7/12/2016

CEPA ගියා ETCA එනවා.ලංකාවට ඇඩ්‍රස් නෑ..

කතෘ:යුතුකම     7/12/2016   No comments

ඉන්දියානු ආක්‍රමණය :  ECTA එනවා  - ලංකාවට ඇඩ්‍රස් නෑ..

ආදරණීය අම්මේ තාත්තේ සහෝදරිය සහෝදරිය,

වත්මන් රජය විසින් ඉන්දියාව සමග අත්සන් කිරීමට යනු ලබන ECTA ගිවිසුම පිළිබදවඉංජිනේරු වෘත්තිකයින් වශයෙන් ඔබව දැනුම්වත් කිරීම මේ තීරණාත්මක මොහොතේ අපගේ වගකීම සහ යුතුකම වන්නේය.

ECTA ගිවිසුමෙන් අපට කුමක් වෙයිද? ඉන්දියානුවන් අපේ රැකියා ලබාගනීද? එසේ වුවහොත් ලාංකික අපට රැකියා නැතිව යාවිද?නැතිනම් අපට රැකියා ලැබුනද අඩු වැටුපට සේවය කිරීමට සිදුවේද? අවසානයේ අපගේ ජීවන තත්වය කුමක් වේද?

මේ සියලු ප්‍රශ්න ඔබටත් අපටත් ඇත්තේ ECTA ගිවිසුම මගින් අපගේ අනාගතය පිළිබද අවිශ්වාසයක් ගොඩනගා ඇති නිසාවෙනි.

යෝජිත ECTA ගිවිසුම මගින් යෝජනා කර ඇති පරිදිනිදහස් ශ්‍රම සංසරණයට කිසිදු බාධාවකින් තොරව ඉඩ සැලසේ. එනම් ඉන්දියාවේ ඕනෑම පුරවැසියෙකුට ලංකාව තුල ව්‍යාපාර ආරම්භ කිරීමට,වෙළදාම් කිරීමට සහ රැකියා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකුට සමාන අයිතිවාසිකම් ලැබේ. එපමණක්ද නොවේ තමන්ගේ පවුලේ සාමාජිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු බාධාවකින් තොරව අවසර ලැබේ.

මෙම ගිවිසුම හරහා අපට තරග කිරීමට ලැබී ඇත්තේ කෝටි120කට අධික ජනගහනයක් එනම් ලංකාවේ ජනගහනය මෙන් හැට ගුණයක් ද වර්ග කිලෝමීටර මිලියන3.3ක් එනම් එනම් ලංකාවේ භුමි ප්‍රමාණය මෙන් 50 ගුණයක් ද විශාල යෝධයෙකු වැනි ඉන්දියාවයි.

ඉන්දියානු ඉංජිනේරු උපාධිය සහ විරැකියාව

ඉන්දියාවේ ඇති ප්‍රාන්ත 29ම පාහේ තෘතීක අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් ඇති අතර වසරින් වසර එම ප්‍රමාණය ඉහල යනුයේ හතු පිපෙන්නාක් මෙනි.අප විසින් කරන ලද අධ්‍යයනයේ ප්‍රතිපල අනුව සමස්ත ඉන්දියාවේම ඉංජිනේරු උපාධිය ලබා දෙන ආයතන පමණක් 6430ක් ඇති අතර ඒ අතරින් බොහොමයක් කිසිදු ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යනු ලබන හුදෙක් ව්‍යාපාරික ආයතන පමණි.

එමගින් සමස්ත ඉන්දියාවේම එක් වසරකට පමණක් ලක්ෂ 18කට අධික ඉංජිනේරු උපාධිදාරීන් පිරිසක් පිටවෙති. (2016 වසරේ පමණක් ඉංජිනේරු උපාධිදාරීන් 1,866,324 පිටවී ඇත) මෙසේ වසරකට පිටවන ඉංජිනේරු උපධිදාරීන්ගෙන් 80% කට රැකියා නොමැති අතර ඔවුන්ගෙන් බහුතරයකට රැකියාවක් ලබා ගැනීමට වසර 3කපමණ කාලයක් ගත කිරීමට සිදුවේ.
වසරකට පිටවන ඉංජිනේරු උපාධිදාරීන්ගෙන් ලක්ෂ 14කට අධික ප්‍රමාණයක් රැකියාවක් නොමැතිව නිවෙසට වී සිටියි.

ඔබ දන්නවාද ?
Ø ඉන්දියාවේ විරැකියාවෙන් පෙලෙන මුළු ප්‍රමාණය මිලියන 40 කට ආසන්නයි..
එනම් ලංකාවේ ජනගහනයෙන් දෙගුණයක් පමණ..
Ø ඉන්දියාවේ වසරකට ඉංජිනේරු උපාධිදාරීන් ලක්ෂ 18ක් උපාධිය ලබා පිටවෙති.
ඔවුන්ගෙන් 80% කට රැකියා නොමැත.එනම්ලක්ෂ 14ක් රැකියානොමැතිව නිවෙස්වල සිටී.
Ø ඉන්දියාවේදී කම්කරුවෙකුගේ දිනක වැටුප ශ්‍රී ලංකාවේ මුදලින් රු. 325 කි

ලංකාවේඉංජිනේරු ශේස්ත්‍රය

ලංකාවේ ඉංජිනේරු උපාධියේ ගුණාත්මක භාවය සහ ජාත්‍යන්තර පිළිගැනීම ඉතා ඉහල මට්ටමක පවතී. ලංකාවේ ඉංජිනේරු උපාධිදාරීන් 2400ක් පමණ වසරකට පිටවන අතර ඔවුන්ගෙන් 12% ක් පමණ උසස් අධ්‍යාපනය සහ විදේශ රැකියා සදහා යොමුවේ ඉතිරිවන පිරිස සදහා රැකියා සංතෘප්ත තත්වයක් පවතී. විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් මෙයට එකතු වුවහොත් දැනට පවතින රැකියා ප්‍රමාණයද අහිමිවී යාම වැළක්විය නොහැක.

දැනටත්ඉන්දියානුකම්කරුවන් ලංකාවේ

ඉන්දියාවේදී කම්කරුවෙකුගේ වැටුප ශ්‍රී ලංකා රු. 325ක් වැනි මුදලකි. ලංකාවේ දිනක කම්කරු වැටුප හා සැසදීමේදී මෙය ඉතා අඩු වැටුපකි.
ඉන්දියාවේදී ලැබෙන අඩු වැටුප් නිසාම ඉන්දියානු කම්කරුවන් සංචාරක වීසාමත ලංකාවට පැමිණ රැකියාවේ නියැලෙති. අදටත් කොළඹ අවට ප්‍රදේශ වල ඉන්දියානු කම්කරුවන් සංචාරක වීසා මත ඉතා අඩු වැටුපට කම්කරු රැකියා කරන බව නොරහසකි. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ වී අස්වනු නෙලන කාලයට ඉන්දියානු කම්කරුවන් සමුහ වශයෙන් සේවය කරති.

මැදපෙරදිග ඉංජිනේරු වැටුප් තලවලට ඉන්දියානු බලපෑම

මැදපෙරදිගට පැමිණෙන විරැකියාවෙන් බැටකෑඉන්දියානු ඉංජිනේරුවන් ඉතා අඩු වැටුප් තලයන් වල සේවයකරන බැවින් සමස්තයක් ලෙස අනෙකුත් රටවල ඉංජිනේරුවන්ටද ඉතා අනිසි බලපෑමක් එල්ල වී ඇත.ලංකාවට ඉන්දියානුවන් පැමිණියහොත් සිදුවනුයේ මෙයම නොවේද.

ඉන්දියාව නමැති බුවල්ලා

ඉන්දියානු රජය උත්සහ කරනුයේ විරැකියාවෙන් පෙලෙන ඉන්දියානුවන් සදහා ලංකාව රැකියා වෙළදපොලක් ලෙසවිවෘත කිරීමටය. ඉන්දියානු රජය ඉන්දියානුවන් ගැන සිතනවා හැරෙන්නට ලාංකික ඔබ අපගැන සිතාවිද?කණගාටුව ලංකාවේ යහපාලන ආණ්ඩුව ඔබ අප ගැන නොසිතීමය.

මෙම ECTA ගිවිසුම හරහා වත්මන් යහපාලන ආණ්ඩුව ශ්‍රී ලාංකික අපට උදාකර දී ඇත්තේ ඉන්දියාව නමැති බුවල්ලා ගිල ගැනීමට බලා සිටින කුඩා මත්ස්‍යය පැටවකුගේ සෝචනීය තත්වයටය.
දැනටමත් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ පවසා ඇති පරිදි මෙම විනාශකාරී ECTA ගිවිසුම අත්සන් කිරීමට ඔවුන් තීරණය කර ඇත. ඒ සදහා වන කාල රාමුවක්ද යෝජනා කර ඇති අතර වහ වහා ඒ සදහා අවශ්‍යය කටයුතු සුදානම් කරමින් පවතී.

අප කුමක් කරමුද?

විරැකියාවෙන් පෙලෙන ලක්ෂ 400ක් වන ඉන්දියානුවන් ECTA ගිවිසුම හරහා මෙරටට පැමිණියහොත් අපට කුමක් සිදුවේද?ඔබටත් ඔබගේ දුව දරුවන්ගේත් අනාගතය කුමක් සිදුවේද?අනාගතපරපුරට නිවහල් රටක් උරුම කරදීම අපගේ වගකීම නොවන්නේද?

ECTA එපා
මෙම විනාශකාරී ECTA ගිවිසුමට විරුද්ධව පෙළ ගැසීම ඔබ අප සැමගේ ජාතික වගකීමයි. සැවොම දැනුම්වත් කරන්න, එන්න, පෙළගැසෙන්න මෙම ඉන්දියානු ආක්‍රමණයෙන් රට බේරා ගැනීමට එක්වන්න. ECTA පරදවමු.

ඔබටජය!

-දේවපුරගේ දිලාන් ජාලිය
ඉංජිනේරු සංසදය,
ජාතික වෘත්තික එකමුතුව.

ආශ්‍රිත
http://economictimes.indiatimes.com/jobs/over-80-per-cent-engineering-graduates-in-india-unemployable-study/articleshow/50703662.cms
http://www.newindianexpress.com/magazine/Where-have-all-the-jobs-gone/2013/08/25/article1746014.ece


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions