7/05/2016

ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි... - ඇල්ලේ හාමුදුරුවෝ

කතෘ:යුතුකම     7/05/2016   No comments

හවුල් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය නාමයෙන් සිදු කරමින් සිටිනුයේ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකර ඒකීය රාජ්‍යයේත් බුද්ධ සාශනයේත් මළගම සිදු කිරීම බවත් මේ ව්‍යවස්ථා සංශෝධනය යනු වෙනම රටක් සඳහා ලියවෙන නීත්‍යානුකූල ඔප්පුව බවත් ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් අවධාරණය කරති.

වසර දෙදහස් පන්සියයක ඔප්පුවක් හිමි මව්බිමේ සැබෑ හිමිකරුවන් ඔප්පුව මත වාඩි වී හූල්ලමින් සිටිද්දී ඉන්දීය- ඇමරිකා - බ්‍රිතාන්‍ය මැදිහත්වීම මත හවුල් ආණ්ඩුව රට බෙදා වෙන්කිරීමේත් බුද්ධ සාශනය වැනසීමේත් කටයුතු සීඝ්‍රයෙන් සිදු කරමින් ඇතැයිද උන් වහන්සේ පෙන්වා දෙති. මෙරට කෝටි දෙකක ජනගහනය අතරින් හාරදහසකගෙන් පමණ ලබා ගත් අදහස් යැයි කියමින් රනිල් වික්‍රමසිංහ පත් කළ ලාල් විජේනායක කමිටුව විසින් ව්‍යවස්ථා සංශෝධනයට මහජන අදහස් යනුවෙන් ඉදිරිපත් කළ වාර්ථාව හරහා මේ දුෂ්ඨ උපායේ ගමන් මග පැහැදිලි වන බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පෙන්වා දෙති.

අතීතයේ දී සඟ වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගයන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පංච මහා බලවේගය බවට පත්වී තිබුණත් අද වන විට ඉන්දියාව, එංගලන්තය, ඇමරිකාව, රොස්‌මිඩ් පෙදෙස සහ වෝඩ් පෙදෙස එම පක්‌ෂයේ පංච මහා බලවේගය බවට පත් වී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේ ජුනි 23 කොළඹ පුස්තකාල ශ්‍රවනාගාරයේදී යුතුකම සංවාද කවය සංවිධානය කළ 'ෆෙඩරල් සංහිඳියාව' සම්මන්ත්‍රණයේ මූලාසනයේ විශේෂ දේශනය සිදු කරමිනි.

එහිදී තවදුරටත් අදහස් පළකළ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ

" මෙම සම්මන්ත්‍රණයට එන්න මිදුලට බහිනකොටම මගේ අතට ලැබුණ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මැතිවරණවල දී අනුගමනය කළ යුතු උපමාන පිළිබඳව සඳහන් කරලා තිබෙන අති විශේෂ ගැසට්‌ පත්‍රය. මෙහි සඳහන් වෙලා තිබෙන ආකාරයට ඉදිරියේදී ජනමතවිචාරණ- මැතිවරණ ආදියේදී ජාතික සහ ආගමික සංකේත යොදා ගැනීමට බැරිවෙනවා. රට වනසන්න මාන බලන කණ්ඩායම්වලට මූලිකම බාධාව බවට පත් වෙලා තිබෙන්නේ මේ අපේ භික්ෂූන් වහන්සේලා ඇතුළු බුදු සසුනයි. ථෙරවාදී බුදුදහම ආරක්‌ෂා වී තිබෙන රටවල් අතරින් සංඝරත්නය ජාතියේ මුරදේවතාවුන් බවට පත්වෙලා තිබෙන්නේ මේ රටේ දී පමණයි. ප්‍රභාකරනුත් කිව්ව කහ රෙද්ද තිබෙන කම් මුකුත් කරන්න බැරි බව. එම නිසා කහ රෙද්ද ඉවත් කිරීම සඳහා කටයුතු පටන් අරගෙන තිබෙනවා.

ලෝකයේ සිටින ජාතීන් අතර සිංහල ජාතිය ප්‍රමාණයෙන් කුරා කූඹියෙක්‌ වගේ. එසේ වුවත් මෙම ජාතිය වටා ජාත්‍යන්තර බලවේග රාශියක්‌ ක්‍රියාත්මක වනවා. අද වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පංච මහා බලවේගය බවට ඉන්දියාව, එංගලන්තය. ඇමරිකාව, රෝස්‌මීඩ් පෙදෙස සහ වෝඩ් පෙදෙස පත් වී තිබුණත් එදා එම තැන හිමි වී තිබුණේ සඟ, වෙද, ගුරු ගොවි කම්කරු බලවේගයන්ටයි.

ෆෙඩරල් පාලනයකින් බිහිවන්නේ ඊළාම් රාජ්‍යයක්‌ තමයි. මේ වන විටත් හලාවත, දෙමළෙන් සිලාවතුරෙයි බවටත් ඉංග්‍රීසියෙන් චිලව් බවටත් පත්වී තිබෙනවා. ඒ ආකාරයට උතුරේ බොහෝ ග්‍රාම නාම දෙමළ බවට පත්වී තිබෙනවා. ශ්‍රී ලංකාවට කියන්නෙත් ඉලංකෙයි කියලා. ඒ අනුව පැහැදිලි වනවා මේ වනවිට ඊළාම් රාජ්‍යයේ ඔප්පුවත් ලියල අවසන් බව. දැන් මේ සූදානම් වන්නේ එම ඔප්පුවට අනුව නීත්‍යානුකූල මායිම් කණු දාන්න.

අද බුද්ධ සාශනයටත් අයිතිකාරයෙක්‌ නැති තත්ත්වයක්‌ තිබෙන්නේ. මේ වන විට දළදා මාලිගාවටත් ඉහළින් යන්න වෙනත් ගොඩනැඟිලි හදනවා. හාමුදුරුවරු මේ රටේ අයිතිකාරයන් වගේ සිටිය යුතුයි. නමුත් අවුරුදු 2500 ක ඔප්පුව උඩ වාඩිවෙලා බෝඩිංකාරයෝ වගේ සිටිනවා. නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා ජනතාවගේ අදහස්‌ ලබාගත් කමිටුවේ වාර්තාව එළි දක්‌වා තිබෙනවා. කෝටි දෙකක ජනගහනයක්‌ සිටින රටේ 4150 කගේ පමණයි අදහස්‌ ලබාගෙන තිබෙන්නේ. ඒ අය අතර ෆැක්ස් සහ ඊමේල් එවපු අයත් සිටිනවා. ඒ අය තමයි රටේ අනාගතය තීරණය කරන්න හදන්නේ.

1978 ව්‍යවස්‌ථාවේ බුද්ධාගම පිළිබඳව සඳහන් වූ කොටස ඉවත් කිරීමට යෝජනා වෙලා තිබෙනවා. ව්‍යවස්‌ථාවේ සඳහන් විය යුත්තේ සම්බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම පිළිබඳවයි. බුද්ධාගම කොහොමත් ආරක්‌ෂා වනවා නමුත් ශාසනය ආරක්‌ෂා කිරීමට කටයුතු කළ යුතුයි. නව ව්‍යවස්‌ථාව මගින් සමලිංගිකත්වය නීති ගත කිරීමට යනවා. මෙම යෝජනාව ගෙන එන සමහර අයට දරුවෝ නැහැ. ඒකට අපි පළිද? දරු සෙනෙහස දැනෙන අය තමයි රට හැදිය යුත්තේ. මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව හරිම දුකක්‌ ඇතිවෙනවා.

අපි ගහට කොළට ආදරය කළ ජාතියක්‌. අපි කුරුල්ලන්ට කුරුලු පාලුවක්‌ වෙන් කළා. ගවයන්ට තණ කන්න වෙනම කෑල්ලක්‌ වෙන් කළා. එහෙම කරපු අපට පර සුද්දන් මානව හිමිකම් පිළිබඳව උගන්වන්න එනවා.
ඇමරිකාව , එංගලන්තය, ඉන්දියාව යන රටවල් තුන එකතු වෙලා අපට එරෙහිව කුමන්ත්‍රණය කරනවා. මේ රටේ නාඩි වැටෙන ආකාරය පිළිබඳව අපි ඉන්නේ අවධානයෙන්. මේ රටට එරෙහිව විශාල කුමන්ත්‍රණයක්‌ තිබෙනවා. 13 වැනි සංශෝධනය යටතේ ඉඩම් බලතල දුන්නොත් සේරුවිලට, තිරියායට, නාගදීපයට, වෙල්ගම්වෙහෙරට යන තත්ත්වය කුමක්‌ ද වැල්ලවත්ත ප්‍රදේශයේ අක්‌කර 600 ක ප්‍රමාණයෙන් සිංහලයන්ට අයත් වන්නේ අක්‌කර 21 යි.මේ ආක්‍රමණයෙන් මිදීම සඳහා වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කරමු. දරුවනි ඔබේ මව්බිම අවසන් හුස්ම හෙළුවේ නැත. ඇය  තාවකාලික නින්දකට වැටුණා පමණි.

ඇල්ලේ ගුණවංශ හිමියන් පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්..



යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය-
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions