3/17/2015

සන්නස්ගලට පිලිතුරක්

කතෘ:යුතුකම     3/17/2015   6 comments

2015.03.12 වනදා ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වූ සත්‍යාගාරය නම් වැඩ සටහන මගින් ජ්‍යෙතිෂය සම්බන්දව සුමනදාස අබේගුණවර්ධන නම් පුද්ගලයා සම්බන්ද කරගනිමින් උපුල් සාන්ත සන්නස්ගල විසින් පැවැත්වූ සාකච්චාමය වැඩසටහන මගින් ජ්‍යෙතිෂ සාස්ත්‍රය අපහාසයට උපහාසයට ලක්කිරීමක් සිදුවිය.එහිදී සන්නස්ගල විසින් ඉදිරිපත්කරන ලද ප්‍රශ්න සදහා නිසි පිලිතුරක් ලබාදීමට ජ්‍යෙතිෂ වේදියෙකු ලෙසින් හදුන්වා ගනු ලබන සුමනදාස අබේගුණවර්ධනට නොහැකිවිය.මෙම ලිපිය ඒ හා සම්බන්දව වේ.

ජ්‍යෙතිෂය විද්‍යාවක්ද ?

ජ්‍යෙතිෂය විද්‍යාවක් නොවේ.සාස්ත්‍රයකි.ඉගැන්වීමකි.මගපෙන්වීමකි.සමහරුන් මෙය විද්‍යාවක් ලෙස හැදින්වූවත් එය විද්‍යාවක් නොවේ.සන්නස්ගලගේ මෙම ප්‍රශ්නයට නිසි පිලිතුරක් දීමට සුමනදාසට නොහැකිවෙයි.සන්නස්ගලද උපක්‍රමික වශයෙන් සිය වචන භාවිතා කරනු ලබයි.විද්‍යාව යනු පරීක්ෂනාගාරයක් තුල පරීක්ෂණයකට ලක්කල හැකි දෙයක් ලෙස හදුන්වයි.විද්‍යාවක් නොවන දෙයක් එලෙස පරීක්ෂණයට ලක්කරන්නේ කෙසේද ? එසේනම් සන්නස්ගල නම් ගුරුවරයා මෙම ප්‍රශ්නයට පිලිතුරු දිය යුතුය." දෙශපාලන විද්‍යාව " උසස්පෙල හදාරන දරුවන්ගේ විශයකි.දේශපාලනය විද්‍යාවක්ද ? එය පරීක්ෂණාගාරයක පරීක්ෂාවකට ලක්කර ප්‍රතිපලය මෙය යැයි කිව හැකිද ? නැත සිදුව ඇත්තේ ඒ ඒ විෂය සම්බන්දව භාවිතාවන වචනයන්හි නිවැරදි නොවන බවයි.සන්නස්ගල මෙය දනී.නමුත් ඔහුගේ පරමාර්තය එම වැඩසටහන මගින් මහින්ද රාජපක්ෂ මහතාටත් ජ්‍යෙතිෂයටත් පහරගැසීමයි.

ග්‍රහයන් කී දෙනෙකු සිටීද ?

ජ්‍යෙතිෂයේ ග්‍රහයන් නවදෙනෙකි.එනම් රවි ,සදු , බුධ , කුජ , සිකුරු , ගුරු , ශනි , රාහු සහ කේතු.මෙයින් රාහු කේතු යනු අපගේ දෘශ්ටියට ගොචරවන ග්‍රහයන් නොවේ.නක්‍ෂත්‍ර දුරේක්‍ෂය භාවිත කර අහස දෙස ඕනෑකමින් බලන්නකුට පවා ජේ‍යාතිෂ්ශාස්ත්‍රයේදී හඳුන්වාදී තිබෙන රාහු සහ කේතු යන ග්‍රහයන් කිසි දිනක දැක ගත නොහැකිය. තාරකා විද්‍යාවේදීත් රාහු ග්‍රහයා සහ කේතු ග්‍රහයා ගැන සඳහනක් නොමැත. එසේ නම් මෙම රාහු සහ කේතු යනු කවුරුන්ද? කවරෙක් විසින් මොවුන් දකිනා ලද්දේද ? මෙම බලවේග දෙක නිර්මාණය වන්නේ සූර්යයා වටා පෘථිවියේ ගමනත් පෘථිවිය වටා චන්ද්‍රයාගේ ගමනත් පදනම් කර ගෙනය. පෘථිවි කක්‍ෂයත් එනම් සූර්යයා වටා පෘථිවියේ ගමන් මඟ) චන්ද්‍ර කක්‍ෂයත් (එනම් පෘථිවිය වටා චන්ද්‍රයාගේ ගමන් මඟ) එකිනෙක කැපෙන ස්ථාන දෙක රාහු සහ කේතු වශයෙන් නම් කර ඇත.

ඒ අනුව රාහු කේතු හැර ප්‍රධාන ග්‍රහයන් හතකි.රාහු කේතු සමග නවයකි.ප්ලූටෝ නෙප්චූන් සහ යුරේනස් මෑතක සොයාගන්න ලද ග්‍රහයන් වන අතර එම ග්‍රහයන් සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහයන්වේ.එම ග්‍රහයන්ට පෘතුවියට බලවත් බලපෑමක් ඇතිකල නොහැක.

මෙම ග්‍රහයන්ට පෘතුවියටත් මිනිසාටත් කිසියම් බලපෑමක් කල හැකිද ?

මෙම ප්‍රශ්ණයට ලබාදිය හැකි පිලිතුර වන්නේ " ඔව්.කලහැකියි "

මෙය සම්පූර්ණයෙන් විග්‍රහකල හැකිය.නමුත් එය තේරුම් ගැනීමට තරම් ශක්තියක් හෝ දැනුමක් සන්නස්ගල සතුව නැත.සන්නස්ගල මෙවැනි ප්‍රශ්ණ ඇසීමට පෙර ,පලමුව ජ්‍යෙතිෂ සාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත හෝ ඉගෙනෙගෙන සිටිය යුතුය.ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් සම්බන්දව ප්‍රශ්නකල හැකි නමුත් අභියෝගාත්මකව සම්ච්චලයට ලක්කිරීම සදහා ප්‍රශ්න කරන්නේ නම් ඒ අසන ප්‍රශ්නය පිලිබ්දව දැනුමක් ලබාතිබිය යුතුය.කොහෙන් හෝ අහුලාගත් වචන කිහිපයක් සහ උදාහරණ කිහිපයක් සමග ප්‍රශ්න කිරීම බුද්ධිගෝචර නොවේ.

බුදුරජාණන් වහන්සේ ජ්‍යෙතිෂය ප්‍රතික්ෂේප කලා.ඇයි එහෙනම් බෞද්ධයො ලෙස ජ්‍යෙතිෂය පිලිගන්නේ ?


''නක්ඛත්තං පතිමානෙන්තං
අත්ථො බාලං උපච්චගා
අත්තො අත්ථස්ස නක්කත්ථං
කිං කරිස්සන්ති තාරකා''

නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?:

සන්නස්ගල ඔබ මෙවැනි ප්‍රශ්ණයක් ඇසීමට පෙර බුදුදහම සහ බුදුදහමේ හරය තේරුම්ගෙන සිටිය යුතුය.ඔබ ඒ සම්බන්දව කිසිවක් දන්නේ නැතිබව පෙනේ.බුදුදහම ලෞඛික සුඛ විහරනය සදහා මගපෙන්වන දර්ශනයක් නොවේ.සියල්ල අනිත්‍ය බව මෙනෙහිකරමින් ලොකෝත්තර සුවයක් ලබන්නට හෙවත් නිර්වාණය අවසාන ප්‍රතිපලය ලෙස ලැබීමට මගපෙන්වන දහමක්.එහිදී මමය මාගේ සංකල්පයක් නැත.සියල්ල නැසෙන සුලුය.බෞද්ධයා සහ බෞද්ධ දර්ශනය අතර විශාල පරතරයක් පවතී.බුදුරජානන් වහන්සේ ලෞඛික ජීවිත යහපත්ව පවත්වාගෙන යාමට උපදෙස් මාලාවක් උගන්වා ඇත.නමුත් බුදුදහමේ ඒ සම්බන්දව කියවෙන්නේ ඉතා අඩු වශයෙනි.

බුදුරදුන්ගේ ඉගැන්වීම් නවීන විද්‍යාවෙන් පවා පිලිගත් අවස්තා පවතී.නමුත් බුදුරජානන් වහන්සේ විශ්වය ගැන විශ්වයේ පිහිටීම ග්‍රහතාරුකා සම්බන්දව දේශනාකර තිබෙන්නේ ඉතා අවම වශයෙනි.ඒ බුදුරජානන් වහන්සේ ඒවා සම්බන්දව නොදැන සිටීම නොව,එවැනි දෙයකින් නිර්වාණාවබෝධය සොයන පුද්ගලයාට පිහිටක් ලැබිය නොහැකි නිසාවෙනි.එසේ නිර්වාණය පරම අධිශ්ටානය කරගත් භික්ෂුවට හෝ පුද්ගලයාට ග්‍රහ තාරිකාවෙන් ඇති වැඩක් නැත.නොපමාව කුසල් රැස්කිරීම එකම අරමුණවේ.ඒ නිසාවෙන් බුදුරදුන් ජ්‍යෙතිශය මේ ආකාරයට ප්‍රතික්ශේපකලා යැයි සිතිය හැකිය.මේ සම්බන්දව නිසි පිලිතුරක් ලබාගැනීමට එක්කෝ බුදුරදුන් ජීවමානව සිටිය යුතුය.නැතිනම් රහත්ඵලය ලැබූ භික්ෂුවක් හමුවිය යුතුය.එසේ නොමැතිව මෙවැනි ප්‍රශ්නයක් සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් අසා එයට සම්පූර්ණ පිලිතුරක් බලාපොරොත්තු වීමත් එසේ නොවූවිට බුදුදහම මූලිකකොටගෙන ජ්‍යෙතිෂය අපහාසයට උපහාසයට ලක්කිරීම නොකල යුතුය.

ජ්‍යෙතිෂයෙන් 100% නිවැරදි අනාවැකි කිවහැකිද ?

පුලුවන්.නමුත් එවැනි අය දැනට නැත.මානසික තත්වයන් දියුණුකරගත් සෘෂිවරුන් වැනි උගතුන් උතුමන් අද නැත.වර්ථමානයේ සිටිනුයේ පොතපත භාවිතා කරමින් ගුරුවරුන් ඇතිව හෝ නැතිව ජ්‍යෙතිෂය හැදෑරූ සාමන්‍ය මිනිසුන්ය.පොතපතේ සියල්ල නැත.වර්තමානයේ ජ්‍යෙතිෂ කරුවෙකුගෙන් 100% ක අනාවැකියක් බලාපොරොත්ත්තු වන්නේ නම් එය මෝඩකමකි.ඒ ආකාරයෙන් අනාවැකි කිවහැකි අයෙකු සිටීනම් ඔහු මේ ලෝකයේ ප්‍රධාන පාලකයා වනු ඇත.ලොකුම ධනවතා බලවතා වනු ඇත.සියලු රාජ්‍ය නායකයන් ඔහු සොයා පැමිණෙනු ඇත.වර්තමානයේ සිදුවන යුධ ගැටුම් නොපවතිනු ඇත.මිනිසුන් අකාලයේ මියනොයනු ඇත.ගුවන් යානා අතුරුදහන් නොවනු ඇත.අතුරු දහන් වූවත් සෙවීමට මහා ශ්‍රමයක් කාලයක් වැය නොවනු ඇත.සුනාමි භූමිකම්පා ඇති වූවත් එය මුලතියා හදුනාගැනීමට හැකිවනු ඇත.

ජ්‍යෙතිෂය මගින් 75% වත් නිවැරදිව අනාවැකියක් කිවහැකිනම් එය සුවිශේෂී හැකියාවකි.කිසියම් කාලසීමාවකට යටත්ව අනාවැකි පවසනවා මිස 100% නිවැරදි දින වකවානු සහිතව අනාවැකි කිවහැකිදැයි මා තවමත් නොදනී.එවැනි අයහමුවී හො එවැනි අය පිලිබ්දව අසාද නැත.

ජ්‍යෙතිෂවේදීන් වර්තමානයේදී ' තමා කියූ අනාවැකියක් වැරදී නැති " බව පවසයි.නමුත් වැරදුන තැන් කොතෙකුත් ඇත.වර්තමානයේ සියල්ල මුදල් මත තීරනයවේ.ජනමාධ්‍ය භාවිතා කිරීම මගින් පුද්ගලික පැවැත්ම උදෙසා තම හැකියාවන් උලුප්පා දැක්වීමක් සිදු කරයි.එය මිස වෙන කිසිවක් නොවේ.සන්නස්ගල ඔබ මාධ්‍යවේදියෙකුදැයි මා නොදනිමි.නමුත් ජනසංනිවේදන විෂයේ මාධ්‍යභාවිතය සහ එහි උපක්‍රම පිලිබදව වෙනම පරිච්චේදයක් ලෙස උගන්වනු ලබයි.ඒ අනුව මාධ්‍ය තුල ජ්‍යෙතිෂයේ හැසිරවීම තේරුම් ගැනීමට ඔබට හැකියාව තිබිය යුතුය.ඔබ මාධ්‍යට උඩින් පාත්වූ අයෙකි.මාධ්‍ය භාවිතයේ මූලික සිද්ධාන්ත ඔබ දැන සිටින්නේ කෙසේද ?

අපල සදහා බෝධිපූජා තැබීම හරිද මෙය බෞද්ධයා මුලාකිරීමක් නේද ?

අපල කාලය යනු කායික මානසිකව පුද්ගලයා දුබල වන අවස්තාවකි.බෝධිපූජාව යනු අනාදිමත් කාලයක සිට ලාංකීය බෞද්ධ ජනතාව අතර පැවත එන ආගමික පිලිවෙතකි.මානසික වශයෙන් සුවයක් ලැබීම සදහා වන පිලිවෙතකි.ආශිර්වාදය යනු මහා බලයකි.කෙනෙකු තවත් කෙනෙකුට හදවතින්ම ආශිර්වාදයක් කරන්නේ නම් ඒය එම පුද්ගලයාට සැනසීමකි.අපලයක් වේවා අන් ඕනෑම හේතුවකින් අඩපනව සිටින පුද්ගලයාට ආශිර්වාදය පවා මහත් සැනසීමකි.හේතු වාදියෙකු වන ඔබ මේවා දන්නේ කෙසේද ? දැන සිටියත් කුහක දේශපාලණික මතවාදයෙන් ඔබ්බට පැමිණීමට ඔබවැනි උගත් නමුත් බුද්ධිමත් නොවූවන් පෙලෙබෙන්නේ නැත.

සදෙහි දරුවෙකු ඉපදුනොත් හදහනක් සෑදිය හැකිද ?
පුලුවන්.අනිවාරයෙන්ම පුලුවන්.සදෙහි ඒ උපත සිදුවන ස්තානය අනුව පිහිටීම සහ ඒවා ගණනයන්ට අනුව සිදුකල හැකියි.නමුත් සදෙහි කිසිදා මිනිස් උපතක් සිදු නොවනු ඇත.සිදුවන්නේ නම්,ඒ මත ගොඩනැගෙන දේශගුණික , සමාජ සංස්කෘතික තත්වයන් අනුව එය තීරණය වනු ඇත.දකුණු ආසියානු රටක් ලෙස ලංකාවේ දරුවෙකු උපත ලැබීමත් එම උපත ලැබූ දරුවාට හදහනක් සකසන ආකාරයටත් බ්‍රිතාන්‍ය වැනි රටක උපත ලබන දරුවෙකු සහ ඒ දරුවාට හදහන සකස් කරන ආකාරයත් තේරුම්ගැනීමෙන් මෙම ප්‍රශ්ණයට පිලිතුරු ලබාගැනීමට හැකිය.ලංකාවේත් බ්‍රිතාන්‍යයේත් පවතින්නේ දේශගුණික තත්වයන් දෙකකි.සන්නස්ගල ඔබට මේවා හාස්‍ය ඇතිකරවන තර්ක වනු ඇත.නමුත් සියල්ලටම ආරම්භයක් සේම අවසානයක් ඇත.ඕනෑම ප්‍රශ්නයකට පිලිතුරක් තිබේ.

මට මතක ඇති ප්‍රශ්ණ මෙපමණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයට වඩා සිරිසේන ජනපති වරයාගේ කේන්ද්‍රය ශක්තිමත් බලවත් බව සුමනදාස අබේගුනවර්ධන පැවසීම.

මෙය සම්පූර්ණ අසත්‍යක් වන අතර මහින්ද මහතා පරාජය වීමෙන් පසුව තම තත්වයට ගෞරවයට සිදුවූ හානිය වසා ගැනීමට සුමනදාස නම් පුද්ගලයා ජ්‍යෙතිෂය පාවදුන් අවස්තාවකි.

සිරිසෙන මහතාගේ කේන්ද්‍රය දුබල බව තරයේ මා ප්‍රකාශ කරමි.එය ශක්තිමත් නම් ඇයි ඔහුට උසස් ඉගනීමක් ලැබීමට නොහැකි උනේ.ඕනෑම අයෙකුගේ කේන්ද්‍ර සටහනක් ගත්විට රාජයෝග දක්නට ලැබෙයි.නමුත් සියල්ලෝ රජ වන්නේ නැත.විශේෂයෙන් දේශපාලනික වශයෙන්.එයට පවුල් පසුබිම සමාජ පසුබිම අවශ්‍යයි.

සිරිසේනගේ හෝ මහින්දගේ කේන්ද්‍ර විග්‍රහ කිරීමට මෙය අවස්තාවක් කරගන්නේ නැත.එයට ඉදිරියේ අවස්තාවක් උදාවනු ඇත.නමුත් සිදුවූ තත්වය පෙන්වා දිය යුතුය.මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොතේ චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය ගෙවමින් ඇත.සිරිසේන මහතා ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් අවස්තාව ගෙවමින් සිටී.

මහින්ද මහතාගේ ඒරාශ්ටකය යෙදී ඇත්තේ ලග්නයෙන් තුන්වැන්නේවේ.එනම් සහොදරයන් අසල් වැසියන් හිතවතුන් පිලිබදව කියවෙන ස්තානයයි.ඒ අනුව ඔහුගේ සහොදරයෙකුගේ ක්‍රියාවන් සෘජුවම මේ අවස්තාවේ අවාසි සහගතලෙස බලපෑවේය.එසේම හිතවතුන් යැයි තමා සිතා සිටි පුද්ගල චරිත මෙන්ම විවිධ රාජ්‍යන්ගේ දේශපාලනික යටි අරමුණුද රාජපක්ෂ මහතාගේ පරාජයට බලපෑවේය.තමාවටා සිටි අයගේ ක්‍රියාවන්ද අවාසි සහගත ලෙස බලපෑවේය.ඔවුන්ගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂාකර බැලුවේ නම් එය තහවුරු කරගැනීමට හැකියාව ඇත.අපලයක් යනු පරාජිත කාලයකි.තමන්ටත් අපලයක් යෙදී තමා සමග සිටින අයටද පරාජිත කාලයක් පවතී නම් ප්‍රතිපලය පරාජයයි.

සිරිසෙන මහතාගේ ලග්නයෙන් දෙවැන්නේ සෙනසුරු ගමන් කරයි.එනම් ශරීරයේ කට පිලිබදව කියවෙන ස්තානයයි.සිරිසේන මහතා මැතිවරන සමයේ කොතෙකුත් නොගැලපෙන කතා කීවේද ? ඔබට මතක තිබිය යුතුය.ගුවන් තොටුපල වසාදමන බව එක් අවස්තාවක පැවසූ අතර තවත් අවස්තාවක තමා එසේ නොකිවූ බවත් එසේ කියන්නට තමාට පිස්සුවක් ඇතැයිද ප්‍රශ්න කලේය.එයම ඔහුගේ සිහි බුද්ධිය පිලිබදව ජනතාවට තේරුම් යන්නට ප්‍රමාණවත් විය.නමුත් ඒවාද අමතක කරමින් ජනතාව ඔහුට කැමැත්ත පලකලේය.

ඇයි එහෙම උනේ ....

තමාගේ ග්‍රහ තත්වය දුබල උවත් තමාවටා සිටින අයගේ ග්‍රහ තත්වය ශක්තිමත්ය.එනම් රනිල් වික්‍රමසිංහ මහතා අපල අවස්න්කර තිබුණි.චන්ද්‍රිකා මැතිණියට රාජ යෝගයක් ලබා ශක්තිමත්ව තිබුනේය.මේ හේතුවෙන් තම ග්‍රහ දුබලතාවය දුබල කරවමින් අනෙකුත් අයගේ තත්වයන් තමන් කරා පැමිණියේය.ඒ අනුව මෙම ජය සිරිසේන මහතාගේ නොවේ.මෙය ඔබට පැහැදිලි නොවේ නම් පහත උදාහරනය බලන්න.

ඔබගේ නිවසේ පස් දෙනෙක් ඉන්නව.ඔබට තදබල අපලයක් තියෙනව.අනෙක් හතර දෙනාටම සුබ බලවත් කාලයක් ගෙවෙනව.එතකොට ඔබට තනි පුද්ගලයෙක් වශයෙන් අපලය බලපෑවත් අනෙක් අයගේ ආර්තික ශක්තිය,සමාජයේ ඇති ශක්තිය අනුව ඒ අසුබ බොහෝ දුරට මගහැරෙනව.ඔබ වැරද්දක් කරල පොලිසියට අහුවෙනව.ඔබට අපලය බලපෑව.නමුත් ගෙදර අනිත් අය එනව.පොලිසියෙ ලොක්කට කතා කරනව.සමහරවිට කීයක් හරි අත යටින් දෙනව.ඔබට සහනයක් ලැබෙනව.සමාජයේ දකින්න ලැබෙන තත්වයන්මේ.

අනෙක් අතට ඔබට අපල කාලය පවතිනවිට ගෙනදර සියලුදෙනාටම අපල පවතිනව.එවිට සිදුවන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනව වගේ වැඩ.

කෙසේ වෙතත් සිරිසේන මහතාගේ කේන්ද්‍රය දුර්වලයි.අනෙකාගේ කරපිටින් රජ පුටුවට ගියා.මහින්ද මහතාගේ කේන්ද්‍රය බලවත්.දෙදෙනාම සෙනසුරුගේ අපලයට හසුවෙලා.සිරිසේන මහතාට සෙනසුරු 50% මේ මොහොතේ අපල කරනව.50% සුබයි.මහින්ද මහතාටත් එසේමයි.මහින්ද මහතාට 50% ඒ අපලය ක්‍රියාත්මක උනා.සුබ කියාත්මකවීම සිදුවුනේ නෑ.සිරිසෙන මහතාට පලමුව 50% සුබ ක්‍රියාත්මක උනා.අසුබ ක්‍රියාත්මක උනේ නෑ.එහෙනම් ඉදිරියට වෙන්නෙ මහින්ද මහතාට සුබ ක්‍රියාත්මක වන විට සිරිසේන මහතාට අසුබ ක්‍රියාත්මකවීම.මහින්ද මහතාගේ ඉදිරිය පැහැදිලියි.නමුත් බාදා සහිතයි.රජකම උරුමයි,එය නැවතිය නොහැකියි.

රටක් වශයෙන් ගත්කල...

ලංකා කේන්ද්‍රයේ ලග්නය කුම්භ.එහෙම වෙන්නෙ කොහොමද ?

ලංකා කේන්ද්‍රය සැකසෙන්නේ 1948.02.04 වන දින නිදහස හිමිවීම සහ එම වේලාව අනුව.එය දැනට පිලිගැනීම.හරියට වසරේ ලග්න පලාඵල වසර ආරම්බ වන දිනයේ සූර්‍ය උදාව සමග සකසනව සහ පලාඵල කියනව වගේ.

ලෝකයක් වශයෙන් ගත්විට...

ලග්න දොලසයි.එයින් පලමු ලග්නය මේෂ.මේෂ ලග්නය පලමු ලග්නය ලෙස සලකන විට ලෝක කේන්ද්‍රයේ ලග්නය මේෂ වශයෙන් සලකනව.ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල දැනගන්න ඕනෙ නම් එය ඒ විදිහයි කියල සම්මත කල කෙනා හොයාගෙන අහන්න වෙනව.මම දන්නෙ නෑ.නමුත් මේවා සම්මතයන්.

සත්‍යාගාර වැඩ සටහනේ අවසානය , සන්නස්ගල සටහන් කරන්නේ ඉන්දියානු අගමැතිවරයෙකු වන ශ්‍රී ජවහල්ලාර් නේරු පැවසූ වදනකි.එහිදී ඔහු කියනව ජ්‍යෙතිෂයටවත් අහසේ ග්‍රහ තාරුකාවකටවත් කිසිවක් තීරනය කල නොහැකි බව.ජවහල්ලාර් නේරු කියන්නේ හේතුවාදී දර්ශනය අනුගමනට පෙලබුන අයෙකි.ප්‍රකට හේතුවාදීන් අතර ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිනි ජූලියා ගිලාඩ් , මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන් යන අය ඔබ දන්නව.හෙතුවාදයේ දෙවියන් නැත.භූතයන් නැත,මලගිය ආත්ම නැත.විශ්වයේ ශක්තීන් නැත.ආගම දහම බොරුය,සිරිත්විරිත් බොරුය,දෙමාපිය දූදරු සබදතා නිශ්ඵලය, මෙවැනි සංකල්ප පවතී.මේවා ඔබට පිලිගත හැකිද ? හේතුවාදයේ තමාම ප්‍රමුඛවේ.මතු ආත්මය පිලිබදව විශ්වාස නොකරන සිරිත් විරිත් සදාචාරය සංස්කෘතිය නොපිලිගන්නා හේතුවාදය මා තරයේ ප්‍රතික්ශේප කරමි.ඔබ එය හදුනාගෙන සිටීම වැදගත්.එවැනි හේතුවාදියෙකු වූ ජවහල්ලාර් නේරු තුමාගේ ඔවදන සන්නස්ගල ප්‍රසිද්ධ මාධ්‍යාක භාවිතා කරමින් අනාදිමත් කාලයක සිට පැවත ආ ජ්‍යෙතිෂ වැනි සාස්ත්‍රයකට අපහාස උපහාස කිරීම සක්කිලි ක්‍රියාවක් ලෙස මා හදුන්වමි.

සන්නස්ගලට සත්‍යාගාරය වැඩසටහන මගින් අවශ්‍ය වූයේ සිය දේශපාලනික මතය ගෙනහැර දැක්වීමත් මහින්ද රාජපක්ෂ මහතා මිත්‍යා දෘශ්ටිකයෙකු ලෙස හැදින්වීමත්ය.එයට ජ්‍යෙතිෂයේ නාමිකව පමණක් ප්‍රසිද්ධ සුමනදාස අබේගුණවර්ධන නම් අවස්තාවාදියා භාවිතා කරන ලදී.මහින්ද රාජපක්ෂ යනු මිත්‍යාදෘෂ්ටිකයෙකු නොව ඔහු රටට මෙන්ම සමාජයට , සමාජ සිරිත්විරිත් වලට ආගම දහමට අසීමිතව ලෙන්ගතු වූ අසහාය නායකයකි,එම නායකයා සහ නායකත්ව ලක්ෂණ බිදදැමීමට සන්නසගල වැනි හේතුවාදීන් ක්‍රියාකරමින් ඇත.නමුදු ඔවුන් අවසානයේ පරාජය වන බවත් ආගමට දහමට සංස්කෘතියට සදාචාරයට නිගාදෙමින් කටයුතු කිරීමේ පාපයට හසුවන බවත් ප්‍රකාශ කරමි.සන්නස්ගල මේ ගයන්නේ ඔහුගේ අවසන් ගීතය වනු ඇත.

- කුමාර ජනක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න. https://www.facebook.com/yuthuma

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

6 comments :

  1. //මහින්ද රාජපක්ෂ යනු මිත්‍යාදෘෂ්ටිකයෙකු නොව ඔහු රටට මෙන්ම සමාජයට , සමාජ සිරිත්විරිත් වලට ආගම දහමට අසීමිතව ලෙන්ගතු වූ අසහාය නායකයකි,එම නායකයා සහ නායකත්ව ලක්ෂණ බිදදැමීමට සන්නසගල වැනි හේතුවාදීන් ක්‍රියාකරමින් ඇත.නමුදු ඔවුන් අවසානයේ පරාජය වන බවත් ආගමට දහමට සංස්කෘතියට සදාචාරයට නිගාදෙමින් කටයුතු කිරීමේ පාපයට හසුවන බවත් ප්‍රකාශ කරමි.සන්නස්ගල මේ ගයන්නේ ඔහුගේ අවසන් ගීතය වනු ඇත//

    මේ ආයිබොවං ඔය උඩින් තියනටික ලියන්න මරා ඔහෙට කීයක් ගෙව්වද? මරා කියන්නේ අසහාය නායකයෙක් නෙවේ. දේශපාලනයට ආව දවසේ ඉඳලා සටකපට වැඩ කරලා කන්න දීපු අත් හපාකාලා අනික් එවුන් පාගලා මරලා උඩට ආපු පාහරයෙක්. යුද්දේ දිනුවේ ඌ නෙවෙයි. ජෙනරල් ෆොන්සේකාගේ සැලසුම් බලාගෙන එව්වා අනුමත කරලයි දිනුවේ. ඊළඟට ජෙනරාල්ට කැපුවා. මරා එදා ඉඳලම කලේ ඔයටික තමයි.

    මරා සාස්තර පස්සේ යන අමු බූරුවෙක්. මතකද දකුණු අප්‍රිකාවෙන් ගෙන්න ගත්ත සිංහ තෙල් දාලා හදාගත්ත වශී බොලේ? අනිතිමට අත් දෙකේ බෝල දෙකයි. වල් නාමලාගේත් අතේ බෝලයයි. කෝ ඒ බෝල වලින් චන්දෙ දිනන්න පුළුවන් උනාද. මරාලා කියන්නේ බයියෝ. උන් තවමත් මිත්‍යාව පස්සේ යනවා. කතරගම පර දෙමලාට බාර වෙනවා. උන් පින්කම් කලේ උන්ගේ සල්ලි වලින් නෙවෙයි. මිනිස්සුන්ට අසාධාරණ බදු ගහලා බිලියන් ගණන් කොමිස් ගහලා උපයපු සල්ලි වලින්. ඒ නිසා තමයි කර්මය සහ කර්ම ඵලය පඩිසන් දුන්නේ. මුන් උන්ගේ බෝල ගලවලා මිනිස්සුන්ට පෙන්නුවානම් චන්දෙ දෙනවා.

    තමුසෙලාට මරාට කඩේ යන්න ඕනෙනම් යනවා. හැබැයි මරාගේ රෙද්ද කඩාවැටෙනකොට ඒක අල්ලන්න ගියාම අමාරුවෙන් අල්ලාගෙන ඉන්න තමුසෙලාගේ රෙද්දත් කඩා වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. මට පොඩි ප්‍රශ්න දෙකක් තියනවා Anonymous ගෙන් අහන්න. ඔබතුමාට කීයක් ගෙව්වද ඔබතුමාගේ කමෙන්ට් එකට? අැයි ලක්ෂ 58ක් මරාට චන්දය දුන්නේ?

      Delete
    2. සුනන්ද3/17/2015 11:25 AM

      සිරාට කඩේ යනවට වඩා මරාට කඩේ යන එක දහස් ගුණයකින් නම්බුයි මහත්තයා.. සිරාට කඩේ යන්නේ සිරා මොනා කළාට?

      Delete
    3. තමුසෙලා නිල් බාල්දියට වැටුන නරියෝ. දන්නේ නිල් බාල්දියෙන් නාගත්ත නිසා දැන් ඉතින් නිල්පාට විතරයි කියලා. මරාට චන්දය දෙන මෝඩ හැත්ත තවමත් ඒ නිල් සායම් වලින් නෑවිලා. උන්ට ඇස්දෙක පිහදාලා ලෝකය දිහා බලන්න ඔනෙකමකුත් නෑ දන්නෙත් නෑ.

      මරා යුද්දේ දිනුවා කියලා ඌට රට කන්න විකුනන්න ඇති පදම් හොරකම් කරන්න ඉඩදෙනවා. ඌ තමුසෙලාට රෙදි නොගලාවම අරිනවා බදු ගහලා, බඩු මිල වැඩි කරලා, කොමිස් ගහලා.

      මධ්‍යස්තව රටේ තත්වය තේරුම් ගත්ත මිනිස්සු මරාගේ අසික්කිත දරුණු තුච්ඡ භයානක පවුල් වාදයෙන් මිදෙන්න තමයි සීරාව තෝරාගත්තේ. සිරා මුලින්ම කිව්වේ මම මේක බදාගෙන ඉන්නේ නැතුව යනවා කියලයි. මරා උගේ තියන උපන් පෙරේතකමට තවත් එනවා ගෙයි ගෙම්බට කොසු පාර දුන්නමත් ගේ දිහා බලාගෙන වැටෙනවා වගේ. දින 100 අවසන් වෙනකොට මරාගේ හොර මැර ඔක්කොම එලියට එනවා. ආයේ වේදිකාවකට නගින්න හම්බවෙන්නේ නැහැ.

      Delete
    4. චූටි බබාගේ යාලුවා3/17/2015 1:02 PM

      ෆේස්බුක් එක බලල ලඟ ෆෝම් වෙච්ච උගත් වියත් චූටි බබෙක් .
      2009න් පස්සේ ඉපදිච්ච ...
      පව් පොඩි එකාගේ හිත රිදෙන්න මොකුත් කියන්න එපා...

      Delete
  2. It is a pity we fight among ourselves since Banda left the then government in 1951 and divided the Sinhalese that is non Indian of the island. I hope Kuamara Janaka is a Sinhala person and knows a very old Sinhala verse among the Sinhala villagers:
    Athul paththa pita paththa nodanna
    Kithul pithta uda piyawara manna.
    This makes fun of Astrology long before the televisions came. Astrology is a scheme of things developed by Brahmins of India to keep their position in the social structure. Whether Sumanadasa was paid a by the RAW (Research and Analysis Wing of India) known among Indian agents as Third Wye of India to mislead Mahinda Rajapaksa.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions