8/11/2017

ඒකාබද්ධ විපක්ශය ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් විය යුතු නෑ.- ජාතික ඒකාබද්ධ කමිටුවේ අවධාරණය

කතෘ:යුතුකම     8/11/2017   No comments

ඒකාබද්ධ විපක්ශය ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් විය යුතු නෑ.
එය තුල සිට විරෝධය පෑ යුතුයි - ජාතික ඒකාබද්ධ කමිටුවේ අවධාරණය

නව ව්‍යවස්ථාවකට එරෙහි ත්‍රෛයි නිකායික මහානායක හිමිවරුන්ගේ ඓතිහාසික ප්‍රකාශය හරහා ව්‍යවස්ථාවට ගොඩනැගෙන ජනතා ප්‍රතිවිරෝධය එල්ල කළ යුත්තේ ආණ්ඩුව දෙසට මිස ඒකාබද්ධ විපක්ෂයටවත් එහි නායකයන් දෙසටත් නොවන බව ගෙවිඳු කුමාරතුංග මහතා අවධාරණය කර සිටී. ඒ වෙනුවට සමහරු ආණ්ඩුවේ නායකයින් අමතක කර ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඉලක්ක කර අභියෝග කිරීම හෙළා දැකිය යුතු යැයි ඔහු පෙන්වා දෙයි.

ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක කමිටු තුල සිටින්නේ නව ව්‍යවස්ථාවක් හැදීමට නොව හැදෙන ව්‍යවස්ථාව නතර කරගැනීමට හෝ එහි සිදුවන ද්‍රෝහීකම් ජනතාවට හෙළිදරව් කිරීමට බව පවසන කුමාරතුංග මහතා පාර්ලිමේන්තුවෙන් පිටත ව්‍යවස්ථාවට එරෙහිව කෙරන ජනතා නැගිටීමකට එය අත්වැලක් මිස කිසිසේත් බාධාවක් නොවන බවද අවධාරණය කර සිටී.
එබැවින් කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් පිටත කෙරෙන ව්‍යවස්ථාවට එරෙහි ජනතා නැගිටීමකට මග පෙන්වන අතරේ හැකිතාක් ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය යොදා ගනිමින් ඒම ද්‍රෝහී ව්‍යවස්ථාව නතර කරගැනීමට යෙදිය හැකි අභ්‍යන්තර ප්‍රතිවිරෝධයද අත් නොහැර යෙදවීම බව ඔහු පෙන්වා දෙයි.
ඒ ජාතික ඒකාබද්ධ කමිටුව විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්චාවකදීය.

ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත සබැඳියෙන්


එහිදී අදහස් පළකළ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වීමෙන් ලබාගත හැකි කිසිවක් නොමැති බවයි. ඒ හරහා දැනට යන්තමින් හෝ යොදන අභ්‍යන්තර ප්‍රතිවිරෝධයද  අහිමිව රනිල් වික්‍රමසිංහ - සම්බන්ධන් තනි ඒකාධිකාරයට එය යටත් වෙන බවත් පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් පැවසුවේ එබැවින් පාර්ලිමේන්තුවේ පිටත කෙරෙන අරගලයට මෙය කිසිසේත් බාධාවක් කර නොගත යුතු බවයි.

මහානායක හිමිවරුන්ගේ ඓතිහාසික ඒකාබද්ධ ප්‍රකාශනයට ඒකාබද්ධ විපක්ෂය කමිටුව තුල සිටිමින් සිදු කරමින් සිදුකළ දායකත්වය පෙන්වා දුන් මනෝහරද සිල්වා මහතා එලෙස ඉදිරියේදීත් අභ්‍යන්තරයේ සිදුවන සියළු ද්‍රෝහීපාවාදීම් හෙළි කරමින් පිටත ගොඩනගන ජනතා බලයට එය ශක්තියක් කරගත යුතුව ඇතැයි අවධාරණය කළේය.
මනෝහර ද සිල්වා මහතා සිදුකළ සම්පූර්න අදහස් දැක්වීම පහත සබැඳියෙන් ..


මෙම මාධ්‍ය හමුවේදී මනෝහර ද සිල්වා , ගෙවිදු කුමාරතුංග මහත්වරුන්ට අමතරව විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය සහ කර්නල් අනිල් අමරසේකර මහතාද අදහස් දැක්වීය .

සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions