”බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඞී”
-වෛද්‍ය වසන්ත දේවසිරි-
ශතක ගණනාවක් තිස්සේ මෙරට ගොඩ නැඟුණු සභ්‍යත්ව රාජ්‍යය බැරෑරුම් ලෙස දෙදරා යන්නට පටන් ගත්තේ දහසය වැනි සියවසේ සිට එල්ල වුණු බටහිර ආක‍්‍රමණයන් නිසා ය. පහළොස් වැනි සියවසේ මැද භාගය වනවිට හය වැනි පරාක‍්‍රමබාහු රජතුමා විසින් සතරු බලවේග පරාජය කර එක් සේසත් කරන ලදුව සිංහලය එකීය රාජ්‍යයක් වශයෙන් සශී‍්‍රකව පැවතුණි. එවක සාහිත්‍ය, අධ්‍යාපනය මෙන්ම පොදු ජන ජීවිතයේ ද පැවති දියුණු තත්වය කෝට්ටේ යුගයේ සාහිත්‍ය තුළින් මැනැවින් පිළිබිඹු වෙයි. තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියන් හසුන් පත රැුගෙන යන සැලළිහිණියාට ගමන් අරඹනු පිණිස අවසර දෙන්නේ දක්නට ලැබෙන අපමණ වූ සුභ නිමිති පිළිබඳව උද්දාමයට පත් වෙමිනි.
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඞී
පුල හෙළ කුසුම ලිය පිය තෙපළ රන් කෙඬී
සල සුදු සෙමර සේ සත් ගිජිඳුනොද වැඞී
බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඞී
නමුත් දහසය වැනි සියවස වන විට පෙරමඟ ලකුණු එතරම් සුභ නො වී ය. පෘතුගීසි සමය අළලා ඩබ්ලියු ඒ සිල්වා ශූරීන් විසින් රචිත සුනේත‍්‍රා නොහොත් අවිචාර සමය (1936) නම් වූ කෘතිය ඇරඹෙන්නේ එවන් වූ අසුභ නිමිති පිළිබඳව විස්තරයකිනි.
කොළොම් තොටට ආසන්න වන ලැහැබක වෙසෙන චන්ද්‍රගෝප නම් වූ තපස්වරයෙක් සිය අතවැසියා වූ ගෝපකට තමා දුටු සූර්ය ලප වර්ගයක් සම්බන්ධව පවසා ඉන් ඇති විය හැකි අන්තරාය පිළිබඳව විස්තර කරයි.
”මෙතෙක් නොදක්නා ලද අභිනව මනුෂ්‍ය වර්ගයකට මෙතැන ජය භූමිය වන බව කියන්නට දනිමි. .................. බාලක, මෙැනින් නැගෙන උවදුරින් වර්ෂ සහස‍්‍ර ද්වයක් මුළුල්ලෙහි අවිච්ඡුින්නව පැවති සිංහල රාජයයාගේ පරිහානිය සැලසෙන්නේ ය. .................. එහෙයින් ශත වර්ෂත‍්‍රයක් මෙතැනට මෙන් ම සමස්ත ලංකා භූමියට ම කාලය අහිතකර බව පිරිසිඳ කියමි. ..................මේ මේ හමන සුළඟින් මෙම මනුෂ්‍ය වර්ගය මෙහි ගමන් යා කරන බව සැලකිය යුතු ය. මෙතැන සිට මේ ශුද්ධ භූමිය ඔවුන්ගේ ඝාතන ස්ථානය කර ගන්නට ඉඩ හැර අප දැන් ම පිටත් ව යමු. ..................”
පෘතුගීසින්, ලන්දේසීන් හා ඉංගිරිසින් යටතේ ගෙවී ගිය අවිචාර සමය පිළිබඳ ව විස්තර කිරීමට බලාපොරොත්තු නො වන අතර අවිචාර සමය 1948 නිදහස ලැබීමෙන් ද හමාර නොවූ බව පමණක් සඳහන් කිරීමට කැමැත්තෙමි. නිදහසින් පසූව එළැඹි කාල පරිච්ඡේදය තුළදී නව යටත් විජිත වාදීන්ගේ උවමනා එපාකම් අනුව කි‍්‍රයා කරන රජයන් මෙන් ම ජාතික හා ආර්ථික නිදහස වෙනුවෙන් පියවර ගත් ප‍්‍රගතිශීලී රජයන් ද බලයට පත් විය. 1977 එක්සත් ජාතික පක්‍ෂ රජය බලයට පත් වූයේ නව යටත් විජිතවාදයෙන් නිදහස ලබා ගැනීම සඳහා ප‍්‍රගතිශීලී පියවර රාශියක් ගත් රජයක් පරාජයට පත් කරමිනි.
77 දී අප රට මුහණ පෑ අවාසනාවන්ත ඉරණම පිළිබඳ පෙරමඟ නිමිති 1976 වන විට ද පහළ වන්නට පටන් ගෙන තිබුනි. සාහිත්‍යය කරුවෙකු මෙන් ම මහා ප‍්‍රාඥයෙකු ද වන ගුණදාස අමරසේකර මහතා එම එතරම් සුභ නොවූ පෙරමඟ නිමිති පිළිබඳව ”අබුද්දස්ස යුගයක් (1976) ” නම් වූ විචාර ග‍්‍රන්ථයේ සටහන් කරන්නේ මෙ ලෙසිනි.
”පසුබෑම්, ජයග‍්‍රහණ, බොරුවලවල්, වල්මත්වීම් අස්සෙන් කරගෙන ආ ගමන මෙතෙක් අල්ලා ගෙන ආ කණවැල අත්හැර පැහැදිලි දර්ශනයකින් යුතුව කරගෙන යෑම හෝ අතහැර දැමීම හෝ මෙම තීරණාත්මක අවස්ථාව විසින් විසඳනු ලැබෙතැයි මම විශ්වාස කරමි. ඒ ගමන අතහැර දැමීම යනු ආසියාවේ බොහෝ රටවල් අද පත්ව ඇති ශෝචනීය, දුර්භාග්‍ය ඉරණම වෙත අප ද පත් වීමයි. එවැන්නක් වීමට මෙහි ඉඩකඩ නැතැයි සිතුවොත් එය අතිශය මුළාවකි. එවැනි ශෝචනීය ඉරණමක් ගැන ඉඟියක් දක්වන කළුවලාකුළු අප හිස මත එක් රැුස්වන අයුරු අපට පෙනී යා යුතු ය.”
බොහෝ දෙනෙකු එම කළු වලාකුළු උදා වෙමින් පැවති අයුරු නුදුටු බව 77 මහ මැතිවරණයේ දී එවකට පැවැති සමඟි පෙරමුණු රජය පරාජයට පත් කරමින් එක්සත් ජාතික පක්‍ෂය ලැබූ සුවිසල් ජයග‍්‍රහණයෙන් ම තහවරු වෙයි.
මෙරට මැද පන්තියේ ගමන් මඟ කීමට ගුණදාස අමරසේකර ශූරීන් විසින් රචනා කරණ ලද ගමනක මුල නවකතා පෙළේ එන ගමනක මැද අවසන් වන්නේ නවකතාවේ ප‍්‍රධාන චරිතය වූ පියදාස ඔහුගේ මිතුරන් පිරිසක් හා එකතුව 77 මැතිවරණ ප‍්‍රතිඵල පිළිබඳ කම්පාවට පත් වන අවස්ථාවෙනි. ඒ අතර සිටි තිලකසේන ඩබ්ලියු ඒ සිල්වා ශූරීන්ගේ සුනේත‍්‍රා නොහොත් අවිචාර සමයේ එන මා ඉහත සඳහන් කළ කොටස කට පාඩමෙන් කිය යි. සෙස්සෝ විස්මියට පත් වෙමින් එයට සවන් දෙති.
”.................................... මෙතැන සිට මේ ශුද්ධ භූමිය ඔවුන්ගේ ඝාතන ස්ථානය කර ගන්නට ඉඩ හැර අප දැන් ම පිටත් ව යමු .........................”
77 පෙරළියේ මුල් ම සළකුණ ලෙස ගත හැක්කේ සිය පාක්‍ෂිකයන්ට දේශපාලන විරුද්ධ වාදීන්ගෙන් සිත් සේ පළිගැනීමට ඉඩකඩ ලබා දීම සඳහා පොලීසියට සතියක් නිවාඩු දීම යි. එසේ උදා වුණු අවිචාර සමයේ කූට ප‍්‍රාප්තිය වූයේ උතුරේ බිහිවුනු සන්නද්ධ කල්ලි ලොව දරුණු ම ත‍්‍රස්ත ව්‍යාපාරය බවට පත් වීමත්්, දකුණේ තරුණයින් සැට දහසක් පමණ ඝාතනය වීමත් ය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් 1982 වසරේ දී පළ කරණ ලද ධර්මිෂ්ඨ සමාජය නම් වූ කෘතියෙහි එන කවිපද කිහිපයකි මේ.
”අඳුර ළඟා වී සතර දිසාවෙන්
හදවත් පතුළට කාන්දු වේ සෙමෙන්
පෙනෙනා තෙක් මානෙක නැත එළියක්
අඳුරු යුගයකැයි සැබැවින් කිව යුතු
දැන් පවතින මේ යුගයට නොවේද?”
”ධර්මිෂ්ට සමාජය” 77 පෙරළියෙන් හඳුන්වා දෙනු ලැබූ ඊනියා නිදහස් වෙළඳ ආර්ථිකය සිත් පිත් නැති පිරිහුණු සමාජයක් බිහිවීම පිළිබඳ ව විස්තර කෙරෙණ අත් පොත ලෙස සැලකුව ද වරදක් නැත. මේ වෙනුවෙන් සරච්චන්ද්‍ර මහතා 1982 ජුලි මස 21 වැනි දා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය තුළ දී ම රජය විසින් මෙහෙයවන ලද මැර ප‍්‍රහාරකයට ලක් වීමේ සිද්ධිය ම පමණක් වුව ද 77 දී සිදු වූ සංස්කෘතික පෙරළිය ගැන අවබෝධයක් ලබා ගැනීමට ප‍්‍රමාණවත් වෙැතැ යි මම සිතමි.
1982 වසරේ දී ම පළ වූ ධර්මිෂ්ට සමාජය දෙවැනි මුද්‍රණයෙහි එන පෙරවදනේ මෙම සිද්ධිය සරච්චන්ද්‍ර මහතා විසින් ම විසතර කරණුයේ මෙඅයුරිනි.
”විෂම සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් අපේ සමාජය ධර්මිෂ්ට වනු වෙනුවට එය හැම අතින් ම අධර්මිෂ්ඨ කම් වලට රුකුල් දෙන්නක් වී ඇති බවත් අපේ සිංහල කම, ජාතික අනන්‍යතාව කියා පාන අපේ පාරම්පරික සංස්කෘතිය පිරිහී ඇති බවත් ස්ඵූට කිරීමට මා දැක් වූ කරුණු සත්‍ය බව ඔප්පු කරන, බලාපොරොත්තු රහිතව මතු වූ සාක්‍ෂියක්, ජූලි මස 21 වැනි දා කොළඹ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයෙහි ප‍්‍රාදූර්භූත විය..........................”
හරවත් දේශපාලන දහමකින් සන්නද්ධ නොවූ, නව යටත් විජිතවාදීන්ගේ උවමනා එපා කම් ඉටු කිරීම ම සිය දේශපාලන දහම කරගත් යහපාලන රජය ගෙවී ගිය කෙටි කාලය තුළ කි‍්‍රයා කර ඇති ආකාරය වුව ද ඔවුන් මේ රට ගෙන යනු ඇත්තේ කොතැනටදැ යි යන්න පෙන්නුම් කරණ ප‍්‍රබල පෙරමඟ නිමිති ය. යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව ගෙවී ගිය වසර දෙකහමාරක අවිචාර සමය ” 77 ට 40 යි” සැමරුමක් ම මිස අන් කවරක් ද?
”බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඞී”
”.................................... මෙතැන සිට මේ ශුද්ධ භූමිය ඔවුන්ගේ ඝාතන ස්ථානය කර ගන්නට ඉඩ හැර අප දැන් ම පිටත් ව යමු ....... ..................ද???”
වෛද්‍ය වසන්ත දේවසිරි
2017 නිකිණි මස 3 වැනි දා
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .