- ආචාර්ය නලින් ද සිල්වා
රණ විරුවන් ප්‍රමුඛ මේ රටේ ජනතාවට දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි වුව ද දෙමළ ජාතිවාදය පරාජය කිරීමට හැකියාවක් ලැබුණේ නැත. එහි ප්‍රතිඵලය ලෙස උතුරින් නැවත යම් යම් ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා වීමට පටන් ගෙන තිබේ. දෙමළ ජාතිවාදයේ අල ගිය මුල ගිය තැන් සහ දෙමළ ජාතිවාදය පරාජය කළ හැකි ආකාරය පිළිබඳ මෙරට ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛතම චින්තකයා වන ආචාර්ය නලින් ද සිල්වා මහතා සමග රිවිර කළ සාකච්ඡාවකි; මේ.
2009 අපට කොටි ත්‍රස්තවාදය පරාජය කළ හැකි වුවත් දෙමළ ජාතිවාදය පරාජය කිරීමට හැකියාවක් ලැබුණේ නෑ. ඒකට හේතුව කුමක්ද?
මේකට සම්පූර්ණයෙන්ම වැරදි සිංහල මිනිස්සු. දෙමළ ප්‍රශ්නය කුමක් ද කියන එක ගැන සිංහල මිනිස්සුන්ට නිරවුල් මතවාදයක් නෑ. නමුත් දෙමළ මිනිස්සුන්ට මේ ගැන නිරවුල් ප්‍රවාදයක් තියෙනවා. ඒ කතාව සුද්දෝ දෙමළ ජනතාවට හදලා දුන් එකක් බව ඇත්ත. නිදහසින් පසු සිංහල මිනිස්සු දෙමළ ජනතාව පාග ගෙන සිටින බවත් ඉන් විශාල අසාධාරණයක් සිදු වන බවත් දෙමළ මිනිස්සු සිංහලයින්ගෙන් නිදහස දිනා දිනා ගත යුතු බවත් ඉන් කියවෙනවා.
නමුත් සිංහල මිනිස්සුන්ට මේකට කතාවක් නෑ. සමහර සිංහලයෝ කියනවා දෙමළ ප්‍රශ්නය ඇති වුණේ 1956 සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා කියලා. සමහරු 1931 ගිහින් 50ට 50 ඉල්ලූ ජී. ජී. පොන්නම්බලම්ට බනිනවා. හැබැයි ඉන් ඔබ්බට ඔවුන්ට යන්න බෑ. ඉතින් සමහරුන් 1983 සිද්ධිය තමයි මේකට හේතුව කියනවා. මේ සියලු කතා අවසානයේ සිංහලයා වැරදිකාරයා කරලා දෙමළ ජාතිවාදය සාධාරණීකරණය කරනවා.
දෙමළ ජාතිවාදයේ ආරම්භය 1833 දක්වා දිවෙනවා. එය අනතුරුව ක්‍රමයෙන් විකාසනය වුණා. පොන්නම්බලන් රාමනාදන්, පොන්නම්බලන් අරුණාචලම්, ජී. ජී. පොන්නම්බලම්, එස්. ජේ. වී. චෙල්වනායගම්, නාගලිංගම්, අමිර්තලිංගම් වගේම සම්බන්ධන්, සුමන්තිරන්, විග්නේශ්වරන් තුන් කට්ටුව සහ ශිවාජිලිංගම් දක්වා සියලු නායකයන් දෙමළ ජාතිවාදියෝ.
1833 ඇති කළ මේ දේශපාලන ප්‍රශ්නය 2009 නන්දිකඩාල් කලපුවේන් අවසන් කළත් එය කතන්දරයක් විදිහට කියලා දෙමළ ජාතිවාදය පරාජය කරන්න අපට බැරි වුණා. මහින්ද රාජපක්ෂ ඒ සඳහා යම් උත්සාහයක් දැරුවත් රාජිතලාට, සම සමාජකාරයන්ට කොමියුනිස්ට්කාරයන්ට සහ අනෙක් බොරු සමාජවාදීන්ට මාක්ස්වාදීන්ට ඔහු යටවුණා. බොරු සමාජවාදය සහ මාක්ස්වාදය මේ රටේ පවතින තුරු දෙමළ ජනතාවට වූ බව කියන අසාධාරණය පිළිබඳ ප්‍රශ්නය විසඳ ගන්නත් බෑ.
ජාතිකවාදීන් ඒ මතවාද පිළිනොගත්තත් ඒ සඳහා ඔවුන්ට විකල්ප මතවාදයක් නෑ. සිදු වූ දේ පිළිබඳ ප්‍රවාදයක් නැත්නම් ඒ මතයට විරුද්ධ වීම පමණක් ප්‍රමාණවත් නෑ. සිංහල මිනිස්සුන්ට ඒකට ප්‍රවාදවක් නෑ. තමන්ට කතාවක් නැති නිසා සමාජවාදියෝ මාක්ස්වාදියෝ කියන කතා පිළිගන්නවා ඇරෙන්න විකල්පයක් සිංහලයාට නෑ.
මම ඒ ගැන ප්‍රවාදය ඇතුළත් ‘ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා’ නමින් පොත ලියලා දැන් අවුරුදු 25ක් විතර වෙනවා. ලිපි විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා. නමුත් ඒක සිංහලයා පිළිගන්නේ නෑ. සිංහලයාට සුද්දෝ හරි ඉන්දියන්කාරයෝ හරි චීන්නු හරි ප්‍රවාද හදලා දෙන්නේ නෑ. සිංහලයාට ප්‍රවාද හදන්නත් බෑ, මම හදපු ප්‍රවාද කවුරුවත් පිළිගන්නෙත් නෑ.
දෙමළ ජාතිවාදය පරාජය කළ හැක්කේ කෙසේද?
දෙමළ ජාතිවාදය ගැන මේ රටේ පිළිගත් කතාවල අවසානයේ සිංහලයා වැරදිකාරයා කරලා තියෙන්නේ. සිංහල මිනිස්සු පිළිගන්නවා නම් වැරැද්ද සිංහලයන් අතේ කියලා කොහොමද දෙමළ ජාතිවාදය පරද්දන්නේ? අපි දෙමළ ත්‍රස්තවාදය පරාජය කළා. ඒත් එක්ක ම දෙමළ ජාතිවාදය පරාජය කළ යුතුව තිබුණා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුව තිබෙනවා. සිංහල මිනිස්සු සංගත කතාවක් හදා ගන්නා තුරු දෙමළ ජාතිවාදය පරාජය කරන්න බෑ.
මේ සිංහල දෙමළ ගැටුමක් ද?
සාමාන්‍ය දෙමළ මිනිස්සු හරි ම හොඳ මිනිස්සු. සාමාන්‍ය දෙමළ මිනිස්සු මං අඳුනනවා. ඔවුන් ඉතාම හොඳ මිනිස්සු. ඔවුන්ට අවාසනාවට දේශපාලන නායකයෝ ඉන්නවා. ඔවුන් තමයි දෙමළ ජාතිවාදය නඩත්තු කරන්නේ. දෙමළ නායකයන්ට මේ ජාතිවාදී කතාව හදලා දුන්නේ සුද්දෝ. දෙමළ මිනිස්සු ස්වභාවයෙන් ම ප්‍රචණ්ඩ නෑ. නමුත් දෙමළ ජාතිවාදීන්ට සුද්දා හදලා දුන් කතාව යොදා ගෙන ප්‍රචණ්ඩත්වය ඇති කරවන්න පුළුවන්. මේ ගැටුම සිංහල බෞද්ධ දෙමළ හින්දු ගැටුමක් නෙමෙයි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රතිඵල තමයි මේ සියල්ල. දෙමළ ක්‍රිස්තියානි තමයි මේ ජාතිවාදය පෝෂණය කරන්නේ සහ නඩත්තු කරගෙන යන්නේ.
දැන් නැවත උතුරින් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙනවා?
ඔව්, දැන් නැවත සිංහල බෞද්ධයන්ට එරෙහිව දෙමළ ප්‍රචණ්ඩත්වය උත්සන්න කරනවා. ඒකට එංගලන්තය විසින් මේ රටේ දෙමළ ක්‍රිස්තියානි නායකයන් සහ ඒ රටවල ඉන්න මෙරට දෙමළ ජනතාව යොදා ගන්නවා.
අද හමුදාව බැරැක්කවලට සීමා කරලා. බුද්ධි අංශ හිරේ දාලා අඩපණ කරලා. උතුරේ ප්‍රචණ්ඩ කල්ලි හමුදාව හෑල්ලුවට ලක් වෙන වැඩ කරනවා. ඒ නිසා හමුදාව කලකිරිලා. බුද්ධි අංශ නැතිව කොහොමද මැර කල්ලි හොයා ගන්නේ?
ආණ්ඩුවට වුවමනා නම් එය මර්දනය කළ හැකියි. නමුත් උතුරේ ප්‍රචණ්ඩත්වය නංවන්න ඉඩ දීලා ඊට එරෙහිව කිසිවක් නොකර ආණ්ඩුව බලා ඉන්නවා. මේ නිසා නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන්වත් කපන්න බැරි තැනට ඔඩු දුවනවා. නැවත වතාවක් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න ඉඩ තියෙනවා. ඒ සඳහා කාලයක් යයි. නමුත් ඊට කලින් එය මර්දනය කළ යුතුයි. නමුත් බුද්ධි අංශ හිරේ දාලා මේක කරන්න බෑ.
ඉලිවේලියන් විනිසුරුවරයා සහ නාවක්කුලි විහාරය ඉදිකිරීම සඳහා අවසර දුන් විනිසුරුවරියගේ ක්‍රියා කලාපය අපි කොහොමද තේරුම් ගන්නේ?
ඒ මිනිස්සු උගත් සාමාන්‍ය හින්දු මිනිස්සු. එයාලා දේශපාලනඥයෝ නෙමෙයි. විනිසුරුවරයා පොලිස් නිලධාරියාගේ බිරිඳ ඉදිරියේ ඇඬුවානේ. ඔවුන් දන්නවා සිංහල මිනිස්සු කවුද කියලා. මේ සාමාන්‍ය හින්දු මිනිස්සු ආවා කල්ලියට හෝ කිසිම ප්‍රචණ්ඩත්වයකට කැමති නෑ. දෙමළ ජාතිවාදීන්ගේ සිංහල බෞද්ධ විරෝධි කටයුතුවලට එරෙහිව හින්දු ජනතාව තමන්ට යමක් කළ හැකි අවස්ථාවල එය නොපිරිහෙළා ඉටු කරනවා. නමුත් මේ පිරිස බලවත් නෑ. බොහෝ දෙනෙකුට කළ හැක්කේ දේශපාලනඥයන් කරන කියන දේ අනුමත කරගෙන සිටින එක විතරයි.
මේ ජාතිවාදී නොවන සාමාන්‍ය දෙමළ ජනතාව බලවත් කිරීම සඳහා අපට කළ හැකි කිසිවක් නැද්ද?
මම ඒ ගැන කිහිප වරක් කතා කරලා තියෙනවා. සාමාන්‍ය දෙමළ හින්දු ජනතාව අතර සිංහල බෞද්ධයන් පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි. භික්ෂූන් වහන්සේලා යුරෝපයට වඩා ප්‍රමුඛතාවක් ලබා දීලා උතුරට නැගෙනහිරට සහ වතුකරයට වඩින්න කියලා මම ඉල්ලලා තියෙනවා. නමුත් ඒක කෙරෙන්නේ නෑ.
ඒ සඳහා අවශ්‍ය සිව්පසය ලබා දෙන්න සිංහල බෞද්ධ දානපතියන්ගේ කිසිම වැඩපිළිවෙළක් නෑ. සිංහල බෞද්ධ දානපතියන්ට වුවමනාවක් ඇත්නම් හාමුදුරුන්ට පන්සලක් හදලා දීලා අවශ්‍ය දානමාන ටික දෙන්න විදිහක් හදා ගන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලා ඒ සඳහා දෙමළ බස ඉගෙන ගන්න ඕන. ඒ සඳහා වැඩපිළිවෙළක් ඕන. අපි කියන්නේ බුදු දහම ප්‍රචාරය කරන්න නෙමෙයි. හින්දු ජනතාව අපට තර්ජනයක් නෙමෙයි. ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කළ හැකි හොඳම පිරිස තමයි හාමුදුරුවෝ.
ජනප්‍රිය සිංහල නාට්‍ය උතුරු නැගෙනහිර ප්‍රදර්ශනය කළ හැකියි. සිංහල ගායක ගායිකාවන් ලවා උතුරේ සංගීත සංදර්ශන කළ හැකියි. උතුරේ හමුදාව වෙනුවෙන් ඒවා සංවිධානය කරලා සාමාන්‍ය ජනතාවටත් විවෘත කළ හැකියි. සිංහල නිර්මාණවලට දෙමළ බසින් හඬ කවා හෝ සිංහල උප සිරැසි යොදා යාපනේ ප්‍රදර්ශනය කළ හැකියි. දෙමළ බසින් නාට්‍ය කළ හැකියි. හැබැයි සිංහලයන්ට බැනලා එන්ජීඕකාරයෝ හදන නිර්මාණ නම් වැඩක් නෑ.
මේ රටේ ප්‍රධාන රූපවාහිනි ගුවන්විදුලි නාලිකා උතුරු නැගෙනහිරට හොඳින් සුසර කළ යුතුයි. කිසිවක් නොකර සිටින විට සංස්කෘතික සබඳතා ගොඩ නැඟෙන්නේ නෑ. ඒ සඳහා පසුබිම සැකසිය යුතුයි. නමුත් මේ කිසිවක් කෙරෙන්නේ නෑ. ඇයි අපි ඒවා නොකරන්නේ කියන එක මට නම් විශාල ගැටලුවක්.
මේවා කෙරෙන අතර හින්දු ජනතාවට කියලා දෙන්න පුළුවන් නම් සුද්දෝ තමයි අපි අතර ගැටුම් නිර්මාණය කරන්නේ කියලා මේ ගැටුම විසඳ ගන්න පුළුවන්. ඒ සඳහා දෙමළ ජනතාවට පිළිගත හැකි කතාවක් අපට තියෙන්න ඕන. එහෙම නැතිව දෙමළ ජාතිවාදය පරාජය කරන්න බෑ. පරාජය කළත් නැවත ඇති වෙන්න ඉඩ තියෙනවා.
සාකච්ඡා කළේ: නාමල් උඩලමත්ත

[Rivira]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .