-වෛද්‍ය වසන්ත දේවසිරි-
අප රට සිටි විශිෂ්ටතම දේශපාලනඥයෙකු වූ ආචාර්ය එන් එම් පෙරේරා මහතා අප අතරින් වියෝ වූයේ 1979 අගෝස්තු මස 14 වැනි දා ය. අදට හරියටම වසර 38 කට ඉහත දී ය. අධිරාජ්‍ය විරෝධියෙකු, සමාජවාදියෙකු, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙකු හා විද්වතෙකු වශයෙන් එතුමා ගේ දේශපාලන ගමන් මඟ පිළිබඳව විවරණයක් කිරීමට තරම් දැනුමක් තේරුමක් මා හට නැති වීම ගැන කණගාටු වෙමි. කෙසේ වුවත් එතුමා අප හැර ගියේ එතුමාගේ ප්‍රඥාව මෙරටට පමණක් නොව මුලු ලෝකයටම අවශ්‍ය වෙමින් පැවති යුගයක ය. එනම් ධනවාදය මුළු තුන් වැනි ලෝකයම කෲර ලෙස ගිල ගනිමින් තිබුනු යුගයක ය. 1977 දී බලයට පත් වූ රජය මඟින් ඒ වන විට අප රට ද එම අවාසනාවන්ත ඉරණම වෙත ශීඝ්‍රයෙන් තල්ලු කරගෙන යමින් තිබුනි. අධිරාජ්‍යවාදයට හා නව යටත් විජිත වාදයට එරෙහි සටන වෙනුවෙන් මුළු ජීවිත කාලය ම කැප කළ එතුමාගේ වියෝව මෙරට දේශ ප්‍රේමී ජන කොටස් තුළ ප්‍රබල කම්පනයක් ඇති කිරීමට සමත් විය.එම කම්පනය මැනවින් පිළිබිඹු කරන්නෙකි ගුණදාස අමරසේකර ශූරීන්ගේ 'අසපුව පාළුයි' නැමති කවි පංතිය.
අසපුව පාළුයි
දිවා කල හෙම්බත් වී ගෙදර එන මා එන් එම් පෙරේරා විසූ ඒ නිවස දෙස දිනපතා බැලුවේ අපමණ අස්වැසුම් සුවයක් විඳිමිනි.
ලොවැ බලු පොරෙන් හෙම්බත් වී ගෙදර එත
විය නිවහනක් නිති සොයනා මගේ නෙත
සනහා නිවාලන සුවයෙන් මගත සිත
ඒ අසපුවේ කෝ අද මා සොයන වත
සොයනුව මඟක් සත දුක්බර මුදා ලන
හළ හැම සැපක් යස ඉසුරක් ළඟා වුන
විය මුනි තුමෙක් ඒ අසපුව හොබා ලන
අද නැත බසක් අස්වසුමක් එයින් එන
පවිටුනි තමා උදරය පිරුමෙන් වසන
කොපමණ නිගා දෙත සත මිනිසත් සසුන
කළ පව් සමා කරනුව දැන්වත් ඉතින
දණ බිම ඔබා ගොස් වඳු ඒ මුනි සරණ
ගුණදාස අමරසේකර 1979
(මෙම වකවානුවේදී අමරසේකර මහතා පදිංචි වී සිටියේ කෝට්ටේ පාරේ රොඩ්නි පෙදෙසේ නිවසෙහි බව මෙහි ලා සඳහන් කරනු කැමැත්තෙමි. )
මෙම කුඩා කවි පංතිය තුළින් බොහෝ දේ කියවෙයි. එය කියවන මා තුළ ඇතිවෙන හැඟීම් විස්තර කිරීමට තැත් කළහොත් එය ඔබේ රස වින්දනයට බාධාවක් වනු ඇතැයි මම සිතමි. අද අප ජීවත්වන උදරය පුරවා ගත් පිවිටුන් සිටින දේශපාලන සංස්කෘතිය තුල මට පසු පරම්පරාවකට අයත් වන ඔබටද අසපුවේ මුනිවරයා නැති පාළුව දැනෙනවා නිසැකය.
නව යටත්විජිතවාදය අබියස දෙපා නැමඳ වැඳ වැටෙමින්, නව ලිබරල් ආර්ථිකය දොහොත් මුදුනින් පිළිගනිමින් වර්තමානයේ අප යන මේ විනාශකාරී කාලකණ්ණි ගමනේ අවසානය කුමක් වේ දයි මම නොදනිමි. එහි අවසානය කුමක් වුවත් සිය ජීවිත කාලය තුල දී අඩ සියවසකට ආසන්න කාලයක් අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහි ප්‍රබලව නැඟී සිටි ඒ යුග පුරෂයා පිළිබඳ මතකයත්, නූතන සිංහල සාහිත්‍යයෙහි එන විශිෂ්ටතම කවියක් ලෙස සැලකෙන ‘අසපුව පාළුයි’ කවිය පිළිබඳවත් යුතුකම පාඨකයන්ට සිහි ගැන්වූයේ මා සතු යුතුකමක් වශයෙනි.
වසන්ත දේවසිරි
13.08.2017
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

මෙම කව් පන්තියේ තුන්වෙනි කවියේ දෙවෙනි පේලිය
ReplyDelete"තොපමය නිගාදෙන සත මිනිසත් සසුන " ලෙස නිවැරදි විය යුතුය