8/12/2017

නව ව්‍යවස්ථාව ඔබට විශ්වාස කල හැකිද?

කතෘ:යුතුකම     8/12/2017   No comments

-රවිප්‍රිය තුෂාර-
නව ව්‍යවස්ථාව පිලිබඳ කතා බහ දැන් අපේ රටේ නිතරම අසන්නට ලැබෙයි. ඔබ මේ පිලිබඳව අවධානයෙන් සිතා බලා ඇත්ද? නව ව්‍යවස්ථාව සහ ඊට සම්බන්ධ පසුබිම ගැන පහත කරුණු සලකා බලන්න.
  • "මයිත්‍රී පාලනයක්" යන නමෙන් පටන් ගත් මෙය "වෛරී පාලනයක්" බව ඔප්පු වී අවසානයි. ඉතිහාසයේ කවදාවත් නැති තරමට විපක්ශ දේශපාලකයන් විවිධ චෝදනා වල පටලවා රස්තියාදු කර, මාස ගණන් බන්ධනගාරගත කොට වධ දෙනු ලැබෙයි. එහෙත් එකදු නඩුවකින් හෝ තවම චුදිතයන් වරදකරු බවට ඔප්පු කරගැනීමට නොහැකිවී ඇත. 
  •  යහපාලනය කියල නම දැම්මට මොකද්ද මේකෙ තියෙන යහපත් බව? මෙය නම් කල හැක්කේ ටයි කෝට් දාගත්ත "හොර මැර පාලනයක්" ලෙසයි. සියළුම අංශයන්ගෙන් අසාර්ථකයි. කලින් රජය පවත්වාගෙන ගිය තත්වය වත් මේ රජයට පවත්වාගන්න නොහැකි වී ඇත. 
  •  ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මේ පාලනයේ ප්‍රධාන පොරොන්දුවක්. ඒත් පලාත් සභා ඡන්දය අවුරුදු දෙකකට වඩා කල් දමමින් තිබෙනව. තාම ඒක පවත්වන මානයක් වත් පෙනෙන්නට නැත. අවසන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදිලා ජනතාව විසින් ගෙදර යවපු අය විශාල ප්‍රමාණයක් ජාතික ලයිස්තු හොර පාරෙන් ආයෙත් පාර්ලිමේන්තුවට රිංගා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය හැම අතින්ම පිරිහී ඇති බව බොහෝ කරුණු වලින් පැහැදිලි වෙයි. 
  • සිංගප්පූරුව ආකරයේ දියුණුවක් ගැන බොහෝ කතා විය. මෙගාපොලිස් නමින් වෙනම අමාත්‍යංශයකුත් නිර්මාණය කළේය. ඒත් මහා කුණු කන්දක් නාය ගියා, කොළඹ නගරයේ පාරවල් අයිනෙ කුණු ගොඩ ගැසී ගඳ ගහනව. ඩෙංගු වසංගතයෙන් මිනිස්සු මර බියෙට පත්ව ඇත. රුපියල අවප්‍රමාන වී ඇත, ජාත්‍යන්තර දර්ශකව(Fitch) අපේ මුදල් පහළට, කොටස් වෙළඳපොළ කඩා වැටි... මේ ලයිස්තුවේ කෙලවරක් නැත. 
  • සහජීවනය සංහිඳියාව තමයි ආණ්ඩුව විසින් අඹරන තවත් එක් සීතාම්බර ප්‍රෝඩාවකි. රණවිරුවො කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරාට පෝලිමට නඩු දාල හිරේ දමයි. දෙමළ ජාතිවාදීන්ට පොංගු තමිල්, කොටි සමරන්න කිසිම බාධාවක් නැත. දෙමළ ජාතික සංධානය, මුස්ලිම් දේශපාලකයන් ප්‍රසිද්ධියේ බලතල ඉල්ලයිම් ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරයි. ඒත් තවමත් මේ ආණ්ඩුව පවසන්නේ සහජීවනය ඇති කළ බවටයි. 
  •  රැකියා දශ ලක්ෂයක් දෙනව කියල පොරොන්දු උනත් තවම ලක්ශයක් හෝ දී ඇත්ද? ඒව නවතා ඉන්දියාව එක්ක 'එක්ටා' ගිවිසුම් ගහන්න උත්සාහ කරන්නේ ඉන්දියානුවන්ට මෙහෙ රැකියා කරන්න අවස්ථාව දෙන්නය. 
  • හොරු අල්ලනව කියල ආවට තවම එක හොරෙක් වත් අල්ලන්න බැරි උනා අවුරුදු දෙක හමාරක් පසුවත්. මෙයින් පෙනෙන්නෙ මේ ආණ්ඩුව ඒ කියපු හොරු රකින බව හෝ නැත්නම් ඒ කියල තියෙන්නෙ බොරු බවයි. ඒ මදි නිසාදෝ, ආණ්ඩුව පැමිණි විගස සිංගප්පූරු ජාතිකයෙක් පත් කර මහ බැංකුව මහා පරිමාණ ලෙස කොල්ල කන ලදියි . සරලව මෙතන වෙන්නේ බොරු කියනව, හොරු ඇති කරනව, හොරු රකිනව යන ක්‍රියාවලියකි.
මෙපමණක් නොව අධ්‍යාපනයට 6%, හැමෝටම කාර්, වොක්ස්වැගන් කර්මාන්ත වගේ තවත් මෙගපොලිස් බොරු විශාල ප්‍රමානයක් තිබෙයි...

මේ සියලු වංචාවන් කිරීමෙන් පසුව දැන් තවත් ලොකු යහපාලන ව්‍යාපෘතියක් බොරු වලට මුවා කරගෙන කෙරෙමින් පවතියි. ඒ නව ව්‍යවස්ථාවක් සැකසීමයි. අගමැති තුමා සහ ජනපති තුමා ඇතුළු මීට සම්බන්ධ බොහෝ අය හැම තැනම කියන්නේ රටේ ඒකීය භාවය ආරක්ශා කරන
බවයි, බුදු දහමට ඇති ප්‍රමුඛත්වය ආරක්ශා කරන බවයි. රටට හානිදායක දේවල් අඩංගු කරන්නේ නැති බවටයි. අපිට මෙය විශ්වාස කළ හැකිද? මේ දේශපාලඥයන් 2014 අන්තිම කාලෙ මේ රජය පිහිටුවන්න එළියට ආපු මොහොතේ සිට කරපු වැඩ, හැසිරීම බලන්න. ඔබට මොවුන්ගේ ව්‍යවස්ථාව සහ ඒ පිලිබඳ දෙන පොරොන්දු විශ්වාස කළ හැකිද? සිතා බලන්න. ඔබ යහපලනයට චන්දෙ දුන්න වෙන්න පුලුවන්. පරම්පරාගත එ.ජා.ප. පාක්ශිකයෙක් වෙන්නත් පුලුවන්, ඔබට ඒකිය බව, බුදු දහමට ඇති තැන වැදගත් නැති වෙන්න පුලුවන්. එත් ව්‍යවස්තාව රටට වැදගත් දෙයක්. රටේ ආරක්ශාව, ස්ථාවර බව, ආර්ථිකය වගේ බොහෝ කරුණු මේ මත රඳා පවතිනව. ව්‍යවස්ථාව එක්ක සෙල්ලම් කිරීම යනු මේ ඔක්කොම අනතුරේ හෙලීමයි.

ව්‍යවස්ථාව මොනයම් ක්‍රමයකින් හෝ ගෙනත් සම්මත කරගත් බව උපකල්පනය කරමු. එතකොට මේ නොහැකියාවෙන් පෙලෙන ආණ්ඩුවට රට දියුණු කර රටේ ප්‍රශ්න විසඳිය හැකි වනු ඇත්ද? ඒ සඳහාද මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ? යහපාලනයට දරදිය ඇදි ඇතැම් පිරිස් ව්‍යවස්ථාවෙ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම ආදී කරුණු මතු කර මෙය අවශ්‍ය බව පැවසුවත් ඔව්න් කිසිවෙක් මෙහි අඩංගු කරන බලය බෙදීමේ කරුණු, ෆෙඩරල් නම නැති එහෙත් ෆෙඩරල් බලතල ආදී අතිශය හානි කරදේ ගැන සාකච්චා කරන්නේ නැත. ඒවා සිතා මතාම මග හරිති. ඔබට තවදුරටත් යහපාලනය ගෙන ඒමට සහය දුන් කල්ලි කණ්ඩායම් වල බොරු වලට රැවටීමට සූදානම්ද?

නව ව්‍යවස්ථාවක් කවදාවත් එපාද යන්න ඔබට නැගෙන ප්‍රශ්නයක් විය හැකිය. පලමුව මේ මොහොතේ ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ඇයි ද යන්න සිතා බලන්න. අද රටේ ප්‍රශ්න කෙතරම් තිබේද? ඒව විසඳන්නේ නැතුව මේ රජයෙන් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ මන්ද? මේ ව්‍යවස්ථාව පැහැදිලිවම දෙමල ඩයස්පෝරාවෙ, ඉන්දියාවෙ සහ බටහිර විදෙස් බලවේග වල අවශ්‍යතා මත ගොඩ නැගෙන ක්‍රියාවලියකි. අපේ රටේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුත්තේ අපි විසිනි. අපගේ අවශ්‍යතාවන්ට අනුවය. මෙය ඒ සඳහා වෙලාවක් නොවෙයි. එය කළ යුත්තේ දේශීයත්වය, ජාතිකත්වය අගයන අපේ අවශ්‍යතා ගැන සලකන, විදෙස් බලවේග වලට හිස නොනමන, ශක්තිමත් පාලනයක් යටතේය.මේ කරුණු ගැන බුද්ධිමත්ව සිතා බලන්න. මෙම ව්‍යවස්ථාව සමඟ රට තීරණාත්මක මොහොතකට එළඹී තිබෙන මොහොතක සියළු දෙනාම ඒ පිලිබඳව අවබෝධයෙන් සහ අවධානයෙන් සිටීම වැදගත්. එහි ඇති හානිකර කරුණු, එය ගෙන එන ආකාරය, එය අවශ්‍ය කාටද, මේ මොහොතේ එය ගෙන ඒමෙ අවශ්‍යතාවය සලකා බලන්න. පක්ශ මතවාද මේ මොහොතේ හෝ අත් හැර අපි සියලු දෙනාම නාමිකව ඒකීය වෙන ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ විය යුතුය.

[යුතුකම පාඨක ලිපියකි ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebookhttps://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions