මේ ආණ්ඩුව තව දුරටත් පැවතිය යුතු නෑ- ආචාර්ය සුමනසිරි ලියනගේ
ආණ්ඩුවේ මෙතෙක් ගමන් මග, වර්තමානය සහ අනාගතය පිළිබඳ ආර්ථික දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයකු වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමග රිවිර කළ සාකච්ඡාවකි.
වසර දෙකකට අධික වර්තමාන ආණ්ඩුවේ ගමන් මග දෙස ආපසු හැරී බලන විට ඔබට සිතෙන්නේ කුමක්ද?
වසර දෙකහාමාරක් පමණ ගෙවුණු ආණ්ඩුවේ ගමන් මග දෙස නැවත හැරී බලන විට මට සිහිපත් වන්නේ 1960 ගණන්වල අග එවකට කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වූ පීටර් කේනමන් මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවක්. එහි දී ඔහු එවකට පැවති ආණ්ඩු හැඳන්වූයේ ආර්ථික වශයෙන් වඳ, දේශපාලන වශයෙන් කිසිවක් කරගත නොහැකි, පරිපාලන වශයෙන් කිසිම ශක්‍යතාවක් නැති ආණ්ඩුවක් විදිහට. එදා ආණ්ඩුවට මේ ප්‍රකාශය තරමක අතිශ්‍යෝක්තිමය විවේචනයක් වුවත්, අද ආණ්ඩුව සම්බන්ධයෙන් නම් එය තරමක අවතක්සේරු සහගත ප්‍රකාශයක්.
පසුගිය අවුරුදු දෙකහමාර තුළ සෑම සාර්ව ආර්ථික දර්ශකයක් ම පිරිහිලා. ආර්ථික වර්ධනය සහ අපනයන ආදායම් පහත වැටිලා, ඒ නිසා ගෙවුම් ශේෂය ඉහළ ගිහින්, විදේශ සංචිත පහත වැටිලා. මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන සලකා බැලුවත් 2015ට වඩා ඉතාම නරක තැනක ආර්ථිකය පවතින්නේ.
ලංකාවේ පවතින ආර්ථික සමාජ දේශපාලන අර්බුදය කලමනාකරණය මගින් විසඳන්න බෑ. නමුත් හොඳ කලමනාකාරවරයෙක් සිටියොත් කිසියම් දෙයක් කරගත හැකියි. මේ ආණ්ඩුවට කිසිම දෙයක් නිසි ලෙස කළමනාකරණය කරන්න බෑ. ආණ්ඩුවේ කලමනාකරණ ශක්තිය අතිශයින් ම දුර්වලයි. සමස්තයක් විදිහට බැලුවා ම මේ අවුරුදු දෙකහමාරක කාලය ලාංකේය නූතන ඉතිහාසයේ අපතේ ගිය කාල වකවානුවක්. මේ කාලය තුළ දෙස අවලෝකණය කර බලද්දි රට ලබා ගත් කිසිවක් දකින්න නෑ. මේ ආණ්ඩුව ඉදිරියට ගියොත් ඉතාම නරක පාලනයක් ලෙස එය වර්ධනය වන බව මහ බැංකු බැඳුම්කර වංචාව දෙස බැලුවා ම කදිමට පැහැදිලියි.
මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට පොරොන්දු මල්ලක් ලබා දෙමින්. මොනවාද ඒ අතරින් ඉටු වුණු පොරොන්දු?
මේ ආණ්ඩුව නිර්මාණය වූ අලුත එතෙක් කිසියම් දුරකට හැකිළී පැවති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය යළි පුළුල් වීමක් වුණා. සෑම නව ආණ්ඩු පිහිටුවීමකට පසුව ම පොඩි ප්‍රජාතන්ත්‍රවාදී වසන්තයක් තියෙනවා. 94 චන්ද්‍රිකා ආණ්ඩුව පිහිට වූ අවස්ථාවෙත් කෑ ගහන්න අත පය දිග අරින්න පොඩි කාලයක් ආවා. එහෙම කාලයක් මේ ආණ්ඩුවටත් තිබුණා. නමුත් පසුගිය ශිෂ්‍ය සටන් සහ වෘත්තීය අරගලවලට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන් පේන්නේ ඒ වසන්තය අවසන් බවයි. මෙයත් සුපුරුදු ප්‍රජාතන්ත්‍රවාදී නොවන වර්ගයේ ආණ්ඩුවක්.
ඔවුන් මැතිවරණ අවස්ථාවේ ජනතාවට ලබා දුන් කිසිම පොරොන්දුවක් ඉටු කරලා නෑ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මහා පම්පෝරි ගහලා ස්වාධීන කොමිෂන් සභා පිහිට වූවා. නමුත් මේ කොමිෂන්වලින් ජනතාවට නම් කිසිම යහපතක් වෙලා නෑ. පොලිසියේ මර්දනකාරී හැඩරුව තවත් වැඩි වීමට මේ කොමිෂන් සභා හේතු වුණා කියලා හිතෙනවා. කෙනෙක් තර්ක කළ හැකි 19 වන සංශෝධනය ඔස්සේ ආණ්ඩුව ලබා දුන් පොරොන්දු රූපික ලෙස ඉටු කළා කියලා. නමුත් ඒ ඔස්සේ සිදු විය යුත්ත නම් සිදුවෙලා නෑ.
දූෂණය නිමා කරලා සංවර්ධනය දහ ගුණයක් කරනවා කියන එක එදා ප්‍රමුඛතම සටන් පාඨයක්. දූෂණය සහ අපතේ යෑම් නතර කරලා ආර්ථිකය දියුණු කරනවා කියන එක අදහසක් විදිහටම වැරදියි. සංවර්ධනයේ සාමාන්‍ය තර්කනයවත් දන්නේ නැති පුද්ගලයෝ තමයි මේ වගේ කතා කියන්නේ. ඇතැම් විට සංවර්ධනයට දූෂණය හිතවත් විය හැකියි. නැගෙනහිර ආසියාවේ දියුණු වූ රටවල් ගත්තොත් විශාල දූෂණ තිබුණා. වරක් ඉන්දුනීසියානු මහාචාර්යවරයෙක් කීවා දූෂණය සංවර්ධනයට ලිහිසි තෙලක් වගේ කියලා. එය ආචාර ධාර්මික වශයෙන් වැරදි විය හැකියි. මිනිස්සු හිතුවේ බිලියන ගණන් හොරකම් කරලා ඇත්නම් ඒවා නැවැත්වීමෙන් රට දියුණු කළ හැකියි කියලා.
පැවති ආණ්ඩුවට එල්ල කළ චෝදනා ඔප්පු කරලා දඬුවම් නොදෙන්නේ ඇයි?
මම කියන්නේ නෑ පහුගිය ආණ්ඩුවේ හොරකම් සිදු වුණේ නෑ කියලා. සංවර්ධන ව්‍යාපෘති සමග හොරකම් සිදුවෙන්න ඇති. නමුත් සමහර ඇමතිවරුන්ට චෝදනා නැගුණේ ඡන්දේ කාලේ බෙදපු දේවල් ගැන. ඒවා නෙමේ සැබෑ මහ පරිමාණ හොරකම්. මේ ආණ්ඩුව ඒ හොරකම් අනාවරණය කරන්න දක්වන මැලි කමින් පේන්නේ අද ඔවුන් හොරකම් කරන්නේත් එදා පැවති ආණ්ඩුව හොරකම් කළ තැන්වලින් ම බවයි.
ආණ්ඩුව පරණ හොරු ඇල්ලුවේ නැතත් තමන් හොරකම් කළ බවට නැගුණු චෝදනා නිසා ඇමතිවරුන්ට ඉල්ලා අස්වීමට සිදුවෙලා?
ඒක ජනතාවගේ දැවැන්ත අවතක්සේරුවක ප්‍රතිඵලයක්. මේ ආණ්ඩුවේ පැරණි ආණ්ඩුවේ කොටසක් ඉන්නවා. ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු ඇමතිවරු විසි ගණනක් සිටිනවා. අනිත් පිරිස එජාපය. මේ දෙපිරිසේම ඉතිහාසය විමසා බැලුවොත් ඔවුන්ට එතරම් හොඳ කැරැට්ටුවක් නෑ. ඔවුන් බොහෝ දෙනා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ශිෂ්ට මැති ඇමතිවරුන් විදිහට නෙමෙයි. පැවති එජාප ආණ්ඩුවල සිටි මැති ඇමතිවරු අදත් මැති ඇමතිවරු. මේ ආණ්ඩුව මහජනතාවට විකල්පයක් නැති නිසා පත් කරගත් ආණ්ඩුවක් විතරයි. හොඳ පුද්ගලයෝ කිහිප දෙනෙක් හිටියත් මේ ආණ්ඩුවේ බලවත්තු ඔවුන් නෙමේ. යහපාලනය, වංචා දූෂණ නැති කිරීම, හොරු ඇල්ලීම පැන්ටසි විතරයි.
බැඳුම්කර වංචාව නිසා රටට සිදූ වූ පාඩුව කුමක් ද?
මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාස කිහිපයක් තුළ සමස්ත ආර්ථිකයට ම බරපතළ ලෙස රිදෙන බැඳුම්කර වංචාව සිදු වුණා. මේ නිසා සිදු වූ පාඩුව ඉලක්කම්වලින් කියන්න බෑ. බැඳුම්කර සිද්ධිය සමග එක ඉලක්කමේ පොලී අනුපාතය එකවර ඉලක්කම් දෙකට නගිනවා. ඒක බැඳුම්කරවලට විතරක් නෙමෙයි, මේ රටේ ආයෝජනවලට සහ සෙසු ආර්ථික කටයුතුවලට තදින් බලපානවා. එම හානි ගණනය කළ නොහැකියි. ඒ නිසා අපේ රටේ ආර්ථිකයට සිදු වූ පාඩුව දරා ගන්න බෑ.
නව දේශපාලන සංස්කෘතියක් අරඹමින් චෝදනා ලැබූ මුදල් ඇමතිවරයා ඉල්ලා වුණා?
ඒ ප්‍රකාශය මීට පෙර ඉල්ලා අස් වූ තිලක් මාරපනට නම් තරමක් ගැලපෙනවා. ඔහු එම චෝදනාව මතු වේගෙන එන කොට ම අස් වෙනවා. නමුත් මේක එහෙම එකක් නෙමේ. ඔහු තව දුරටත් සිටීම ආණ්ඩුවේ පැවැත්මට තර්ජනයක් වූ නිසායි ඉල්ලා අස් වුණේ. මේක නව දේශපාලන සංස්කෘතියක ඇරඹුම කියලා උදම් අනන්න තිබුණා අනිකා විජේසූරිය මහත්මිය අදාළ ප්‍රකාශය කළ දවසේ ම රවී කරුණානායක ඉල්ලා අස් වුණා නම්.
2015 ඩීව් ගුණසේකර මහතා ප්‍රධානත්වය දැරූ කෝප් කමිටු වාර්තාවෙන් මේ කරුණු හෙළි වුණා. ඒ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දිනට පෙරදින තමයි පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ. එය තමයි බරපතළ ම දූෂණය. දැනට මාස ගණනකට පෙර සිදුවිය යුතුව තිබූ ක්‍රියාවලියක් කල් දමලා මේ ඉල්ලා අස්වීම නව දේශපාලන සංස්කෘතියක් ඇරඹුවා යැයි කීම විහිළුවක්. නව සංස්කෘතිය කොහොම වුණත් මේ වන විට තවත් හොරකම් ගැන වාර්තා ලැබෙමින් තියෙනවා.
හම්බන්තොට වරාය චීනයට ලබා දීලා මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබා දීම අපේ රටේ අනාගතයට බලපාන්නේ කොහොමද?
පුද්ගලයෙක් කිසියම් දුෂ්කර අවස්ථාවක නොකරම බැරි නම් තමන්ගේ රත්තරන් මාලය උගසට තැබීම හෝ විකිණීම එතරම් ගැටලුවක් නෙමෙයි. නමුත් මේ පුද්ගලයා තමන්ගේ පාරම්පරික ඉඩම් කෑල්ල විකුණනවා නම් ඒක බරපතළ ගැටලුවක්. අපට ‘විකිණිය හැකි’ සහ ‘විකිණීමට සිදුවේ නම් විකිණිය යුතු’ වත්කම් මොනවාද කියලා වෙන් කර ගැනීම වැදගත්. වරාය අවුරුදු 99කට දීලා ආයේ ඕන නම් 70කින් ගන්න පුළුවන් කියලා වැඩක් නෑ. මොකද ඒ යුගය වන විට එහි ආර්ථික සහ උපාය මාර්ගික වැදගත්කම වෙනස් වී තිබිය හැකියි. ඒ නිසා රටක සම්පත් විකිණීම ගැටළුවක්.
මේ වන විට ඉන්දීය සාගරය ලෝකයේ වැදගත් ආර්ථික කලාපයක් වීමේ ලකුණු තිබෙනවා. එහි ආධිපත්‍ය සඳහා ඉන්දියාව සහ චීනය අතර විශාල භූ දේශපාලන ගැටුමක් තියෙනවා. හම්බන්තොට වරාය සහ අවට කලාපය චීනයට දීලා මත්තල ගුවන්තොටුපළ සහ අවට කලාපය ඉන්දියාවට ලබා දුන්නොත් සමහර විට චීනය සහ ඉන්දියාව නිතර ගැටුම් ඇති කර ගන්නා ඉන්දියාවේ නැගෙනහිර දේශ සීමාවේ අර්බුදය හම්බන්තොටට එන්න පුළුවන්. වර්තමාන ඉන්දියාව ක්‍රියා කරන්නේ කලාපයේ ඇමරිකානු ඒජන්තවරයා හැටියට බව අපි මතකයේ තබා ගත යුතුයි. ඒ නිසා රටේ සම්පත් මේ විදිහට තව තව බලවතුන්ට ලබා දීමත් සමග අපේ රට ලෝක බලවතුන් සහ කලාපීය බලවතුන් සටන් වදින යුද බිම බවට නුදුරු අනාගතයේ පත්වීමේ අවදානමක් තිබෙනවා.
වරාය හෝ ගුවන් තොටුපල මගින් ලාභ ලැබිය හැකි විභවයක් නැත්නම් ඒවා විදෙස් රටවල් ගන්නේ ඇයි කියලා අපි සිතා බලන්න ඕන. එසේ නම් වෙනත් අරමුණු ඒ පිටුපස තිබිය යුතුයි. මේ තීරණ වගේ ම අනාගතයේ සිදුවීමට නියමිත අනෙකුත් සම්පත් පිට රටවලට විකුණා දැමීමත් ඉතා ම වැරදි තීන්දු බව අපට කීමට සිදුවෙනවා. අපි ආදර්ශයට ගන්නවා කියන සිංගප්පූරුව වගේ රටවල මෙහෙම දේවල් වුණේ නෑ. දැන් අපේ රටේ ආර්ථිකය හසුරුවන්නේ ලංකාවේ ආර්ථික අමාත්‍යංශය නෙමෙයි ජාත්‍යන්තර සංවිධාන. විදෙස් ප්‍රතිපත්තිය හසුරුවන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය නෙමෙයි යුරෝපීය බලවතුන්. රටට ආණ්ඩුවක් අවශ්‍ය ද කියන ප්‍රශ්නය ඉදිරියේ දී මතු විය හැකියි.
එට්කා ගිවිසුම අපේ රටට හිතකර ද?
කිසියම් ගිවිසුමකින් පාර්ශව දෙකටම වාසි ලැබෙනවා නම් ගිවිසුම් ගහන්න බල කරන්න වුවමනා නෑ. නමුත් ඉන්දියාව අපට ඔවුන් සමග ගිවිසුම් ගහන්න බල කරනවා. එයින් පෙනෙනවා මේ ගිවිසුම්වල වැඩි වාසිය ඔවුන්ට ලැබෙන බව. දෙපාර්ශවයක් අතර ගිවිසුමක් ඇති වූ විට එහි වැඩි වාසිය බලවත් පාර්ශවයට ලැබෙන බවවරක් මාක්ස් කීවා. 2000 සිට ක්‍රියාත්මක වන ඉන්දිය ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම නිසා අපට හැමදාම තියෙන්නේ ඍණ වෙළඳ පරතරයක්. ඒ සියලු කරුණු සලකා බැලුවාම එට්කා ගිවිසුමේ වාසිය හිමි ඉන්දියාවට බව පැහැදිලියි.
20 වැනි සංශෝධනය ගෙන ඒමේ අරමුණ කුමක්ද?
77 බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන කීවා තමන් වසර 25කට මැතිවරණ සිතියම අකුළනවා කියලා. නමුත් ඔහු ඇකිළුවේ ම නෑ. වසර කිහිපයකට කලින් ජනාධිපතිවරණයක් තිබ්බා. ලාම්පු කළගෙඩි සටනින් 5/6 පාර්ලිමේන්තු බලය රැක ගන්න උත්සාහ කළා. අතුරු මැතිවරණ තිබ්බා. දැන් අවුරුදු 40කට පස්සේ මැතිවරණ සිතියම අකුළලා 2019 පළාත් සභා ඡන්ද තබන්නයි සැලසුම. ජේ. ආර්. ජයවර්ධන මැතිවරණ සිතියම අකුළන බව කීවාත් තමන්ට මැතිවරණ ජයගත හැකි බව ඔහු දැනගෙන සිටියා. නමුත් දැන් ඡන්දයක් තිබ්බොත් තමන් පරදින බව පාලකයෝ දන්නවා. එදා ජයවර්ධන මහතා කියා නොකළ දේ මෙදා නොකියා කරන්න ඉඩ තියෙනවා.
ජේ. ආර්., ප්‍රේමදාස, මහින්ද නව ලිබරල්වාදය කිසියම් සංශෝධන සහිතව ක්‍රියාත්මක කළේ. ඒ යුගයේ යම් ආකාරයකට ආර්ථිකය ඔළුව ඉස්සුවා. නමුත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව 2001 රනිල්ගේ ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ඉතාම මූල ධර්මීය විදිහට නව ලිබරල්වාදී ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමට සැරසෙනවා. ඒ හැම අවස්ථාවකම ආර්ථිකය කඩා වැටුණා.
මේ විට ආණ්ඩුවේ පාර්ශව අතර ගැටුම් ඇති වෙලා. ආණ්ඩුවේ අනාගතය කුමක් වේවිද?
අන්තෝනියෝ ග්‍රාමාස්කි නම් ඉතාලි ජාතික දාර්ශනිකයා වරක් කීවා කිසියම් එකක් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී සහ අලුත් යමක් මතු නොවී පවතින කාලය තන්ත්‍රාතර අවධිය (interregnum) කියලා. අපි ඉන්නේ එවැනි කාලයක. මේ ආණ්ඩුව වැටීමේ විභවයක් තියෙනවා. එය කලක් වරදාන මගින් පවත්වා ගෙන යා හැකියි. දැන් විජේදාස ඇමතිවරයා ඉවත් කරන්න වුවමනා නම් විශ්වාසභංග වුවමනා නෑ, ආණ්ඩුවට එය කළ හැකියි. ආණ්ඩුව හොඳටම සෙලවිලා. මේ ආණ්ඩුව තව දුරටත් පැවතිය යුතු නෑ. නිදහසින් පසු ආ නරකම ආණ්ඩුව මේක.
සාකච්ඡා කළේ : නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

very correct facts
ReplyDelete