7/28/2016

වෙස් තට්ටුවට පොල්ලෙන් ගැසූ පස්වන ඊළාම් යුද්ධයේ කීටයෝ

කතෘ:යුතුකම     7/28/2016   No comments

-ආචාර්ය චමිල ලියනගේ -
යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් හා සංස්කෘතික කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගේ ප්‍රතිචාර, විචාර මෙන්ම විකාර දෙසද අපි විමසිලිමත්ව බලා සිටියෙමු. ඒ ප්‍රහාරය කෙතරම් සෞම්‍ය සහෝදරත්වයෙන් හා සංහිඳියාවෙන් යුතුව ලෙස එල්ල කර ඇත්ද යන්න රෝහල්ගතව සිටින ශිෂ්‍යයා ශල්‍යකර්මයකටද බඳුන් කිරීමෙන්ම වැටහේ. එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ නීතිය අකුරටම, තරාතිරම නොබලා ක්‍රියාත්මක වන බවද හදපත්ලටම දැනෙන්නේ පහරකෑමට ලක්වූ පුද්ගලයා මාරාන්තික තුවාල ලබා සිටියදී පහර දුන් ශිෂ්‍යයා දවසින් ඇප ලබා පිටව යෑම නිසාය. යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් පොරොන්දු වූ පරිදිම ‘සැමට සමාන ව නීතිය’ ක්‍රියාත්මක කරන හැටි අපූරුය. කැලණිය විශ්ව විද්‍යාලයේ නවක වධ සිද්ධියකට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගත් සිසු පිරිස දින හැත්තෑ පහක් රිමාන්ඩ් බාරයේය.

නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට බලය දී ඇතිබව කියන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, සිසු ගැටුම යොදාගෙන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරීමට සිංහල හා දෙමළ අන්තවාදී කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවද, “මේවා දුර දිග යන්නේ නැතුව අපි ගොඩින් බේරගන්න ඕනේ” යැයිද කියයි. “මේ ගැටුම ජාතිවාදය එකම දේශපාලන භූමිකාව කරගත් අයට උත්තේජනයක්” කියමින් අනුර කුමාර දිසානායක නායකතුමාද නියම පරිනත අදහසක් දක්වා ඇත. මේ රටේ විශ්ව විද්‍යාල සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් දිවිහිමියෙන්ම කැපවූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියන්නේ “ජාතිවාදය හැදෙන කම් බලාගෙන ඉන්න අයට හොඳ වැඩක් තමයි මේක” කියාය. “මේ සිද්ධිය යොදා ගනිමින් විශ්ව විද්‍යාල පද්ධතියට ජාතිවාදය ඇතුලත් කිරීමේ උත්සාහයක් තිබෙනවා” යැයිද ඒ බල මණ්ඩලය භීතිය පළකරයි.

තවත් ජාතියක සංස්කෘතිය නොඉවසා මාරාන්තිකව ප්‍රහාර එල්ල කරන නරුමයින් ඇස් පානා පිටි සිටියදී අමුතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතියට ජාතිවාදය ඇතුළු කළ යුතුද? අප වෙත ලැබී ඇති නිල නොලත් ආරංචි ප්‍රකාරව, පළමුව පහර දුන්නේ අපි යැයි සාවද්‍ය ප්‍රකාශ කරවා ගන්නා තැනට ඊනියා සංහිඳියා හැව ඇඟලා ගෙන සිටින ජාතිභ්‍රෂ්ටයින් නොපමාව කටයුතු කර ඇත. මේ ප්‍රහාරය යළිත් දළුලා වැඩෙන ඊළාම් යුද්ධයට සූදානම් වන ත්‍රස්ත කීටයින්ගේ සිත්වල පැසවන සිංහල විරෝධයේ දිග පළලද, රතු කමිස හැඳ සිටින ලොක්කන්ගේද උන්ගේ අඩිපාරේ යන සොක්කන්ගේද වියළි හෘද සාක්ෂියේ කළු පැහැයද, යහපාලනයේ නෝංජල් කමද සපථ කර ඇත. ඒ කෙසේ වෙතත් අපට දැනෙන සංවේගය නම් විශ්ව විද්‍යාලයක බල්ලෙක් බළලෙක් මලද ප්‍රකාශ නිකුත් කරන, ශිෂ්‍ය ව්‍යාපාර යන නාමය පිටුපසට වී සිය දේශපාලන මඩි තර කරගන්නා සහෝදරවරුන්ට මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දැකීමට තරම් පිටකොන්දක් නැතිකම ගැනය.

යාපනය විශ්ව විද්‍යාලයේදී සිංහල ශිෂ්‍යයින්ට හා සිංහල කලාකරුවන්හට ප්‍රහාර එල්ල කලේ පස්වන ඊළාම් යුද්ධයේ ත්‍රස්තවාදීන්ය! සත්‍යය එයයි!! ඒ පිරිස ශිෂ්‍ය වේශයෙන් සිටියා විය හැක. එහෙත් විශ්ව විද්‍යාලයේ උත්සවයක කලාංගයක් සම්බන්ධයෙන් සාධරණව සිතීමට තරම් සංස්කෘතික ඉවසීමක් නැත්තෝ ත්‍රස්තවාදීන් විනා අන් කවුරුන්ද? කලාව විශ්වීය භාෂාවකැයි ශාස්ත්‍රවන්තයෝද, විද්‍යාර්ථීහුද පිළිගන්නා සත්‍යයකි. එහෙත් ඒ විශ්වීය භාෂාව වැටහෙන්නේ ඊට සුගම දියුණු භාවයන් ඇති මනුෂ්‍යයින්ටය; මිනිසත් භාවයන්ටය. මනුෂ්‍ය වේෂයෙන් සිටියද නොමිනිස්කමින් අනූන තිරස්චීනයෝ කලාවේ භාවාත්මක ප්‍රකාශනයන්ට සංවේදී නොවෙති. අප දන්නා පරිදි පරාක්‍රම නිරිඇල්ල වැනි නාට්‍යකරුවන් සාමය හා අනොන්‍ය අවභෝධය පිණිස කලාව භාවිත කිරීමේ නව භාවිතාවන් අත්හදා බලමින් සිටී. අපවෙත වාර්ථා වී ඇති පරිදි මේ දින වලද නිරිඇල්ල සිට්න්නේ යාපනයේය. ඒ සිංහල නළුවන් විසින් දෙමළෙන්ද, දෙමළ නළුවන් සිංහලයෙන්ද රඟපාන නාට්‍ය අභ්‍යාස මාලාවකය. එහෙත් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් යැයි කියා ගන්නා සතුන් මෙවැනි බලාපොරොත්තු සහගත කලාත්මක ප්‍රයාසයන්ට නිකුත් කරනු ලබන්නේ කවර නම් සංඥාවක්ද?

කොළඹ පමණක් නොව රට පුරා ඇති සයිවර් කඩ වලින් වැඩිපුරම කන්නේ සිංහල මිනිසුන්ය. රට පුරා ඇති වීඩියෝ සංයුක්ත තැටි විකුණන ලොකු කුඩා වලින් සිංහලයින් වැඩිපුරම මිලදී ගන්නේ සිංහල උපශීර්ෂ පාඨ යෙදූ දෙමළ චිත්‍රපටිය. රට පුරා ඇති උස් කෝපුරම් සහිත මනරම් හින්දු කෝවිල් වල ගනේෂට, දුර්ගාට පූජා පවත්වන සිංහලයන් කොපමණ සිටීද? අප දන්නා පරිදි යාපනය විශ්ව විද්‍යාලයේද නර්තන හා රංග කලා අධ්‍යයනාංශයන්ගේ සිටින ඇතැම් ශිෂ්‍යයින් සිංහල නර්තනය, කෝලම්, ආදී නර්තන සම්ප්‍රදායන් ශාස්ත්‍රීයව හදාරයි. ඒ සැබෑ ශාස්ත්‍රවන්තයින්ය. රට පුරා ඇති නර්තනායතන, කලායතන හා කලා පාසල් වල භරත නාට්‍යයම් ශිල්පීයව හදාරන සිංහලයන්ගේ ප්‍රමාණය අතිමහත්ය. සිංහල සිසුන් බහුතරයක් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලයක සංස්කෘතික සංදර්ශනයකදී වේදිකාව ආලෝකමත් කරන භරත නැටුමක වාච්‍ය කෙසේ වෙතත් සාත්වික, ආහාර්යා හා ආංගික අභිනයන්ගෙන් සිංහල අප කෙතරම් කුල්මත් වන්නේද? වෙස් නැටුම් කණ්ඩායමට පහර දෙමින් සතුන් මෙන් හැසිරුනු ‘සිසුන්‘ මේ කාරනා දන්නේද? 2009 වසරින් අවසන් වූ දශක තුන තුළ රටපුරා දින දින හමුදා උත්තමාචාර මැද අවසන් ගමන් යන සොල්දාදුවන්ගේ මළගෙවල් වල නිදි වැරූ මේ රටේ සෙසු විශ්ව විද්‍යාල වල සිංහල ශිෂ්‍යයන් තම විශ්ව විද්‍යාලයන්හී දෙමළ සිසුන්ට පහරදී ඇත්ද?

ඒ සංස්කෘතික අතුරු මුහුනතෙහි, නැත්නම් ඉඩකඩෙහි පලල් ජාතික සමගියක් සංහිඳියාවක් වඩන්නට ඇති විභවතාවන් සොයා යා යුතු විද්‍යාර්ථීන් පිරිසක් මේ රටේ මහා සංස්කෘතියේ මුදුන් මල්කඩ වැනි වෙස්තට්ටුවට අත තැබීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? ඊනියා මහා විරු දිනයට, එල්.ටී.ටී.ඊ යේ මිලිටරි පරාජය සිදුවූ මැයි 18දාට යාපනයේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය වේශයෙන් සිටින ත්‍රස්ත කීටයන් හා පිළවුන්, ඊනියා ඊලාම් රාජ්‍යයේ සිතියමක් ඉදිරිපිට පහන් දල්වන්නේ සංහිඳියාව උතුරා යන හදින්ද?

අපේ අගමැතිතුමා පසුගිය සිංහල අළුත් අවුරුද්දට පොන්ගල් කා පොන්ගල් හා කිරිබත් සැසඳුවේය. තව තවත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ඇතැම් ජනමාධ්‍ය ආයතන කළේ උතුරේ පිරිස් දකුණට ගෙවා කැවුම් කිරිබත් වලින් හොඳින් සංතර්පනය කිරීමය. අපි ඒවා අගය කරමු. ‘දකුණට‘ පැමිණ කිරිබත් කා ගිය ඇත්තෝද වෙස්තට්ටුව කුඩු පට්ටම් කරන්නට පොලු ඉස්සුවාදැයි අපි නොදනිමු. මන්ද ඒවා කුඩා පිරිස් ඉලක්ක කර සිදු කළ කුඩා හුදකලා ‘සාම ප්‍රොජෙක්ට්ස්‘ නිසාය. එහෙත් අපේ අගමැතිතුමා කිරිබතට වඩා පොන්ගල් හොඳ යැයි කළ ප්‍රකාශය වැදගත් සංස්කෘතික ප්‍රකාශයකි. එහෙත් ගතවුයේ හාර මාසයකි. පස්වන ඊළාම් යුද්ධයේ ත්‍රස්ත පෝතකයෝ එදා කෑ පොන්ගල් සිහිපත් වන අපූරු සංස්කෘතික පිළිතුරක් දී තිබේ.

දැනට සමාජයේ කතා බහට ලක්ව ඇති අයුරින් ඊනියා සංහිඳියා යාන්ත්‍රණය තුළ සිදුවන්නේ ඉතා සූක්ෂම ලෙස යුද්ධයෙන් පසු සිය සුපුරුදු ජීවන රටාවට ක්‍රමක්‍රමයෙන් අවතීරණ වන උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තුළ දේශපාලනික හා වාර්ගික වෛරයක් ජනනය කිරීමය; කාලය සමග ගොඩනැගෙන තිරසාර සමගියක් අවබෝධයක් වෙනුවට වර්ගවාදී වෛරී සිතුවිලි දාමයක් උප විඥානයේ අවරෝධනය කිරීමය. ඒ දෙමළ ඩයස්පෝරාවේද, ඒ න්‍යාය පත්‍රය ප්‍රකාරව සිය දේශපාලන පැවැත්ම තහවුරු කරගන්නා කල්ලි කණ්ඩායම් වලද උවමනාව පරිදිය. යාපනය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන විද්වත් සමුළු සඳහා ආරාධිත දේශකයින් ලෙස සහභාගි වන විදෙස් විද්වතුන්ගේ භාවිතාවන්ද ආන්දෝලනාත්මකය. තවත් බෙදුම්වාදී වැඩ පිළිවලකට දෘෂ්ටිමය වශයෙන් හා අනිකුත් අතින් සන්නද්ධ වීමක සේයාවක් මේ ඔස්සේ පලට වේ.

අවසාන වශයෙන් මේ නොමිනිසුන් තනන්නේ කවුරුන්දැයි අපි තේරුම් ගත යුතුය. යාපනයේ පමණක් නොව උතුරු නැගෙනහිර කොතැනක හෝ බුදු පිළිමයක් වඩාහිඳුවීම පවා සංස්කෘතික ආක්‍රමණයකියි සිය ‘යටත් වැසියන්ට‘ උගන්වන දෙමළ ජාතික සන්ධානය නම් වූ බෙදුම්වාදී දේශපාලන නඩය මෙහි ප්‍රධාන වගඋත්තරකරු වන්නේය. උතුරේත් නැගෙනහිරත් පමණක් නොව රටපුරා සිටින දෙමළ ජනතාව සිය බෙදුම්වාදී දෘෂ්ටිවාදය නැමැති එළිමහන් සිර කඳවුර තුළට ගාල් කර ගන්නා මේ දේශපාලන දාමරිකයින් සමග සංහිඳියා ගිණි කෙළි වලට යෑම අනතුරුදායක බව නොවැටහෙන්නේ ඇයි? විශ්ව විද්‍යාලයේ පහරදීමට පෙරාතුව, කලකට ඉහතදී අම්බලන්ගොඩින් නාගදීපය වඳින්ට ගිය බසයකට අරියාලේ දී ගල් ගැස්සීම වැනි එදා මෙදා තුර සිදුවූ අනෙකුත් සිදුවීම්ද ඉතා සැළසුම් සහගත සිදුවීම් බව අපේ අදහසයි. මේ උත්සහ දරන්නේ 1983 වැනි ක්‍රමවේදයකින් සිංහලයන් ලවා සාමාන්‍ය දෙමළ වැසියාට ගස්සා ගන්නටය. ඒ අර්බුදධ ඇතිවන තුරු ප්‍රජාතන්ත්‍රවාදයේ අර ඇතැයි කියන කණු තුනම ගල්වී සිටී. එය අපට සිහි ගන්වන්නේ 1983දී ඇඳිරි නීතිය නොදා ම්ලේච්ඡ යුද්ධයේ පදනම තිරසාරව දමන්නට පූර්ණ සහය පළකළ විධායකයයි. ඒ උගුලේ නොවැටෙන්නට සිංහලයා ප්‍රවේශම් විය යුතුය. මන්ද එය බෙදුම්වාදයේ ජයග්‍රහණය පිණිසම හේතු වන බැවිණි! එසේම ඒ භීතිය හා අන්ධකාරය තුළ රටේ ඓතිහාසික ජාතිය මර්ධනයට ලක්කරන යෝජනා මාලාවක් සහිත ව්‍යවස්ථා මර උගුලක් හා තවත් විනාශකාරී අණපනත් හා ද්වීපාර්වික ගිවිසුම් වලට ඇතුළත් ව රට කාබාසිනියා කර දමන්නට සතුරා මාන බලමින් සිටින බැවිණි!!

ආචාර්ය චමිල ලියනගේ
සිංහල සංගේදම බුද්ධි මණ්ඩලය


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

Labels

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions