරය ලැබීම වළක්වන වන ලෙස, දේශයේ නාමයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමයි. අනෙකනම්, අපගේ රණවිරුවන් බිල්ලට දෙන මෙම පණත ඉල්ලා අස් කරගන්නා ලෙස රජයට බල කිරීමයි.
-ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා
-ගෙවිඳු කුමාරතුංග මහතා
-සටහන : සුමුදු අධිකාරී
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama
උස්සලා අතුරුදහන් කරලා නැත්තන්, ඇයි ඔච්චර බය?
ReplyDelete