3/10/2015

ජාතිය යනු කුමක් ද?

කතෘ:යුතුකම     3/10/2015   1 comment


මේ ලිපි මාලාවේ පෙර ලිපිය මෙතනින් : ජාති[ක]වාදය    
අද එතැන් සිට...

ජාතිය යනු කුමක් ද?

මෙම ලිපි පෙළෙහි සිංහල ජාතිවාදය යන්න sinhala nationalism ලෙසත් ශ්‍රී ලාංකික ජාතිවාදය යන්න sri lankan nationalism යන්න ලෙසත් නම් කර ඇත. ඊට හේතුව nationalism යන බටහිර සංකල්පය සත්‍ය වශයෙන්ම ජාතිවාදී වර්ගවාදී නිසා ය. සෛධ්ධන්තිකව මෙන් ම ප්‍රායෝගික ව ද එය එසේ ය. එහිදී වර්ගය ලෙස සම්මත ජනවර්ගයක් හෝ ඒ වෙනුවට ජාතික රාජ්‍යයේ පුරවැසිභාවය මත තීරණය වන කෘතීම පුරවැසි කුලකයක් වර්ගය ලෙස ගත්තද ඒ දෙකම වර්ගවාදී වෙයි. ඊට හේතුව වන්නේ මෙම මිනිස් කුලකය ලෝකය තුල තම අභිවෘද්ධිය උදෙසා ලෝකය සමග ස්වකෙන්ද්‍රිය මානසිකත්වයකින් තරගයක නියැලීම ය. ඇමරිකානු ජාතිකවාදය ජාතිවාදයක් වන්නේ එහි කල්ලන්ට සිදුවන අසාධාරණයක් නිසා නොව ඇමරිකන් ජාතික (වාර්ගික - ඇමරිකන් පුරවැසි වර්ගය ) අභිලාශ වෙනුවෙන් ලෝකය විනාශ කිරීමට ඇමරිකන් දේශපාලනය දක්වන නොපසුබට බව නිසා ය. අප හඳුනාගන්නා බයි සිංහල ජාතිකත්වය තුල බිහිවන ජාතිකවාදයන් nationalisms නොවෙයි. මෙම ලිපි පෙළ තුල එය විස්තර කෙරෙනු ඇත. පසුගිය ලිපියේ යෙදුනු අර්ථදැක්වීම් තවදුරටත් යොදා ගමු.

මුලින්ම අප පසුගිය ලිපියේදී ජාතිකවාදය මිස ජාතිකත්වය හෝ ජාතිය ගැන කතා කලේ නැත. ජාතිකවාදය වුවද හඳුනාගැනීමක් පමණක් කළෙමු. 'ජාතිය' යන වියුක්ත සංකල්පය ලංකාව වැනි රටවල් වල ඇතිවන්නේ nation යන බටහිර සංකල්පය අනුකරනයෙනි. එහෙත් එයින් කියවෙන්නේ nation යනුවෙන් හැදින්විය හැකි ජාතියක් ලංකාවේ හෝ වෙනත් රටක සිට නොමැති බව නොවෙයි. සිංහල සාහිත්‍ය ඉතිහාසය පුරාම ඇත්තේ සිංහල ජාතියේ කතාවයි. ජනකතා වල ද ඇත්තේ එයයි. ඉන්දියාවේ නම් ජාතියක් නොවී ය. ඉන්දියන් ජාතිය 20 වන සියවසෙහිදී නිර්මාණය කෙරුණකි. සිංහල යනුවෙන් ජාතියක් තිබුනේ යයි අප කියන්නේ nation යන සංකල්පය යුරෝපිය සන්ධර්භයෙන් පෙරා ඉවත් කර මෙරට තුලට ආදේශ කර බැලීමෙනි. ආදේශ කලවිට ගැලපෙන බැවින් අපි සිංහල ජාතිය යයි කියමු. එසේ කියන්නේ කුමන කාරණා මතදැයි සරල ව හදුනා ගමු. ඒ ගමන්ම සිංහල ජාතියේ හා යුරෝපිය ජාතින් හි ජාතික හැගීම තුල ඇති වෙනස වටහා ගමු. (කෙසේ වෙතත් ජාතිය යන්න භාවිතා කල යුත්තේ යම් ජනකොටසක් ජාතියක් ද නැද්ද යන ප්‍රශ්නයට පිළිතුර ඔව් හෝ නැත යන්න ට සිමා නොවන ලෙස ය. nation යන්නට වඩා ජාතිය යන්න පුළුල් අර්ථයකින් යෙදිය යුතුය. එය පසුව සලකා බලාමු. )

ජාතියක් (nation) ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ යම් නිශ්චිත භුමි ප්‍රදේශයක දේශපාලන ස්වෛරීභාවය ජනකොටසක් ලෙස එක්ව ක්‍රියාත්මක කරන ජනකොටසකි. මෙය වුවද පුර්ණ ව සාර්ථක අර්ථදක්වීමක් නොවෙයි. දේශපාලන ස්වෛරීභාවය ලෝකයේ කිසිදු රාජ්‍යයක මුළු ජන සමුහයේ ඒකමතිකත්වයෙන් හෝ අඩු ගන්නේ පුර්ණ සහභාගිත්වයෙන් හෝ ක්‍රියාත්මක වී නැත. අප චන්දය දීමෙන් පසු සිදු වන්නේ අප සියල්ලන් කැමති දෙය නොවෙයි. අනෙක් අතට ඇමරිකාව වැනි රටවල චන්දය දෙන්නෙම 50 % ක් පමණි. මේ නිසා අප මිට වඩා මෙම සංකල්පය දියාරු කරගමු. ජාතියක් ලෙස අප හදුනාගත යුත්තේ ලෝකයේ එක්තරා භුමි ප්‍රදේශයක් තම පොදු දේශපාලන සංස්කෘතික සාමාජිය අවශ්‍යතා ඉටුකරගැනීම සදහා වෙන් කරගෙන සිටින සහ එම භුමියේ අධිකාරි බලය තමන් සතුව පවතින්නේ යයි පොදුවේ සිතන සහ එම අධිකාරි බලය සත්‍ය වශයෙන්ම දිගින් දිගට පවත්වා ගෙන යන ජනකොටසකි. තම දේශපාලනික සමාජීය අවශ්‍යතා ක්‍රියාත්මක කරගැනීම සදහා ඔවුන් එකඟ වී ඇති ක්‍රමවේදයන් ඇතැම් විට මහාසම්මතයකින් පැන නැගුනක් හෝ බලෙන් පටවන ලද්දක් හෝ එම ජනසමාජය තුල මතවාදී හෝ දේශපාලන ආධිපත්‍ය දරන කොටසක් විසින් පනවනු ලබා අනෙක් කොටස් විසින් ක්‍රමයෙන් කාලයත් සමග එකගවනු ලැබුවක් විය හැක. ජාතියක් ද නැද්ද යන්න නිර්ණය කිරීමේදී ඒවා වැදගත් නොවෙයි. වැදගත් වන්නේ භුමිය හා ජනවර්ගය සම්බන්ධයෙන් මානසිකව ඇතිකරගන්නා වුත් පොළොවේදී ක්‍රියාත්මක වන්නා වුත් එකට එක සම්බන්ධතාවයි. මිට අනුව කරුණු සලකා බලන විට යුරෝපිය ජනයා ජාතින් ලෙස වෙන්වන්නේ සියවස් කිහිපයක විකාශයක් 18 වැනි සියවස්වලදී පමණ පුර්ණ වීමෙනි. සිංහල ජනයා ජාතියක් බවට පත්වීම පණ්ඩුකාභය යුගයේදී පමණ ඇරබුනු බව උපකල්පනය කල හැකි ක්‍රියාවලියක් ගැමුණු රජුගේ ප්‍රබල දායකත්වයකින් පසු මහාවංසයේ මතවාදී දායකත්වය හරහා විජයබාහු රජුගේ කාලය පමණ වන විට සම්පුර්ණ වී ඇති බව පෙනෙයි. අපි ඉදිරියේදී අපේ නැණ පමණින් විමසන්නට උත්සහ කරන්නේ මෙසේ ඇරඹි එන බයි සිංහල ජාතිකත්වයේ විකාශයයි.

මීළඟ ලිපියේ මෙය විස්තර කිරීමට පෙර කරුණු දෙකක් කතාවට ගමු. පළමුවැන්න වන්නේ ජාතියක් බවට පත්වීමේ අභිලාශය ඇතිව ඒ සදහා භූමියක්ද මානසිකව තෝරාගෙන සිටින එහෙත් එහි අධිකාරය දැරීමේ වරම අහිමි ව සිටින ජනකොටසක් ජාතියක් ද යන්නයි. අප කතා කරන්නේ ලංකාවේ මෑත කාලින උතුරු දෙමල ජනයාගේ අභිලාශය ගැන බව පැහැදිලි විය යුතු ය. අර්ථ දැක්වීමට අනුව නම් ඔවුන් ජාතියක් නොවෙයි. ඉන් අප පවසන්නේ ඔවුන්ට දැන් ජාතියක් නොවන නිසා කවරදාකවත් ජාතියක් නොවිය යුතු බව නොවෙයි . එහෙත් ඔවුන් ජාතියක් ලෙස නොව ජාතියක් බවට පත්වීමේ අභිලාශය සහිත වාර්ගික ප්‍රජාවක් ලෙස හදුනාගත යුතු ය. උතුර සම්බන්ධ ඔවුන්ගේ මෙම අභිලාශය ලෝක සන්ධර්භය තුල සාධාරණ ද නැද්ද යන්න වෙනත් ලිපියක සලකා බලමු. එමෙන්ම ඔවුන්ගේ මෙම වාර්ගික අභිලාශය සමස්ත ලෝක දෙමල ප්‍රජාවගේ වාර්ගික අභිලාශය සමග බැඳී ඇති බව ද මතක් කල යුතු ය.

දෙවන ප්‍රශ්නය නම් 20 වන සියවසේදී අනගාරික ධර්මපාලතුමා වෙනමත් උගත් ලාංකිකයින් පිරිසක් වෙනමත් උගත් ලංකික දෙමල නායකයින් පිරිසක් විසින් වෙනමත් ඇතිකිරීමට උත්සහ කලේ මොනවාද යන්නයි. මේ තුන් පිරිසම යුරෝපිය ජාතිය (nation) යන සංකල්පය අනුකරණය කළහ. අනගාරික ධර්මපාල තුමා මේ nation යන සංකල්පය තුල සිංහල ඓතිහාසික ජාතිය ගැලපුවේ ය. එහෙත් සිංහල ඓතිහාසික ජාතිය යුරෝපිය ජාතිය යන්න සමග ගැලපෙන්නේ නැත. එසේ ගැලපීම සඳහා ජාතිය යන සංකල්පය යම් මට්ටමකට යුරෝපියත්වයෙන් මුදාගෙන තේරුම් ගත යුතුය. ඇත්තෙන්ම ඒ මහතා සිංහල ජාතිය යුරෝපිය ආකාරයේ ජාතියක් බවට පත්කිරීමට උත්සහ කළේය. එතුමාගේ ජාතිකවාදය ඒ පිණිස විය. සුද්දන් යටතේ සිටි සිංහලයන්ට ඒ මහතාගේ සිංහල කැක්කුම සහ පෞරුෂවත් සිංහල රාජ ලීලාව ආකර්ශනීය වන්නට ඇතත් ගැමි සිංහලයන්ට ඒ මහතාගේ නව ජාතිකවාදී අදහස් ගැලපුනේ නැත. එතුමාගේ නව ජාතිකවාදී අදහස් ගැලපුනේ සුද්දන් විසින් යුරෝපිය දැනුම ආකල්ප යම් මට්ටමකට ලබා දී තිබු නගරයේ සිංහල ජනයාට ය. පසුව මෙම නාගරික සිංහල ජාතිකවාදී ප්‍රවාහය දිශා කිහිපයකට ගමන් කර තිබේ. ඊනියා ජාතිකවාදී ඕල්කට් බෞද්ධයන්, සෝම හාමුදුරුවන් සහ උන්වහන්සේගේ අනුගාමිකයන්, හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය තුල වැඩි වශයෙන් හා නිදහස් පක්ෂය තුල අඩුවෙන් තිබෙන නාගරික සිංහල ජාතිවාදී ප්‍රවාහ ආදී මේ සියල්ල අයත් වන්නේ මේ ප්‍රවාහයටයි.

ඊළගට ශ්‍රී ලංකා ජාතිකත්වයක් ගැන කතා කල පිරිසට අවශ්‍ය වුයේ ජාතිය අලුතින් ම යුරෝපයේ මෙන් නිර්මාණය කිරීමට ය. දැනටමත් ලංකාව සම්බන්ධයෙන් සිංහල ජාතික හැගීමක් තිබෙන විටෙක මෙය අසාර්ථක වීම ගැන පුදුම විය යුතු නැත. ශ්‍රී ලංකා ජාතියක් නිර්මාණය කිරීමට ඉඩ දෙන්නේ නැති බව කියමින් සිංහලයන් ජාතිවාදී බව කියමින් පතුරු ගසන්නො මෙය තේරුම් ගත යුතුය. මෙය සංවේදී ප්‍රශ්නයකි. දෙමල නායකයන්ට දෙමල ජාතිකවාදයක් තිබුනේ නැතැයි කීම වඩා සුදුසුය. ඔවුන්ට තුබුණේ ප්‍රභූ වර්ගිකත්වයකි. එම ප්‍රභූ වාර්ගිකත්වය දෙමල ජාතිකවාදයක් දක්වා පුළුල් කිරීමේ අවශ්‍යතාව පැන නැගුනේ සර්වජනචන්ද බලයෙන් පසුව දෙමල ප්‍රභූ වර්ගයට බලය රැකගැනීමට ය. එය අවසන් වුයේ දෙමල ජාතිවාදය බිහි කරමිනි. කෙසේ වෙතත් මේ අවශ්‍යතාවයෙන් ස්වායත්ත දෙමල ජාතිවාදී කතිකාවක් ද තිබුණු බව ද පිළිගත යුතුය. එය දෙමල ප්‍රභූන් විසින් දකුණු ඉන්දීය දෙමල සංස්කෘතික ව්‍යාපාර සමග අතිනත ගනිමින් මෙහෙයවුවකි.


නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය 
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. සිංහල ජාතිය,දෙමළ ජාතිය,මුස්ලිම් ජාතිය හෝ ඇමරිකානු ජාතිය ආදී ලෙස අපි ව්‍යවහර කරත් මේ සියලු අවස්තාවන් හී දී කියවෙන "ජාතිය" එකම ද ? එනම් සියලු "ජාතීන්" එකම අර්ථයෙන් භාවිත කළ හැකි ද....???

    එසේ අප වචනයෙන් "ජාතිය" ලෙස ව්‍යවහර කළත් එහි සංදර්භය සම්පූර්ණයෙන් ම වෙනස් වේ.උදාහරණ සළකා බලමු:-
    1.යුරෝපයේ ජාතිය බිහිවූයේ ධනපති විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙනි.

    2.නමුත් "මුස්ලිම්" ජාතිය බිහිවෙන්නේ ඉස්ලාමීයත්වය මුල් කොට ගෙනය.

    3.ඉංදියානු ජාතිය බිහිවූයේ කෙසේද යන්න මේ ලිපියේ ම පැහැදිලි ව දක්වා තිබේ.

    මේ ආකාරයට "ජාතිය" යන්නේ සංදර්භමීය වෙනසක් ඇති නමුත් එය ලෝකය තුළ එකම අර්ථයෙන් වර නගන්නට යුරෝපීයන් සහ යුරෝපීය ගැත්තන්(කළු සුද්දන්) උත්සහ කරයි.
    ඒ යටත්විජිතකරණයේ නූතන ස්වභාවය පෙන්නුම් කිරීමක් වශයෙනි.
    වර්තමානයේ අප "ජාතිය" කියා හඳුන්වන්නේ යුරෝපයෙන් පැනනැගි ධනේශ්වර විප්ලවයේන් බිහි වූ පුරවැසිභාවයත් සමඟ අර්ධ වශයෙන් ගැටගැසී තිබෙන (ජාතික රාජ්‍ය බිහිවීමේ දී ය යුරෝපීන්ට "ජාතිය" යන සංකල්පය අවශ්‍ය වුනේ) මොකක්දෝ අමුතු සංකල්පයකට ය.මෙම යුරෝපීය ජාතිය බිහිවීම හා එහි පසුබිම දීර්ඝ ව සාකච්ඡා කළ හැකි ය,නමුත් මේ ඊට වෙලාව නො වේ.
    "ශ්‍රී ලාංකීය ජාතියක්" ගොඩනගන්නට අදටත් ඇතැමුන් කතා කරන්නේ මේ කළු සුදු චින්තනයෙ සිටගෙනය.
    කෙසේ වෙතත් යුරෝපයේ ජීවත්වන එංගලන්ත හෝ ප්‍රංශ හෝ ඉතාලී ආදී ජාතීන්ට (ඇමරිකානු ජාතියත් මේ කුලකයේ ම ය.) වඩා මුස්ලිම් ජාතිය ජාතියක් වශයෙන් වෙනස්‍ ය.දෙමළ ජාතිය මේ දෙකට ම වඩා වෙනස් ය.මෙය ඉතා හොඳින් වැටහෙන ඊළඟ තැන නම් සංස්කෘතීන් හී විවිධත්වය යි.ජාතිය ලෙස ලෝකයේ සියලු ජාතීන් එකක් කොට සළකයි නම් සංස්කෘතීන් විවිධ වූයේ කෙසේ ද??? (ජාතිය හා සංස්කෘතිය වෙන් කළ නො හැකි බව තේරුම් ගැනීමට තරම් ඔබ බිද්ධිමත් යැයි සිතමි)

    එසේ නම් මේ ආකාරයට ලෝකයේ සියලු ම ජාතීන් පුරවැසිභාවයත් සමග ගැටගසා ජාතිය යන්න යුරෝපීය දෘෂ්ටිය කෝණයකට ගෙන එන්නට හදන්නේ තවදුරටත් සිංහලයන් ව මානසික ව යටත් කරගැනීමට නො වේ ද ?????
    සිංහලයන් රාජ්‍ය පිළිබඳ වූ සංකල්පයකට ගොනු ව ජාතික චින්තනයකින් (සිංහල ජාතික චින්තනය බලයෙන් ඇතිකර ගත්තක් නො වේ.එය පුරවැසිභාවය සමග ද එක්ව ගැටගසා නැත.) කටයුතු කරන අවදියේ සුද්දන් සිටියේ "පුරවැසියා" යන සංකල්පය තුළ ය. "පුරවැසිභාවය" පිළිබඳ සංකල්පය 100% ක් ම යුරෝපීය වේ.මන්ද යුරෝපයේ "ජාතිය" බිහිවීමට පෙර "පුරය" හෙවත් "නගරය" මුල් කොට ගත් ජනගහනයක් පිළිබඳ ව වූ සංකල්පයක් පැවති අතර එය හැඳින්වූයේ 'citizenship' ලෙස ය.ජාතිය රාජ්‍යයන් සඳහා අවශ්‍ය "ජාතිය" බිහි කර ගැනීමේ දී ද යුරෝපීයෝ මෙම "පුරවැසියා" යන සංකල්පය ම භාවිත කළහ.ඒ අනුව පැහැදිලි ව ම යුරෝපයේ ඇති වූ ජාතියට වඩා සිංහලේ ජාතික චින්තනය වෙනස් ම එකකි.සැබවින් ම සිංහලයන් තුළ අද අප කතා කරන "ජාතිකවාදයක්" තිබුණේ ද? අතීතය හාරා අවුස්සන විට හැඟෙන දෙය නම් සිංහලයන් තුළ ජාතියකට වඩා එහා ගිය මනුශ්‍ෂත්වයට කිට්ටු වූ යම් සංකල්පයක් තුළ ඔවුන් එක්ව සිටි බව පැහැදිලි වේ.එයට "ජාතිය" යන සංකල්පය නො වටිනා බව හැඟෙමි.නමුත් ව්‍යවහරයේ පහසුවට එය භාවිත කළත් අපට "සිංහලය" සම්බන්ධයෙන් වූ යුරෝපීය සංකල්පයෙන් මිදුණු වෙන ම කියවීමක් අවශ්‍ය වන බව පැහැදිලි ය.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions