ආනන්ද කුමාරස්වාමි හා ජාතික අධ්‍යාත්මය
අධ්‍යාත්මික අවජාතකයන්ගේ හා සබුද්ධික නීචයන්ගේ යුගය හමාර කරමු.
-වෛද්‍ය වසන්ත දේවසිරි -
අපි අද අපගේ ජාතික නිදහස් සටනේ තීරණාත්මක සන්ධිස්ථානයකට අවතීර්ණ වී සිටිමු. මේ තීරණාත්මක අවස්ථාවේ දී බුද්ධිමත්ව සිතා නිවැරැදිව ක්‍රියා නො කළහොත් අපට අප සතු සියලූ ම දේ අහිමි වීමට ඉඩ ඇත. අප සතු සියලූ ම දෙය අපට අහිමි වුනහොත් අපට තව දුරටත් පැවැත්මක් නැත. මා අප සතු සියලුම දෙය ලෙස හඳුන්වන්නේ අප සතු ගේ දොර, යාන වාහන, ඉඩ කඩම් නො වෙන බව මෙම සටහන කියවන බුද්ධිමත් පාඨකයින් වටහා ගනු ඇත. එසේ නම් අප සතු අපට අහිමි වීමට ඉඩ ඇති ගේ දොර ඉඩ කඩම් වලට වඩා වටිනා දෙය කුමක් ද?
අප අද මුහුණ දෙන මේ උභතෝකෝටිකය මීට සිය වසකට පමණ පෙර ඉසිවර නුවණින් දුටුවෙකි, ආනන්ද කුමාරස්වාමි නමැති මහා ප්‍රඥයා.
ලංකාවේ දෙමළ ජාතික පියෙකුට හා ඉංගිරිසි ජාතික මවකට දාව ආනන්ද කුමාරස්වාමි කොළඹදී මෙලොව එළිය දුටුවේ 1877 අගෝස්තු මස 22 වැනි දින ය. එනම් මීට අවුරුදු 140 කට පෙර මෙරට ඉංගිරිසින්ගේ යටත් විජිතයක්ව පැවති යුගයේ දී ය. කුඩා කළ ම සිය පියාගේ වියෝ වීම නිසා මවත් සමඟ එංගලන්තයට යන කුමාරස්වාමි අධ්‍යපානය හමාර කොට යළිත් මෙරටට පැමිණෙනේ 1903 වසරේදී ය. ඉන් පසුව එතුමා ලංකාවේ ගත කරණ කාලය වසර දහයක් පමණක් වුව ද ඒ කෙටි කාලය තුළ යටත් විජිත බලපෑම නිසා බිඳී යමින් තිබුනු ජාතික අධ්‍යාත්මය අවදි කිරීමට තීරණාත්මක බලපෑමක් කිරීමට එතුමා සමත් විය.
යටත් විජිතවාදීන්, විශේෂයෙන්ම ඉංගිරීසින් විසින් මෙරට ස්ථපිත කරනු ලැබූ අධ්‍යාපනය කුමාරස්වාමි මහතාගේ විවේචනයට ලක් විය. එම අධ්‍යාපනය පිළිබඳව එතුමාගේ අදහස් හකුළා දක්වන්නෙකි මෙම ප්‍රකාශය.
‘ඉංගිරිසි අධ්‍යාපනය සහ බලපෑම අප සතු වූ තාක් සියල්ල පැහැර ගැනුණු අතර තව දුරටත් අප පිලිබඳ නොදන්නා, අප ගැන විශ්වාස නොකරන, අපේ ම මිනිසුන් ගැන දොම්නසට පත්, අමුත්තන්ට පුදන්නට වටනා කිසිදු දෙයක් ඉතුරු නොකරගත් අධ්‍යාත්මික අවජාතකයන් අහිනක් බවට පත් කෙරිණ.’
එම අධ්‍යාපනය මඟින් අප අප සතු සභ්‍යත්වයට උරදුන් සභ්‍යත්ව විඥානයට, ජාතික චින්තනයට සංවේදී නොවෙන, එය උපහාසයට, පිළිකුලට ලක් කරන පිරිසක් බවට පත් වනු ඇති බව නොවේ ද කුමාරස්වාමි දුටුවේ? මෙය මෙම රටවල් සදාකාලිකවම යටත් විජිතයන් වශයෙන් තබා ගැනීම සඳහා ඉංගිරිසින් විසින් හිතා මතා ඉන්දියාවේ හා ලංකාවේ ක්‍රියාත්මක කරණ ලද්දක් බව කුමාරස්වාමි මහතා හොඳින් තේරුම් ගෙන සිටියේ ය. මෙම සම්පූර්ණ ක්‍රියාවලියම කුමාරස්වාමි මහතාගේ දැඩි පිළිකුලට ලක් වූ බව පහත සඳහන් ප්‍රකාශ වලින් පැහැදිලි වෙයි.
‘ඔබේ අධ්‍යාපනය අපනයනය කිරීමේ ක්‍රියාවලිය, ඔබේ ආයුධ භාවිතයටත් වඩා අතිශයින් දරුණු වේ. එමගින් ලමයින්ට උගන්වන ලද්දේ, සිය මව්පියන් පිළිබඳ ව, සිය ජාතිකත්වය පිළිබඳ ව, සිය නම් පිළිබඳ ව ලජ්ජා වන්නට පමණි.’
එවන් වූ අධ්‍යාපනයක් තුළින් බිහි විය හැකි අභිමානයෙන් තොර නිවට පරපුරක් හැඳින්වීමට කුමාරස්වාමි මහතා අධ්‍යාත්මික අවජාතකයින් යන වචනයට අමතරව සබුද්ධික නීචයන් යන වචනයද යොදා ගත්තේ ය.
එතුමා 'මධ්‍යතන යුගයේ සිංහල කලාව' යන පරේෂණ ග්‍රන්ථය කළේ ඊනියා උගතුන්ගේ නොසැළකිල්ල නිසා විනාශයට පත් වෙමින් පැවති පොදු ජන කලාවන් රැක ගැනීමට මෙන් ම ඒ තුළින් වියැකී යමින් තිබුනු ජාතික අධ්‍යාත්මය ද යළි පුබුදුවා ලීමට ය.
කුමාරස්වාමි මහතා 1913 න් පසුව ජීවත් වූයේ ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ ය. අසාමාන්‍ය ගනයේ බුද්ධිමතෙකු වූ එතුමාගේ ශාස්ත්‍රීය ගවේශණයේ දී එතුමා අතට හසු නොවුනු ශාස්ත්‍රීය විෂයක් නොමැති තරම් ය යනුවෙන් ඩී. බී. ධනපාල මහතා සිය Among those present කෘතියේ සඳහන් කරයි.
ඇමෙරිකාවේ ජීවත් වුව ද කිසි දින තමා ලාංකිකයෙකු බව අමතක නොකළ කුමාරස්වාමි මහතා 1947 සැප්තැම්බර් මස 9 වැනි දා මැසෙසුසෙට් ප්‍රාන්තයේ නිවසේ දී මිය ගිය අතර එතුමාගේ බිරිඳ විසින් අළු වලින් කොටසක් ඉන්දියාවේ ගංගා නදියේ ද කොටසක් ලංකාවේ ගංගාවක ද (කුමන ගංගාවේ දැයි පැහැදිලි නැත්) පා කර හැර ඇත.
ආනන්ද කුමාරස්වාමි නම් වූ මහ ප්‍රාඥයාගේ කතන්දරය එතනින් අවසන් වුව ද මෙරට අධ්‍යාත්මික අවජාතකයන්ගේ හා සබුද්ධික නීචයන්ගේ කතාව අවසන් වන්නේ නැත.එතුමාගේ මරණයෙන් මාස පහකට පසුව ඉංගිරීසින් මෙරට හැර ගිය ද එය ජාතික නිදහසක් ලෙස සැළකිය නොහැක්කේ එහිදී සිදු වූයේ ඉංගිරිසින් සතු ව තිබුනු බලය මෙරට අධ්‍යාත්මික අවජාත්කයින් හා සබුද්ධික නීචයන් අතට පත් වීමක් පමණක් වූ බැවිනි.
එදා මෙදා තුළ ගෙවී ගිය දසක හතක කාලය තුළ දී අපට කුමාරස්වාමි මහතා සඳහන් කළ අයුරෙන් අප සතු සියල්ල ම අහිමි නොවුනේ අපගේ උරුමය නිවැරදිව තේරුම් ගත් අධ්‍යාත්මික සුජාතයන්ගේ පරපුරක් ද වාසනාවකට මෙන් මෙරට තුළ බිහි වී සිටි බැවිනි. ඔවුන් අත විටින් විට බලය මාරු වීමේ කතන්දරය කීමට ගියහොත් මෙම ලිපිය අනවශ්‍ය ලෙස දිග් ගැසෙනු ඇත.
අප මේ මොහොතේ දී බුද්ධිමත්ව හා නිවැරදිව ක්‍රියා නොකළොත් අපට අප සතු සියල්ල අහිමි වනු ඇතැයි මා ප්‍රකාශ කළේ කිනම් අර්ථයකින් දැයි දැන් විමසා බලමු.
2015 ජනවාරි මාසයේ දී අධ්‍යාත්මික අවජාතකයෝ හා සබුද්ධික නීචයෝ යටත් විජිතවාදීන් ගේ ආශිර්වාදය හා ආධාර ලැබ තීරණාත්මක ලෙස සිය බලය තහවරු කර ගත් හ. කුමාරස්වාමි මහතා කීවාක් මෙන් ම ඔවුන් අප සතු සියලු දෙයම පැහැර ගනු ඇත. එය හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපලට හෝ මහඉලුප්පල්ලමට පමණක් සීමා නොවනු ඇත. එයට දිනෙක මුලු රටම නතු වෙනු ඇත. එවන් වූ තත්වයක් තුළ අප සතු සංස්කෘතිය, සභ්‍යත්වය, ඒ සභ්‍යත්වයට දායක වුනු බුදු දහම ද අපට අහිමි වනු ඇත. කුමාරස්වාමි ප්‍රාඥයා කීවාක් මෙන් ම අප අමුත්තන්ට දෙන්නට කිසිම දෙයක් නැති අවජාතකයන් අහිනක් වනු ඇත.
කුමාරස්වාමි මෙරට ජීවත් වූ කාලයේ එය ඉංගිරිසින්ගේ යටත් විජිතයක් බව සියල්ලෝම දැන සිටිය හ. වර්තමාන කාලයේත් එතරම් ලොකු වෙනසක් නැත. අවාසනාවකට මෙන් අද මේ රට යටත් විජිතයක් බව තේරුම් ගෙන ඇත්තේ සුළු පිරිසක් පමණකයි මට සිතේ. මෙම කරුණ අපගේ ජාතික නිදහස් අරගලය ඉතාමත් සංකීර්ණ එකක් බවට පත් කරනු ඇත.මේ ගමනේ අනිවාර්ය අංගය විය යුත්තේ බුද්ධිමත් හා නිවැරදි තීරණ ගැනීම යැ යි මා පුන පුනා ප්‍රකාශ කළේ එබැවිනි.
මෙම අධ්‍යාත්මික අවජාතකයින් පරාජය කර ඔවුන් පළවා හැරීම අපගේ මුතුන් මිත්තන් මෙන් ම අනාගත පරපුර වෙනුවෙන් ද ඉටු කළ යුතු යුතුකමයි. අපට එම යුතුකමට පිටු පැමට සදාචාරත්මක අයිතියක් නොමැත.
වසන්ත දේවසිරි
2017 නිකිනි මස 21 වැනි දින
ආශ්‍රිත ග්‍රන්ථ
Mediaeval Sinhalease Art Ananda K kumaaraswaami 1907,
Among those present, D. B. Dhanapala 1963.
නූතන සිංහල සාහිත්‍ය ප්‍රවේශිකා, සංස්කරණය; ජයන්ත අමරසිංහ 2016
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .