7/30/2016

ද්‍රෝහී මංගල සමරවීර ඉවත් කළ යුතුයි...

කතෘ:යුතුකම     7/30/2016   1 comment

-මංගල සමරවීර ඉවත් කළ යුතුයි.
[ෂෙනලි වඩුගේ මහත්මිය විසින් ලියන ලද 'Impeach Mangala Samaraweera for treason & violation of the Constitution' ලිපියේ සිංහල සටහන ]

දයාන් ජයතිලක මහතාගේ Why Mangala must exit යන ලිපියේදී විදේශ අමාත්‍ය ධුරයෙන් මංගල සමරවීර ඉවත් කළ යුතු බවට කරන යෝජනාව ඉතාමත්ම කාලීනය. ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා වෙනස් විය යුතුය. ඇත්ත වශයෙන්ම රට පාවා දීමට විරුද්ධව හා රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට එරෙහිව ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ යුතුය. රටේ නායකයා විසින් රටට ලබා දී ඇති පොරොන්දු වලට පවා එරෙහිව යමින් හිතුමනාපෙට ප්‍රකාශ නිකුත් කිරීමට හා විදේශ සබඳතා පිළිබඳ තීරණ ගන්න තරමට මොහු හිතුවක්කාර වී ඇත. ඔහුගේ සමහරක් ප්‍රකාශ තනිකරම රට පාවා දෙන ආකාරයේ ප්‍රකාශ වන අතර යහපාලනයක් වෙනුවෙන් පෙනි සිටින රජයක් නම් මොහුව තනතුරින් නෙරපා බොහෝ කල්ය. මෙම විදේශ අමාත්‍යවරයා ජනබලයක් ‍හෝ ඡන්ද පදනමක් නැති දේශපාලකයෙකි. නමුත් මොහුගේ අත්තනෝමතික ක්‍රියා රටේ දේශපාලන අස්ථාවර බව ඇතිකර රටේ ප්‍රශ්න ඇති කරන ඒවායි.

2015 දි ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගැනීමට ලංකාව විසින්ම සහාය වීම මෙම ඇමතිවරයාගේ පුද්ගලික තීරණයක් ද නැතහොත් ජනාධිපති හා අගමැති අනුමැතියෙන් සිදුවූ රජයේ තීරණයක් දැයි දැන් දැන් සැක මතු වේ. එසේ හිතුමනාපෙට ලංකාවට එරෙහි යෝජනා වලට සහාය දුන්නේ නම් මොහු කෙසේවත් විදේශ අමාත්‍ය ධුරයේ සිටිය යුතු නැත. වහාම මංගල සමරවීර ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවිත් මොහු ඉවත් කළ යුතුය.

සිය කාර්යයෙන් ඔබ්බට ගොස් මේ පුද්ගලයා මැතකදී කළ ප්‍රකාශයක් වූයේ ඉන්දියානු සාගරයේ රටවල් වඩා ශක්තිමත් වඩා බලවත් ඉන්දියාවකට මුහුණ දිය යුතු බවයි. මෙවැනි ප්‍රකාශයක් කිරීමට මොහුට ඇති බලය කුමක් ද? ලංකාව යනු මේ විදේශ ඇමති ගේ පුද්ගලික බූදලයක් නොවේ. රටේ සෛවරිභාවය ට හානි වන සේ කටයුතු කරන මෙවන් පුද්ගලයෙකු කෙසේ වත් විදේශ ඇමති ධුරයකට සුදුසු නොවේ. මොහුගේ වියදම් රජය විසින් දරන්නේ විදේශයන්හි ගොස් රටටත් රටේ යුධ හමුදාවටත් හානි පමුණුවන ක්‍රියාකිරීමට නොවේ. එම රටට හානිදායක ක්‍රියා සිදුකිරීමෙන් ඔහුට පුද්ගලික වාසි ඇති වෙනවා ඇත. නමුත් ඔහුගේ පුද්ගලික වාසි තකා රටත් රට 30 වසරක ත්‍රස්තවාදයෙන් මුදවාගත් ආරක්ෂක අංශයන්වත් බිල්ලට දෙන්නට ඉඩ දිය යුතු නැත. විදේශයන් හි තානාපති කාර්යාල ලංකාවේ විදේශ අමාත්‍යාංශය මෙම පුද්ගලයා යටතේ හැසිරෙන ආකාරය දැක සිනා සෙනවා විය යුතුය.

වර්තමාන ලෝකය ගැටළු රැසකට මුහුණ දී ඇතැයි අපි දනිමු. බෙදීම්, යුද්ධය, ත්‍රස්තවාදය හා වෙනත් කරදර වලට බොහෝ රටවල් මුහුණ දෙයි. එවන් වකවානුවක ලංකාව වැනි කුඩා රටකට පවා ලෝකයටත් යහපතක් වන ආකාරයට ක්‍රියා කළ හැකිව තිබිණ. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති සමයේ නොබැඳි පිළිවෙතක් පිළිපදිමින් කිසිදු බලවත් රාජ්‍යයකට නැමෙන්නේ හෝ යටහත් පහත් නොවි ක්‍රියාකළ ආකාරයටය. එය ලංකාව දක්ෂතම ආකාරයකින් නොබැඳි පිළිවෙත හැසිරවූ කාලයකි. පසුව පැමිණි ලක්ෂ්මන් කදිරගාමර් මැති තුමා හැර අන් සියළුම විදේශ ඇමතිවරු අසාර්ථකය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා විසින් කීපවතාවක්ම රටට පවසා සිටියේ විදේශිය විනිසුරුවන් සහිතව යුධ අපරාධ යාන්ත්‍රණ ලංකාවේ ස්ථාපිති කිරීමට තමාගේ රජය කිසි විටක ඉඩ නොදෙන බවයි. එමෙන්ම ලංකාවේ යුද්ධය පිළිබඳව සොයාබැලීමට පත් කළ යුධ අපරාධ පිළිබඳ විශේෂඥයින් පස් දෙනෙකු විසින් නිකුත් කළ වාර්තාවකට අනුව ලංකාව යුධ අපරාධ සිදුකර නොමැත. යුධ බිමේදි යම් යම් සොල්දුදාවුන් විසින් අපරාධ සිදුකර ඇත්නම් සාක්ෂි ඉදිරිපත් කළ පසු හමුදා අධිකරණයකදී ඒවාට දඬුවම් දිය හැකිය. ඇත්ත වශයෙන්ම ඇමරිකාව වැනි රටවල පවා සිදුවන්නේ එලෙසයි. නමුත් ජනාධිපතිවරයා ගේ මෙම මතයට එරෙහිව යමින් යුධ අපරාධ විශේෂඥයන් ගේ මතයටද කිසි සැළකිල්ලක් නොදක්වමින් මංගල සමරවීර ඇමතිවරයා විසින් ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනා සම්මත කිරීමට උදව් කළේය. මැතකදී මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණ පිළිබඳ සිය මතය ප්‍රකාශ කළ විට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේදි කොටි ඩයස්පෝරා නියෝජිතයෙකුවන ගජේන්ද්‍ර පොන්නම්බලම් හමුවේ ප්‍රකාශ කළේ එම මතය රජයේ මතයක් නොව හුදු මෛත්‍රිපාල සිරිසේන ගේ පුද්ගලික මතය බවයි.

මොහුට විරුද්ධව කටයුතු කළ යුතු තවත් හේතුවක් වන්නේ මොහු හා කොටි ඩයස්පෝරාවේ ක්‍රියාකාරීන් අතර ඇති සබදතාවයි. මේ රජය විසින් දෙමළ සන්ධානය හා කොටි සංවිධානය අතර වූ සබදතා හරි හැටි සොයා බැලීමක් නොකර රජයේ හමුදා වල යුධ අපරධ ගැන පමණක් කතා කිරීමම වැරදිය. එපමණක් නොව පසුගිය රජය යටතේ තහනම් කළ කොටි සංවිධානයට සම්බන්ධ විදේශයන් හි සිට ක්‍රියාත්මක කොටි ඩයස්පෝරා සංවිධානවල තහනම ඉවත් කිරීම අනුවණ ක්‍රියාවකි. මෙම කොටි හිතවාදී සංවිධාන වල තහනම ඉවත් කිරීමට මංගල සමරවීර ඇමතිවරයා මුල් වූ බවත් මතක තබා ගත යුතුය.2013 දී මංගල සමරවීර හා දෙමළ සන්ධාන නියෝජිතයන් හා පැවති හමුවේදි වර්තමාන විදේශ ඇමති විසින් දෙමළ සන්ධානය ට පොරොන්දු දුන් ආකාරයට කටයුතු සිද්ධ වෙමින් පවතින බව තේරුම්ගත හැකිය. දෙමළ සන්ධානය විසින් ඉල්ලා සිටින්නේ කන්ෆෙඩරේෂන් තත්ත්වයේ බලය බෙදීමකි. එය වෙනම රාජ්‍යයක් ඉල්ක්ක කරගෙන කරන ඉල්ලීමකි. ඒ සදහා අවශ්‍ය වන්නේ උතුර නිර්හමුදාකරණය කිරීමත් පහරදීම් හා බිය වැද්දීම් මගින් සිංහලයින් නොඑන වාතාවරණයක් උතුරේ පවත්වා ගැනීමය. රජය සිදුකරන්නට යන යුධ අපරාධ යාන්ත්‍රණ හා ව්‍යවස්ථා වෙනස්කම් මඟින් පැහැදිලි වන්නේ 2013 දි මංගල සමරවීර විසින් ලබාදුන් පොරොන්දු ටිකින් ටික යතාර්ථයක් වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් මහතා ගේ හැසිරීම් දෙස බැලූවිට එක්සත් ජාතින් ගේ සංගමයේ පැහැදිලි ඒක පාර්ශ්වික හා නිතිවිරෝධි ක්‍රියා සිහි කැදවයි. ඔහු විසින් මැතකදී ලංකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය වන ලංකා රජය විසින් ලංකාවේ හමුදාව පාලනය කරගත යුතුයි යන ප්‍රකාශය සිය රට පිළිබඳ අභිමානයක් ඇති රජයක් නම් හෙළා දැකිය යුතුය. තවත් අවස්ථාවක රටේ ස්වාධීන අධිකරණය හැල්ලුවට ලක්කරමින් එය අදක්ෂයි යන්න ප්‍රකාශ කළේය. එවැන්නක් කීමට ඔහුට ඇති හැකියාව කුමක්ද? ඒ කිසිදු අවස්ථාවක ලංකාවේ විදේශ අමාත්‍යංශය එම ප්‍රකාශයන් අභියෝගයන්ට ලක්කළේ නැත. එම නිසා ලංකාව වෙනුවෙන් රටේ විදේශ අමාත්‍යංශය ඉදිරිපත් නොවන විට මහකොමසාරිස් සෙයිඩ් මහතා තවතවත් ලංකාවට එරෙහි ප්‍රකාශ කිරීමට පෙළඹේ.

අප රටක් වශයෙන් වසර 30ක් තිස්සේම ත්‍රස්තවාදයෙන් බැට කැවෙමු. එහිදී එක්සත් ජාතින්ගේ සංගමය හෝ ජාත්‍යන්තර ප්‍රජාව හෝ ලංකාවේ කොටි සංවිධානය විසින් කරන ලද ඝාතන දෙස ඇහැක් ඇර බැලුවේ නැත. නමුත් කොටි සංවිධානය විනාශ කළ පසුව ලංකාවේ යුද්ධයේ අවසාන මාස කිහිපයක පමණක් මියගිය වුන් ගැන කියමින් කිඹුල් කඳුලු හෙළමින් ලංකාවේ ප්‍රශ්නයට අතදැමීමට මෙම සංවිධාන හා “ජාත්‍යන්තර ප්‍රජාව” ඉදිරියට පැමිණ ඇත. එවැනි සංවිධානයක් අපට රට කරවන හැටි ගැන උපදෙස් දෙන්නට අවශ්‍යද? බලවත් රාජ්‍ය තනිකර අසත්‍ය වාර්තා මත පදනම්ව තුන්වන ලෝකයේ රටවල් බෝම්බ දමා විනාශ කරද්දි මෙම සංවිධාන ඊට එරෙහිව කිසිත් නොකරයි. විදේශයන් හිදී විශේෂයෙන් ඇමරිකානු කොංග්‍රස් මණ්ලඩයේදි ලංකාවට එරෙහිව කොටි ඩයස්පෝරාව විසින් කරන කියන දේට විරුද්ධව අපේ තානාපති කාර්යාලයන් විසින් කටයුතු නොකරයි. ලංකාවේ වි‍දේශ සේවයේ නියුතු නිලධාරීන් විසින් රටේ සෛවරීභාවය හා ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර ගැනීමට නොහැකිව සිටින්නේ මේ විදේශ ඇමතිවරයා ඊට බාධාවක් වන නිසාය.

විදේශ ඇමතිවරයා තනතුරින් ඉවත්කර ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතුය. එම තනතුරේ ක්‍රියා කිරීමට තරම් ඔහු සුදුසු නොවේ. ලංකාව යනු අවුරුදු 6කට බලයට එන දේශපාලකයින් ගේ පුද්ගලික දේපලක් නොවේ. ජනතාව මුලා කර හමුදාව පාවාදීමටත් රට බෙදීමට උදව් කිරීමටත් මෙරට ජනාධිපති හෝ අගමැති හෝ සම්බන්ධන්ට හෝ අනුර කුමාරට හෝ මහින්ද රාජපක්ෂට හෝ නොහැකිය. අපේ දරුවන්ට සුරක්ෂිත සාමකාමී හෙටක් දිය යුතුය. දහස් ගණනක් ආරක්ෂක භටයින් මිය ගියේ ලංකාවේ අනාගත දරුවන්ට සුරක්ෂිත හෙටක් හා යුද්ධයෙන් තොර සාමකාමී රටක් ලබා දීමටයි. එනිසා ලංකාව පාවා දෙන ලංකාවේ සාමය විනාශ කරන දේශපාලකයින් නැවැත්විය යුතුය. ඒ සඳහා තවදුරටත් ලංකාවට හානි කිරීම නවතාලීමට ද්‍රෝහින් රජයෙන් පිටමං කළ යුතුය. එබැවින් මංගල සමරවීර විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතුමය.

සිංහල සටහන : අයි. ජයතිලක

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions