දෙමලෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව විවිධ මත ඉදිරිපත් වෙමින් පවතී. මෙම කාරණයේ ආරම්භය සනිටුහන් කරනුයේ පසුගිය දා ජාතික සභාවේදී මනෝගනේෂන් මන්ත්‍රීවරයා ජාතික ගීය දෙමලෙන් ගායනා කිරීමට අනුමැතිය ඉල්ලා සිටිමත් සමගය. ඒ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල මහතා එයට අනුමැතිය ලබා දුන් බව එකී මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙරීය.
මේ සිද්ධියත් සමඟ සිංහල ජන සමාජය තුල කිසියම් කැළඹීමක් ඇති වන්නට වූ අතර මේ වන විට එය විවාදාත්මක ස්වරූපයක් ගෙන ඇත. ඒ අනුව ජාතික ගීය දෙමලෙන් ගායනා කිරීම පිළිබඳව සාමාන්‍ය දෙමල ජනතාව මුනිවත රකිද්දී සිංහල සමාජය දෙපසකට වී වාද විවාද කරති. මෙම විවාදයේදි දෙමලෙන් ජාතික ගීය ගයනා කිරීමට විරුද්ධ වන පිරිස ජාතිවාදී හා රටේ දියුණුවට බාධා පමුණුවන ගෝත්‍රික කන්ඩායමක් ලෙසත් එයට පක්ෂව කටයුතු කරන පිරිස සාමයට ලැදි සහජීවනය අගය කරන දියුනු වන ලෝකය සමඟ ඉදිරියට යා හැකි උගත් පිරිස ලෙසත් හඳුන්වා දි ඇත. මේ දෙපිරිස අතර ඇති වන සංවාදයන්හිදී සහජීවනය අගය කරන පිරිසට අනුව මහජාතිය වූ සිංහලයා තම උරුමයන් හා අයිතීන් සුළු ජාතීන් සමඟ බෙදා හදා ගතයුතු වන අතර සුළු ජාතීන් තම අයිතීන් හා උරුමයන් වඩාත් සුරක්ෂිත කරගත යුතුය. මෙම සහජීවන කණ්ඩායම යනුද සිංහලයන් වීම ජාතියේ අවාසනාව හා ඛේදවාචකය වන විට ඔවුන්ගේ විඥානයට එය වැටහී ඇත්තේ රටේ දියුණුව හා සාමය ඔවුන්ගේ සහජීවන න්‍යාය තුළ සුරක්ෂිත වනු ඇති බවයි. මෙම කණ්ඩායම තුල විද්වතුන්, වෛද්‍යවරුන්, භික්ෂුන්, ලේඛකයින්, හමුදා නිලධාරීන්, දේශපාලඥයින්, නීතිවේදීන් , ගුරුවරුන් හා මාධ්‍යවේදීන් ඇතුළු එකි මෙකි නොකී උගතුන් යැයි කියා ගන්නා පිරිස් සිටිති. මෙම සිංහල ජන විඥානය නිර්මාණය වී ඇත්තේ සිංහලෙන් ලද බටහිර අධ්‍යාපනයේ සාපයයි. එම සාපය නූතන මෝස්තරය බවට පත් වී ඔවුන්ගේ මනසට කාවැදී ඇත්තේ සිංහලයා යනු ඉන්දීය උප ජාතියක් බවයි. මෙම කන්ඩායමේ සිටිනා අපගේ සමහර උගත් මිතුරන් ලංකාවේ ඉතිහාසය උගෙන ඇත්තේ රොබට් නෝක්ස්ගේ එදා හෙළදිව කෘතියෙනි. ඔවුන්ගේ දැනුම් පරාසයේ පලවෙනි නට්‍යය ආරම්භ වන්නේ ඉන්දියාවට එපා වී පිටුවහල් කල දාමරිකයාගේ ආගමනයෙනි. එහිදි අමනුෂ්‍ය වාසයක් වූ ලක්දිව මනුෂ්‍ය ජනාවාසයක් බවට පත් වේ. ලොකුම විහිළුව නම් එදිනම අප බුදුන් වහන්සේ පිරිනිවන්පානා අතර විජය ඇතුළු පිරිස ආරක්ෂා කරන මෙන් බුදුන් වහන්සේ විෂුණු දෙවියන්ට බාර කිරීමයි. බුද්ධ වර්ෂ ආරම්භ වන්නේ එතැන් සිටය. දෙවන අදියරේදි ඉන්දියාවෙන් ලැබෙන මහින්දාගමනය නිසා ලංකාවට බුදු දහම ඇතුළු කලා ශිල්ප තාක්ෂණය හා සංස්කෘතිය ලැබේ. අපගේ උගත් මිතුරන් කට පාඩමෙන් ලද මේ දැනුම ඔවුන්ගේ විඥානයේ තැන්පත් කරවා ලංකාව ඉන්දියානු කොලනියක් බවට පත් කරලීම මේ නිසා පුදුම විය යුතු නොවේ.
ජාතික ගීය දෙමලෙන් ගායනා කිරීම ගැටලුවක් නොමැති බවට වු තර්කය ගෙනෙනුයේ මෙවන් උගතුන්ය. ඔවුන් විසින් ගෙන එනු ලබන තර්ක කීපයක් මෙහිදී දැක්වීමට කැමැත්තෙමි. එක්තරා ප්‍රසිද්ධ භික්ෂුවක් සඳහන් කලේ සිංහල අකුරක්වත් බැරි අහිංසක දෙමල ජනයා ජාතික ගීයේ අර්ථය ඉගෙන ගැනීම ඉතා හොඳ බවය. තවත් එක් මාධ්‍යවේදියෙක් අන්තර්ජාලය හරහා ප්‍රශ්න කර තිබුණේ වඩා හොඳ ඊලාම් ගීයක් ගයන එකද නැත්නම් තියෙන ගීතයම දෙමලෙන් ගැයීමද? යන්නයි. මේ අතරම එක්තරා අධ්‍යක්ෂවරයෙකු මගෙන් විමසා සිටියේ කදිරගාමර් වැනි දෙමල ජාතිකයෙකු අප රටේ ජනාධිපති වුවහොත් සිංහලයාට එය ප්‍රශ්නයක් වේද යන්නයි. මේ පිළිබඳව දේශපාලකයින් පවසනා දේ හා ඔවුන්ගේ අරමුණු නම් අමුතුවෙන් කිවයුතු නොවේ. පසුගියදා පාර්ලිමේන්තුවේදි ජාතික ගීය දෙමලෙන් ගැයීමට විරුද්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාට ජාතිවාදියෙකු ලෙස චෝදනා කරන අයුරු අපි දුටුවෙමු. එහිදී එතුමන්ට විරුද්ධව නැගී සිටි ආකාරය දුටු විට මට හැඟුණේ පාර්ලිමේන්තුව තුල පවා සිංහලයාට ඇති රැකවරණය කෙබඳුද යන්නයි. එහි අපට දුන් එකම පණිවිඩය නම් සිංහල කම ගැන කතා කිරීම තහනම් යන පණිවිඩය පමණී.තවද මාගේ උගත් මිතුරෙකු මගෙන් විමසා සිටියේ ඊලග ආත්මයේදි ඔබ දෙමල වූවහොත් මොකද කියන්නේ කියාය.
මේ සියල්ල විමසා බැලීමේදි සිංහල ජනවිඥානය තුල මුල් බැස ඇතිමෙවන් අදහස් නූතන විලාසිතාවේ අංගෝපාංගයන් හැර වෙන කිසිවක් වේද?. මෙහි කිසිඳු තර්කාණූකූල හෝ මානූෂිය පදනමක් තිබේද? මෙය හුදෙක් ගිරවුන් සේ කියන්නන්වාලේ කියා අප ජාතීවාදීන් නොවෙමු යන ජනප්‍රිය විලාසිතාව රඟ දැක්වීම පමණි. සිංහලයා ජාතිය ගැන කතා කරන සෑම අවස්ථාවකම ඔහු ජාතිවාදී ගොඩට තල්ලු කිරීම හේතුවෙන් මෙවන් බොලඳ විලාසිතාකාරයින්ට අවස්ථාව උදා වී ඇත. සෑබෑ දේශප්‍රේමියා නිහඩව මුනිවත රැකීමට හේතුවද ඊනියා සහජීවන මෝස්තරකාරයිගේ මේ රංගනයයි. අනෙක් කරුණ නම් අතලොසක් ජාතිවාදී දෙමල දෙශපාලඥයින් විසින් මෙහෙයවනු ලබන සිංහලයා කුපිත කරවීමේ කුමන්ත්‍රණය තුළ මේ මෝස්තරකාරයින්ද අතකොළුවක් වී ඇත. සිංහලයා ලවා සිංහලයාට පහර දිම ජාතිවාදී දෙමල දේශපාලඥයින්ගේ නවතම කුමන්ත්‍රණයයි. ජාතික ගීය දෙමලෙන් ගැයීමට විරුද්ධ සිංහලයින්ට එරෙහිව නැගී සිටිනා සිංහලයින්ගේ මතය කුමක්දැයි විමසා බැලූ විට පෙනී යනුයේ දෙමල ජනතාවට ජාතික ගීය තේරුම් ගත නොහැකි නිසා එය දෙමලෙන් ගායනා කිරීම සාධාරණ බවත් එයින් දෙමල ජාතීන්ට අභිමානයක් ඇති වන නිසා වාර්ගික ප්‍රශ්නයට ඉන් පිළිතුරක් ලැබෙන බවකි.
ඒ අනුව ජාතික ගීය සිංහලෙන් ගායනා කිරීම ඔවුන්ගේ අභිමානයට කැලලක් වන්නේ නම් එය ජාතිවාදය නොවේ දැයි අපට ප්‍රශ්න කල හැක. අනික කිසි දිනෙක අප රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තිබුණේ නැත. දෙමල සිංහල මුස්ලිම් සාමාන්‍ය ජනතාව සාමකාමීව සැබෑ සහජීවනයෙන් මෙරට ජීවත් වූහ. තිබුණේ අන්තවාදී දේශපාලඥයින් තම පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනිම උදෙසා ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දීම පමණි. අද සිද්දවන මේ සිදුවීම තුලද ඇත්තේ ඔවුන්ගේ එම භූමිකාවයි. පසුගිය කාලයේ මහා හෙලයන් සේ පෙනී සිටිඅය මේ වන විට හික් මියන්සේ නිහඩව සිටිනුයේද එය තම නව දේශපාලන මතයට ආවාසියක් වේයැයි යන සිතුවිල්ලෙන්ය. ලංකාවේ දෙමල හා මුස්ලිම් පක්ෂ සියල්ල පාහේ ඔවුන්ගේ පක්ෂයේ නමට දෙමල හෝ මුස්ලිම් යන වචන එක් කර ඇත. යම් හෙයකින් සිංහල ජනතා පක්ෂය හෝ ඒ ආකාරයේ පක්ෂයක් සිංහල සමාජයෙන් බිහිවුව හොත් එය ජාතිවාදී පක්ෂයක් ලෙස හංවඩු නොගසන්නේද? ඒ අනුව ජාතිය ගැන කතා කිරීම තහනම්ව ඇත්තේ සිංහලයාට පමණක් නොවේද? සිංහල සහජීවන මොස්තරකාරයින් සිංහලයාට ජාතිවාදියා යැයි ඇගිල්ල දිගු කරන අතරතුර අන් ජාතිවාදීන් ගැනද සොයා බැලිය යුතුය.
මේ සියල්ල කෙසේ වුවද රටට තිබිය යුත්තේ එක් ජාතික ගීයක් බවට සිංහල දෙමල මුස්ලිම් සියලු හදවත් තුල ගිනි පුලිගුවක් සේ තැන්පත්ව ඇත. ඒ හරහා හමා යන සැබෑ ජාතිවාදි සැඩසුළං වලට එරෙහිව ඒ හදවත්තුලින්ම ප්‍රශ්නාර්ථයක් උපදිනවා ඇත. සාමාන්‍ය දෙමල ජනතාවගේ හදවත් වලින් අවංකව විමසා බැලුවහොත් එවන් අවශ්‍යතාවයක් සැබෑවටම ඇත්තේ දෙමල ජාතිවාදීන්ට හා සිංහල සහජීවන මෝස්තරකාරයින්ට බව වැටහෙනු ඇත. යම් හෙයකින් සාමාන්‍ය දෙමල ජනතාවට මෙම අවශ්‍යතාවය ඇත්නම් ලංකාවට පෙර ලංකාවට වඩා වැඩි පිරිසක් දෙමල ජාතීන් ජීවත් වන තමිල්නාඩුවෙන් මෙම ඉල්ලීම ඉන්දීය රජයට එල්ල වනු ඇත. තවද විවිධ භාෂා රාශියක් භාවිත කරන ඉන්දියාවේ සියල්ලන් එක්ව සියල්ලන්ටම නොතේරුණද බෙංගාලි බසින් ජාතික ගීය ගයද්දී ඉන්දියාවට වඩා ඉතා කුඩා රටක් වූ ලංකාවේ මෙවන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම විහිලුවට කරුණක් බව සියලු දෙනා අවබෝධ කර ගත යුතුය.
චම්පා වෛද්‍යතිලක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .