-පුනර්ජි දඹොරගම-
රටේ පොදු ජන මතයට එරෙහිව ද රටේ ස්වෛරීභාවයට එරෙහිව ද පාළකයන් කටයුතු කරද්දී එහි ව්‍යවස්තාමය පිළිලය වන නව ව්‍යවස්ථා සංශෝදන නිර්දේශ වාර්තාව නිකුත් වී තිබේ. එහි ආකෘතිමය ස්වරූපය වූයේ මහජන අදහස් විමසා කමිටුවක් මගින් පළමුව එහි නිර්දේශ වාර්ථාවක් ලබා ගැනීම ය.
ව්‍යවස්ථාවක් සැකසීමට මහජන අදහස් ලබා ගැනීමෙහි වරදක් නැත. එහෙත් එම මහජන අදහස් සම්පින්ඩනය කර වාර්තාවක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමේදී ප්‍රායෝගික ගැටළු රැසක් මතු වේ. රට පුරා විවිද අදහස් ලබා ගෙන අවසාන නිර්දේශ වාර්ථාව ඉදිරිපත් කරන්නේ කමිටුවක් විසිනි. මෙම කමිටුවට පත් කරන්නේ කුමන පුද්ගලයන් ද? එම පුද්ගලයන් තේරීමේ නිර්නායක මොනවා ද? අනෙක් කාරනය නම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද්දේ මහජන මතය නම් එම අදහස් නිර්දේශ ලෙසට තෝරා ගැනීමේදී ඒ ඒ මහජන අදහස් වලට දුන් බර කොපමණ ද? එසේත් නැත්නම් එම මහජන අදහස් නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමේදී සලකා බැලූ නිර්නායක කවරේද?
මෙම කමිටු වාර්ථාවේ 20 දෙනෙකුගෙන් 18 දෙනෙකුම තම නිර්දේශය සටහන් කල වාර්ථාවේ සඳහන් ගැටළුකාරී යෝජනාවන්ගෙන් එක් යෝජනාවක් වන්නේ අනාගමික රාජ්‍ය පිළිබඳ යෝජනාවයි. දැනට පවතින ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති වලින් මෙයින් ආදේශ වන්නේ ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය වශයෙන් සඳහන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය යන යෝජනාවයි. අනාගමික රාජ්‍ය සංකල්පයම සාපේක්ෂ වූවකි. එය තම තමන් ආගම වශයෙන් සලකන්නේ කුමක්ද යන්න මත රඳා පවතින්නකි. අනාගමික රාජ්‍ය සංකල්පයම බටහිර රටවල ආගමික අන්තවාදීන්ගෙන් ජනයාට සිදු වන අහිතකර බලපෑම් නිසා වර්ධනය වූ සංකල්පයකි. එහෙත් එම සංකල්පය ප්‍රජනනය වූ බටහිර ද ආගමික රාජ්‍ය සංකල්පය අතහැර නොමැත. අපේ රටට අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යන්න මගින් අනෙක් ආගම් වලට අසාධාරණයක් සිදු වේ ද? එසේත් නැත්නම් උපතින් බෞද්ධයෙකු වූවෙකුට බලපෑමක් කෙරේ ද? බුද්ධාගම ආගමක් වශයෙක් හැඳින්වුවද එයට එදිය හැකි සුදුසුම නම ධර්මය යි. ධර්මයේ අනුසාරයෙන් පාරම්පරිකව පැවත එන දැනුම් සම්භාරය මත සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබේ. ඒ අතර ඕනෑම කෙනෙකුට අනුන්ට හින්සාවක් නොවන ලෙස තමන් කැමැති ආගමක් ඇදහීමට හෝ මතවාදයක් දැරීමට නිදහස අපේ සංස්කෘතිය තුල ඉඩ ලැබී ඇත.
පෙර සිරිතට අනුව ධර්මයේ පැවත්මට සහ එය වටා ගොඩ නැගුනු සංස්කෘතියේ පැවත්මට අවශ්‍ය කටයුතු සැලසීම් වශයෙන් වෙහෙර විහාර සෑදීමත් භික්ෂූන් වහන්සේට සිවු පසයෙන් උපස්ථාන කිරීමත් ඒ හා සම්බඳ කළා ශිල්පාදිය පවත්වා ගැනීමට පහසුකම් සැලසීමත් රාජ්‍යත්වයේ වගකීමක් විය. ව්‍යවස්ථා නිර්දේශ සැකසීමේදී මේ පෙර සිරිත් ගැන අවධානය යොමු වීද? තවමත් ජීවමානව පවතින රටේ ඓතිහාසික සංස්කෘතියේ පැවැත්ම මුලුමනින්ම ඝාතනය කිරීමට තැත් කිරීම බරපතල සංස්කෘතික ඝාතනයක් නොවන්නේද?
රජය කෙරෙහි ජනතා විරෝධය දැඩිව පවතින අවස්ථාවක ජන මතය ලබා ගන්නා මුවාවෙන් විකෘති ව්‍යවස්ථා නිර්දේශ සැකසීම ජනතාවගේ ඇසට වැලි ගැසීමකි. නව ව්‍යවස්ථාව සැකසෙනු ඇත්තේ මේ නිර්දේශ මතය. අනාගමික රාජ්‍ය යෝජනාවට අමතරව බෙදුම්වාදය පෝෂණය කිරීමටද රටේ සංස්කෘතිය විනාශ කිරීමට ද මෙම නිර්දේශ වාර්තාව මගින් ඉදිරිපත් කරන අහිතකර යෝජනා බොහෝ ය.
තමන්ට බලයට පත් වීමට උපකාර කල උන් සැනසීමට ජනයාද දේශයද පාවා දෙන අවස්ථාවාදී දේශපාළකයන්ගේ නිසා මුලු මහත් ජාතියටම අයත් වනු ඇත්තේ කටුකදායක ඉරණමකි.අප යා යුත්තේ බටහිර ආකෘතියට සැකසූ අපට නොගැලපෙන යෝජනා පදනම්ව අනාගමික රාජ්‍යක් කරා නොව නිදහස් නිවහල් රටක් ලෙස ධර්ම රාජ්‍යයක් කරා ය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .