7/27/2016

රතු අලි පැටව් 'හ්ම්ම්' නොගාන , යහපාලන මහා ද්‍රෝහී පාවාදීම ගැන මහින්ද කට අරී

කතෘ:යුතුකම     7/27/2016   1 comment

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත
-ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය :

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවා දීම

රටේ සියලුම දේශපාලන හා ආර්ථික ව්‍යාකූලතා මධ්‍යයයේ වුවත් ආණ්ඩුව ‘අතුරුදහන් වූවන්ගේ කාර්යාලය’ නමින් හැඳින්වෙන ආයතනයක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මස ආණ්ඩුව බටහිර බලවතුන් සමග එකතු වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ‘යටගියාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට’, පිහිටුවීමට එකග වූ ආයතනවලින් එකකි. යෝජිත අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත් කෙටුම්පතේ අපේ ආරක්‍ෂක හමුදා දඩයම් කිරීමට සම්පාදනය කර ඇති වගන්ති ගණනාවක්ම තිබෙන අතර ඉන් කිහිපයක් මෙහිදී ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.

මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසඳලීමේ ආයතන පද්ධතියේ කොටසක් වන්නේ නැත. මෙය පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක් වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතිරීති වලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබේ.
මෙය ‘කාර්යාලයක්’ ලෙසට හැඳින්වුව ද එය සැබවින්ම විමර්ශන සභාවකි. මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සාක්ෂිකරුවන් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, කැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, විභාග පැවැත්වීමටත් බලය ඇත. මෙම ආයතනයේ නිළධාරීන්ට වරෙන්තුවක් නොමැතිව වුවද, රෑ දවල් ඕනෑම වෙලාවක පූර්ව දැනුම්දීමකින් තොරව, ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුල් වීමටත්, විමර්ශනය කිරීම සඳහා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තම සන්තකයට ගැනීමටත් බලය ඇත. මෙකී කාර්යාලයට සහයෝගය නොදක්වන ඕනෑම අයෙකුට උසාවියට අපහස කිරීමේ චෝදනාව යටතේ දඩුවම් කළ හැක.
පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් කෙටුම්පතට අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන් හත් දෙනාට විමර්ෂන පැවැත්වීම පිළිබඳ අත්දැකීම් මෙන්ම මානව අයිතීන් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබදව දැනුමක්ද තිබිය යුතු බව කියවේ. මේ අනුව එහි සාමාජිකයන් වීමට සුදුසුකම් ලබන්නේ බටහිර මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය නොවන සංවිධානවල සමාජිකයන් සහ බටහිර අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණවල සේවය කළ අය පමණි.
පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ඕනෑම විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් ඍජුවම අරමුදල් ලබා ගැනීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට බලය පැවරේ.
ආයතනයේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ඕනෑම විදේශීය පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමග ගිවිසුම්වලට එළඹීමට හැක.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන්ට එම ආයතනය තුළ විවිධ අංශ හා ඒකක පිහිටුවා තමාගේ බලතල එම ඒකකවලට පැවරිය හැක. කාර්යාලයේ සේවකයන් පත් කරන්නේත්, ඔවුන් සේවයෙන් පහ කරන්නේත් එම ආයතනය විසින්ම පමණි. මේ කාර්යාලයේ සේවකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ නැත.
මෙම කාර්යාලයට, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් හා මිතුරන්ගෙන් මෙන් ම වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් වුවද පැමිණිළි භාරගත හැක
ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුලු සියලුම ආණ්ඩුවේ ආයතන මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට බැඳී සිටින අතර රාජ්‍ය රහස් පනතේ විධි විධාන ද එහිදී බල රහිත වේ
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතේ 12(ඇ)(iii) වගන්තියට අනුව සාක්ෂි ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් වුවද ඕනෑම ප්‍රකාශයක් හෝ භාණ්ඩයක් ‘සාක්ෂි’ ලෙසට පිළිගැනීමට මෙම කාර්යාලයට බලය පැවරේ
මෙම කාර්යාලයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත බල රහිත වේ. මෙකී කාර්යාලයේ නිළධාරියෙකුට ලැබුණු රහස් තොරතුරු ගැන කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුලුව මොනම උසාවියකටවත් බලයක් නැත.

මෙම කරුණු අනුව අපට පෙනී යන්නේ මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යහපාලන ආණ්ඩුව පිහිටුවීමට එකග වී තිබෙන යුධ අපරාධ විමර්ෂණ යාන්ත්‍රණයේ එක් කොටසක් බවයි. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටත්, ජාතියත්, සන්නද්ධ හමුදාවනුත්, පාවා දීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇත.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. පාදඩ යාත්‍රාවේ වරෙව්. අපි මග ඉන්නවා. මරාගේ ඇට දෙක ගලවනවා.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions