3/27/2015

ශ්‍රී ල නි ප නායක තර්ජන කුණු කූඩයට

කතෘ:යුතුකම     3/27/2015   2 comments

2015 මාර්තු 26 රත්නපුරේ පැවති සංධානයේ පක්‍ෂ කිහිපයක රැස්වීමට ශී්‍ර ල නි ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 28 දෙනෙක් සහභාගි වූහ. ඔවුන් අතර බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, සාලින්ද දිසානායක, මහින්දානන්ද අළුත්ගමගේ, ටී බී ඒකානායක ඇමතිවරු ද සිටියහ. එයට අමතරව බස්නාහිර පළාත් සභාවේ මහඇමති ප්‍රසන්න රණතුංග සහ පළාත් සභාපතිවරු පළාත් සභා සභිකයෝ, ප්‍රාදේශීය සභාපතිවරු සහ සභිකයෝ දෙසියයක් පමණ ද රැස්වීමට සහභාගි වූහ. බන්දුල ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග එහි දී දේශන ද පැවැත්වූහ. ඒ සියල්ල කෙරුණේ ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකත්වය විසින් රැ්ස්වීමට සහභාගි වන මහජන නියෝජිතයන්ට දඬුවම් පමුණුවන බවට තර්ජනය කරනු ලැබ තිබිය දී ය.

මෙයින් පැහැදිලි වන ප්‍රධාන කරුණක් නම් නිවට නායකයන්ගේ තර්ජනය චන්ද්‍රිකාගේ වචනවලින් කියන්නේ නම් සත පහකට ගණන් නොගැනීමට ශ්‍රී ල නි පක්‍ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව ය. නුදුරු අනාගතයේ දී තව තවත් ශ්‍රී ල නි ප මහජන නියෝජිතයන් මේ තීරණය සමග එක්වනු ඇත. ශ්‍රී ල නි ප නිවට නායකයන්ගේ තර්ජන වලංගු වන්නේ සාමාජිකත්වය ඒ පිළිගන්නේ නම් පමණකි. ඕනෑම නීතියකට එය පොදු වෙයි. නීතියක වලංගුභාවය රැඳෙන්නේ අදාළ පුද්ගලයන් නීතිය රැකීම මත ය. අදාළ පුද්ගලයන් නීතිය කැඩීමට තීරණය කළහොත් හා ඒ තීරණය බොහෝ දෙනා වැළඳගතහොත් නීතියට වලංගුභාවයක් නො ලැබෙයි. එවිට නීතිය පැනවූවනට නීතිය හකුළා ගැනීමට සිදුවෙයි.

අද ශ්‍රී ල නි පක්‍ෂයට සිදුවී ඇත්තේ එහි නිවට නායකත්වය සාමාජිකත්වය විසින් සමස්තයක් ලෙස ගත්කල නො පිළිගනු ලැබීම ය. ශ්‍රී ල  නි පක්‍ෂයේ නායකත්වය බටහිර ගැති එ ජා පක්‍ෂය සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කර ඇත. එහෙත් එයට පක්‍ෂයේ බොහෝ අය විරුද්ධ වෙති. ඇතැම් නිවට නායකයන් එ ජා ප ආණ්ඩුවක ඇමති ධුර දරද්දී නිමල් සිරිපාල විපක්‍ෂ නායකයා ලෙස කටයුතු කරයි. මේ ප්‍රතිවිරුද්ධතා ඇතිවන්නේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමට සැලසුම් කරද්දී ය.

ශ්‍රී ල නි ප මහජන නියෝජිතයන් නිවට නායකයන්ගේ තර්ජන කුණු කූඩයට දැමීමට ගත් තීරණය හේතුවෙන් වැඩිකල් නොගොස් ශ්‍රි ල නි ප නායකත්වය තව තවත් දැඩි පියවර ගැනීමට ඉඩ ඇත. එහෙත් එමගින් වනුයේ නායකත්වය තව තවත් පිරිහීම ය.  නීති කැඩීම යනු නීති පනවන්නන්ට කෙරෙන අනතුරු ඇඟවීමකි. ඉන්දීය නිදහස් සටනේ දී සිවිල් නැති කැඩීම මගින් වැදගත් කාර්යභාරයක් ඉටු විණි. බලවත් ඉංගිරිසි පාලනය දෙදරවීමෙහි ලා එය වැදගත් විණි.

අද වන විට ශ්‍රී ල නි ප නිවට නායකත්වය දෙදරා ගොස් ය. ඒ නායකත්වයට වැඩි දුරක් ඉදිරියට  යා නො හැකි ය. නායකත්වය බලයෙන් පහකිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි. කැඩී ඇති ශ්‍රී ල නි ප තවදුරටත් කැඩීම වැළැක්වීමට නම් පක්‍ෂයේ නිවට නායකත්වයේ වෙනසක් අවශ්‍ය වෙයි. ජනාධිපතිවරණයේ දී ඔත්තු සේවා නියෝජිතයෝ ජනතාවට වෙනසක් අවශ්‍ය බව කියා සිටියහ. ශ්‍රී ල නි පක්‍ෂ සාමාජිකයන් බහුතරයක් ඉල්ලා සිටින්නේ පක්‍ෂ නායකත්වයේ වෙනසකි.

නලින් ද සිල්වා
කාලය
2015 මාර්තු 26

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. විමලසේන3/27/2015 1:45 PM

    අද, එදාටත් වඩා මෙය තීරණාත්මක වන්නේ රනිල්-චන්ද්‍රිකා යුග්මය ගනුදෙනු කරන්නේ නාහෙට නාහන, ඉන්දියාවත් සමග විරසක වූ ප්‍රභාකරන් සමඟ නොවන නිසාය. ඒ වෙනුවට දැන් ගනුදෙනුව ඇත්තේ දැන් ටිකක් පසුව හුඟක් න්‍යාය අනුගමනය කරන, ඉන්දියාවට වුවමනා පරිදි කටයුතු කරන, සිය අරමුණ කරා යාමේදී ප්‍රභාකරන්ට වඩා ප්‍රායෝගික වන දෙමළ සන්ධානය සමඟය. අපගේ වත්මන් ජනපති අදින මෝදිගේ ඇදුමේ හුදු ඇදුමකට එහා ගිය දේශපාලන අර්ථයක්ද ඇති බව අප තේරුම්ගත යුතුය. මෛත්‍රිපාල සිරිසේන මහතාට වුව රනිල් චන්ද්‍රිකා ග්‍රහණයෙන් ගැලවී මෝදිගේ ඇදුමද ගලවා දමා නිදහස් විය හැකි එකම පිළියම මහින්ද රාජපක්ෂ පමණි. එසේ නොවුනහොත් සිය දහස් ගණන් දිවි පුදා රැක ගත් මේ රට ඇමරිකානු, බටහිර සහ ඉන්දියානු අභිලාෂයන්ට ගොදුරු කළ මෙරට පහළ වූ අපකීර්තිමත්ම ජනාධිපති වරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා දීර්ඝකාලීනව ඉතිහාසයට එක්වීම වැලැක්වීම ඉතා දුෂ්කර වනු ඇත. කෙටි කාලීනව එම සත්‍යය නොයෙකුත් සංදර්ශන මඟින් ජනතාවගෙන් ඈත් කර තැබීමට ඔහු වටා සිටින කේවට්ටයින් සමත් වනු ඇත.

    ReplyDelete
  2. Sri lanka nidahas pakshaye saamajikayin pamanak nowa mulu ratawasiyanma illa sitinne niwata nayakayagen deshayama galawa dena lesai. Niwata nayakathwaya apa siyaludenawama mulu lowak idiriye haalluwata lak karanu niyathaya.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions